අධ්‍යාත්මික වටිනාකම්වලින් සමාජය තවතවත් පෝෂණය කරමු.
Posted on June 28th, 2023

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව ඒකරාශීව සිය ආගමික පිළිවෙත් ඉටු කරමින් හජ් උත්සවය සමරයි.

ඉමහත් හරසරින් සැමරෙන ආගමික පිළිවෙතක් වූ හජ් උත්සවයේ ප්‍රමුඛ  පරමාර්ථය වන්නේ සමානාත්මතාවයෙන් හා  සහජීවනයෙන් දිවි ගෙවීමයි.

එකී අධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකීය සමාජය තව තවත් පෝෂණය කොට පටු භේද අතැර සියලු දෙනාම මිත්‍රත්වයෙන් හා සහෝදරත්වයෙන් ජීවත්වීමට මේ හජ් උත්සවයේදී අධිෂ්ඨාන  කරගනිමු.

දිනේෂ් ගුණවර්ධන

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 ජුනි මස 28

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress