මහනුවර නගරයේ දෙශපාලන සහ කච්චපුට රැඟුම්
Posted on August 21st, 2025
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර
පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව බලධාරීන් විසින් සිදුකරන මෙවැනි ආගම්ද්‍රෝහි, දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී ඕනෑම අසමජ්ජාති ජරා වැඩකට වුවද, ජීවත්වීම සඳහා රජයෙන් වැටුප් ලබන රාජ්‍ය නිළධාරින්ටද, මෙවැනි වැඩ තම හිතට විරුද්ද වුවද, උපේක්ෂාවෙන් ඒ දෙස අසරණව බලා සිටිම හැර වෙන කිසිවක්ද කළ නොහැක.
මේ විකාරයන්ට නගරයේ බහුතරය විරුද්ධ වුවද දේශපාලන මැර බලය ඉදිරියේ අද ඔවුන්ද තටු කැපූ කුරුල්ලන් මෙන් අසරනව ඇත. ඔවුන් සියළු දෙනාම දේශපාලන මැරකම් ඉදිරියේ අසරණ ඇත.
යථාර්ථ එය බැවින්, මෙවැනි ව්‍යශනයන්ගෙන් රට,ජාතිය.සාශනය මෙන්ම සිවුරද, එසේම මේ රටේ 2566 ක ඒ ශ්‍රේෂ්ඨ ශිස්ඨාචාරයද බේරා ගැනීමේ පූර්ණ වගකීම පැවරී ඇත්තේ තුන්සින්හලය පුරා ගමක් ගමක් හා වනගත අසපුවක් අසපුවක් ගානේ වැඩසිටින වසර 2566 ක ඉතිහාශය පුරා මේ රට හා ජාතිය රැකගත් රජුන්ට උපදස්දෙමින්, පාලකයින් යහ මඟට ගත් එසේම ඇතැම් අවස්ථාවලදී ථෙර පුත්ථාභය මහතෙරුන් මෙන් තාවකාලිකව උපැවිදිවද රට දැය සමය ආරක්ෂාකොට ගැනීම සඳහා දිවි දෙවැනිකොට යුධ පෙරමුණට පවා වඩිමින්, මේ සින්හල රටේ හා ජාතියේ මුර දේවතාවන් වශයෙන් විරුදාවලත්, ලක්දෙරණ සහ සින්හල ජාතිය මෙන්ම සම්බුද්ධ සාශනය ද රැකගත් ඒ ශ්‍රේෂ්ඨ සඟ පරපුරකින් පැවත එන මල්වතු අස්ගිරි උභය නිකායික මහානායක හිමිවරුන්ද සහ රාමඥ අමරපුර නිකායන්හි මහානායක හිමිවරුන් ඇතුළු 42,000 කට අධික බුද්ධ පුත්‍රයින් වහන්සේලාට මිස වෙනත් කිසිවෙකුට මේ දේශපාලකයින් සහ කච්චපුටයින් සිදු කරන මෙවැනි ජාතික අපරාධ නතරකළ නොහැක.
එබැවින් මේ තීරනාත්මක අවස්ථාවේදී සින්හල බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රි දළදා හිමියන් වැඩසිටින ලොව පුරා සිටින සින්හල බෞද්ධයිගේ පමණක් නොව සමස්ත ලෝකවාසි බෞද්ධයින්ගේම ඉමහත් ගෞරවාදරයට හා වන්දනාවට භාජන වී ඇති වර්තමාන ලෝක බෞද්ධයින්ගේ අති පුජනීය වූද වන්දනීය වූද ආගමික හා සන්ස්කෘතික මුදුන්මල්කඩවූ ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ සිදුකරණ මේ ජාතික,ආගමික හා සන්ස්කෘතික අපරාධය වහාම නතරකරන මෙන් මෙහි දේශපාලන සහ කච්චපුට සන්විධායකයින්ට නියෝගකරණමෙන්ද තවදුරටත් මේ උතුම් නගරය සල්ලාල මානසික රෝගීන්ගෙන් බේරා ගන්නා මෙන්ද සමස්ථ ශ්‍රී ළන්කා වාසී බෞද්ධ ජනතාව මෙන්ම සමස්ත ලෝකවාසි බෞද්ධයින් වෙනුවෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
.එසේ කිරීමෙන් පසුව වුවද සන්විධායක මස් වැද්දන් මෙය නතර නොකළහොත් ශ්‍රී ලන්කාවාසී මහාසන්ඝ රත්නය දහස්ගණනින් වැඩමකොට මේ කෝලම වහාම නතර කොට එහි ප්‍රධාන සන්විධායකයින්ට වහාම සිය රාජ්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වන මෙන් බලකරන මෙන්ද මම ලිල්ලා සිටිමි
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර