ගම්පෙරළිය ලියපු මෝඩයාට හෙළයේ මහා ගත්කරු කියන්නේ ඇයි..- ටියුෂන් ගුරෙක් සිසුනට උගන්වයි..
Posted on January 20th, 2026

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

හෙලයේ මහා ගත්කරැ මාර්ටින් වික්‍රමසිංහයන් හට නිගරු වන අන්දමින් අමතර පන්ති මෙහෙයවන ගුරුවරයෙකු කළ ප්‍රකාශයක් ඇතුළත් දර්ශන පෙළක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ. 

එහිදී එම ගුරුවරයා විසින් වික්‍රමසිංහයන් “මෝඩයෙකු” ලෙස හඳුන්වමින් තම ශිෂ්‍ය ප්‍රජාවට කරුණු ඉදිරිපත් කරනු දක්නට ලැබේ.

භාෂා ශාස්ත්‍රයට පමණක් සීමා නොවී විද්‍යාත්මක පර්යේෂණ, මානව විද්‍යාව සහ පරිණාමවාදී සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු බුද්ධිමය මෙහෙවරක නිරත වූ මෙම අසහාය විද්වතා සම්බන්ධයෙන් කළ අදූරදර්ශී ප්‍රකාශය පිළිබඳව විද්වත් සමාජය සිය දැඩි පිළිකුල සහ මවිතය පළ කර සිටිති. 

“අර ගම්පෙරළිය ලියපු මෝඩයා,මොකාද උගේ නම ,මාර්ටින් වික්‍රමසිංහ.දැන් උඹලා ආසයිද ගම්පෙරලිය කියවන්න.එහෙනම් ඇයි ඌට හෙළයේ මහා ගත්කරු කියන්නේ.මොකක්ද හේතුව, මට තේරෙන්නේ නෑ.

තේරුම් ගනිල්ලා තොපි කොච්චර ගෙංද කියලා.අච්චු පොතේ හරි නැත්නම් ඉස්කෝලේ උගන්නපු ගුරා හරි කියනවා කවුද හෙළයේ මහා ගත්කරු වික්‍රමසිංහ කියලා.

දැන් ලියනවා මේක විභාගයට.උඹලට ෆීල් වෙන්නෙ නෑ.ඌ මහ ගත්කරුද? මොන ගත්කරුද කියලා.

උගේ පොතක් කියවන්න හිතෙන්නෙ නෑ.හිතෙනවද?මට නං හිතෙන්නෙ නෑ.

ඊලඟට තොපිට සිංහල සාහිත්‍යයට මොනවද රෙද්දවල් ටිකක් ඉගැන්නුවානේ.මොකටද ඒවා. අදටත් මම කල්පනා කරනවා මොකටද ඒවා කියලා”

ගුරැවරයා සැළලිහිණි සංදේශයේ කවියකට අසභ්‍ය වචන යොදා සිසුන් ඉදිරියේ කවියක් කියා පෙන්වයි.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress