හරිනි අමරසූරිය වැරදුනි අමරසූරිය වුණු හැටි
Posted on January 16th, 2026

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට නොවුණු විධියට වැරදීම් වෙන ආණ්ඩුවක්.  මුලින්ම සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමලිංගික ජෝඩු වලට ගැලපෙන පාරාදීසිය විධියට ලංකාව ප්‍රවර්ධනය කරන්න යෝජනා කරලා ලිපියක් යැව්වා.  ඒකට සමාජ විරෝධය ආවාම වැරදීමක් කියලා ඉවත් කර ගත්තා.  ඊට පස්සේ හදිසි නීතිය යටතේ කුනාටු ආපදාවකට කිසිම අදාළ නැති සමලිංගික සබඳතා ගැන හදිසි නීති රෙගුලාසි වලට දාලා ගැසට් මගින් ප්‍රසිද්ධ කලා.  ඒ ගැන ප්‍රශ්න කරන කොට ඒකත් වැරදීමක් කිව්වා.  හයවන ශ්‍රේණියේ ඉංග්‍රිසි පාඩමකට සමරිසි වෙබ් අඩවියක සබැඳිය දාලා ඒක අහු වුණාම අයියෝ ඒකත් වැරදීමක් කිව්වා.  හයවන ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය පොතේ පිටකවරයට සමරිසි කොඩියේ වර්ණ යොදා තිබුණාම ඒකත් වැරදීමක් කිව්වා.  දැන් ඔන්න සමලිංගික වැරදි හතරක් එක පෙලට.

පස්වැනි වැරැද්ද අපි දැක්කේ ජනවාරි 12දා පුවත්පත්වල පළමු පිටුවේ තිබුණු දැන්වීමක.  ඒ දැන්වීම පල කලේ ආණ්ඩුවේ ආයතනයක් වන මහජන බැංකුව.  මහජන බැංකුව පාසල් දරුවන් ඉලක්ක කරලා පල කරපු දැන්වීමේ සමරිසි කොඩියේ වර්ණ යොදා තිබෙනවා.  මේ තිබෙන්නේ ජනවාරි 12 මව්බිම පුවත්පතේ පළ කරපු දැන්වීම.  දැන් කාට හරි කියන්න පුළුවන්. අපි දැම්මේ දේදුන්නක් මිස සමරිසි කොඩිය නොවේ කියලා.  ඒක හොඳ ගැලවිජ්ජාවක්.  මොකද සමරිසි කොඩියට අරගෙන තිබෙන්නේ දේදුන්නේ පාටනෙ.  ඒත් අද දරුවෝ අහසේ දේදුනු දකිනවාට වඩා තම පරිසරයේ සමරිසි කොඩිය දකින්න පුළුවන්.  ඒ නිසා දරුවන්ට මේ වර්ණ සංයෝජනය දැක්කාම මතක් වෙන්නේ සමරිසි කොඩිය මිස දේදුන්න නොවේ.  ඒකෙන් කියන්නේ දරුවන්ට දේදුන්නේ වර්ණ කියා දෙන්න එපා කියලා මෝඩ විධියට මේ පණිවිඩය තෝරා ගන්න එපා.  අදාළ පාඩමේ දී දේදුන්න ගැන එහි වර්ණ ගැන කියලා දෙන්න.  ඒත් යටි අරමුණු ඇතිව ප්‍රචාරක දැන්වීම්තුල මේ වර්ණ භාවිතා කරලා අපේ දරුවන්ව ගේ සිත් අවුල් කිරීමේ ආණ්ඩුවේ කුමණ්ත්‍රනය නම් පරාජය කල යුතුයි කියලයි අපි කියන්නේ.

අපට සමරිසි ප්‍රජාවත් එක්ක ගැටුමක් නෑ.  නමුත් පුංචි දරුවන්ගේ ඔළු වලට සමරිසි අදහස් දාලා ඔළු අවුල් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි.  ආණ්ඩුවට හරියට වරදිනවානෙ.  ඒ වැරදීම් වෙන්නෙත් සමරිසි කාරණා සම්බන්ධයෙන්.  එතැනත් බහුතරයක් වරදින්නේ දරුවන් සම්බන්ධයෙන්.  අගමැතිතුමියට මෙතරම් වැරදි වෙනවා නම් අපට එතුමියට හරිනි අමරසූරිය වෙනුවට වැරදුනි අමරසූරිය විධියටයි අමතන්න වෙන්නේ.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress