ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කෝවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා නව්‍යකරණය විය යුතුය
Posted on September 7th, 2020

ෆියුචර් ටෙක් සිස්ටම්ස්   කණ්ඩායම

ෆියුචර් ටෙක් සිස්ටම්ස් තෙවන සංවත්සරය උත්කර්ෂයෙන් සමරයි

කෝවිඩ් 19 ගෝලීය වසංගතය හේතුකොටගෙන ඇතිවු නව වාතාවරණයට මුහුණදීමට ශ්‍රී ලාංකීය ව්‍යාපාර ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සහතික කරලීමට අමතරව, ව්‍යාපාර නව්‍යකරණය හා සේවා ස්ථාන සහමුලින්ම පරිවර්තනයක් සිදුකළ යුතු බව work.lk, jobpal.lk සහ rubik.lk නිර්මාතෘ අංජන රත්නායක මහතා පවසා සිටි.

කෝවිඩ් 19 ගෝලීය වසංගතය විධිමත් හා අවිධිමත් සේවකයින් බිලියන ගණනකට සෘජුව හා වක්‍රව  බලපෑම් එල්ල කර ඇත. පූර්ව අර්බුද මට්ටම්,  එනම් 2019 සිව්වන කාර්තුව හා සසඳන විට, කෝවිඩ් 19 ගෝලීය වසංගතය හේතුකොටගෙන ලෝකයේ රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 10.5කගේ රැකියා අහිමිවිමක් අපේක්ෂා කරන අතර, ඒ් අනුව මිලියන 305කගේ  පූර්ණ කාලීන රැකියා අහිමිවිමට ඉඩ කඩ ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් 14 ගුණයක් වන අතර  එය ලොව පුරා අගුලු දැමීමේ පියවරයන් දීර්ඝ කිරීමේ හා ඇඳීරි නීතිය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මුල් ප්‍රක්ෂේපනවලට වඩා ඛෙහෙවින් ඉහළ අගයක් ගනී. ශ්‍රී ලංකා රජයේ දුරදක්නාබව කරණ කොටගෙන ශ්‍රී ලංකාව මේ දක්වා ආරක්ෂිතව පැවතුනද, කොවිඩ් 19 විසින් බිහි කරන ලද ‘නව සාමාන්‍යය තත්ත්වයන්ට’ (New Normal) අප කැමති වුවත් නැතත්  හැඩගැසිය යුතුයි,” යැයි සිය තෙවන සංවත්සරය පසුගියදා සමරනු ලැබූ ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සමාගමක වසර 11කට වැඩි පළපුරුද්දක් ඇති ඉංජිනේරුවෙකු වන අංජන රත්නායක මහතා සිය ව්‍යවසායකත්වය පිළිබඳ සහජ බුද්ධිය හා නවෝත්පාදනයන් කෙරෙහි ඇති දැඩි ඇල්ම අනුගමනය කරමින් සිය රැකියාවෙන් ඉවත් වී 2017 ජුනි මාසයේදී ඊ-ෆියුචර්ටෙක් සිස්ටම්ස් (පුද්ගලික) සමාගමට උපත ලබා දුන්නේය.

අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ රැකියා අපේක්ෂිතයන්ගේ අවශ්‍යතා සපුරාලීමයි. රැකියා සෙවීම සහ පුරප්පාඩු සඳහා අයදුම් කිරීම යන මූලික සේවාවන් නොමිලේ පිරිනැමීමට අමතරව, අයදුම්කරුවන්ට අපගේ වාරික සේවාවන් තෝරාගත හැකිය. එහිදී, ජොබ්පෑල් කණ්ඩායම රැකියා අපේක්ෂිත තැනැත්තා වෙනුවෙන් ක්‍රියාශීලී ලෙස රැකියා සඳහා ඉල්ලුම් කිරීම සිදු කෙරෙන අතර සාමාන්‍යයෙන් නව පුරප්පාඩු 1,000 කට වැඩි ප්‍රමාණයක් මාසිකව  ජොබ්පෑල්හි පළ කරනු ලැබේ,” යනුවෙන් රත්නායක මහතා සඳහන් කළේය.

2018 දී ඊ-ෆියුචර්ටෙක් සිස්ටම්ස් විසින් work.lk දියත් කරන ලද අතර එය මෘදුකාංග හෝ වෙබ් නිර්මාණය   වැනි තාක්ෂණික සේවාවන්හි සිට ලිවීම, සෝදුපත් කියවීම, පරිවර්තන, දත්ත ඇතුළත් කිරීම වැනි ලියකියවිලි ආශ්‍රිත කාර්යයන් දක්වා පුළුල් පරාසයක සේවාවන් සඳහා මෙන්ම  ගෙවතු වගාව, ජලනල කාර්මික, පින්තාරු කිරීම, පෙදරේරු, විදුලි යනාදී එදිනෙදා ගෘහ කටයුතු සඳහා ද විවෘත වෙළඳපොලකි. දැනට මෙහි ලියාපදිංචි සේවා සපයන්නන් 70,000 කට අධික සංඛ්‍යාවක් සිටී.

නව්‍යත්වය හා නිර්මාණශීලිත්වය work.lk සහ jobpal.lk, SLT Zero One සම්මානය සහ  ඊ-ස්වභිමානි සම්මානය වැනි සම්මාන ගණනාවක් දිනා ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ අන්තර්ජාල හරහා බඳවා ගැනීම් සහා වෙබ් බොහොමයක් බිහි වී ඇතත්, සෙස්සන් අභිබවා අපගේ අපි රැකියා සොයන්නන්ගේ සහ සේවා සපයන්නන්ගේ අවශ්‍යතා සපුරාලීමට සමත්ව ඇති මූලික හේතුව ලෙස අපගේ නව්‍යත්වය  හා නිර්මාණශීලිත්වය පෙන්වාදිය හැකි,” යැයි ඔහු පැවසුවේ ය.

මේ වන විට, පුරප්පාඩු සහ රැකියා අවස්ථා නොමිලේ පළකළ කළ හැකි අතර, රැකියා අපේක්ෂිතයන්ට සහ සේවා අපේක්ෂිතයන්ට වඩා හොඳ සේවාවක් ලබා දීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් පවතින සියලුම පුරප්පාඩු සහ සේවාවන් ලබා ගැනීම සඳහා ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් විසින් සේවා යෝජකයන් හා සේවා සපයන්නන් සමග නිරන්තර යෙන් සම්බන්ධතා පවත්වනු ලැබේ.

2019 නොවැම්බරයේදී ගුරුවරුන්ට සහ කථිකාචාර්‍යවරුන්ට මංගත (Online) දේශන පැවැත්වීමට සහාය වීම සඳහා ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් විසින් ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ මාධ්‍යවලින් පාඩම්මාලා අන්තර්ගතයන් ලබා ගත හැකි පළමු ශ්‍රී ලාංකික ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය  වන  rubik.lk දියත් කරන ලදී. අන්තර්ජාලය හරහා මෙන්ම මංගත නොවන ගෙවීම් විකල්පයන් සහිතව, මංගත පන්ති පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙමගින් සපයනු ලබන අතර  සාම්ප්‍රදායික පන්තිවලට ප්‍රවේශ වීම සීමා කළ කොවිඩ් 19 වසංගතය තුළ මෙම මෙවලම භාවිතයේ  සුවිශාල වර්ධනයක් දක්නට ලැබුණි.

ඊට අමතරව, 2020 වර්ෂයේදී ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් විසින් තමන්ගේම ඊ-වාණිජ අවකාශයක් වන 999.lk හඳුන්වා දෙන ලද අතර, එමගින් ඉලෙක්ට්‍රොනික් උපකරණ, විලාසිතා සහ පළඳනාවන්, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන, නිවාස හා ගෙවතු උපකරණ සහ දුරකථන උපාංග, අන්තර්ජාලය හරහා පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව පවතී.

ඊ-ෆියුචර් ටෙක් ආයතනය ඉලෙක්ට්‍රොනික් හා ඉංජිනේරු අංශයට පිවිසෙමින්  2018 දෙසැම්බර් මාසයේදී ඩිවෝර් ඔටෝමේෂන්ස් (පුද්ගලික) සමාගම ඊ-ෆියුචර් ටෙක්හි අනුබද්ධිත ආයතනයක් ලෙස එහි  ප්‍රධාන විධායක නිලධාරි සිතිර අරියප්පෙරුම මහතාගේ නායකත්වයෙන් දියත් කරන ලදී. ඩිවෝර් ඔටෝමේෂන්ස් (පුද්ගලික) සමාගම වනාහි ස්වයංකරණය විසඳුම්, ක්‍රියාවලි කළමනාකරණය, ඉලෙක්ට්‍රොනික හා ස්වයංක්‍රීය පද්ධති උපදේශනය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යකට හිමිකම් කියයි.

2020 දී සිය තෙවන සංවත්සරය සනිටුහන් කරමින් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළ දෘශ්‍ය අන්තර්ගතයන් පරිභෝජනය කරන ආකාරය නවමු මානයකට යොමු කිරීම සඳහා වැඩිදුර දැක්මක් සහිතව ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් විසින් තමන්ගේම දෘශ්‍ය අන්තර්ගත නිෂ්පාදනායතනයක් දියත් කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress