A Reply to the Article by Ven. Rambukwelle Devananda Thera
Posted on February 1st, 2026
By Senaka Weeraratna Hony Secretary German Dharmaduta Society
බුදු දහමේ හරය වටහාගත් ජර්මනියේ සහ ශ්‍රී ලංකාව’’˜‘Divaina’, June 10, 2025
උදේශ් සංජීව ගමගේ zදිවයින කතෘZ
අංක : 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.
මහත්මයාණනි,
වර්ෂ 2025 ජුනි මස 10 වෙනි දින දිවයින පුවත්පතේ කතුවැකිය පිටුවේ (4 වැනි පිටුව) පුජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමි විසින් ලියන ලද —බුදු දහමේ හරය වටහාගත් ජර්මනියේ සහ ශ්‍රී ලංකාව˜ යන මැයෙන් පළ වු ලිපිය හා බැඳේ.
මෙම ලිපිය සකස් කර ඇති පූජ්‍ය ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමි (1992
- 1998 කාලය) ජර්මනියේ බර්ලින් විහාරයේ නේවාසික භික්ෂුවක් ලෙස වැඩ සිටියහ. එම කාලය තුළ එම භික්ෂුවගේ සත්කාර නඩත්තු සහිතව වැඩම කිරීමට සැලැස්සුවේ ජර්මන් ධර්මදුත සංගමයයි. එය එම ලිපියේ සඳහන් නොවීම සැලකීමට කරුණකි.
සේනක වීරරත්න වන මම ජර්මන් ධර්මදූත සංගමයේ දීර්ඝ කාලයක් භාරකරු සහ ගරු ලේකම්තුමා ලෙස කටයුතු කරනු ලබයි. මේ ලිපිය කියවීමෙන් විකෘතිභාවයක් පෙනී ගියේය. එම සටහනේ ඔබතුමාගේ සහාය ඇතිව ඒ වැරදි අඩුපාඩු නිවැරදි කිරීම මගේ කාරුණික ඉල්ලීමයි. එමනිසා එම අසම්පුර්ණ ලිපියට පිළිතුරු ලිපියක් ලෙස මෙම
ලිපිය සැලකිය යුතුයි.
ජර්මනිය සහ සෙසු අපරදිග රටවල බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා සංගමයක් පිිහිටුවීමේ අදහස එවකට වයස 32 වු තරුණ ව්‍යාපාරිකයකු වු අසෝක වීරරත්න මහතාට පහළ වුයේ එතුමා පළමුවරට 1951 දී ජර්මනියේ සංචාරයක යෙදෙමින් සිටි අතරවාරයේදීය. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් මුළුමනින්ම විනාශයට පත් වීමෙන් අනතුරුව මන්දගාමීව නැගිටිමින් සිටි ජර්මනිය කෙරෙහි සාමයට සහ අවිහිංසාවට මුල්
තැන දෙමින් සිංහල බෞද්ධයන් හැටියට අපට කළ හැකි යමක් ඇති බව අසෝක වීරරත්න මහතාට වැටහුණි. යුද බියෙන් මුඳවා ගෙන ජර්මන් වැසියන්ට බුදු දහමේ ශාන්තිය හා කරුණාව පෙරදැරි කොට උගන්වන මානසික සුවය කෙතරම් වටිනවා දැයි සිතීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1952 සැප්තැම්බර් 21 වන දින, කොළඹ, මරදානේ
තමාගේ ව්‍යාපාර ,ඡගනග උැැර්ර්එබ් ) ීදබි, නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ ජර්මන් ධර්මදුත සංගමය පිහිටුවනු ලැබීය. (මුලදී එය හඳුන්වන ලද්දේ ලංකා ධම්මදූත සංගමය නමිනි.)
ත්‍රිපිටක ග්‍රන්ථ රාශියක් ජර්මන් භාෂාවට හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ සුප්‍රසිද්ධ ජර්මන් ජාතික ඥානතිලෝක මහ තෙරුන් වහන්සේ ජර්මන් ධර්මදුත සංගමයේ ප්‍රථම අනුශාසක කම ඉතාමත් කැපවීමෙන් කටයුතු කිරීමට පිළිගත්තේය.
ලංකා ධම්මදුත සංගමයේ ආරම්භක ගරු ලේකම් මහතා වන අසෝක විරරත්න 1953 පෙබරවාරි මාසයේ දී ජර්මනියේ බෞද්ධ තත්ත්වය විමර්ශනය කිරීමට ගොස් මාස 04 පමණ දීර්ඝ කාලයක් ජර්මනයෙහි කාලය ගත කරන්නට සිදුවිය. එම සිටින කාලය
තුළ ජර්මනියේ මියුනික් නගරය, බර්ලින් නුවර, ස්ටුට්ගාට් නගරය, හැම්බර්ග් නගරය වැනි සුප්‍රසිද්ධ නගර වලට යමින් ජර්මන් බෞද්ධ සංගම් මුණගැසී ඒවායේ බෞද්ධ ප්‍රධානියන් හා සමඟ සාකච්ඡා පැවැත්වීටත් ඉඩ ලැබිණි. ධර්ම ප්‍රචාරයට ද යොමු වු සමිති සහ බෞද්ධ සංගම්වල සභා රැස්වීම්වලට ද සහභාගි වුහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1924 දී තනන ලද, ෘ්ි ඊමාායසිඑසිජයැ ්‍ය්මිල ඩාල්කේ තුමාගේ මන්දිරය ප්‍රථමවරට
දැකගත හැකි විය. නැවත ලක්දිවට පැමිණි විගසම 1953 මැයි 31 වන දින ආනන්ද විද්‍යාලයේ දී ජර්මනියේ බෞද්ධ තත්ත්වය යන මැයින් ජර්මානු සංචාරයේ වාර්තාවක්
ගිහි පැවිදි දෙගොල්ලෝම ඉදිරියේ සමාජගත කළහ. මෙම අවස්ථාවේ මුලසුන හොබවුයේ හිටපු අධ්‍යාපන ඇමති ආචාර්ය කගඋගඋග කන්නන්ගර මැතිතුමාය.
ඉන්පසුව 1954 සැප්තැම්බර් 06 වන දින ජර්මන් ධර්මදුත සංගමයේ දැවැන්ත මහජන රැස්වීමක් කොළඹ නගර සභා ගොඩනැගිල්ලේ හිටපු අගාමාත්‍යවරයෙකු ගරු
ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ මුලසුනෙන් පැවැත්වුණි. එහිදි සංගමය විසින් රුපියල් දස ලක්ෂයක් සොයා ගැනීමට අරමුදලක් ආරම්භ කෙරුණි.
1954 නොවැම්බර් 25 / 26 වන දින අලූත් ඔප්පුවකින් :ඔරමිඑ ෘැැා- ප්‍රථම භාරකාර මණ්ඩලය ඇරඹීය. හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා, නීතිපති සහ පසුව අගවිනිසුරු හේමා බස්නායක මහතා දැවැන්ත ඉඩම් හිමිකරු එච්. ඩබ්ලිව් අමරසුරිය මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ පෙරකදෝරු එච්. නෙල්සන් සොයිසා මහතා. (පසුව අනගාරික ධර්මප්‍රිය මහින්ද නමින් ප්‍රසිද්ධ විය.) සහ ව්‍යාපාරික අසෝක වීරරත්න යන මහත්වරුන් පත් විය.
වර්ෂ 1955 දී රජය මගින් බුලර්ස් මාවතේ පිහිටි රජය සතු අක්කර 1 පර්චස් 4.65 ක් වු ඉඩම් කොටස 99 අවුරුදු බදු ක්‍රමය යටතේ රජයේ ගැසට් පත්‍රයක් හරහා මෙම භාරකාර මණ්ඩලයට ප්‍රදානය කරන ලදි. කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අංක හාරසිය දාහත (417) දරන ස්ථානයේ පිහිටි මෙම ඉඩමේ අලූතින් සංගමයේ මුලස්ථානය සහ සංඝාවාස අභයාස මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකක් තනන ලදි. එය සඳහා වැය වු මුදල දස ලක්ෂය අර මුදලින් ලබාගත් මුදලින් කොටසක්ය. 1956 අගෝස්තු මස 6 වනදා එවකට ගරු අග්‍රාමාත්‍යව සිටි ීගඋගඍගෘග බණ්ඩානාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ගිහි පැවිදි පිරිසක් ඉදිරියේ ජර්මන් ධර්මදුත මුලස්ථානය සහ සංඝාවාසය විවෘත කරන ලදි. එම අවස්ථාවේ සංඝයා වහන්සේලා අට නමක් වන සංඝාවාසයේ වැඩ සිටිම ආරම්භ කළේය.
පණ්ඩිත ආචාර්ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි, පුජ්‍ය ඥානතිලෝක මහතෙර
(ජර්මන් ජාතික) ගාල්ලේ අනුරුද්ධ තෙර, පණ්ඩිත පුජ්‍ය අකුරැටියේ අමරවංශ තෙර, පුජ්‍ය ඥානපෝනික හිමි. (ජර්මන් ජාතික), පුජ්‍ය කඩුවෙල වංගිස්ස තෙර, පුජ්‍ය වප්ප හිමි (ජර්මන් ජාතික), සහ ෆෙඩ්රික් මුලර් මහතා දසසිල් උපාසක (පසුව පොල්ගස්දුවේ
ඥානවිමල හිමි) යන හිමිවරු වේ. 1957 ජුනි 16 වනි දින ජර්මනිය බලා පිටත්ව ගිය බෞද්ධ ධර්මදුත පිරිසේ නායකත්වය ඉසුලූ අසෝක වීරරත්න මහතා ප්‍රථම වජිරාරාම වාසි පුජ්‍ය සෝම හිමි, පුජ්‍ය ඛේමින්ද හිමි පුජ්‍ය විනීත හිමිවරු වැඩම කළහ. 1957 ජුලි දෙවන දා වැඩමකළ හිමිවරුන්ගේ වාසස්ථානය වුයේ ඩාල්කේ තුමාගේ බර්ලින් බෞද්ධ මන්දිරයයි. ජර්මනියේ බුද්ධාගම ව්‍යාප්ත කිරීම සඳහා අසෝක වීරරත්නගේ වඩාත්ම වැදගත් දායකත්වයක් වුයේ 1924 දී ආචාර්ය පෝල් ඩාල්කේ විසින් පිහිටුවන ලද ,ෘ්ි
ඊමාායසිඑසිජයැ ්‍ය්මි, මිලදී ගැනීමේ දී ඔහු ඉටුකළ තීරණාත්මක කාර්යභාරයයි. මෙහිදී අසෝක වීරරත්න මහතා තමන් සතු ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු නොකොට මාස 06 ක කාලයක් තමන්ගේ වියදමින් ඉතාමත් කැපවීමකින් සහ පරිත්‍යාගශීලීව කටයුතු කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන් අබලන් වු ගොඩනැගිලි සහ වර්ග මීටර 15530 ක වනාන්තර ප්‍රදේශයක් සහිත ඉඩම ඩාල්කේ තුමාගේ උරුමක්කාරයන් විසින් ජර්මන් ධර්මදුත සංගමයට විකිණීම, ඇටෝනි බලය සහිතව අසෝක වීරරත්න මහතා (භාරකරු) විසින් ජර්මන් ධර්මදුත සංගමයේ භාරකාර මණ්ඩලය නියෝජනය කරන ලද අතර පසුව භාරකරුවන් වෙනුවෙන් දේපළ මිලදී ගන්නා ලදි. ඔහු පාලක සභාවේ පරිපාලක ලෙස
රැඳී සිටියහ. මෙය ආසියාවේ බෞද්ධ ඉතිහාසයේ ඉතාමත් වැදගත්ම සිද්ධස්ථානයක් ලෙස ලියැවනු නිසැකය. 1957 දෙසැම්බර් 13 වැනිදා ගොඩනැගිල්ල සහ හිස් භූමි ප්‍රමාණයෙන් කොටසක් අසෝක වීරරත්න මහතා භාරකාර මණ්ඩලය වෙනුවෙන් මිලදී
ගනු ලැබීය.
මෙහිදී ප්‍රථම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් දුන් මුදල ඒ සඳහා භාවිතා කෙරුණි. ලිපියේ සඳහන් වු බර්ලින් විහාරය ගැනීමේ අරමුණ ලංකාවට සතු කර
ගැනීමේ වැරදි ප්‍රකාශය නොවේ. ලක්දිව ථෙරවාදී බුද දහම ජර්මනියේ පිහිටුවාලීම සහ බටහිර රටවල පැතිරවීමටය.
මෙහි ප්‍රථම හිමිකරු වන්නේ භාරකාර මණ්ඩලයයි. 1960 පසුව ජර්මන් ජාතික ධනවතෙකු වන උ්කඑයැර ීජයපසඑි මහතාගේ බූදලයෙන් ප්‍රමාණවත් කොටසක් පරිත්‍යාගය ද සංගමයට ඉතා වැදගත් විය. මොකද, එම ගොඩනැගිල්ල නඩත්තුවට සහ ඉතිරි කොටස් මිලදි ගැනිම වෙනුවෙන් එම මුදල් යොදා ගැනුණි.
1972 අගෝස්තු 22 වන දින අසෝක වීරරත්න මහතා මිකිරිගල ධම්මනිසන්ති හිමි නමින් මහණ වී තමන් ආරම්භ කර නිස්සරණ වන ආරණ්‍යයෙහි වැඩ සිටියහ. අවුරුදු විසි හතක් මීකිරිගල නිස්සරණ වන ආරණයෙහි වැඩ සිටි උන්වහන්සේ 1999 ජුලි 02 වන දින අවුරුදු අසූවක් ආයු වළඳා අපවත් වූහ.
ස්ථීර මධ්‍යස්ථානයක් පිහිටුවීම :- මෙම අත්පත් කර ගැනීම —යුගයක් නිර්මාණය කිරීමේ සිදුවීමක්˜ ලෙස විස්තර කරන ලද අතර එය මහාද්වීපික යුරෝපයේ නේවාසික භික්ෂුන් වහන්සේලා සමඟ පළමු ස්ථීර ථෙරවාද බෞද්ධ විහාරය නිර්මාණය කළේය. එය අද දක්වාම පවතින බෞද්ධ දේශනා, භාවනා පාඨමාලා සහ ප්‍රජා ක්‍රියාකාරකම්
සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේය. ජාතික උරුම අඩවිය :- එහි ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම පිළිගැනීම සඳහා ජර්මානු බලධාරීන් 1995 දී බර්ලින් බෞද්ධ විහාරය ජාතික උරුම අඩවියක් ලෙස නම් කළහ.
එම බර්ලින් බෞද්ධ විහාරයට වර්ෂ 100 ක් සපිරීම නිමිත්තෙන් වර්ෂ 2024 අගෝස්තු තුන්වන දින සහ හතරවන දින සැමරීම් කටයුතු ශ්‍රී ලංකාවේ සහ ජර්මනියේ බර්ලින් විහාරයේ සිදු කෙරිණි. බර්ලිනයේ Zැයකැබාදරෙ කදපපමබසඑහ කැබඑරු ශාලාවේ අගෝස්තු හතරවන දින ජාත්‍යන්තර සමුළුවක් ද පැවැත්විණි. එම සමුළුවට ප්‍රධාන අමුත්තා ලෙස ජර්මන් ජාතික මහාචාර්ය මාර්ටින් බච්මාන් මහතා, තායි, ඉන්දියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය, ශ්‍රී ලංකාව යන රටවල තානාපතිවරු සහභාගී වුහ. ඊට සමගාමිව ශ්‍රී ලංකාවේ දී අගෝස්තු තුන්වන දින අරලියගහ මන්දිරයේ මුල් දින සමරු කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කෙරුණි. එදිනම ඉංග්‍රීසි බසින් ලියැවුණු ඉතා වටිනා දුර්ලභ ගණයේ දැවැන්ත ග්‍රන්ථයක් ද නිකුත් කෙරුණි. එම පොතම බර්ලින් විහාරයේත් නිකුත් කෙරිණි. ජාත්‍යන්තර සංඝ භික්ෂු බෞද්ධ සභාවේ සභාපති සහ අධිපති විධායක නිලධාරීණි වියට්නාමයේ උපන් ආචාර්ය භික්ඛුණි එලිසඛෙත් මෙහෙණින් වහන්සේ විසින් මෙම ඉංග්‍රීසි බසින් ලියවුණු ග්‍රන්ථය මුද්‍රණය කිරීම සඳහා සම්පුර්ණ වියදම දැරීය. මෙම ග්‍රන්ථයේ සංස්කාරක වශයෙන් කටයුතු කළේ ජර්මන් ජාතික ආචාර්ය වින්ෆ්රඩ් ලයිබ්රිච් මහතාය. කතෘ ලෙස කටයුතු කළේ සේනක වීරරත්න මහතා සහ තිස්ස වීරරත්න මහතාය. එහිදී තායිලන්ඩ් තානාපති භ්ාය්ර්එයබ් ණරසියබ්පර් මහතා ද කාම්බෝජය, ඉන්දියාව, පකිස්තාන, මියන්මාර්, ශ්‍රී ලංකාව සහ
තායිලන්ත තානාපතිවරු සහ අප සංගමයේ භාරකාර මණ්ඩලයේ ආනන්ද විමලධර්ම මහතා ද සහභාගී වුහ. ඊට අමතරව නොයෙක් රටවල 40 ට අධික පැවිදි පිරිසක් ද, 50 ට වැඩි ගිහි පිරිසකගේ සහභාගීත්වයකින් සිදුවුණි. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා තානාපතිනිය වන වරුණි මුතුකුමාරණ මහත්මියගේ වටිනා දායකත්වයක් ලැබුණි. ඒවගේම මෙම සමුළුවේ සහකාරයා වශයෙන් කටයුතු කළේ ලංකානන්ද පෙරේරා මහතාය. ඒවගේම බර්ලින් බෞද්ධ විහාරයට බර්ලින් සංගමයේ නිලධාරීන් හට සියවෙනි සංවත්සරය සාර්ථක කර ගැනීම සඳහා දුන් සහයෝගයට අපගේ උණුසුම් කෘතඥතාවය පුදමි.
මෙම ලංකාවේ උත්සවය සංවිධානය කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජර්මන් ධර්මදුත සංගමය එකතුවෙනි. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එවකට සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකතුමා ඇතුළු ඇමතිවරු, මන්තී්‍රවරු,
නියෝජ්‍ය ඇමතිවරු, සහභාගීත්වයෙනි. ඊට අමතරව ජර්මන් තානාපති ෘරග තැකසං භැමප්බබ චීන තානාපති, නවසීලන්ත තානාපති, මාලදිවයින තානාපති, වියට්නාම නියෝජ්‍ය තානාපති, ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් තුමා, යුරෝපීය සංගමයේ
තානාපතිනි යන ප්‍රභූවරුන්ගේ ද 50 ට අධික මහා සංඝරත්නයෙන් ද 600 ට වැඩි ගිහි පිරිසකගේ සහභාගීත්වයකින් ඉතා උත්කර්ෂවත් අන්දමින් දායකත්වය සැපයිණි. අග්‍රාමාත්‍ය දිනේ්ෂ් ගුණවර්ධන මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් දක්වන ලද අනුග්‍රහයට අපේ විශේෂිත වු ස්තූතිය.
ජර්මනියේ ෆ්‍රොනව් නගරයේ පිහිටි බර්ලින් බෞද්ධ විහාරස්ථානයේ සියවෙනි සංවත්සරය මෑතකදී අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ගෞරවනීය අමුත්තා ලෙස ශ්‍රී
ලංකා ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නෝමන් මහතා සහභාගී වු අතර පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පැමිණ සිටියහ. චීන
තානාපති ූස Zයැබබයදබටල යුරෝපීය සංගමයේ තානාපති කාර්මෙන් මොරෙනෝ, නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා, ඉන්දීය නියෝජය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පන්ඩේ සහ වියට්නාමයේ නියෝජිත ලෙවෑන් හුවන්ග් හා තවත් ආරාධිත අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
මිකිරිගල නිස්සරණ වනයේ පූජ්‍ය පානදුරේ චන්දරතන ස්ථවිරයන් විසින් අනුශාසනාව පවත්වන ලදි. බර්ලින් විහාරය පිළිබඳ දේශනාව පූජ්‍ය ඕලන්දේ ආනන්ද ස්ථවිරයන් විසින් පවත්වන ලදි. අගමැතිතුමා සහ ජර්මානු තානාපති විසින් ප්‍රධාන අමුත්තා සහ විශේෂ අමුත්තාගේ කතා පැවැත්වෙන ලදි. ජර්මානු තානාපති තුමා තම කථාවේ දී රටවල් දෙක අතර සංස්කෘතික සහයෝගීතාවයේ 100 වසරක ඉතිහාසය අවධාරණය කරන ලදි. ජර්මනියේ බෞද්ධ ධර්මය හා බර්ලින් විහාරය සම්බන්ධ වීඩියෝ කිහිපයක් ද එදින ප්‍රදර්ශනය කරන ලද අතර, කෙටි නාට්‍යයක් ද ඉදිරිපත් කරන ලදි. සේනක වීරරත්න මහතා විසින් සම ලේඛකයෙ= ලෙස රචනා කරන ලද 100 හැ්රි ෘ්ි ඊමාායසිඑසිජයැ ්‍ය්මි නම් පොත ද එදින දියත් කරන ලදි. ඔහු විසින් එම පොත පිළිබඳ කතාවක් පවත්වන ලදි. තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මුල් දින කවරයක් —රුපියල් 25 තැපැල් මුද්දරයක්˜ අගමැතිතුමාට තැපැල් ස්ථානාධිපති ජනරාල්තුමා විසින් භාර දෙන ලදි. ජර්මන් ධර්මදූත සංගමයේ, සභාපති මේජර් ජනරාල් සාරදා අබේරතන මහතා විසින් ස්තූති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි. මෙම උත්සවයට,
අප සංගමයේ භාරකාර මණ්ඩලයේ කෝසල වික්‍රමනායක මහතා ද සහභාගි විය. ඊට අමතරව ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා සහ එම මැතිණියද මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාගයකින් ද දායක විය. එම මහතා අප සංගමයේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකි.
බුදුන් වහන්සේ පෙන්වා දුන් මැද මාවත යුරෝපීයයන් සහ අනෙකුත් බටහිර ජාතිකයින් ආකර්ශනීය කරගෙන ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. උගත් යුරෝපීයයන් ද බුදුන් වහන්සේගේ විමර්ශනයට ඇති විවෘතභාවය සහ බුද්ධාගමේ ආකල්පය වන —එන්්න තමන්˜ විසින්ම දැක ගන්න, —යන්න˜ ඛෙහෙවින් අගය කරති. කෙනෙක්ගෙන් කිසිවක් විශ්වාස කරන ලෙස ඉල්ලා නොසිටින බවත්, බුදුන් වහන්සේගේ උපදෙස් වන පළමුව අදහස් විමසා සිටීම අනුගමනය කරන ලෙසත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව නැගෙනහිර සහ බටහිර පාලි සංස්කෘත විද්වතුන්ගෙන් සමන්විත ස්වභාවික මධ්‍යස්ථානයක් මෙන්ම නිධානයක් විය. නමුත් සැබෑ ඔටුන්න හිමි වුයේ ශ්‍රී
ලංකාවේ ථෙරවාද පිළිවෙතටයි. බුද්ධ ශාසනය පෝෂණය කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රමුඛතම යුතුකම සහ වගකීම ලෙස සලකන බව ඔහු පැවසීය. බුද්ධාගම ප්‍රචාරය කිරීම සඳහා බර්ලින් බෞද්ධ විහාරයේ කටයුතුවලට පූර්ණ සහයෝගය ලබා දෙන බවට අගමැතිවරයා සහතික විය.
ජර්මානු තානාපති ආචාර්ය ෆිලික්ස් නියුමන් මහතා පැවසුවේ බර්ලින් විහාරය ජර්මානු සමාජයේ බහු සංස්කෘතික, බහු ආගමික ඉවසීමේ ශක්තියට විශිෂ්ට සාක්ෂියක් බවයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ල සඳහන් වන අනුකම්පාව සහ ප්‍රේමණීය කරුණාව
තවදුරටත් වර්ධනය කිරීමේ ප්‍රතිපත්තියට ජර්මානු සමාජය කැපවී සිටින බව ඔහු පවසන
ලදි.
මහා සංඝරත්නය, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත සහ ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ආණ්ඩුකාර Aනඵග මුසම්මිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන මධුර විතානගේ, A්‍යඵ ෆවුසි සහ යදමිනි ගුණවර්ධන රාජ්‍ය
තාන්ත්‍රිකයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගුරුවරුන් සහ සිසුන් මෙම අවස්ථාවට සහභාගී වන ලදි.
1957 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ වෙනත් රටවලින් පැමිණෙන ථෙරවාදි බෞද්ධ භික්ෂුන් වහන්සේලා 70 කට වැඩි ප්‍රමාණයක් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ආත්ම ශක්තිය අවිහිංසාව සහ සියලූ සතුන් කෙරෙහි දක්වන මෛත්‍රිය සොයා යන යුරෝපීය ජාතිකයින් මහත් පිරිසකට බොදු මඟ උගන්වමින් භාවනා ක්‍රම කියාදෙමින් එම භික්ෂුන් වහන්සේලා උදාර සේවයක් කරමින් තවමත් වැඩ වාසය කරයි.
දැනට බර්ලින් බෞද්ධ විහාරයේ පුජ්‍ය පැළෑනේ ධම්ම කුසල හිමි සහ පුජ්‍ය තල්පාවිල කුසල ඥාන යන හිමිවරු සියලූම බෞද්ධ කටයුතුවල නිරන්තරයෙන් නිරත වෙමින් ලොකු සේවාවක් සිදුකරන අතරම තිස්ස වීරරත්න මහතා අවුරුදු 25 ට අධික කාලයක් කළමනාකරු ලෙසද විහාරයේ නඩත්තු කටයුතු සහ එදිනෙදා කටයුතු සොයා බලමින් යුහුසුළුව කටයුතු කරයි.
ඒ වගේම විටින් විට බර්ලින් විහාරස්ථානයට පැමිණෙන ජර්මන් ජාතිකයින් විදේශ රටවල අමුත්තන් පාසල් ළමුන් ලෝකයේ වෙනත් රටවල භික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ රටේ වෙසෙන සිංහල ගිහි පිරිසගේ ද පැමිණීම සෑමවිටම සිදුවන්නකි. ඒවගේම ජර්මනියේ ලංකා තානාපති කාර්යාලයේ තානාපති සහ කාර්ය මණ්ඩලයේ ද සහාය නිරතුරුවම බර්ලින් විහාරයට නොකඩවා ලැබේ. ජර්මන් ධර්මදුත සංගමය, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආගමික හා සංස්කෘතික සබඳතා වර්ධනය කිරිම සඳහා අඛණ්ඩ කාර්යභාරයක් ඉටුකරන අතර, සිංහල භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම මෙම ප්‍රයත්නයේ වැදගත් කොටසක් වී ඇත.
ඊට අමතරව බර්ලිනයේ ශ්‍රී ලංකා සංගමය :ීඛA- විසින් සැලකිය යුතු කාලයක්
තිස්සේ ෘ්ි ඊමාායසිඑසිජයැ ්‍ය්මි වෙත ලබා දුන් සහයෝගය සහ සමීප සහයෝගීතාවය අපි ඛෙහෙවින් අගය කරමු. ජර්මන් ධර්මදූත සංගමය ආරම්භ කළ දා සිට මේ දක්වා බර්ලින් විහාරය සහ ජර්මන් ධර්මදූත සංගමය වෙනුවෙන් සේවය කළ භාරකාර මණ්ඩලයටත් කාරක සභාවේ සාමාජිකයන්ටත් සංගමයේ සාමාජිකයන්ටත් බෞද්ධ කටයුතු සඳහා බර්ලින් විහාරයට වැඩම කළ ස්වාමීන් වහන්සේලාටත් සංගමයේ සේවක මණ්ඩලයටත් අප සංගමයේ කෘතඥතාවය මෙයින් පුද කර සිටී.
මේ අයුරින් ජර්මන් ධර්මදූත සංගමය, ශ්‍රී ලංකාවේ සහ ජර්මනිය ඇතුළු ලෝකයේ සෑම රටකම ථෙරවාද බුදු දහම ප්‍රචලිත කිරීමට සෑම උත්සාහයක්ම දරමින් සිටී.
තෙරුවන් සරණයි සාසන ලැදි
……………………………………
සේනක වීරරත්න
ගරු ලේකම් සහ භාරකරු ජර්මන් ධර්මදුත සංගමය