“රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම”
Posted on February 23rd, 2026
සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
2026.02.21 “ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි
කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න.
අදාල කරගත් මාතෘකා
1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම්
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම
3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද?
4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන
5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද?
විවේකයට පෙර
https://www.youtube.com/live/hkOJGl13FOE?si=VTWcK0Jusias9GcV
විවේකයෙන් පසු
https://www.youtube.com/live/ss_-DL68_Lo?si=Xb7s8_olllzmddAO
ඉදිරි නීති අධ්‍යාපන වැඩසටහන 2026 මාර්තු 15 (ඉරිදා) පෙ.ව. 9ට
කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර, එයට සහභාගීවන අයට සහතිකයක්/ නීති සටහන් / දිවා ආහාරය ලබා දෙයි.
මාධ්‍ය – සිංහල / ආසන සීමිතයි
(නීතීඥයන්ට / නීති ශිෂ්‍යයන්ට / අධිකරණ රෙජිස්ට්‍රාර්
කාර්යාල වල සේවය කරන අයට / විශ්ව විද්‍යාල
ශිෂ්‍යයන්ට / නීති ක්‍රියාකාරකයන්ට / පොලිසියේ සහ
සන්නද්ධ හමුදා සාමාජිකයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. )
අන්තර්ගතය
1. පනත් කෙටුම්පතකට එරෙහිව
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) ඡේදය සහ එහි ඉංග්‍රීසි ඡේදයේ (83.b) ඡේදයේ භාෂා පාඨ අතර ඇති වෙනස්කම් නිවැරදි කිරීමට 2025 දී මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දීම තුළ ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර 6 කින් වන ආකාරය
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන
උපලේඛනයේ 1වන ලැයිස්තුවේ ( පළාත්
සභා ලැයිස්තුවේ) විෂයන් ඉවත් වන ලෙස / පරිච්චින්න වන ලෙස 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එද්දී පළාත් සභා ප්‍රේමින් නෛතික විරෝධය නොදැක්වීම තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම
4. සේපාල ඒකනායක “අලිතාලියා” ගුවන් යානා පැහැර ගැනීම, අතීතයට බලපාන නීති පැනවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 අනුව්‍යවස්ථාවේ පිහිටුවන බුද්ධ සාසන උත්තරීතර අධිකරණය සහ විහාරස්ථාන නඩු කටයුතු සම්බන්ධ මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය අහිමි වීම.
5. ශ්‍රේෂ්ඨාධිකරණය මුල් වරට සිරදඬුවීම නියම කරන තැනැත්තන්ට සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනතේ (ICCPR) හිමි විය යුතු අභියාවනා අවස්ථාව ලබා ගන්නේ කෙසේද?
වැඩි විස්තර සඳහා සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන – දුරකථන 0712063394