ගල් අඟුරු ප්‍රමිති වාර්තා ඉදිරිපත් කර ඇති ‘Lakvijaya Power Station (LVPS) සහ ‘Lakvijaya Power Plant  (LVPP) ආයතන ගැන තොරතුරු පනත යටතේ සිදු කරන ලද ඉල්ලීම
Posted on March 6th, 2026

රජිත් කීර්ති තෙන්නකෝන්

Lakvijaya Power Station (LVPS) සහ ‘Lakvijaya Power Plant (LVPP)  යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇත.  එම ‍වාර්තාවන් හි වැරදි, අඩුපාඩු පවතින අතර සැක සංකා මතුව ඇත.  බාහිර පාර්ශව මෙම වාර්තා මත පදනම්න සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම සිදු කරමින් සිටී.

මේ වන විට ගල් අඟුරු පිළිබඳ ප්‍රතිමිය පිළිබඳ ප්‍රසිද්ධ සාකච්ඡාව සිදුවෙමින් ඇත්තේ Lakvijaya Power Station (LVPS) හෝ ‘Lakvijaya Power Plant  (LVPP) යන ලිපි ශිර්ෂ යටතේ නිකුත් කර ඇති ලේඛන මත පදනම්වය.  මෙයට අමතරව ලංකා ගල් අඟුරු සමාගම වෙත ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් සහිත ආයතන වෙතින් වාර්තා ලැබී ඇති නමුත් එම වාර්තා මේ දක්වා රජය මගින් හෝ වෙනත් පාර්ශව මගින් හෝ ප්‍රසිද්ධියට පත්වී නැත.

මෙම වාර්තාවන් හි අඩංගු කරුණු ‘වැරදි හා නිසි ප්‍රමිතියක් නොමැති නම්’ මේ පිළිබඳ විෂය මුලික එලදායී තක්සේරුවක් ලබා ගැනීමට නොහැකි වන්නේය.  ආණ්ඩු පාර්ශවය සිය වැරදි සහ අඩුපාඩු වසා ගැනීමට උත්සහ කරන බවක් පෙනෙන්නට ඇති අතර පසුගිය රජයන් ගේ අඩුපාඩු මතු කරමින් තර්ක කරයි.  විපක්ෂය ද හුදෙක් මෙම වාර්තා මත පදනම්ව, එය විධිමත් විමසීමකින් තොරව අදහස් දක්වන බවක් පෙනේ.

ගල් අඟුරු ආනයනය, මිලදී ගැනීමේ ක්‍රමවේදය සහ තත්වය පිළිබඳ ප්‍රශ්නය ජාතික වැදගත්කමක් සහිතය.  බලශක්ති අවශ්‍යතාව සපුරා ලීම රාජ්‍යයකට පැහැර හැර නොහැකි වගකීමකි.  ඒ සඳහා පදනම් වන වාර්තාවන් හි නිරවද්‍යතාවය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු විය යුතුව ඇත.

Lakvijaya Power Station LABORATORY TEST REPORT (LVPS) සහ   ‘Lakvijaya Power Plant LABORATORY TEST REPORT (LVPP) සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය.

1.      මෙම ආයතන ද්විත්වය එකම ආයතනයක් ද, එකිනෙකට වෙනස් ආයතන නමුත් අනන්‍යතාව හඳුණාගත නොහැකිය

2.      මෙම වාර්තා කිහිපයකම දින/කාලය/වකවානු හි නිවැරදි නොවේ

3.      මෙම පර්යේෂන ආයතන විධිමත් වාර්තා නිකුත් කිරීමට අවශ්‍ය ප්‍රමිති තත්වයන් සපුරා නැත

4.      ඒ සඳහා වන පුහුණුව හා සහතික සහිත කාර්ය මණ්ඩලයක් මේ ආයතන සතුව සිටී ද යන්න පැහැදිල නැත.  

5.      ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තා අවම වශයෙන් අයි.එස්.ඕ. ප්‍රමිතිය හෝ නොමැති බව නිරීක්ෂණය වේ.  

6.      තොරතුරු පනත යටතේ ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ගල් අඟුරු සමාගම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් මා විසින් පහත විමසීම් සිදු කරණු ලැබීය.

මෙම පිළිබඳ දත්ත මුලික එලදායී සංවාදයක් සිදු කිරීම සඳහාත්, අද වන විට රට මුහුණ දී ඇති බලශක්ති අර්බුදයට තිරසාර විසඳුමක් ලබා ගැනීමට නම්, මෙම වාර්තාවන් හි විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව මාගේ පුද්ගලික අදහසයි.  

රජිත් කීර්ති තෙන්නකෝන්

Rajith Keerthi Tennakoon

Former Governor of Uva, Southern and Central Provinces

Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research – CHR Sri Lanka

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress