මහ නාහිමි විසින් ජනාධිපතිගේ අතේ බැන්ද පිරිත් නූල ගලවා විසි කරලා..
Posted on December 22nd, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මහ නාහිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතාගේ අතේ බැන්ද පිරිත් නූල ගලවා විසි කර ඇති බව මහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.

ආණ්ඩුවට පක්ෂ නොවන භික්ෂූන් වහන්සේලාට චීවරධාරීන් යැයි බැණ වදිමින් නොසෑහෙන්න නින්දා අපහාස කරමින් ඇතැයි ද එහිමියන් පෙන්වා දෙයි.

වර්තමාන පාලකයන් බොරු වැපිරීම නිසා රටට වස් වැදී හෙණ වැදී රටම විසාලා මහනුවරක් වී ඇතැයිද රටේ ඇත්තේ භික්ෂු නිකායන් තුනක් පමණක් බවත් රාජපක්ෂ නිකාය යැයි භික්ෂූන්ට පරිභව කරමින් බුදු දහමට නින්දා කරමින් ඇතැයි ද ධම්මරතන හිමි ප්‍රකාශ කරයි.

යුද්ධය අවසන් කොට රටේ අධිවේගී මාර්ග පද්ධතිය ගොඩනැඟූ මහින්ද රාජපක්ෂ 2014 පරාජය කොට වසර 10ක් ගතවුව ද තවමත් කඩවත සිට මීරිගමට අධිවේගී මාර්ගය තනා ගැනීමට නොහැකි වී ඇති බව ද එහිමියන් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මිහින්තලා රාජමහා විහාරයට පැමිණි අවස්ථාවේ ධම්මරතන හිමි මේ බව කීය.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress