මාගේ කාර්යාලය ගිණි තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්… මට ලැබුණේ විනාශ වු බඩුවල වටිනාකමෙන් අඩක පමණයි – චන්න ජයසුමන කියයි
Posted on February 6th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

පසුගිය අරගල සමයේදී විනාශ ‌කෙරූ නිවාස සදහා වන්දි ලබාදී ඇති අයුරු සහ එම වන්දි ගනු ලැබූ අය අද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හෙළිකරව් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ තමන්ගේ කාර්යාලය ගිණි තබනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකතයෙකු බවත් ඔහුට එරෙහිව නඩුවක් ඇති බවත්, තමාට ලැබුණේ විනාශ වූ බඩු භාණ්ඩ වලින් අඩක පමණ වන්දියක් බවත්‍‍ය.

එම සටහන පහතින් 

”මගේ නමත් මේකේ තියෙනවා. ඒ සල්ලි මට ලැබුණා. ලැබුණේ මගේ කාර්යාලයේ තිබුන ලී බඩු, ප්ලාස්ටික් පුටු, විදුලි උපකරණ සදහා. කාර්යාලය ගිනි තැබීමට මූලික වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ‍ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. මම දන්න විදිහට ඔහු දැන් ඉන්නේ ඇප මත: ඔහු කවුද කියලා අනුර කුමාරට දිසානායක මැතිතුමාටත් මම කියලා තියෙනවා..ඔහුට විරුද්ධව නඩුවක් තියෙනවා.

 2022 අගෝස්තු මාසයෙන් පස්සේ මම සිටියෙ විපක්ෂයේ..ඒ කාලෙ කිසිම විදිහකට බලය අවභාවිතා කිරීමක් කරේ නෑ. අවභාවිතා කරන්න බලයක් තිබුනෙත් නෑ. වන්දිය කඩිමුඩියෙ ලැබුනෙත් නැහැ..2022 ගිනි තියලා අවුරුදු දෙකකටත් පස්සේ තමයි වන්දිය ලැබුණේ..රජයෙ තක්සේරුකරුවෝ ඇවිල්ලා විස්තර හොයලා බලලා ඒ භාණ්ඩවලට  සාක්ෂි ලබාගෙන දීර්ඝ ක්‍රියාදාමයකින් පස්සේ තමයි වන්දි ලබා දුන්නේ..වැඩියෙන් දෙන්න කියල මමනම් කාටවත් කිව්වෙ නෑ. ඇත්තටම මට නං ලැබුණේ විනාශ වුනු බඩුවල වටිනාකමෙන් අඩක පමණ ප්‍රමාණයක්..”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress