භික්ෂුව අපහරණය කළ කතුන් අල්ලයි
Posted on April 27th, 2023

උපුටා ගැන්ම  අරුණ පුවත්

නිකවැරටිය කොටවෙහෙර පොලිස් වසමට අයත් ඉහළ වීරදඩාන මෙත්සඳ විහාරස්ථානයේ වැඩ වාසය කළ 22 හැවිරිදි පූජ්‍ය කොස්ගොඩ සුදින්න නම් හිමිනමට ලිංගික අතවර කළ කාන්තාවන් අතුරින් කීපදෙ‌නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විහාරස්ථානයේ විහාරාධිපති කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අස්ගිරි පාර්ශ්වයේ ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමියන් මීට සුළු මොහොතකට පෙර අරුණට දැනුම් දුන්නේය. 

පෙරේදා එනම් අප්‍රේල් 25 වෙනිදා උදෑසන10.30 පමණ විහාරස්ථානයට ඇතුළු වූ කාන්තාවන් 7 දෙනෙකු හිමි නමට අතවර කිරීමෙන් පසු උන්වහන්සේ පුත්තලම මහ රෝහලට ඇතුළත් කර තිබුණි. 

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවීම අඩ පනව තිබුණු පසුබිමක අරුණ මේ සම්බන්ධයෙන් රටටම හෙළි කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress