ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 වැනි සභාපතිවරයා එම ධූරයට පිහිටුවීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
Posted on January 4th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 වැනි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා එම ධූරයේ පිහිටුවීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.01.03 සවස පැවැත්විණි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නෙළුම් ශාලාවේ පැවැති මෙම උත්සව අවස්ථාව ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සමඟිනි.

දකුණු ආසියාවේ අඩුම මාතෘ හා ළදරු මරණ අනුපාතයට හිමිකම් කියන රට ශ්‍රී ලංකාවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒ සඳහා විශිෂ්ට දායකත්වයක් දක්වයි.

35 වැනි විධායක සභාපතිවරයා පත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සියලුම සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුශාසක මහාචාර්ය ඉන්ද්‍රජිත් අමරසිංහ,  හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී රත්නසිරි, ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට  ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress