රට වනසන අලුත්ම කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්
Posted on May 30th, 2023

උපුටාගැණීම අද දෙරණ

මුදලට යටවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හරහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට තුළ නැවතත් ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

“ආගමික අන්තවාදය පැතිරවීම පිළිබඳව පහුගිය කාලයේ ක්‍රිකට් මණ්ඩලය සම්බන්ධව කරපු වාර්තාවලිනුත් අපිට කරුණු තහවුරු වෙලා තියෙනවා. තවත් සමහර අය තමන්ගේ ඒ ආගමික මතවාද වෙනුවෙන් අනිකුත් ආගම්වලට අගෞරව කරමින් ඒවා විනාශ කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් විදේශීය බලපෑම් විදේශීය වියදම් කිරීම් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න මුදලට යටවෙච්ච ශ්‍රී ලාංකිකයෝ කණ්ඩායමක් සිටින බවත් අපි දන්නවා.”

මාධ්‍යවේදියා – දැන් මේ සිද්ධි ජාලයම එක දිගට එන්නේ. යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් බලයට ගේන්න ප්‍රයත්නයක් දරනවා කියලා සමාජයේ මතයක් තියෙනවා?

“ඒක ගැන මට නිශ්චිතව උත්තරයක් දෙන්න බෑ. නමුත් දැනගන්න තියෙන විදියට මේ සංවිධානාත්මකව කලක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් ආපු දෙයක් බවට තොරතුරු තියෙනවා. එතකොට ඒ ඒ කණ්ඩායම්වලට දැනට යම් යම් තොරතුරු තියෙනවා විදේශ සංවිධානවලින් විශාල වශයෙන් මුදල් ලැබිලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. අපේ සමහර  භික්ෂුන් වහන්සේලාටත් මුදල් ගෙවලා බුදු දහම අපකීර්තියට පත්කරන්න කටයුතු කරන්න වියදම් කරලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා.”

“මේ රට විනාශ කිරීමට පහසුම ක්‍රමය තමයි බෞද්ධ ආගමට අපහාස කරලා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය නැතිකරලා මේ රට අස්ථාවර කිරීම, ඒ සංස්කෘතික විනාශය සිදුකිරීම. ඒ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් තමයි ඔය ඊයේ පෙරේදා විවිධ අදහස් පළ කරමින් රටතුළ නැවතත් ගැටුම් ඇති කරන්න උත්සාහ කරන්නේ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress