කන්ටේනර පන්නන්න ඇමති දුන් ඇමතුමක් සමාජ ජාලා හොල්ලයි..
Posted on November 25th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

නීති විරෝධී ලෙස වරායේ තිබූ භාණ්ඩ තොගයක් නිදහස් කිරීමකට අමාත්‍යවරයකු මැදිහත්  වෙමින් දුරකථන ඇමතුම් ලබාදෙන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත.

හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් මෙම හඬ පටය තම සමාජ ජාල නාලිකාවේද විකාශය කර තිබේ.

බලපත‍්‍ර නැතිව ගෙන්වන ලද මෙම භාණ්ඩ රේගු ගාස්තු පවා නොගෙවා මුදා හැරීමට අදාල හඬ පටයෙන් දැනුම් දෙන ආකාරය ඇසිය හැකිය.

එම හඬ පටය අමාත්‍යවරයකුගේ නම් ඔහු ඉවත් කරන්නට ජනාධිපතිවරයා එකඟ විය යුතු බවද හෙතෙම තවදුරටත් සිය නාලිකාවේ  කියා  සිටී.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress