ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බුදුපිළිමය සම්බන්ධ නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට කළ ඉල්ලීමට අවසර හිමි වේ.
Posted on January 21st, 2026

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ 1784/25 අංක දරන බුදු පිළිමය සම්බන්ධ නඩුවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෞද්ගලිකව මෝසමක් ඉදිරිපත් කරමින් 2026.01.21 දින එම නඩුව විවෘත අධිකරණයේ කැදවා එම නඩුවේදී පොලීසියේ වැරදි වලට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට එම නඩුවේ සහතික පිටපතක් ලබා ගැනීමට ඉල්ලා ඇත.

මෙම නඩුව 2026.01.19 දින කැදවූ අවස්ථාවේ නීතිපතිතුමා විසින් අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කර ඇති අතර නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිව එදින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගරු අධිකරණයට කරුණු දක්වා ඇති බව 2026.01.20 දින පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති අනුව දැක්වෙන බව එම මෝසම මගින් නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කර ඇත.

මෙම මෝසම ගොනු කරන නීතීඥ මහතා CA/WRT/1099/25 අංක දරන අභියාචනාධිකරණ නඩුවේ සහතික පිටපතක් ඉල්ලා 2026.01.20 දින ඉල්ලීමක් කරමින් අභියාචනාධිකරණයට මුදල් ගෙවා ඇති බවත් එම මෝසමේ සදහන් වෙයි.

පුවත්පත්වල පළ වී ඇති පුවත් අනුව අභියාචනාධිකරණයේ ඇතිකර ගත් එකඟතාවයක් අනුව මෙම නඩුවේ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරන බවට නීතිපතිතුමාගේ ස්ථාවරයට පටහැනි ස්ථාවරයක් 2026.01.19 දින පෙනී සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු පොලිස් කණ්ඩායම විසින් ගැනීම මගින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කීරීම පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 105.3 ව්‍යවස්ථා සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්ති යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය අනුව ක්‍රියා කිරීමට මෙම නඩුවේ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් නියමිත ගාස්තු මත නිකුත් කර ගැනීමට නියෝගයක් ලබා ගැනීමට මෙම මෝසම ඉදිරිපත් කර විවෘත අධිකරණයේ කරුණු දැක්වීම සිදුකර ඇත.

මෙම මෝසමේ කරුණුවලට අවධානය යොමු කළ මහේස්ත්‍රාත්තුමා මෙම නඩුවේ සම්පූර්ණ වාර්තාවේ පිටපතක් නීතීඥවරයා වෙත ගාස්තුවට යටත්ව නිකුත් කිරීමට නියෝග කර ඇත.

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress