ලබන වසරේ ජනතාවට සහන දෙන හැටි ජනපති කියයි
Posted on November 11th, 2024
උපුටා ගැන්ම හිරු පුවත්
ලබන වසරේ අයවැයෙන් ආහාර පාන කිහිපයක වැට් සහ උපයන විට බද්ද සාධාරණ ප්‍රමාණයකින් අඩු කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ගම්පහදී පැවැත්වූ ප්‍රචාරක රැලියකට එක්වෙමින්.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ අවසන් ජන රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
දෙසැම්බර් මාසයේ මාස 04ක කාලයකට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවත්, පෙබරවාරි අගවනවිට අලුත් අයවැයක් සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එම අයවැය ලේඛණයෙන් රටේ ආර්ථිකය නව දිශාවකට ගෙනයන බවද ඔහු පවසා සිටියා.
එමෙන්ම, ජනතාවට අවශ්‍ය සහන ලබාදීමටත් එමගින් කටයුතු කරන බවත්, ආහාර පාන කිහිපයක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.