මේ විනාශයෙන් රට ගලවා ගැනීමට නම්
Posted on January 28th, 2026
ධර්මසිරි සෙනෙවිරත්න
සමරිසි ප්‍රවර්ධනයෙන් , හෙළ බොදු විරෝධීත්වයෙන්,බෙදුම් වාදයෙන් හා මකොලි අධ්‍යාපන ක්‍රමයෙන් රට ගලවා ගෙන මුළු ලොවටම ආදර්ශයක් දිය හැකි වුද අපේ උරුමයට ගැ ලපෙන්නාවුද රාජ්‍ය ක්‍රමයක් බිහි කරගෙන සිංහල බෞධ්ධ්යන්ගේ උරුමය රැක ගනිමින් අන්‍ය වර්ගයන් ද ආරක්ෂා කරගැනීම සඳහා වහාම දේශප්‍රේමීහු එකපෙරමුනකට ආ යුතුය
දැනට රටේ පවතින ප්‍රධාන විපක්ෂ දෙක වන සජිත් රනිල් ලාගේ එජාපයේ ඇත්තේ විජාතික මත වාදයකි රටට පුර්ණ නිදහස එපා කී දවසේ සිට අද දක්වාත් මේ පක්ෂය බෙදුම් වාදයට කත් ඇද්දේය.ජාතිකත්වය ප්‍රතික්ෂේප කළේය වෙන එකක් තියා කොටි පැරදවීම වැලක් වීමටද ප්රසිධ්ධියේ ක්‍රියා කළහ .මේ වටා ඉන්නා පාක්ෂිකයන් කෙතරම් මුග්ධයින් දැයි කිවහොත් උන්ට ඒ ද්‍රෝහී නායක යක්ෂයින් පෙනෙන්නේම දෙවියන් ලෙසය .එනිසා ‘ජාතික පෙරමුණට ‘උන් ගෙන් වැඩක් නැත .කෙසේ හෝ මාලිමා ආණ්ඩුව පෙරලීමට කියා උන් ගාවා ගත්තොත් වන්නේ අර මුග්ධයින්ගේ ප්‍රමාණය වැඩි නිසා අනුන්ගේ පානේ එළිය යොදා උන් බලය අල්ලා ගැනීමය .අනුරගේ මාලිමා ප්‍රතිපත්තිත් රනිල්ගේ ප්‍රතිපත්තිම නිසා ඉඟුරු දී මිරිස් ගත්තාට වැඩක් නැත . අපි නොරැවටෙමු
කොටි පැරදවීම ජනතා මතකයේ තිබෙන තුරුජනතා ආකර්ෂණයෙන් පොහොට්ටුව මුළුමනින්ම බැහැර නොවන බව සහතිකය .එනිසාම කෙලෙහි ගුන දන්නා සිංහල බෞධ්ධයා විශේශයෙන්ද අනෙකුත් අ යද මේ පක්ෂය මුළුමනින්ම අත්හැර යන්නේ නැත. කැඩී ගිය ශ්‍රීලනිප හා පොහොට්ටු ව නැවත එක්වී ම මෙහිදී අතිශයින්ම වැදගත්ය .තාවකාලිකව හෝ මේ මුල් වටයේදී සිරිසේන හා නාමල් දෙවෙනි පෙලේ සිටගත යුතුය. එසේ කල යුත්තේ හරිහෝ වැරදි වේවා යම් අප්රාසදයක් මේ දෙදෙනාටම දැනට ඇති නිසාය . නාමල්ට වයස ඇත .මේ වර දෙවෙනියා වී වැඩකිඩ පෙන්වා ජනතා ප්‍රසාදය යලි නංවා දෙවන වටයේදී මුල්පෙලට එන්නට ඔහු සිතාගත යුතුය .
එතකොට කවුද මෙහි දැනට නායකයා විය යුත්තේ . උත්තරය පැහැදිලියි. ඒ සරත් වීරසේකර . මෙය කියවා රාජපක්ෂ ගැත්තෝ පරලනොවියයුතුය මෙසේ කියන්නෙම රටේ අනාගතය ගැන සලකා බැලීමෙනි .
