“රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා” – අස්ගිරි මහ නාහිමි
Posted on January 18th, 2026
Courtesy Hiru News
රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන් පෙන්වා දෙනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, බදුල්ල මුතියංගණය රජමහා විහාරයේ පැවැති ආගමික වැඩසටහනකට වැඩම කළ අවස්ථාවේදීයි.
මෙම අවස්ථාවට අනුශාසනා කළ උන්වහන්සේ වර්තමානයේ බුදුදහමට සහ සිංහල සංස්කෘතියට එල්ල වී ඇති අභියෝග පිළිබඳව සිය අවධානය යොමු කරනු ලැබුවා.
එමෙන්ම, අතීතයේ සිට විවිධ ජාතීන් සහ ආගමිකයන් සහෝදරත්වයෙන් ජීවත් වූ රටක් වුවද, ඇතැම් පිරිස් බුදුදහමට සහ අපේ සංස්කෘතියට විනාශකාරී බලපෑම් එල්ල කිරීමට උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළා.
බුදුදහම, ජාතිය සහ ශිෂ්ටාචාරය විනාශ කිරීමේ අරමුණින් ඇතැම් කටයුතු සිදුවන බව පෙනෙන්නට තිබෙන බවත් ඒ පිළිබඳව මහජනතාව අවදියෙන් සිටිය යුතු බවත්, රටේ සංස්කෘතිය සහ බුදුදහම ආරක්ෂා කර ගැනීම භික්ෂූන් වහන්සේලාට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බවත්, ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.