වීදි වෙළඳාම් සම්පූර්ණ තහනම සහ සමාජීය–නීතිමය බලපෑම්
Posted on December 31st, 2025
විසල් මහනුවර වැඩසටහෙනේ වාණිජ ජාලයේ හිටපු ලේඛම් ,පාලිත ආරියරත්න
මහනුවර මහා නගර සභාව විසින් ලබන ජනවාරි 01 වනදා සිට සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇත. නගරයේ පිරිසිදුකම සහ සුන්දරත්වය රැකගැනීමත්, මහජනතාවට නිදහසේ ගමන් කිරීමට අවහිරයක් නොවීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ ලෙස නගරාධිපතිවරයා සඳහන් කළේය. මෙම තීරණය නගර මධ්‍යයට පමණක් නොව, මුළු මහනුවර නගර සභා බල ප්‍රදේශයම ආවරණය කරයි.
නමුත් මෙම තීරණය දෙස විවිධ ආකාරයෙන් බලන පිරිසක් සිටින බැවින් මෙහි ඇත්ත නැත්ත සොයාබැලීමට මේ දින කිහිපයේ විදි වෙළදුන් සහ කඩසාප්පු වෙලදුන්ගෙන්ද අසා දැනගත් කාරණා බොහෝය. ඒවා කෙටියෙන් මෙසේ සදහන් කල හැක.
1.සමහර වෙළදුන් විදි වෙළදාම සදහා යොමුවී ඇත්තේ තමන් උගත් උනත් රැකියා නොලැබීම, සමහර විට තම දෙමවුපියන් තමන් බාල කාලය හෝ තරුණ අවදියේදී විවිධ කාරණා නිසා මියයාම ආදී කාරණා හා ඉතා දැඩි ආර්ථික නිසා තම පවුල්ව රැකබලාගැනීමට.
2. සංගීත–හා කලා අංශයට , නිර්මාණ වලට දක්ෂ මිනිසුන් තම දක්ෂකම සදහා නියමිත අගයක් නොලැබීම මත එම දක්ෂයන් විදි වෙළදාම හා විදි අයිනේ සිට චිත්‍ර හා නොයෙක් විදිහේ පින්තුර හා වෙනත් ද්‍රවය විකුණමින් තම ජීවිත රැකගැනීමට.
3. වීදිවල උපන් දරුවන් එනම් ඔවුන්ගේ දෙමවුපියන් මුළු ජිවිත කාලයම ජිවත් වී ඇත්තේ විදි වෙළදුන් වශයෙනි අද ඔවුන්ගේ දෙවෙනි පරම්පරාව වන තරුණ ළමුන් විශේෂයෙන් දළදා විදිය දෙපස අද දක්වා කුමක් හෝ මින්සුන්ට අවශ්‍ය භාණ්ඩ විකුණා ජීවත්වේ. ඉතා විමර්ශන ඇසකින් බැලුවිට මෙම ළමුන් හටද මහනුවර අවටින් නිසි පාසලකට පවා ඇතුල් වීමට ලැබී නැත , ඔවුන්ගේ ළමුන්ද මේ ඉරණමට ගොදුරුවී තිබේ.තම දෙමවුපියන් නිසි අධ්‍යාපනය නොලැබීම නිසා මෙසේ ඔවුන් සියලන්ම මහමග තිබෙන ඉතා දුෂ්කරවූ විදි වෙළදාමට යොමුවී ඇත.මොවුන්ගේ පරම්පරාවම මහනුවර ඇති වීදි වෙළඳාම මත ජීවිකාව ගෙනයාම.
4.පත්තර විකුනන්නන් , මෙම ලිපිය ලියු කතෘ ඇතුල්ව අද උසාවි,පොලිසි,අධ්‍යාපන කාර්යාලව සිටින හපන්නු,ගුරුවරු, නායක හාමුදුරුවරු, හා සමාජයේ සිටින සියලුම දෙනා මෙම පත්තර වෙල්දුන්ගෙන් දැඩි ප්‍රයෝජනයක් ගත්තේය, අද දිනද ඔවුන් ගේ මෙම අසරණ විදි වෙළදාමෙන් සියලුම දෙනා ප්‍රයෝජනයට ගන්නා බව දුටුවේ. මෙවැනි වෙලදුන්ගෙන් පාසල් යන ළමුන්හට, රැකියා විරහිත පිරිස් හට රැකියා සොයාගැනීමේ අයදුම් පත මුද්‍රණය කොට අඩු මුදලට විකුණා කොපමණ පිරිසකට සේවාවක් කර ඇති බව මහනුවර හා ඒ අවට සිටින කිසිවෙකුට මැනබැලිය නොහැක. අප ඔවුන්ගෙන් විමසු කාරණය වුයේ ඔබගේ අගය ඇයි මොවුන් විසින් අමතක කලේ කියා, ඔවුන් සමහරෙක් පැවසුවේ. අපේ දුපත්කම දඩමීමා කරගත් උඩත් බුද්ධිමත්තු මෙසේ අපහට තැලීම අදහා ගත නොහැකි බවයි. ඔවුන් ඉතා දුප්පත් මින්සුන් වූ නිසා ජීවිතය රැක ගැනීමට මෙසේ විදි දෙපස සිට පත්තර විකුණන වී ජීවිතය පවත්වා ගත් බවයි.
5.එදා වෙල සොයාගන්නන් විසාල ප්‍රමාණයක් විදි වෙළදුන් වශයෙන් සිටි. ඔවුන් හටද මෙසේ මෙම විදි වෙළදාමට බැසීමට සිදුවී ඇත්තේ දුප්පත් කම නිසාය.
දැනට ලංකාව පුරා හා මහනුවර අවට සිටින වීදි වෙළඳුන්ගේ වර්ග
ආහාර වෙළඳුන්: කඩල, බුලත්, කුස්සියට අවශ්‍ය පොඩි පිහි, කිරිපිටි, මස්, මාලු, රොටී, කෝත්තු, ආප්ප, හා පොඩි කෑම විකුණන අය.
පත්තර සහ පොත් වෙළඳුන්: දිනපතා පත්තර, ළමා පොත්, අයදුම් පත්‍ර, පාසල් පොත් පත් හා අනෙකුත් උපාංග විකුණන අය.
පළතුරු–එළවළු වෙළඳුන්: ගොවිතැනෙන් ගෙන ආ පළතුරු, එළවළු, මාලු, හා ගෘහ භාණ්ඩ විකුණන අය.
ඇඳුම් සහ රෙදි විකුණන වෙළඳුන්: සාධාරණ මිලට රෙදක්ක, ඇඳුම්, සපත්තු, හා අතිරේක උපාංග විකුණන අය.
අත්කම්–කලා වෙළඳුන්: අත්කම්, මල්, අභරණ, ඇන්ටික්, හා දේශීය චිත්‍ර විකුණන අය.
සංගීත–කලා වෙළඳුන්: වීදිය මත ගීත ගායනා කරන, කලා–නිර්මාණ විකුණන, චිත්‍ර ඇඳ විකුණන අය.
ගෘහ භාණ්ඩ වෙළඳුන්: කුස්සිය සහ එහි ඇති ඉවුම් පිහුම් උපකරණ, සෙල්ලම් බඩු, හා දිනපතා භාවිතා කරන භාණ්ඩ විකුණන අය.
ඉලෙක්ට්‍රොනික–පොඩි උපකරණ වෙළඳුන්
රූපලාවන්‍ය භාණ්ඩ වෙළඳුන්
ඉන්ජිනේරු–උපාංග වෙළඳුන්
ඉලෙක්ට්‍රොනික–පොඩි උපකරණ වෙළඳුන්
සංචාරක–සොව්නියර් වෙළඳුන්: විදේශීය හා දේශීය සංචාරකයන්ට
ආයුර්වේද–ඖෂධ වෙළඳුන්
පාරම්පරික වෙළඳුන්: පරම්පරාවෙන් පරම්පරාවට වීදි වෙළඳාම මත ජීවිතය ගොඩනගන පවුල්.
ආගමික–අසපුව වෙළඳුන්: දේවාල, පන්සල්, හා කෝවිල් අවට මල්, පූජා භාණ්ඩ, හා ආගමික ද්‍රව්‍ය විකුණන අය.
වීදි වෙළඳාම් සම්පූර්ණ තහනම නිසා මේ විදි වෙළදුන්ගේ අසරණ පවුල්වලට අනාගතය පිළිබඳ භය සහ අවිශ්වාසය අනිවාර්යෙන් මතු වේ. පාසල් යන දරුවන්ගේ සිට සමජයට කුමන ක්‍රමයකින් හෝ උපකාර කළ වෙළඳුන්ව එක්වරම හෝ අනාගත බලාපොරොත්තු ගොන්නක් දී හෝ මෙසේ අයින් කිරීම සමාජීය මනෝවිද්‍යාත්මක අහිමිවීමක් වශයෙන් ගත හැක. ඒවගේම රටේ සමහර ඉතා දක්ෂ කලා ශිල්පීන්ට වඩා සංගීත–කලා අංශයෙන් දක්ෂයන්ගේ එම හැකියාවන් මුළු රටේ හා ලෝකයේම මිනිස් සාමජය හට ගෙන යා නොහැකිවීමත් දුර්වලකම හා මනෝවිද්‍යාත්මක අහිමිවීමක් වශයෙන් ගත හැක..
කෙනෙකුගේ පැවැත්මේ අවශ්‍යතාවය නිසා තවත් කෙනෙකුගේ ඇගේ නොවැදී ගමන් බිමන් යාමේ අවශ්‍යතාවයක් නිසා තද බදය අඩු කිරීමට හෝ යුරෝපයේ ආකාරයේ විදි අපරට තුලද හිතින් මවා ගැනීම කෙධාවචාකයකි. මෙම අනවතරණ පුහු උත්සහයන් නිසා දුප්පත් පවුල් විශාල ගණනක් ආදායම අහිමිවේ. කඩයකට ගොඩ වැද මහනුවර අවටින් අඩු මිලකට භාණ්ඩයක් සොයාගැනීම ඉතා අපහසු වේ. කඩ පමණක් ඉතුරු කිරීමෙන් ජනතාවට අඩු මිලට, ඉක්මනින්, සහ පහසුවෙන් බඩු ලබාගැනීමේ අවස්ථාව හිමි වීමට වඩා තරඟ කාරිත්වය අඩුවීම නිසා හෙට අනිද්දා අඩු මුදලට හෝ පහසුවෙන් ළමයින්ට අවශ්‍ය සෙල්ලම් බඩුවක්, කුස්සියට අවශ්‍ය පොඩි පිහි තලයක් හෝ, ඇනයක් කරකවා ගැනීමට හෝ නියපොතු කපා ගැනීමට අවශ්‍ය කැපීමේ උපකරණයක් ගැනීමටත් සාප්පුවකට ගොඩ වැදීමට සිදුවේ.තිබෙන කඩවල් ගනනත් මදිවේ.
රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් ජනතාව පවා ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී වීදි වෙළඳුන්ගේ සේවාව භාවිතා කිරීම අද දිනද සිදුවිය.ඔවුන්ව ඉක්මනින් විදි තුලින් අයින් කිරීම අතීතය නොසලකා හැරීමක් වශයෙන් ද ගත හැක. පරම්පරාවෙන් පරම්පරාවට ගිය අසරණභාවය විදි වෙළදුන් සමුහයකට මෙසේ සැළස් මකින් තොරව ඔවුන්ගේ රැකියාවට බාදා කිරීම නිසා සමාජයේ තිබෙන දුප්පත් පොහොසත් අසමතුලිතතාවය තවත් ගැඹුරු කරා ගෙනයයි..
මුළු ජිවිත කාලයම ගියත් බුලත් විට, කඩල ටික, ඇපල් ගෙඩියක් විකුණා කා තම අඹු දරු සම්පත රකිනා මේ විදි වෙළදුන් හට කිසිදාක කඩවල් හිමිකරුවෙකු වීමේ ඉඩකඩ ඔවුන් හට නොමැති නිසා නීතිගත වෙළඳාමට යාමට අවස්ථාවක් ඔවුන්ට කිසිසේත්ම නොලැබේ. සමහර විදි වෙළදුන් හට කඩ සාප්පු තිබුණත්, ඉහළ කුලිය සහ ගාස්තු නිසා ඒවා රඳවාගැනීමට නොහැකිව, වීදි වෙළඳාමට යොමු වී තිබේ. විශාල ප්‍රමාණයක් අද පාරට වැටි ඇත්තේ ඔවුන්ගේ ජීවිතය ගොඩනගන්නේ වීදි වෙළඳාම මත පමණක් නිසාය.
ඉහතින් කි සමාජ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අවරුදු දෙකට වැඩි කාලයක වෙහසවී ඇති අතර විසල් මහනුවර වැඩසටහන තුලින් අපි එය එළිදැක්වුවෙමු. JICA වැඩසටහන් තුළ නගර සැලැස්ම සහ සංවර්ධන තීන්දු ගන්නා ආකාරය විද්‍යාත්මක විග්‍රහා , දත්තඑකතුකොට සමාජීය–ආර්ථික අවශ්‍යතා මත පදනම්ව එය සිදු කළේය. එම ක්‍රියාවලිය සාමාන්‍ය නගර සභා තීන්දු හෝ දේශපාලන තීන්දු වලට වඩා වඩා ගැඹුරු සහ සම්පූර්ණ තීන්දු තීරණ විය. JICA හා විසල් මහනුවර නගර සැලැස්ම ඉදිකිරීමේ ඉදිරි පියවරසදහා තීන්දු ගන්නා විට, නගර සැලැස්ම, ආර්ථිකය, සහ සමාජීය බලපෑම් පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කළේය. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ, සහ ජනතාවගේ අදහස් එක්කරමින් සමගිව තීන්දු ගත්තේය. නගර සංවර්ධනය පමණක් නොව, අධ්‍යාපනය, ගොවිතැන, ආර්ථිකය, සහ පාරිසරික කළමනාකරණය වැනි ක්ෂේත්‍රවලටත් අප කෙසේ ඇතුල් විය යුතුද යන්නද එහිම සදහන්වේ.
මේ විදි වෙළදුන් හා සමහර පිරිස් කියා සිටියේ Kandy Nights” වැනි රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන රාත්‍රී වෙළඳපොළ වැඩසටහන් තුළ වෙළඳාම පිළිගන්නා අතර, වීදි වෙළඳුන්ගේ ජීවිකාව පමණක් නවත්වන තීන්දු අසමතුලිත බව පෙන්වන බවයි. එය හරියට හිගන්නාගේ පාත්‍රයට හෙන හුරා වැටුනා හා සමානයි. තවද මහනුවර පමණක් විදි වෙළදාම තහනම් කිරීම, අනෙක් නගර සහ ගම්වල වෙළඳාමට අනාගතේ කෙසේ බලපායිද? පිරිසකට ඉඩදී තවත් පිරිසක් එම සමානම ජිවිත රැකියාව අහිමි කිරීම සමාජයේ අසමතුලිත සහ අසාධාරණ තවත් තීව‍්‍ර කිරීමක් වේ.
මෙසේ මොවුන්ව සම්පූර්ණයෙන් ඉවත් නොකර, නීතිගතව කල හැකි අවම ප්‍රමිතිය සොයා බලා සහ ඔවුන්ගේ අපේක්ෂා බිඳ නොවැටෙන ලෙස නියමිත ප්‍රදේශවලට ගෙන යාම හා අසරණ වෙළඳුන්ට අඩු කුලියට නව කඩවල් සහ නීතිගත වෙළඳාම් මධ්‍යස්ථාන සැලසීම එම ප්‍රදේශ ගැන රජයේ අනුග්‍රය ඇතිව ප්‍රවර්ධනය කිරීම,මෙම විදි වෙළදුන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපන සහ රැකියා අවස්ථා සැලසීම, නව නීති හෝ නගර සැලැස්මවල් සකස් කරන විට ජනතාවගේ සහ වෙළඳුන්ගේ අදහස් සලකා බැලීම අනිවාර්ය කාරණයක් ලෙස සැම දේශපාලන පක්ෂයකම කල යුතු කාරණයකි. ඊට හේතුව ජනතාවට නොසලකා හැරීම අනිත් පැත්තෙන් ගතහොත් එය දේශපාලනය නොසලකා හැරීමක්ද වේ.
වීදි වෙළඳාම් සම්පූර්ණ තහනම” නගර පිරිසිදුකම සහ සුන්දරත්වය සුරක්ෂා කිරීමට උත්සාහයක් වුවත්, ජනතාවගේ ජීවිතය, අයිතිවාසිකම්, සහ සමාජ විශ්වාසය සුරක්ෂා නොකළොත්, අනාගතයේ විශාල අර්බුදයක් අප සමාජය තුල මතු වේ. අසරණ වෙළඳුන්ගේ ජීවිතය සුරක්ෂා කිරීමේදී, නගර සැලැස්ම සහ නීති පනවන විට දෙන්නම් කාසිවලට නොව නිසි නුවණින් විමසා සමාජ සාධාරණයෙන් සදහා ක්‍රියා කළ යුතුය.
තමබාපු කඩලා ගොට්ටේ සිට වීදි වෙළඳුන්ගේ අඩුවට රසලැබූ බඩ පුරවාගත් ඔබ, ළමා පත්‍රයේ සිට වීදි වෙළඳුන්ගෙන් දැනුම ලබාගත් ඔබ, තම නිරුවතට වසා ගැනීමට සාධාරණ මිලට රෙදක්ක මිලදී ගත් ඔබ, අද ඔබේ රාජකරියක් මත වීදියෙන් පන්නා දමන්නේ ඔබේම පිරිසයි. එය අසරණ වීදි වෙළඳුන් හට දුන් මාරු පහරක් බව දන්නේ ඔවුන්ම පමණයි. ඔවුන්ද මිනිසුන්ය.”
ලිපිය අවසන වීමට ළඟ නිසා මා කෙටියෙන්ම යමක් කියන්නම් :
COVID-19 පසුකාලීන ආර්ථිකය ගොඩනගා ගැනීමට චීනයේ Tianjin නගරයේ වීදි වෙළඳුන් නැවත ආපසු ගෙන ආ අවස්ථාවක්.” by https://www.globaltimes.cn/content/1189895.shtml
රුසියාවේ වීදි වෙළඳුන්ගේ පින්තූරයක් — IMAGE by themoscowtimes.
චීනයේදී කොවිඩ් -19 පසුකාලීන ආර්ථිකය ගොඩනගා ගැනීමට වීදි වෙළඳුන්ට නැවත අවසර දුන්නා. රුසියාවේදී පාවිච්චි කරනලද භාණ්ඩ සහ අනෙකුත් නැවත පාවිච්චි කළහැකි ද්‍රවය වලට අවසර දුන්නා එය හුදෙක් ආර්ථික පීඩනයන් නිසා ජනතාව වැඩි මිලට භාණ්ඩ ගැනීමට නොහැකි නිසා අඩු මිලට භාණ්ඩ ගන්න වීදි වෙළඳාමට නැවත අවශ්‍යතා දීමට යොමු වුණා.
ගරු ජනාධිපතිතුමනි , අසරණ වීදි වෙළඳුන්ගේ ජීවිතය සහ අනාගතය රැක ගැනීමට ඔබගේ මනාපූර්ව අවධානය යොමු කරන ලෙස අපි බලාපොරොත්තු වෙමු. මෙම ලිපිය ඔබ හට ඇස ගැටුනොත්, අසරණ වීදි වෙළඳුන්ගේ ජීවිතය රැක ගැනීමට යමක් කරන්න.”
අසරණ වීදි වෙළඳුන්ගේ ජීවිතය රැක ගැනීමේදී, නීතියට වඩා මනුෂ්‍යත්වය උසස් යැයි අපි සැමට කරන්නෙමු.”
ඔබ සැමට සුබ නව වසරක් වේවා !
විසල් මහනුවර වැඩසටහෙනේ වාණිජ ජාලයේ හිටපු ලේඛම් ,පාලිත ආරියරත්න