‘අපේ ලිංගික දර්ශන පෙන්නා මාව බැක්මේල් කලා.. අල්ලස් කොමිසමටත් අල්ලස් දුන්නා..- ජනක රත්නායකගේ පුද්ගලික සහායිකා මාධ්‍ය හමුවේ
Posted on March 19th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් වෙත අල්ලස් ලබා දුන් බවට චෝදනා චෝදනාවක් එල්ල වෙයි.

ජනක රත්නායක මහතාගේ හිටපු පුද්ගලික සහකාරවරිය යයි කියන ගයාත‍්‍රි බිම්බා නැමැත්තිය විසින් අන්තර්ජාල නාලිකාවකදී මේ බව හෙලිකර ඇත.

සත්‍ය වසන් කරමින් අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලස කොමිසමේ නිලධාරීන් ට මෙසේ අල්ලස් ලබා දුන් බවට ඇය චෝදනා එල්ල කරයි.

තමන්ද ජනක රත්නායක මහතාගේ බලපෑම මත අල්ලස් කොමිසමට ව්‍යාජ සාක්ෂි ලබා දුන් බවත් ඒ සඳහා පැපැවැති බිය දුරු කිරීමට සාක්ෂි ලබාදීමට පෙර එහි නිලධාරියකු ජනක රත්නායක මහතාගේ කාර්යාලයට පැමිණ ඒ සඳහා පුහුණුවක් ලබා දුන් බවද ඇය විසින්ම එහිදී හෙළිකරයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගන්නා ලෙසයි.

‘අපේ ලිංගික දර්ශන පෙන්නලා තමන් බැක්මේල් කරන්න උත්සාහ කලා’ යයිද ඇය එහිදී බරපතළ චෝදනාවක් ලෙස කර ඇත.

https://youtu.be/gLAXPJBTPcs

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress