ඥානසාරහිමි (බොදුබලසේනාව) හාවින්ස්ටන්චර්චිල් (බ්‍රිතාන්‍ය අගමැති)-(Sir Winston Churchill (1874-1965) and Ven. Galagoda-aththe Gnanasara (BBS) [2013-26])
Posted on June 27th, 2026

C. Wijeyawickrema

මහමොළකරු කතාවේ නිර්මාතෘ දප්පුල ලිවේරාද/හරීන් ප්‍රනාන්දුද?

 බොල්ෂෙවික් පාරේ යන්නට වලිකන, මරු විකල්ලෙන් වහසි බස් දොඩවන ආණ්ඩුවක්, කාදිනල්තුමා නමැති ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි වයසක පංචස්කන්ධයක්ද දවටා ගෙන, සැලේ නමැති කොටි වලිගයක් බදාගෙන,  කරගෙන යන උන්මත්තක ක්‍රියාව දෙස බලා සිටින මට, අගමැති චර්චිල් මතක් වුනේ ඔහු හා ඥානසාර හිමියන් අතර තිබෙන ඓතිහාසික  සමානකම් හා අසමානකම් පෙනී ගිය නිසාය.  AKD ලාගේ මේ ජරමරය ගලේ කැත කරගත් බළලා, මොකක්ද වැටෙනතුරු එළුවා පස්සෙන් යන නරියා, යන කතා මතක් කරලන්නේය.

මේ අස්සේ, අලි මදිවාට හරක් මෙන්, JVP/NPP මඩ බලකාය, මීට පෙර කවදාවත් සිදු නොවූ අන්දමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ,නමැති මුව හමට තලමින් සිටීම ජුගුප්සා ජනකය. එය කෙතරම්  අශීලාචාර හා ත්‍රාසජනකද යත් හාමුදුරුවන් නොබෝදා ප්‍රථම වරට CID එකට පැමිණිල්ලක්ද කලේය. දප්පුල ලිවේරා විසින් කාදින,ල්තුමාට දුන් දිරච්ච ලණුවට අනුව සොයමින් ඉන්නා මහමොළකරු ඥානසාර හිමියන් යයි සුදත්ත තිලකසිරි,  පැරිසියට පලාගිය භරත, කොළඹ NGO සිංහල කොටියෙකු වන තරිඳු උඩුවරගෙදර  වැනි  AKD ආණ්ඩුවේ දඩබල්ලන්  විසින් කීමට  වුවත් ඉඩක් ඇත.

ලෝකයේ පණිවුඩකරුවන් දෙන්නෙක්

1900 වර්ෂයේ සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි චර්චිල්, නොයෙක් යුද/නාවික හමුදා තනතුරුද දරමින් යුරෝපයේ මතුවෙමින් ආ නාසිවාදය/ස්ටාලින්වාදය පිළිඹඳව පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස  කල අනතුරු ඇඟවීම් බීරි අලියාට වීනා ගායනයක් විය. අන්තිමේදී අගමැති චැම්බලීන් ප්‍රමුඛ එරට දේශපාලකයින්ට සිදුවූයේ ඒ වන විට වයස්ගත වෙමින් සිටි චර්චිල්ගේ සරණ පැතීමය. මෙසේ 1940-45 කාලයේ යුද කැබිනට් අගමැති වරයා ලෙස චර්චිල් සිය රට හිට්ලර්ගෙන් මුදවා ගත්තා පමණක් නොව බටහිර යුරෝපා රටවල්ද ගලවා ගන්නට ඇමෙරිකන් හමුදාවට මඟ පෑදුවේය. යුද ජයග්‍රහණයෙන් පසුව පැවැත්වූ මැතිවරණයෙන් චර්චිල් පැරදුණත්, 1951-55 කාලයේදී  ඔහු නැවත අගමැති විය.

එවැනිම පණිවුඩකරුවෙකුවූ,  ලංකාවේ ඥානසාර හිමියන්ට රටේ පක්ෂ දේශපාලක කළු සුද්දන් විසින් සංවිධානාත්මක ලෙස කලේ  උන්වහන්සේව අවමානයට ලක් කිරීම, ජාති භේද ඇතිකරන්නෙක් ලෙස දෙස්-විදෙස්  වල ප්‍රසිද්ධ කිරීම, විදේශ ගමන් තහනම් කිරීම, විශාල සමාජික පිරිසක් සිටි මුහුණු පොත තහනම් කිරීම (හරින් ප්‍රනාන්දු ගූගල් ඇමති විසින්), නොර්වේ රටේ ඒජන්ත කෙනෙක් යයි චරිත ඝාතනය යනාදිය ය.

මෙසේ සිවිල් නිදහස අහිමිකිරීමෙන් පසු <ඥානසාර දමණයේ> ඊළඟ උපක්‍රමය වූයේ  පරිහානියට යමින් තිබූ උසාවි ක්‍රමය අවභාවිතා කරමින් නීතිපති හරහා <බොරු නඩු> වැලක්ම දමා හිර ගෙදරට යැවීමය. මෙම බොරු නඩු හිරගෙදරින් අවසාන නොවුනත් , නීතීඥයින්ට  ගාස්තු ගෙවීමම දඬුවමක් විය. උදාහරණයක් වශයෙන් මෙම ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කතා කිරිමේ නඩුවකට පෙනී සිටීම සඳහා එක්තරා නීතීඥයෙක් ලක්ෂ 100 ක් ඉල්ලා සිටියේය. සමහර නඩු අවුරුදු 10 ක් පමණ පරණය. 2003 වසරේ පමණ සිට ඉස්ලාම් ශාරියා ඉකුවාන් අන්තවාදී අනතුර ගැන පාලකයින්ට හා කාදිනල්තුමාට පවා කල දැණුම්දීම් ගඟට ඉණි කැපීමක් විය.

පාස්කු දින (2019/4/21) ප්‍රහාරයෙන් පසුව  මුස්ලිම් නායකයින් පවා හාමුදුරුවන් හිරෙන් නිදහස් කරණ ලෙස ජනාධිපති සිරිසේන ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් තවත් පිරිසක් එම නිදහස් කිරීම අවලංගු කරණ ලෙස ගැසූ පෙත්සම මේ වනතෙක් විභාගයට ගෙන නැත. NGO-US Aid ඒජන්තලා වන පාකියසෝතිලා, ජෙහාන් පෙරේරා ලා විසින් පිළියෙල කල මෙම පෙත්සමේ පෙත්සමේ පලවෙනි අත්සන්කරු මෛත්‍රී වික්‍රමසිංහ  මැතිණියය. මෙය විත්තිකරුට මානසික අසහනයක්  දෙන හා රටින් පිට යාම වැලැක්වීමේ උපක්‍රමයකි.  පවතින පක්ෂ දේශපාලක කළු සුද්දන්ගේ සිස්ටම් එක හා විශේෂයෙන් උසාවි පද්ධතිය ඥානසාර හිමියන්ට සළකන ආකාරය කුමක් වුවත් (අපරාධකාරයෙක්?), රටේ කොතැනකට ගියත් උන්වහන්සේ වටා ජනයා එකරැස් වන්නේය. මට දැන ගැනීමට ලැබුණු අන්දමට, BBS දේශපාලන පක්ෂයක් වශයෙන් ලියා පදිංචි කිරීම හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය නම් මාක්ස්වාදියා  කපටි ලෙස ලිස්සා ඇරියේ මේ නිසාය.

බොදු බල සේනාවේ (ඥානසාර) භූමිකාව) 2012-2026

ඥානසාර හිමියන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය හා ඒකීය ලංකාවක් බේරා ගැනීමේ කාර්යය සඳහා කැපවූයේ තරුණ භික්ෂුවක් වශයෙන් 1990 දශකයේ මුල සිටය. ක්‍රිස්තියානි පල්ලි මඩු හරහා කරගෙන යන  අයුතු අන්‍යාගමීකරණය (unethical religious conversion) හා ඊළම් කොටි යුද්ධයේදී (Eelam war) සෙසු ජාතික (ජාතිවාදී නොව) බලවේග සමඟ ඥානසාර හිමියන් ක්‍රියාකලේ ඓතිහාසිකව මෙම දිවයින රැකගත් මුර දේවතා සංකල්පය (guardian angels) නමැති දම්වැලේ එක් තවමත් ඉතුරුවී ඇති පුරුකක් සේ  යමින්ය. සෝම  හාමුදුරුවන්ගේ (1948-2003) සැක කටයුතු අපවත් වීමත් සමඟ, චන්ද්‍රිකා-මංගල සමරවීර- රනිල්- G.L. පීරිස් වැනි (චපල පංචස්කන්ධ) දේශපාලකයින්ගේ ඊළම් හිතවාදී ක්‍රියා ඉදිරියේ තවත් මතුවී ආ තර්ජනයක් වූයේ  චම්පික රණවක විසින්  <අල්ජිහාද්, අල්කයිඩා: අතීතය, වර්තමානය සහ ඉස්ලාම් අන්තවාදය> යන තේමාව යටතේ ලියන ලද කෘති වල (2001, 2003, 2013) දැක්වුණ ඉස්ලාම් මූල ධර්මවාදී ලෝකල් හා විදේශීය බලවේගය.  එහෙත් පසු කලක ඔහු හෙමින් සැරේ මෙම වගකීමෙන් ලිස්සා ගොස් එක් එක් ආණ්ඩුවල ඇමතිකම් ලබාගෙන ඥානසාර හිමියන් ඇතුළු තරුණ පිරිස් අතරමංකර දැම්මේය!  මුනිවත රැක්කේය!

හරි හමන් නායකයෙක් නැති සිංහල බෞද්ධයා

නොයෙක් ආකාරයෙන් සිදු කල සිය ජාතික සේවයේදී ඥානසාර හිමියන්ට ප්‍රත්‍යක්ෂ වූ කරුණක්  වූයේ, අනිත් හැම ජන වර්ගයකටම නායකයෙක්/යින් සිටියත්, සිංහල බෞද්ධයින්ට හරිහමන් නායකයෙක් නැත යන්නය. මෙම නිගමණය (යථාර්ථය) නිසා 2012 මැයි මාසයේදී  ඥානසාර හිමියන් විසින් බොදු බල සංවිධානය පිහිටුවා ගත් අතර එතැන් සිට මේ දක්වා පක්ෂ දේශපාලකයිගේ ගොඳුරක් නොවී සිටින හා තම පුද්ගලික වාසිය තකා සිය ප්‍රතිපත්ති පාවා නොදුන් එකම  <දේශ-පාලන> පංචස්කන්ධය උන්වහන්සේ පමණය. දේශපාලනය හා බැඳුණ සෑම ප්‍රසිද්ධ මීටිමකදීම උන්වහන්සේ කැපී පෙනෙන්නේ ඒ නිසාය. ක්ලේශ භරිත සමහර හාමුදුරුවරු පවා මේ ගැන උන්වහන්සේ කෙරෙහි මෙත්තා-කරුණා-මුදිතා-උපේක්ෂාවක් නොදක්වන බව පෙනේ.

හිට්ලර්ගෙන් තම රට ගලවා ගැනීමේ ක්‍රියාවලියේදී <ජනප්‍රිය> නොවන තීරණ ගැනීමට චර්චිල්ට සිදුවිය. එසේ වුවත් දේශ පාලකයෙකු වශයෙන් චර්චිල්ට, ලංකාවේ අනාගාරික ධර්මපාල, CWW  කන්නන්ගර හෝ ගාමිණී ජයසූරිය වැනි අයට මුහුණ දීමට සිදුවු ගුණමකු කම් වලට මුහුණ දීමට සිදු නොවීය. මේ යුද වීරයා ඊළඟ මහ මැතිවරණයෙන් පරාජය වීම සමාන කල හැක්කේ යුද්ධය නිසා හෙම්බත්ව සිටි ඒ රටේ ජනයා චර්චිල් ගෙන් නොව තමන්ගෙන්ම පලි ගත්තා මෙන්ය. මෙය අරගල කුමණ්ත්‍රනයෙන් වාසිය ලබාගත් JVP කාරයින් 70 අවුරුදු ශාපයක් ගැන කියා ජනයා රවටා ගෝටාට දුන් චන්ද ටික හොරා ගත්තා  වැනිය. ලංකාව ආරක්ෂාකරණා යම් අදෘෂ්‍යමානා බලවේගයක් විසින් පාර්ලිමේන්තුව ගිනි තියන්නට ගිය ඔවුන්ට දඬුවමක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නමැති උරචක්කරමාලයක් ඔවුන්ගේ කරට පටවා  ඔවුන්ට දෙන දුක මේ වනවිට පැහැදිලිය.

විශ්ව විද්‍යාල ළමයින්ට සැපයූ  ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා පන්තිවලට යෑම වැලැක්වීමේ ඔවුන්ගේ ප්‍රතිපත්තියේ ආනිසංශයක් වශයෙන් ඔවුන් දැන් රටතුල හා රටින් පිට ඉන්ගිරිස් නොදන්නා හීනමානයෙන් විඳින දුකද තවත් බිග් ක්වෙච්චන් එකකි. බැරි ඉන්ගිරිස් වෙනුවට විජිත හේරත්ලා මහින්ද සමරසිංහලා චාමර සම්පත් ගෙන් වත් අව්‍යාජ පාඩමක් ඉගෙන ගත යුතුව තිබුණි. ෂන්මුගදාසන්ගෙන් මාකස්වාදය ඉගෙනගත් ජනාධිපති සිරිසේන වැන්නෙකුට නම් මෙහිදී අනුකම්පා කල හැකිය (පෝප් ඉදිරියේ කටුණායකදී කොලයක් බලාගෙන කරන්නට හැදූ කතාව). [මූලාශ්‍රය-ඉංගිරිස් පාරුව කරට ගැනීම (පිටු 154-182), ලංකාව කළු සුද්දන්ගේ පාලන සමය, දෙවන භාගය: 1948-2024)].

ඉස්ලාම් අන්තවාදය

D. S. සේනානායකගේ සිටම රටේ අගමැති/ජනාධිපතිවරු/වරියන් සිංහල බෞද්ධයින්ට කල කෙනෙහිලිකම්, හානි, අසාධාරණකම්, තක්සේරු කල යුත්තේ  පිළිවෙලින් ඔවුන් විසින්  මුස්ලිම් ජනයාට ලබා දුන් වරප්‍රසාද සමඟය. [මූලාශ්‍රය-<ලංකාවේ මුස්ලිම් වෙළෙන්දන් අරබි ශාරියා මිනීමරුවන් කිරීම> (පිටු 111-153), ලංකාව කළු සුද්දන්ගේ පාලන සමය, දෙවන භාගය: 1948-2024)]. මුස්ලිම් චන්ද බලාපොරොත්තුවෙන් හා දෙමළ පෙඩරල් පක්ෂයෙන් ඔවුන් වෙන් කරගත හැකියයි සිතා මෙම බොරු සිංහල බෞද්ධ නායකයින් කරගෙන ගිය කෛරාටික වැඩ වලට බලවත් අභියෝගයක් වූයේ බොදු බල සේනාවය. සෝම හාමුදුරුවන්ගේ සැකකටයුතු අභාවයෙන් (2003 December) පසු මතුවු  කඹ වැනි පිරිත් නූල් අතේ බැඳගත් දේශපාලකයින්ට බොදු බල සේනාවේ භුමිකාව බලවත් තර්ජනයක් විය. මීට පෙර සිදුවූ <ගේම්> එක වූයේ මහානායක හිමිවරු හා වජිරාරාමයේ හිමිවරු පාලකයාට සංදේශ යැවීමය. සෝම හමුදුරුවන් කලේ බණ මඬුවේ සිට පාලකයාට ආඩපලි දෙසීමය. එහෙත් බොදු බල සේනාවෙන් කලේ නිර්දය ලෙස පාලකයාට දොස් පැවරීමය. එය මිලිටන්ට් (ගාන්ධිගේ, ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං ගේ  වැනි), දැඩි විනයක් හා ජීවිත කැපවීමක් සහිත බෞද්ධ  අරගලයක් විය.

කඹයෙන් බැඳ කොටු කර තිබූ මුර දේවතා සංකල්පය

සෝම හාමුදුරුවන් හා බොදු බල සේනාව දුන්නේ එකම පණිවුඩය ක්‍රම දෙකකින් වුවත් ඥානසාර හිමියන්ට මුහුණ දීමට සිදුවූ ආකාරයේ මස් රාත්තල් සටනක් සෝම හිමිට එල්ලවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ උන්වහන්සේගේ අපවත්වීම ඝාතනයක් නොවන බව හා එතුමාට පෙම් පටලැවිල්ලක් තිබුණා යයි පෙන්වමින් මිය ගිය වික්ටර් අයිවන් විසින් NGO මුදලින්  <පන්සලේ විප්ලවය> යන නමින් පොතක් ලිවීමය (2006). බුද්ධාගම රැක ගැනීමට උපදේශ දීමට තරම් වික්ටර් නිර්භීත විය! (Revolt in the Temple: The Buddhist Revival up to Gangodawila Soma Thero, 1948-2003).

1880 ඕල්කොට් ආගමනයෙන් හා 1931/1948 න් පසුව පාලකයින් විසින් නොපෙනෙන කඹයකින් බැඳ කොටුකර තිබූ සමාජ සේවක භික්ෂුවගේ, සංදේශ ලිවීමේ පුරුද්ද වෙනුවට කඹය හා කොටුව යන භාධක දෙකම කඩා ගෙන  යාම 2012 දී බොදු බල සේනාවෙන් සිදුවිය. මේ නිසා සිංහල බෞද්ධ යයි කියා ගන්නා සෑම ඕ මයි ගෝඩ්  (බුදු අම්මෝ නොව) දේශපාලන කොල්ලන් කුරුට්ටන්ගේ  තර්ජනයට ඥානාසර හිමියන් ගොදුරු විය. චර්චිල් හෝ අන් හාමුදුරු කෙනෙකු මෙවැනි තර්ජනයකට  මුහුණ දුන්නේ නැත. සමහර ක්‍රියාශීලි හාමුදුරුවරුන් සැක කටයුතු ලෙස අපවත් වූ බවට නම් උදාහරණ එමටය (කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් JVP කාරයින් විසින් ඝාතනය කලේ (1988/89) කටට වෙඩි තබාය).

සංඝ රාජයාණෝ

බොදු බල සේනාව විසින් පවතින කළු සුද්දන්ගේ පාලන සිස්ටම් එකට එල්ල කල තර්ජනය කෙතරම් යුක්තිසහගත වූවේද යත් වැඩි කලක් නොගොස්ම එහි ලේකම් ඥානසාර හිමියන්ව  ජනතාව විසින් සංඝ රාජ තුමෙක් ලෙස හඳුනා ගත්තේය. භික්ෂූන්ට පිණ්ඩපාතය දීම ගැනවත් නොදන්නා තරමට බුද්ධ ශාසනය පිරිහී ගොස් තිබූ සමයක එය ගොඩ නඟා ගැනීමට ක්‍රියාකල වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමියන්ට (1698-1778) පසුව, ඥානසාර හිමියන්ට භාරව ඇති රාජ කාරිය, 2012 දීටත් වඩා දැන් 2026 දී <මාර යුද්ධයක්> වැනිය.

සරණංකර හිමියන්ට විරුද්ධව සිටියේ ඒ වනවිට පිරිහීමට ලක්වී සිටි  මල්වතු-අස්ගිරි සංඝයාය. නරේන්ද්‍රසිංහ රජු සිටියේ ඔවුන් සමඟය. බොදු බල සේනාවට විරුද්ධව ක්‍රියා කලේ/කරන්නේ සමස්ත පක්ෂ දේශපාලක කළු සුද්දන් පිරිසය. මෙවැනි භාධක චර්චිල්ට ආවා නම් ඔහුට යුද්ධ කරන්නට හෝ ඉන් පසු යහතින් ජීවත් වීමට හෝ ඉඩක් ලැබේවිද?

දේශ පාලන හිරකරුවා අපරාධ කරුවෙක් කිරීමේ කුමන්ත්‍රණය

බොදු බල සේනාවේ  (BBS) අභියෝගය ඉදිරියේ එය විනාශ කිරීමට ක්‍රියා නොකල පක්ෂ දේශ-පාලකයෙක් සොයා ගැනීම කිසා ගෝතමී අබ සොයන්නට ගියා වැනිය. BBS යනු නොර්වේ ඒජන්ත කෙනෙක්, ඇමෙරිකන් ඔත්තු කාරයෙක්, අරාබිය සමඟ රහස් සම්භන්ධකම් තිබෙන්නෙක්, ජාති වාදියෙක්, මුස්ලිම්  විරෝධියෙක්, රාජපක්ෂලාගේ ඉත්තෙක්, රාජපක්ෂලාගේ මුස්ලිම් චන්ද කඩන්නට ක්‍රියා කරන්නෙක්, යනාදියෙන් පටන් ගෙන අන්තිමේදී ඥානසාර හිමියන්ට හොර දුවෙක් ඉන්නවා යයි කියන අන්දමේ පහත් අඩියකට  ඇතැම් දුර්ජනයින් නිර්භීත/නිහින විය. මොහමඩ් රාජිත යන නමට කැමති යයි කී රාජිත සේනාරත්න ලා වැනි වංචනිකයින් පමණක් නොව රජීව විජේසිංහ වැනි නම්බුකාර මහතුන් පවා නොමඟ ගියේය.

මීලඟ කොටස:

බල සේනාව බලු කූඩුවට දැමීම හා හදිසියේම  චන්ද්‍රිකා මැතිණියට බුද්ධ ශාසනය මතක් වීම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress