අධිකරනයන් ඉදිරියේ දිලීප පිරිස් නීතිපතිතුමන් නියෝජනය කරමින් සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශ පිලිබඳ නීතියේ ඇසින් සිදුකරනු ලබන විවරනයක්!
Posted on February 3rd, 2026
උපුටා ගැන්ම ලංකා ලීඩර්
මෑතකාලීනව පැවති ආන්දෝලනාත්මක නඩු විභාගයන්හිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (ASG) දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු පිලිබදව නීතිඥ ප්‍රජාව හමුවේ යම් කතා බහක් ඇතිවී තිබේ.
එවැනි ප්‍රකාෂ කිරීමට පීරිස් මහතාට පවතින වෟත්තිමය අයිතිය පිලිගනිමින්ම එම කරුනු දැක්වීම් හුදු ජනප්‍රියවාදී” හෝ “අතාර්කික” ප්‍රකාෂද වන්නේද යන්න පිලිබදව මෙන්ම එවැනි චර්යාවකට ඇති අයිතිය විමර්ශනය කිරීම නීතියේ ප්‍රගමනයට දායකත්වයක් ලැබිය හැකි මාතෟකාවක් වන්නේය.
මෙසේ කතා බහට ලක්වන කෂේත්‍රය නීතිඥවරයකුගේ වරප්‍රසාදී වපසරියකට අදාල වන්නේ නමුදු එවැන්නක අන්තර්ගතය නීතිමය ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රමිති කිහිපයක් ඔස්සේ එය ඇගයිය හැකිව තිබේ.
මෙහිලා සාකච්ඡාවට ලක්වන්නේ පීරිස් මහතා අධිකරනයන් ඉදිරියේ සිදු කරන ලද ප්‍රකාෂයන් ලෙසට ජන මාධ්‍ය විසින් එසේ වාර්ථා කරන ලද ප්‍රකාෂ පමනකි.
එම ප්‍රකාෂ එලෙසටම අධිකරනයේ වාර්ථාවන සාක්ෂි සටහන් තුල අන්තර්ගත නොවන්නට පිලිවන.
නමුත් එසේ ජනමාධ්‍ය මගින් වාර්ථා කොට ඇති ප්‍රකාෂ දෙස බලන කල ඒවා සාමාන්‍ය ජන සමාජය ඇද බැදගන්නා අධි වෝල්ටීයතාවයෙන් ප්‍රකාෂ බව පෙනෙන්නට තිබේ.
එවැනි ප්‍රකාෂ ගනනාවක් මාධ්‍ය විසින් වාර්ථාගත කොට තිබේ.
පසුගියදා මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරියට පමුනුවන ලද හිටපු ජනාධිපති ලේකම් වරයාගේ නම හා වාසගම උපුටමින් සිදුකල ප්‍රකාෂය මෙහිලා ගිනිය හැති ආසන්නතම උදාහරනය වන්නේය.
වාර්ථා කරනය තුල සමාජය තේරුම් ගෙන තිබුනේ එම පුද්ගලයා තම නම පවා වෙනස් කොට සමාජයට වංචා කරන පුද්ගලයකු බවයි.
එසේම හිටපු ජනාධිපති ලේකම් වරයා අධිකරනය මගහැරීමට උත්සාහ දරන පුද්ගලයකු ලෙස අධිකරයට තහවුරු කරන්නට භාවිතා කරන ලද වාග්මාලාවද එවැනි කථිවකට සුදුසු ප්‍රකාෂයක් වන්නේය.
වාර්ථාකරනය තුල සමාජය තේරුම්ගත්තේ අදාල පුද්ගලික විශ්ව විද්‍යාලයතුල වාඩිවීමට පුටුවක් හෝ නොලැබ පුද්ගලික සුඛවිහරනයට පොදු මුල්‍ය වැය කල වංචනිකයකු ලෙසටය.
එසේම රනිල් වික්‍රමසිංහ එංගලන්තයේදී නියෝජනය කරන ලද්දේ නිල කාර්යක්ද නැද්ද අදාලව ඒ මහතා භාවිතා කල වාග්මාලාවද කථිකාවකට පොලඹවන්නේය.
මෑත අතීතයට ගියහොත් හිටපු පොලිස්පති දේශබන්දුගේ නඩුවේදී මාතර මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ කල ආවේගාත්මක කරුනු දැක්වීම අන්තර්ගතවු වාග්මාලාවද කථිකාවකට සුදුසු මාතෟකාවක් වුයේය.
ගෝටාභය පාලන සමයේදී පාඨලී චම්පික රනවක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සිදු කරන ලද නීතිපති වරයාගේ ඉල්ලීම තුල ඇතුලත්වු වාග්මාලාවද එවැන්නකි.
ගොටාභය ජනාධිපති වරයාගේ සමයේ දී මහාධිකරන නඩුවේදී පීරිස් මහතා රජයේ අභිචෝදක ලෙස
කරන ලද කරුනු දැක්වීම් තුල ඇතුලත්වු වාග්මාලාවන් තුල ගැබ්වු හරයද එවැනිමය.
නීතිමය රාමුවක් ඔස්සේ සිදු කරන ලද ප්‍රකාෂ වුවද පීරිස් මහතා මෑත භාගයේදී අධිකරනයන් ඉදිරියේ සිදුකරන ලද ප්‍රකාෂ නීතීඥ ප්‍රජාව තුල කතා බහට ලක්වන්නේ එම ප්‍රකාෂ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම දෙපාර්තමේන්තුවේ නීති නිලධාරියකුට අධිකරනයක් ඉදිරියේ ප්‍රකාෂ කිරීම් වලට තරම් නොවන ප්‍රකාෂයන් ලෙසටය.
එම නිසා එවැනි නිමිත්තක ගුන අගුන සලකා බැලීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට සහයෝගයක් වන්නේය.
නීතිපති තුමා මෑතකදී කියා තිබුනේ තමන්ගේ අභිමතය ඉහල අධිකරනයන් ඉදිරියේ අභියෝග කල හැකිබවය.
නීතීඥ සංගමය ප්‍රකාෂ කොට තිබුනේ නීතිපති වරයා අර්ධ අධිකරන බලය හොබවන පද්දතියක් වන බවය.
ඒ අනුව අප රජයේ නීතිඥවරයකුගෙ හැසිරීමද එලෙසට සදහන් අර්ධ අධිකරන බලයට යටත් වන නිසා එවැනි බලයක් අධිකරනයක් ඉදිරියේ ක්‍රියාත්මක විය යුත්තේ කෙලෙසටද යන්න සොයාබැලීම කාලෝචිතය.
නීතිඥ වෘත්තීය ආචාර ධර්ම (Legal Ethics)
1988 අංක 02 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීති (නීතිඥයන්ගේ චර්යා ධර්ම හා විනය) මගින් නීතිඥයෙකු අධිකරණය තුළ කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරයි.
ඒ යටතේ නීතිඥයකු අධිකරණයට ඇති ගෞරවය ආරක්ෂා කිරීමට බැදී සිටී.
ඒ අනුව ඕනෑම නීතිඥයෙකු අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී “අධිකරණයේ ගරුත්වය සහ ස්වාධීනත්වය” ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුව තිබේ.
ඒ අනුව යම් නීතීඥයකු අධිකරනයට කරුනු දැක්වීමේදී අතාර්කික” හෝ හුදෙක් “ජනප්‍රියවාදී” ප්‍රකාශ මගින් නඩුවේ යුක්තිය පසිඳලීමට බාධා වේ නම්, එය වෘත්තීය විනය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිව තිබේ.
එලෙසටම යම් නීතීඥවරයකු විසින් තමන් අභිමුඛවන ප්‍රතිවිරුද්ධ පාර්ශවයට සැලකීමේ වගකීමක් පවතී.
නීතිඥයෙකු තමාට පෞද්ගලිකව අකමැති පුද්ගලයෙකුට වුවද, අධිකරණය හමුවේ අපහාසාත්මක හෝ අගෞරවනීය ලෙස කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතුය.
පීරිස් මහතා විසින් අධිකරනය ඉදිරියේ සිදුකොට ඇතැයි වාර්ථාවන ඇතැම් ප්‍රකාෂ ගත් කල ඒවා බොහෝ දුරට නීති නිලධාරයකුගේ වෘත්තිමය භාෂනයකින් එපිටට යන අධිකරණයට සහාය දක්වන නිලධාරියෙකුගෙන් අපේක්ෂා කරන වෘත්තීය, සදාචාරාත්මක සහ නිපුනතා ප්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පැවතින බවට මතයක් සමාජය තුල මෝදු වෙමින් පවතී.
මෙය නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම ලාංකික යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට සුභදායක කරුනක් වන්නේනේ නැත.
එවැනි පසුබිමක නීතිපත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අධිකරනයක් ඉදිරියේ සිදුකරනු ලබන ප්‍රකාෂයක් ඇගයීමේ නිර්නායක පිලිබදව කථිකාවක් කාලෝචිතවී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ කරුණු දැක්වීමක් ඇගයීමට ලක් කළ හැකි සම්මත නීතිමය මූලධර්ම ගනනාවක් තිබේ.
ඉන් පලමුවැන්න යුක්තියේ අමාත්‍යවරයා” (Minister of Justice) පිළිබඳ සංකල්පයයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සම්ප්‍රදායට (ශ්‍රී ලංකාවද එම සම්ප්‍රදාය අනුගමනය කරයි) අනුව, රජයේ නීතිඥයෙකු යනු හුදෙක් නඩුවක් ජයග්‍රහණය කිරීමට පමණක් උත්සාහ කරන පාර්ශවීය නියෝජිතයෙකු නොවේ. ඔහු “යුක්තියේ අමාත්‍යවරයෙකු” ලෙස සැලකේ.
එම සංකල්පය තුලින් අපට දිලීප පීරිස් මහතා අධිකරනය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු මහජන මතයට වඩා සත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී තිබේද යන්න සොයා බැලීමකට පෙලඹවනු ලබයි.
එසේ කරුනු ඉදිරිපත් කිරීමකදී වරදේ ස්වභාවය පසෙකලා ප්‍රකෝපකාරී භාෂාවක් හෝ මහජන ක්‍රෝධය ඇවිස්සීමට (populism) උත්සාහ කර ඇත්නම්, එවැනි කරුනු දැක්වීමක් අපේක්ෂිත මධ්‍යස්ථභාවය පිළිබඳ වගකීමෙන් බැහැර වීමකි.
දෙවැනි පදනම වන්නේ පදනම වන්නේ බැලු බැල්මට නඩුවක් පවතින්නේ ද යන පදනමින් (Prima Facie case) තහවුරු කිරීම සදහා කරුනු දැක්වීමයි.
එවැනි නීතිමය කරුණු දැක්වීමක පදනම විය යුත්තේ අනුමාන හෝ සදාචාරාත්මක කෝපය මත නොව, පිළිගත හැකි සාක්ෂි මතය.
පොලිස් පරීක්ෂන අවසන් නොවී තිබෙන පදනමක බැලුබැල්මට නඩුවක් තිබේ යයි කියමින් අනුමානයට අවලාද නැගීම වෟත්තිය භාවයක් නොවේ.
තුන්වන මුලධර්මය වන්නේ අධිකරණ විනය සහ වෘත්තීය ආචාර ධර්ම, ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ රජයේ නීති නිලධාරීන්ගේ චර්යා ධර්ම තුලින් තහවුරු කොට ඇනි වෟත්තීමය රාමුවෙන් එබිටට යන නොහොබිනා” (Unbecoming) හැසිරීමක් යන්නට එවැනි ප්‍රකාෂ යටත් වන්නේද යන්නයි.
එවැනි කරුණු දැක්වීම් මගින් අදාල නිලයේ ගෞරවය සහ බැරෑරුම්කම ආරක්ෂා වී තිබේද යන්නයි.
දැඩි ලෙස තර්ක කිරීම වෘත්තීයමය අයිතියක් වුවද, නීතිමය පූර්වාදර්ශ නොසලකා හරිමින් “මහජන අධිකරණය” (Court of public opinion) සතුටු කිරීමට කරුණු දක්වන්නේ නම්, එය වෘත්තීය විනයට පටහැනි වන්නේය.
