පළාත් සභා මර උගුල – ජන සභා විසඳුම
Posted on January 6th, 2026
C. Wijeyawickrema, LL.B., Ph.D.
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ
පිටුව පෙරළුවට සීතා පොත දන්නව රාමා”
අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
හැඳින්වීම
අවුරුදු 400 ක් පුරා සුද්දන් හා ඉන් පසුව 1931/1948 සිට, නානා මාදිලියේ කළු සුද්දන් විසින් මේ දිවයිනේ සිංහල බෞද්ධයින්ට කල හා කරමින් සිටිනා අයුක්ති සහගත හා අසාධාරණ (unjust/unreasonable) ක්‍රියා පෙන්වා දෙමින් ලියන ලද, ලංකාවෙබ් වෙබ් අඩවියේ 2013 වර්ෂයේ සිට පලවූ, ලිපි එකතු කර මුද්‍රණය කල පොත් මාලාවේ තුන්වන කොටස 2025 දෙසැම්බර් මස නිකුත් කිරීමට හැකි විය.
මෙහි පහතින් ඇති එහි පටුනෙන් පිළිබිඹු වනුයේ, වරින් වර ලංකාවේ පදිංචි කළු සුද්දන් විසින් ගෙනා කෙස් පැලෙන තර්ක හා මතවාදවලට, ඇමෙරිකාවේ සිට පිළිතුරු සැපයිමේ ඉතිහාස කතාවය. මෙම පිලිතුරු මඟින් ලෝකයේ දැනට ඉතුරුවී ඇති අවුරුදු 2500 ක් දක්වා දිවයන එක් අඛන්ඩ ලිඛිත ශිෂ්ටාචාරයකට එල්ලවී තිබෙන අවාසනාවන්ත ඉරණම වාර්තා කරණ ලදී. එම තර්ජනය දැන් 2026 වන විට ලංකා භූමිය මතුපිට යථාර්ථයක් වෙමින් පවතී. මෙතෙක් වචන වලට හා තිරය පිටුපසින් සිදුවූ ක්‍රියා, 2025 සිට එලිපිටම රාජ්‍ය අනුග්‍රහය යටතේ දිනපතාම වාගේ සිදු වෙමින් පවතී.
ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය, 1815 ගිවිසුමේ බොරුව මෙන් රැවටීමක් වුවත්, බුද්ධ සාසන ඇමති, කොමසාරිස්, දෙපාර්තමේන්තුව යනාදිය මඟින් යහපතකට වඩා අයහපතක් සිංහල බෞද්ධයාට හා පන්සලට ගෙනාවත්, නාම මාත්රිකව හෝ ඒවා පඩි ලබාගන්නා නිලධාරී මාෆියා ලෙස පැවතියේය. එහෙත් දැන් ඇමතියා නිරාගමික, මාක්ස්වාදී අබෞද්ධයෙකි. උප ඇමතියෙක් ඉස්ලාම් භක්තිකයෙකි. ඇමති භාරව ඉන්නේ ආගමික මිස බෞද්ධ අමාත්‍යංශයක් නොවේ. බුදු දහම ආගමක් නොවේ. බෞද්ධ සංස්කෘතිය හා බුදු දහම යනු එකක් නොව දෙකකි. ක්‍රිස්තියානි ලෝකයේ, ඉස්ලාම් ලෝකයේ ඇත්තේ දෙවියන් මැවූ ආගම්ය.
අන්තෝ ජටා-බහු ජටා (ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධ)
ලංකා දිවයින 2026 වන විට මුහුණ පා තිබෙන්නේ අන්තෝ ජටා-බහු ජටා අර්බුද ගොඩකටය. මෙම පොතේ ඇති රචනා වලින් මෙම කළුසුද්දන්ගේ හැසිරීම් නම් ගම් සහිතවම සටහන් කර ඇත. ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලියේ අනාගත විපාක පිළිඹඳව මා දැක්වූ භීතිය මේ වන විට සනාථ වෙමින් පවතී. සිංහල ජාතිය හා ත්‍රිපිටකය රැකදුන් මුර දේවතා සංකල්පයට වටකරගෙන පහරදීම මාක්ස්වාදීන් හා බොරු බෞද්ධයින් විසින් සංවිධානාත්මකව කරගෙන යන්නේ අයුතු අන්යාගමීකරණයත් සමඟය. මේවා පෙන්වා දෙන භික්ෂූන්ගේ කුමණ හෝ දුර්වලකමක් උලුප්පා දක්වමින් කරණ මෙම පහරදීම බොහෝ විට සාර්ථකවී තිබේ. එය කරන්නේ රංජන් රාමනායකලා හෝ සිවුරු පොරවාගත් භාගෙට හෝ කාලක් සිංහල කැකිරාවෙ සුදස්සනලා වැනියන්ය.
මංගල සමරවීරගේ අවතාරය
මේ වනවිට ලංකාවට ඇති මරණීය තර්ජනය සමලිංගික ජරමරය නොවේ. හරිනිලා මේ වැඩේ කලේ මංගල සමරවීරගේ දුව වශයෙන් සිටි කාලයේ පටන් NGO සේවිකාවක් වශයෙන්ය. වෙන මොන මොන ලෙඩ ඇතත් ඒ මඟින් සිංහල බෞද්ධ ජනයා වඳ කිරීම සිදුවන්නට පරම්පරා දෙකක්වත් යනු ඇත. දෙමල හෝ මුස්ලිම් ජනයාගේ ආගම් නිසා ඔවුන් ඊට පහසුවෙන් ගොඳුරු නොවේ.
JVP ආණ්ඩුවක් යටතේ දැන් රටට ඇති භයානක විපත්ති වන්නේ (1) ඊලමක් සදා ගැනීමට ඔවුන් සදා දෙන පදනම (2) ඉන්දියාවට ලංකාව ගිල ගැනීමට පාලමක් දමා දීම (3) දෙහිවල මධ්‍ය මහා විද්‍යාල නිදසුණෙන් ඔප්පුවූ පරිදි මුස්ලිම් ව්‍යාප්තවාදයට මුක්කු ගැසීම (4) Hannah Arendt (1951) විසින් පෙන්වා දුන් පරිදි ලංකාව, හිට්ලර්, ස්ටාලින් කලා මෙන් Totalitarian රාජ්‍යයක් කිරීමේ යටිකූට්ටු ප්ලෑන (5) රහස් ගිවිසුම් මඟින් ඇමෙරිකාවට හා ඉන්දියාවට ලංකාව පාවාදීම (6) බෝන් අගේන් නිකායේ රෝසි (බර්නැඩින්) සේනානායකලා, මිසිස් චන්ද්‍රිකාලා අනුව යමින්, ලංකාවේ සිංහල බෞද්ධ පදනම විනාශ කිරීම යන විපත් හයය.
මෙම විපත් වලින් ගැලවීමට හැකි වන්නේ ජන සභා සංකල්පය ක්‍රියාවට නැංවීමෙන් පමණක් බව මෙම කෘතියේ නැවත නැවතත් පෙන්වා දෙන්නේය. 1832 සිට පවතින දිවයිනේ භූමිය කෘතිම ලෙස පලාත්, දිස්ත්‍රික්, ග්‍රාම සේවා වසම් 14,026 ක් වශයෙන් බෙදනවා වෙනුවට, භාෂාව, ආගම, කුලය වශයෙන් නොව ස්වාභාවික මායිම් (natural boundaries) සහිත ජල ද්‍රෝණි වශයෙන් අළුතින් සීමා නිර්ණය කිරීම සිංහල බෞද්ධ රජ්‍යයේ ඉතිහාසයය යළි අවභෝධ කර ගැනීමය.
මෙම ජන සභා වලට (2000-3000 අතර සංඛ්‍යාවක්?) පක්ෂ දේශපාලනයෙන් තොර සාමාජිකයින් තෝරාපත් කර ගෙන, දැනට පවතින ප්‍රදේශීය සභා වෙනුවට චන්ද දායකයාට කිට්ටු වන පාලන ඒකක සැදිය යුතුය. දෙමළ දේශපාලකයාට වෙනුවට දෙමළ ජනයාට බලය පැවරෙන ක්‍රමයක් (meaningful devolution) ඉන් බිහිවන නිසා ඊළම් කතා වාෂ්ප වී යන්නේය. සිංහල ජනයාට තිබෙන ඊළම් භීතිය නැති වන්නේය. මේ පාලන ඒකකය පරිසර ඒකක වීම නිසා අනාගතයේදී පරිසරයට ද්‍රෝහී වීම නිසා ඇතිවන ජල ගැලීම්, කඳු නායයාම් අවම කරගත හැකි ස්වභාවධර්මය අවභෝධ කරගත් සමාජයක් බිහි වන්නේය. ගම-වැව-දාගැබ යන සමාජ, ආර්ථික, දේශපාලන ත්‍රිත්වය (Trinity/model) අතීත පරිසර මොඩලය විය. එය විනාශ කලේ සුද්දන් හා කළු සුද්දන් විසින්ය. අතීතයේදී මෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් මිනිසුන්ට යළි සහජීවනයෙන් සතුටින් ජීවත් වීමට ඇති මාර්ගය මෙය මිස බටහිර රටවලින් දෙන ලණු ගිල ගැනීම නොවේ.
JVP විසින් අටවා ගෙන ඇති ප්‍රජා සංවර්ධන කමිටු අහෝසි කල යුතු වන්නේ ඒවා බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති වලට පටහැනි වනවා පමණක් නොව ජනයා වහළුන්සේ සළකණ ප්රජාතන්ත්ර විරෝධී වැඩි ආයුෂක් නැති උපක්‍රම වන නිසාය. AKD ට ලැබුණේ සියේට 41 (?) ක චන්ද ප්‍රමාණයක් බව ඔහු අමතක නොකලයුතුය. මේ JRJ-RP- චන්ද ක්‍රමය අහෝසි කිරීම, චන්ද්‍රිකා (2000) -රනිල් (2017/18) ව්‍යවස්ථා ජරමර දැන් 2026 දී ගේන්නට හිතනවාට වඩා වැදගත් විධායක ජනාධිපතිට ඇති හිතුවක්කාර බලතල අහෝසි කිරීමය. ඔහු නීතියට යටින් තැබීමය.
පටුන
1. බුද්ධාගම හා ලංකාව බේරා ගැනීම (Saving Buddhism and Sri Lanka) 13
2. මෛත්‍රීයක් නැති මෛත්‍රී ගුණරත්න නොහොත් වලිගේ පාගා ගත් ලංකා නීතීඥ සංගම් ලොක්කෝ 213. දත් දොස්තරෙක් අළුත්ගමට කලදේ නොහොත් සිංහලයින්ට නායකයෙක් නැතිවීම 25
4. තොංගලේ කපා ගත් දෙස්-විදෙස් මාධ්‍ය කාරයෝ 32
5. මොහම්ඩ් රජිතා” යන නමට මා කැමතියි-රජිතා බොස්ටන් වලදී කියයි 35
6. බැටන් චාජ් මෑඩ් මන්ක්ස්” – සී ඒ චන්ද්‍රප්‍රේම 38
7. දිරා පත් නොහොත් ලුණු බත් නොහොත් ලංකාවේ රාජ්‍ය සේවය කොට උඩ යෑම 50
8. මහා නායක හා අනිකුත් හාමුදුරුවරුන් ගැන නහයෙන් අඬන චන්ද්‍රප්‍රේම 53
9. අලි මදිවාට හරක් නොහොත් දලයි ලාමාගේ සිංහල බෞද්ධ ටොක්ක 63
10. විධායක ජනාධිපති නාඩගම නොහොන් කළු සුද්දන් ඇටවූ මර උගුල් 67
11. විධායක ජනාධිපති නාඩගම හරහා ලංකාව කොට උඩ යැවීම 91
12. මස් මුදලාලිලාට බුද්ධාගම භාර දෙන ලංකා මීට් හෙඩ්ස් 71
13. රාජිත සේනාරත්නගේ කෝටි සීයේ මාළු ලෑල්ල 96
14. මුඛයෙන් හා අධොමුඛයෙන් කතා කරණා ඩේවිඩ් කැමරන් 102
15. ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය හා බොදු බල සේනාව 104
16. රට ගැන නොසිතන ව්‍යවස්ථා පැලැස්තර කාරයෝ 109
17. ජන සභා සංකල්පය තුලින් සාමකාමි තිරසර ලංකාවක් බිහි කර ගැනීම (බෞද්ධ දේශපාලනය) 116
18. රෙද්ද ගැලවුණ ජයලලිතා අම්මා” 136
19. සුබ්‍රමනියම් ස්වාමි දෙවියනි, ලංකාවටත් වඩිණු මැනව! 140
20. ජනවර්ගයක් ඝාතනය කිරීම ජනවර්ගයක් ඝාතනයක් කිරීමක් නොවන්නේ කෙසේද (When is genocide not genocide?) 145
21. ජනාධිපති මැතිවරණය හා බොදු බල සේනාව 149
22. ප්රංශජාතික මොන්ටෙස්කිව නොදැක්ක සිංහල අපේ ශක්‍ර දෙවියෝ 153
23. රජීව විජේසිංහ හා බොදු බල සේනාව 162
24. දෙවියන් විසින් ක්‍රිස්තියානීන්ට ලංකාව අහිමිකිරීම 136
25. සිංහල බෞද්ධයාට අබ සරණද? 165
26. බොදු බල සේනාව හා මෛත්‍රීපාලනය (1) 183
27. ටැමිල් ට්‍රේටර්ස්ලා හා මෛත්‍රීපාලනය (2) 187
28. සිංහල භාෂාවට (ජාතියට) විනකල ලංකාවේ යුනිකෝඩ් සිංහල” (දූෂණ විරෝධී පෙරමුණට ඉදිරිපත් කල සංදේශය) 192
29. Unicode Sinhala 205
30. යුනිකෝඩ් සිංහල-අහංගම සිංහල යට ගවුම් 207
31. ලංකාව ඇතුලත වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් නොදීම 211
32. සුනිල් පෙරේරාලාට පේන්නේ නැති අමරදේව දුටු පින් කෙත සිංහල බෞද්ධයා නමැති මුව හමට තඩිබෑම 214
33. සුමන්තිරන් ඉල්ලන ආපසු ගන්න බැරි එක” 21934. සම්බන්ධන් මහතා ඉල්ලන ඔක්කොම එකතුවෙන්න පුළුවන් හොඳ තීන්දුව” 225
35. 1832 දී ආරම්භවූ කෝල්බ්රෑක් මායිම් සූත්‍රය ලංකා පොළොවෙන් ඉවත් කිරීම 232
36. Letter to the president 243
37. රනිල් මල්ලී සහ චන්ද්‍රිකා අක්කා සර් ටෙස්ට් එක පාස්ද? කමත ටෙස්ට් එක 252
38. ඉතිහාසඥ මයිකල් රොබට්ස්ට අනාගාරික ධර්මපාලතුමා මුණගැසීම 255
39. වාසුදේව රතු සහෝදරයාට මොළේ පෑදීම 264
40. ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (1 කොටස) 267
41. ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (2 කොටස) 270
42. ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (3 කොටස) 274
43. ආසයි-බයයි: බුදු දහමට අනුව රට පාලනය කිරීම (4 කොටස) 278
44. මයිකල් රොබට්ස් හෙළුවෙන්! (Michael Roberts naked?)283
45. ඇමෙරිකන් තානාපති කේෂප් හා උතුරු පලාතේ ආණ්ඩුකාර කුරේ (Ambassador Keshap & NPC governor Cooray) 286
46. පර සුද්දා! පර සුද්දා! පර මන්ත්‍රී-පර කළු සුද්දා 293
47. බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට ඇයි මෙච්චර ලොල්! 304
48. ඊලම හා බුද්ධාගම 316
49. ගොළු මුහුදට තල්ලුවෙන සිංහලයින් 328
50. පන්සලේ ඉතිහාස කතාවෙන් 336
51. සමනලීගේ ශාපය 359
52. ඊළම හා වතුර යුද්ධ 361
53. සංඝ දමනය 376
54. අස්ගිරි විප්ලවය 390
55. ධර්මිෂ්ඨ විප්ලවය-සුද්දගෙ නීතිය අපට එපා –ගලගොඩඅත්තේ ඥානසාර හිමි (හෝමාගම උසාවිය, 2016 ජනවාරි 25) 411
56. රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක පිරිමි ගොන් නාම්බෙක්ද? 439
57. දෙවෙනි පානදුරා වාදය හා සිංහල බෞද්ධ අන්තවාදය 446
58. නීතියේ ආධිපත්‍යය නමැති සෙප්පඩවිජ්ජාව 456
59. බල්ලට ගිය සුද්දගෙ නීතිය – දෙවන කොටස 469
60. නීතියේ ආධිපත්‍යය: මහේස්ත්රාත්ලා කපුරුහාමිලාද? 476
61. පන්සල් වලට බය මැකෝලා 479
62. වඳුරන්ට දැළිපිහි දීම නොහොත් චන්දය දෙන්නේ මොකාටද? වඳුරෝ කවුද? 487
63. ගමනක අවසානය-නාගානන්දගේ අනාගතය 493
64. මහේෂ් සේනානායක හා ඇමෙරිකන් තානාපතිනිය 496
65. කතානායකතුමාට (ව) ඇන්දවීම 499
66. බුද්ධ ශාසනය වැළඳ බදාගත් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ හෘදය ශාක්ෂිය 503
67. <ජාති වාදය> හා <ආගමික අන්තවාදය> – part -I 514
68. ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධ හෙවත් මාලිමා පක්ෂය අල්ලාගත් කොටි වලිගයක්! 521
69. මෝඩ නැති මෝඩි සමඟ ගණුදෙනුවේදී අනුර කුමාරට නැතුවම බැරි වීරයෙක්! (Milinda Moragoda to the rescue!) 527
70. විජිත හේරත් ඇමතිතුමා ගොන්ඩ්වානාලන්තය ගැන අහල තියෙනවාද? 536 71. දේශපාලකයින්ගේ වතුර ටැංකිය හා පිරිමියෙක් මුත්‍රා කිරීමේ විධි දෙක (two ways of urinating in politics) 541