රාජ්‍ය ආරක්ෂක කටයුතු , සිවිල් ආරක්ෂක කටයුතු මෙන්ම දෙස බස රැස ,,ඉතිහාසය ,සාහිත්‍ය කලාශිල්ප හා මෙකී නොකී බොහෝ දේ දත් රණවිරු දේශපාලනඥයෙකු වන සරත් වීරසේකර මෙහිදී නායකත්වයට ඉතා සුදුසුය .සැබවින්ම සරත් නාමල්ට වඩා ජාතිකවාදියෙකි . නාමල් ගේ ජාතිකත්වය ජාතිකත්වය මහින්දගේ තරමට හෝ ඇතැයි දැනට කිසිවෙක් පිළිගන්නේ නැත . එනිසා සියලු ජාතිකවාදීන්ට එකතුවීමට සරත් ගේ නායකත්වය හොඳ රුකුලකි .ඒකීය රාජ්‍යය බිඳ දැමීමට ,පොලිස් ඉඩම් බලතල පළාත් සභා වලට දීමට හෝ රට හොරගිවිසුම් මගින් ඉන්දියාවට පාවා දීමට හෝ සරත් ක්‍රියා නොකරන බව සිතිය හැකි වුවත් නාමල් ගැන කාටවත් අරවාගේ විශ්වාසයක් නැත . එනිසා විමල් වීරවංශ ,ගම්මන්පිල දිලිත් ජයවීර මෙන්ම අවශ්‍යනම් චම්පකටත් මෙහිදී සරත් වී රසේකර සමග එක් වීම පහසුය .
එහෙත් සරත් කිසිදා නාමල් ට හෝ රාජපක්ෂලාට එරෙහිව බලය ගැනීමට තත් කරන්නේ නැත ((රාජපක්ෂලාට කෙලෙහිගුන සැ ලකීමට වඩා සරත්ට රට වෙනුවෙන් භාරයක් පැවරී ඇති බව මෙහිදී සඳහන් කල යුතුය )) .එනිසා නාමල් ම කැමැත්තෙන් ඔහුට බලය පැවරිය යුතුය . සරත් ට බල කර හෝ එය නාමල් කල යුතුය .සරත් ජනපති යටතේ නාමල් අගමැති වී සීරුවෙන් තම දක්ෂතා අ වංක ඍජු බව පෙන්වා රාජපක්ෂ පවුලේ ගෑවුන දැලි සෝදා හැර තම පියාගේ ප්‍රතිරූපය නැවත ගොඩනැන්වෙනසේ කටයුතු කිරීමෙන් පසුව නාමල්ගේ වාරය ඉබේම එළඹේ . ඉක්මන් කොටයි නාමල් . ”ස්ලෝ ඇන්ඩ් ස්ටේඩි ඉස් බෙටර්”
සරත් තම කාර්ය භාරය කරගෙන යාමේදී විමල් වීරවංශ ට කර්මාන්ත ,මහාමාර්ග වැනි සුදුසු ඇමති කමක්ද ගම්මන්පිලට අද්යාපන සංස්කෘතික හෝ අධිකරණ වැනි ඇමතිකමක්ද චම්පකට විදුලිබල,ඛනිජතෙල් (බලශක්ති ) ඇමතිකම වන්නක් දිය යුතුමය . දිලිත් ට දේශීය ව්‍යාපාර නැංවීමේ කටයුතු පැවරිය යුතුය කැපිලි කෙටිලි වලින් තොරව මෙය කල යුතුය .අරුන් සිද්ධාර්ථ ගේ සේවය හා සහයෝගය ලබාගැනීමට කටයුතුකිරීම මෙහිදී ඉතා වැදගත්ය. තැලෙන මිරිකෙන උතුරේ ජනතාව සිංහලයන් හා ”ඒකීයත්වයට ”ගැනීමට හැ ක්කෙ ඔහු හරහාය.
පළාත් සභා සුදු අලියා ඉවත් කර කුඩා එකක වලට තම කටයුතු කරගැනීමට හැකිවෙන ක්‍රමයක් දැන්ම සකසා ගෙන සිටීම අත්‍යවශ්‍යය මුල් 6 මාසය තුලම මෙය ක්‍රියාත්මක කලයුතුය එමෙන්ම රටීකීයත්වයට කිසිදා හානියකිරීමට නොලැබෙන අයුරින් රටේ පළාත් නැත බෙදා අවසන් කල යුතුය 75 % සිංහලයන් සිටින එමෙන්ම අන්‍ය වාර්ගිකයන් සමග 85 % කට වඩා දැනටත් කතා කරන සිංහල භාෂාව ඉගෙන ගැ නීම රටේ හැමෝටම අනිවාර්ය කර එකිනෙකා හා සන්නිවේදන ය පුළුල් කිරීම අත්‍යවශ්‍ය ය .
මෙසේ රටගොඩ නැගීමේ ක්‍රියාවලියට පදනම දමා සරත් විශ්‍රාම ගිය පසු දක්ෂයෙක් ඒ කාර්ය භාරයට උරදෙනු ඇත