හතරවනුව සාධාරණ තර්කනය පිළිබඳ මූලධර්මය (Wednesbury Unreasonableness)
පරිපාලන තීරණයක් සම්බන්ධයෙන් භාවිත වන මෙම මූලධර්මය, නීතිමය තර්කනයක ඇති “අතාර්කික බව” මැන බැලීමට ද යොදාගත හැකිව තිබේ.
එහිලා භාවිතා කරනු ලබන මිනුම් දන්ඩ වන්නේ පවතින නීතිය සහ කරුණු දන්නා කිසිදු බුද්ධිමත් පුද්ගලයෙකු මෙවැනි තර්කයක් ඉදිරිපත් කරනු ඇත්ද යන්නය.
එලෙසට කරනු ලබන යම් කරුණු දැක්වීමක් තර්කනයෙන් තොර හෝ පවතින නීතිමය ප්‍රොටෝකෝල සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ නම්, එවැනි ප්‍රකාෂයක් අතාර්කික ප්‍රකාෂ ලෙස හැඳින්විය හැකිය.
යුක්තිය ඉටුකිරීමේ වගකීම” පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ ලබාදී තිබෙන පදනමක නීතිපති දෙපාර්තමේන්තුවද එකී පුර්වාදර්ශ මගින් බැදී සිටින බව සිහිපත් කලයුතුව තිබේ.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භූමිකාව ගැන වැදගත් නිරීක්ෂණ කිහිපයක් ලබා දී ඇත.
ඉන් පලමු වැන්න අගතිගාමී නොවීමයි.
රජයේ නීතිඥයෙකුගේ අරමුණ විය යුත්තේ පුද්ගලයෙකු කෙසේ හෝ වරදකරු කිරීම නොව, පවතින සාක්ෂි මත යුක්තිය ඉටු කිරීමයි.
දෙවැන්න සාධාරණත්වයයි. (Fairness). නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ නිලධාරීන්ද වන බැවින් ඔවුන් සැමවිටම සාධාරණව හා පක්ෂපාතී නොවී කටයුතු කරනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරයි.
තුන්වැන්න වන්නේ කරුණු දැක්වීමේදී එම ඉදිරිපත් කිරීම් දේශපාලනික හෝ සමාජීය රැල්ලක් මත පදනම් වන්නේ නම් එවැනි කරුනු දැක්වීමක් “නීතියේ ආධිපත්‍යයට” (Rule of Law) පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ.
දේශපාලන මැදිහත්වීම් සහ ස්වාධීනත්වය අරබයා
නීතිපතිවරයාගේ සහ ඔහුගේ සහායකයින්ගේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රියසත් ඩෙප් එදිරිව නීතිපති වැනි නඩු වලදී අවධාරණය කොට තිබේ.
එහිලා වැදගත් වන්නේ යුක්තියට ඇති වගවීමයි.
මක් නිසාද යත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කරුණු දක්වන්නේ මුළු රාජ්‍යයම නියෝජනය කරමිනි.
එබැවින්, ඔවුන්ගේ ප්‍රකාශ “අසම්බන්ධිත” හෝ “අතාර්කික” වීම මුළු දෙපාර්තමේන්තුවේම විශ්වාසනීයත්වයට හානි කරවිය හැකිව තිබේ.
අවසාන වශයාගෙන් කිව යුත්තේ යම් නීතිඥයෙකු අධිකරණයට බලපෑම් කිරීමට හෝ ජනප්‍රිය මතවාද ඔස්සේ විනිසුරුවරයා තීරණයක් කරා මෙහෙයවීමට (Emotional manipulation) උත්සාහ කරන්නේ නම් එය
අධිකරණ නිදහසට අදාල කරුනක් වන බවයි.
එසේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් (Contempt of Court) දක්වා දුරදිග යා හැකි කරුනක් වන්නේය.
අවාසනාවකට මෙවැනි කරුනු පිලිබදව ශ්‍රී ලංකාවේ නීතීඥ ප්‍රජාවට පවතින්නේ මදහසකි.
එම නිසා නීතිපති දෙපාර්තමේන්තුව සිතන්නේ තමන් රජකු වෙනුවෙන් පෙනී සිටිමින් නඩු මෙහෙයවන බවය.
– Shiral Lakthilaka