අනුර කුමාර! බෞද්ධයෝ ශ්‍රී මහා බෝධිය පහුකරන් සිල්ගන්න යන්නේ වෛරයක් නිසා නෙමෙයි උතුරු නැගැනහිරත් බුදු වහන්සේ ගේ පහස ලැබූ වෙහෙර විහාර, රහහත් වහන්සේලා වැඩසිටි ස්ථාන තියෙන නිසා.
Posted on January 17th, 2026
උපුටාගැණීම මුහුනුපොත
බෞද්ධයෝ ශ්‍රී මහා බෝධිය පහුකරන් සිල්ගන්න යන්නේ වෛරයක් නිසා නෙමෙයි උතුරු නැගැනහිරත් බුදු වහන්සේ ගේ පහස ලැබූ වෙහෙර විහාර, රහහත් වහන්සේලා වැඩසිටි ස්ථාන තියෙන නිසා. පල්ලෙහා තියෙන්නේ ඒ වගේ වෙහෙර විහාර කීපයක්.
මඩුකන්ද විහාරය – වවුනියාව
( දළදා වහන්සේ තැන්පත් කර තිබූ විහාරයකි. )
කුරුන්දි මහා විහාරය – මුලතිවු
( බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ දී උන්වහන්සේ මෙම ස්ථානයට වැඩම කළ බවට ද ජනප්‍රවාදයේ සඳහන්ය.)
ගිරිහඬු සෑය – ත්‍රිකුණාමලය
(බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර තැනු ලොව ප්‍රථම චෛත්‍යයි.)
වෙල්ගම් වෙහෙර – ත්‍රිකුණාමලය
( දේවානම් පියතිස්ස රජු විසින් දෙතිස්ඵල බෝධි අංකුරයක් රෝපණය කරමින් වෙල්ගම් වෙහෙර කරවූ බව වංශ කතාවන්හි සඳහන් වේ.)
මංගල මහා සෑය (තිස්ස මහා විහාරය) – සේරුවිල
(බුදුන් වහන්සේ ගේ ලලාට ධාතුන් වහන්සේ හා කේශ ධාතු තැන්පත් කර කාවන්තිස්ස මහ රජු විසින් ඉදිකරන ලද්දකි.)
දීඝවාපිය – අම්පාර
( මහාවංශයට අනූව දීඝවාපිය වෙත බුදුන් වහන්සේ වැඩි බවත් උන්වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයේ පසුකාලීනව චෛත්‍යක් ඉදිවූ බවත් සදහන් වේ.)
නාගදීපය – යාපනය
( බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ හි බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය මෙහි විශේෂ සිදුවීමකි.)
කඳුරුගොඩ විහාරය – යාපනය
( දේවානම් පිය තිස්ස රජතුමා විසින් ඉදිකළ රහතන් වහන්සේලා හැට නමක් වැඩ සිටි ස්ථානයකි. )
බෞද්ධයෝ ඇලජික් තඹුත්තේගම කල්ලතෝනි පාදඩයට ඇන්දිච්ච බෞද්ධයෝ තාමත් ඉන්නවා නං බත් කන්න එපා !
==================