අපේ දේශපාලකයෝ –මට පෙනෙන  අයුරින් 
Posted on January 28th, 2026

ධර්මසිරි සෙනෙවිරත්න

 1 – ඩී එස් , ඩඩ්ලි , කොතලාවල —-මේ එක්කෙනෙකුටවත්  අපේ උරුමය ගැන නිවැරදි වැටහීමක්  තිබුනේ නැත  DS ගේ   සිංහල කමට  තිබු රුචිය  නිසාම   ගොවි  ජනපද පිහිටුවීම,වාරිමාර්ග දියුණුකිරීම  වැනි කටයුතු වල ඔහු නිරත වූවායයි  සමහරු  කියතත් ඒවා ඉංග්‍රීසී පාලකයන්ගේ  ක්‍රියාදාමයන්ගේ දිගුවන් ඉදිරියට ගෙනයාමේ ක්‍රියාවලියකි .කෙසේ හෝ ඒ කල කීදේ හොඳය . එත් ඔහු     ඊට වඩා  ”තම පන්තිය ” රැ ක ගැනීමට උත්සාහ  කල අයෙකි    කන්නන්ගර ගේ නිදහස් අද්යාපනයට  විරුද්ධ වූවෙකි.පුර්ණ නිදහස එපා අර්ධ නිදහස ප්‍රමාණවත් ය  කියුවෙකි . විදේශ තුන් කට්ටුවක් යටතේ පරිහානියට පත්වූ සිංහල සංස්කෘතිය නගා සිටු වීමට හෝ  90 % දන්නා රටේ භාෂාවෙන් රටේ කටයුතු  අරඹා, පරයන් නිසා  තැලී පොඩිවී  මිරිකුන ”සිළිඳු ”ලා යලි නගා සිටුවීමට  කටයුතු කිරීමට  මනාපයක් නොදැක් වූ අයෙකි. 

                                                        ඩඩ්ලි පුතා DS  පියාට වඩා අවංක නිහතමානී අයෙකි. ඒ ත් නිලධාරීන්  ගේ ගොනාට ඇන්දවීමෙන්  මිදී  කටයුතු කරන්නට තරම් දැනු මැත්තෙක් නොවීය . සිරිමා ශාස්ත්‍රී  ගිවිසුම ක්‍රියාත්මක නොකර  අඩපන කර  සිංහලයන්ට ද්රෝහිකම් කල අයෙක් බව  අමතක කල නොහැක .

                                                        කොතලාවල ට සිංහල හැදියාවක් ඉතිහාසයක් ගැන කැක්කුමක් නොවීය.බටහිරයෙක් ලෙසම ජීවත් විය. ඔහු සුද්දන්ට බැ ට දුන්නා නම්  එසේකලේ ඔහුගේ කළු හමට   ‘යම් නිග්‍රහයක් ”කළ  සුද්දන්ට මිස  සුදු  අධිරාජ්‍යයයට  නොවේ.  වතු කම්කරුවන් පිලිබඳ ඔහුගේ නේරු කොතලාවල ගිවිසුම නම් හොඳ එකකි  

                                                                                  මේ තිදෙනාගේත් ඉන්පසු JR ,ප්‍රේමදාස හා රනිල් ගේ එජාපය   යනු සිංහල බෞද්ධ  අපේ උරුමයට එතරම් ගරු කල පක්ෂයක් නොවේ . බෙදුම් වාදී කොටින්ට  ආවඩමින් උන් පැරදවීමට බාධා කල පක්ෂයකි 

                                                                                JR  යනු ශුර මෙන්ම ඉතා සටකපට  දේශපාලකයෙකි .අතිශයින්ම  බටහිර/යුරෝපීය ගැ ත්තෙකුවූ  මොහු හන්දින්වුනේද ”යැංකි ඩිකී ” නමිනි .රාජ්‍යමන්ත්‍රණ සභා කාලයේදී ම මොහු  සන්දේශයක් මගින් කියාසිටියේ ”’සින්හලදේශයේ ගැමුණු පැරකුම් කාල පරිච්චේධ සිහිනයන් බවත් අපරට ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතු  ”බවත් ය .මොහුගේ බටහිර ගැතියාව නිසාම ඉන්දියාව  බලහත්කාරයෙන් මොහු යටත් කර  සින්හලදේශය  විනාශ කරන   13  හෙවත් පළාත් සභා   පිහිටුවීමට  ඔහුව යොමු කළේය .හෙළ අ භිමානය සුනු විසුනු කරමින් ඉන්දියානු පරිප්පු අහසින් වැටුනේම ඔහුගේ බටහිර ගැ තියාව නිසාමය .  රටෙ සියලු දෙශීය කර්මාන්ත  විනාශ කරන  ලවක් දෙවක් නැති අවලම් විවුර්ත ආර්ථික ක්‍රමය  රටට හඳුන්වා දී  2026 වන විට රට බංකොලොත්  කිරීම ඇරඹුවේ  ඔහුය. දේශීය කර්මාන්ත විනාශ කළා පමණක් නොව ඒවා ආරම්භ කල  සිරිමාවෝ  ගේ ප්‍රජා අයිතීන් අහිමි කිරීමේ ද්‍රෝහී  නරුම පාපක්රියාවද  කළේ  කිසිදු පැකිලීමකින් තොරවය . යාපනේ පුස්තකාලය ගිනිතැබීමට වැඩ කල ඔහු  ජුලි කලබල  ඇතිකර සිංහලයින් ගේ කරපිටින් ඒ පවු  යවා සිංහලයා වනචාරියෙක් ලෙස ලෝකයෙන් හංවඩු ගස්සවා  අවසන ඔහු ගුද මාර්ගයේ පිළිකාවකින් වේදනා විඳ  මිය ගියේ ය .

ප්‍රේමදාස 

 ප්‍රේමදාස යනු බෙහෙවින් උත්සාහවන්ත නොපසුබස්නා  වීර්යයෙන්  යුතුව බලය  හඹා ගිය අයෙකි .කුල ප්‍රශ්න නිසා හීනමානය වසා ගැනීමට  නම පවා වෙනස් කිරීමෙන් සමහරුන්ගේ අනවශ්ය විහිලු තහලුවලට  පවා ගොදුරු වූවෙකි .රටේ බොහෝ දෙනෙකුට ඔහුගේ කුලය ප්‍රශ්නයක් නොවන බව ඔහු නොදත්තේය . ඔහු රහසේ දක්ශයින්ගේ ”කුළමළ පැටිකිරි ” පිරික්සා තමන්ට ගැලපෙන උන් සොයා ”වරිගේරැකීම ‘ ඔලුවලට දමා   සමීපතමයන් බවට පත් කර ගත්තේ තම ආරක්ෂාව සඳහාය. ඉන්දියානු වතු කම්කරුවන් පිලිබඳ නේරු කොතලාවල  ,සිරිමා ශාස්ත්‍රී  ගිවිසුම් නොතකා  ,ලොව කිසිදා දේශප්‍රේමියෙක් නොකරන දේශද්‍රෝහී ක්‍රියාවක් ඔහු කළේය . බලය රැකගනීමට අවශ්‍ය තම චන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා දිවුරුම්පෙත්සමකින් සිය පදිංචිය ඔප්පුකරන   සියලු ඉන්දියානු කම්කරුවන්ට මොහු  රටවැසිකම දුන්නේ  මුළු මහත් සිංහල ජාතියම අසරණ කරමිනි.මෙය නැවත හදන්න බැරි වරදකි .කොටින්ට අවි ආයුධ සිමෙන්ති දුන් ඔහු  නොදැනුවත්වම උන්ගේ උගුල්වල පැටලුනේ තමන්ගේ නුගත්කම නිසා ම ”උගතුන් හා වියතුන් ”යයි කියන  උන් ගේ වදන් මහත් භක්තියෙන් වැළඳ ගැනීම නිසාය ඔහුගේ ලේකම් වරක් රෝගී කොටි ත්‍රස්තයෙක්   බලන්නට  ඇපල්  මල්ලක් ගෙන රෝහලටද ගියේය. දයාන් ජයතිලක  වැන්නවුන්ද ප්‍රේමදාසගේ අනුශාසක යෝ  වුහ.මකොලි උගතුන්ට ඔහු වහ වැටුනේය උන්ගේ වහ කෑවේය .අවසානයේ කොටි බෝම්බයකින්ම  මහමගදී  සුනු විසුනු විය 

    මොහුගේ පුතා සජිත් ගැන නම් වැදගත් කිසිදෙයක් ලියන්නට  නැත               

2 -S W R D /සිරිමාවෝ හා චන්ද්‍රිකා  බණ්ඩාරනායක 

                                                                          අසරණවූ රටේ උරුමක්කාරයින්ගේ  උරුමය එජාපයේ  කිසිදු පිළිවෙතකින් යලි නොලැබෙන බව කල්යත්ම ජනතාවට අවබෝධ වන්නට විය . බටහිර අ ධිරාජ්‍යවාදීන් ට ගැති එජාපයේ පිළිවෙත් ගැන ජනතාවට  අවබෝධය ලබා දුන්නේ  මාක්ස්වාදීන් විසිනි.එහෙත් සින්හල බෞධ්දයන්ගේ  සිරිත් විරිත් හා උරුමය , විශේෂයෙන්ම  සින්හලරටේ සිංහලයන්ට නොතේරෙන බසකින් කෙරෙන කටයුතු නිසා ‘අසරණවූ සිළිඳු ලාට ‘ ඒ බව තේරුම් කර දුන්නේ  සංඝයා වහන්සේ ප්‍රමුඛ  දෑ  හිතැති  සිංහල ප්‍රභූන් ය . මේ ජනතා හදගැස්ම  හඳුනා ගෙන  සියලු බටහිර ”රෙදිපිළි ”උනා දමා රටට අ වශ්‍ය ඉල්ලුමට  සැපයුම දීමට ඉදිරිපත්වුනේ  SWRD  ය .මකොලි අධ්යාපනය නිසාම රටසභා පනත් ගෙනාවද  ඔහු  පසුව එයද ඉවතට වීසි කර දැ ම්මේය. යාපනේ කුලභේදය හා වහල් සේවය වැලක් වීමට මොහු 1957  සම්මත කල පනත නිසා යාපනේ ”කුලවතුන් ”යයි කියන උන්ගේ  වයිරයට මෙතුමා ලක් විය. විජාතිකයන් සතු වත්කම් ජනසතු කරමින් රටගොඩ නගා   ජාතියට පණ දීමට මෙතුමා ක්‍රියා කරන විට මාක්ස් වාදීන්ද මෙතුමා ”නොමරා මරමින් ‘ සිටියදී   අවස්ථාවෙන් ප්‍රයෝජනගත්  බලවත් වූ නියම  සතුරෝ මෙතුමා මරා දැමුහ .

   සිරිමාවෝ ——  කිසිදා  දේශපාලනයට  ගෑවීමට සිතා නොසිටි මෙතුමිය  භික්ෂුන් ඇතුළු දෑ හිතැතියන්ගේ  බලවත්  ඉල්ලීම මත  දේශපාලනයට අවතීර්ණ වූ වා ය .1960 ජුලි 21 දින ලොව ප්‍රථම අගමැතිනිය ලෙසින් පත්  වී    නැවත 1970 දීද  ජය ගත් ඇය    සැබවින්ම  ස්වාදෙශානුරාගී  කාන්තාවක් වුවාය .සිය නොබැඳි ප්‍රතිපත්තිය මගින්  සෑම රටක් සමගම මිතුරු ලෙසින් කටයුතු කල ඇය   1963 දිවයිනේ විදේශිකයන් සතු වූ තෙල් සමාගම් රජය සතු කිරීම සහ තෙල් නිෂ්පාදනය ආනයනය බෙදා හැරීම් සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් සංස්ථාවට පවරන ලදි.

👁️දකුණු අප්‍රිකාවේ ඈප තීඩ් පාලනයෙන් නිදහස් කර ගැනීමේ සටන මෙහෙය වූ නෙල්සන් මැන්ඩලාට සහය පළ කරන ලදි.

👁️1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය, 1974 වතු රජය සතු කිරීම එතුමියගේ ක්‍රියාමාර්ගයකි.

👁️  1971 සැප්තැම්බර් 26 වැනි දින සෙනට් සභාව අහෝසි කරන ලද අතර, අධිරාජ්‍යවාදී ආරෝපණයක් ලෙස එවකට සිටි වාමාංශික පක්ෂ හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට නව ජනරජ ව්‍යවස්ථාව 1972 මැයි 22 වැනි දින හඳුන්වාදීමත් සමග ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය.

👁️1973 මැයි 17 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කරන ලදි.

👁️1974 ඔක්තෝබර් 06 වැනි දින යාපනයේ විශ්වවිද්‍යාලය සිරිමාවෝ මැතිනිය විසින් විවෘත කරන ලදි.

                                             මීට අමතරව තවත් වැදගත් කරුණු 2ක් කිවහැක  .එනම් ,👁️ වතුකරයේ සේවය කළ ඉන්දියානු සම්භවයෙන් යුත් දමිළ ජාතිකයන්ගේ පුරවැසි භාවය පිළිබඳ අත්සන් කරන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම 1964 ඔක්තෝබර් 30 වැනි දින සාර්ථකව නිමා විය.

👁️1974 ජුනි 23 වැනි දින කච්චතිව් දූපත සඳහා ශ්‍රී ලංකාවේ අයිතිය තහවුරු කළ සිදුවීම් මාලාව ද ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික කුසලතා ගෙන හැර දක්වන්නක් විය.

                                               මේ සියලු දේ  දේශද්‍රෝහී JR රිස්සුවේ නැත. ඔහු 1977  බලය ගත් පසු 1980 ඔක්..16 සිරිමාවෝගේ ප්‍රජා අ යිතිය පවා අහෝසි කලේ  සිය සමහර මැදහත්  පාක්ෂිකයන්ගේ මෙන්ම  ද්‍රවිඩඑක්සත් පෙරමුණේද  විරුධත්වය  මැදය 

 චන්ද්‍රිකා ——  මවගේත් පියාගේත් ‘’අනුහසින් ‘ කරලියට ආ චන්ද්‍රිකා ගැන බොහෝ අ ය හිතුවේ  දෙමා පියන්ගේ  ජාතිකත්වය  අනුව ඇය ද  කටයුතු කරාවිය යන්නය .විජය කුමාරතුංග නම් නළුවා  සැමියා කරගත් චන්ද්‍රිකා පළාත් සභා චන්දයට ඉදිරිපත් වීමට පෙර  ශ්‍රී ලපයේ ප්‍රතිපත්ති වලට ඇති අකමැත්ත රටට හෙළි නොකර සිටීමට  වග බලා ගත්තේ  හැකිතරම් බලය තහවුරු කර  ගැනීමට අවශ්‍ය නිසාය .පළාත් සභා ව  ජයගත් පසුවය , ඇය   විජයගේ බෙදුම්වාදී, කොටි  කතෝලික පුජක  හිතවාදී  අදහස් එලියට දැම්මා ය  . ‘’අවලම් තවලම්’  ඇය ගියේ ‘’සුදුනෙලුම් ‘’රැගෙනය. සිංහලයෙකු වී ඉපදීමත් ලැජ්ජාවකි යි තම පුතා පවසන බව පැවසූ ඇය  මේ වනවිටත් ‘’ඒ පුතා ‘’බලයට ගෙන එමට කැ සකවමින් සිටින්නීය. ද්‍රෝහී JR ට හා  ප්‍රේමදාසට කළකම් පලදුන් හැටි මෙන්ම නළු   සැමියා කොටි මුලස්ථානයට ගොස් උන්ගේ අවි ආයුධ ඔසවා ගෙන උන්ගේ බලමහිමයෙන්  මවිතයට පත්වෙන  සේයාරු පළකර ජනතාව බිය වදදෙන අයුරින් ක්‍රියා කිරීමේ පාපයෙන් අකාලයේ වෙඩි පහරකින්  මරණයට පත් වීමෙන්  හෝ  තමන්ට  වැදුන බෝම්බ ප්‍රහාරයෙන් වත් මැය පාඩමක්  ඉගෙන ගෙන  නැත .එසේ ඉගෙන ගන්නේ පවු පින් හඳුනන  බෞද්ධයන් ය

රාජපක්ෂලා ————-                                                                                                                      මහින්ද නොපසුබස්නා වීරියෙන් කට්ට කාගෙන චන්ද්‍රිකාට ‘’එරෙහිවෙමින් නොවෙමින් ‘’ සිය කාලය එළඹෙනතෙක්  ඉවසීමෙන්  සිටි ජයග්රාහියෙකි .ඔහු  JR ප්‍රේමදාස  හෝ චන්ද්රිකා මෙන්  ජාතිකත්වයෙන් ඈත්  වුවෙක් නොවේ. මුල් කාලයේදී   ජාතිකත්වය නියම ලෙස හඳුනා ගත්තෙක් ද නොවේ .බොහෝ  අ ය මෙන්ම  මහින්දද  හිතුවේ ‘’මකොලි උගතුන් ‘  ප්‍රාඥයන් ‘ ලෙසිනි උන්ගේ දේශද්‍රෝහී චින්තනය බොහෝ අ ය හඳුනා ගත්තේ  බොහෝ මෑතදීය .එය හෙලි දරවු කලේ  විශේෂයෙන් ගුණදාස අමරසේකර , නලින් ද සිල්වා  හා සූරිය ගුණසේකර වැනි   දෑ හිතැතියන් විසිනි.නලින් වැනි අයත් සෝමවංශ අමරසිංහ වැනි අ යත්  කොතෙක් කිව්වද මහින්ද  හිතුවෙම කොටි පැරදවිය නොහැකි බවය. ඔහු පිළිගත්තේ රොහාන් ගුණරත්න වැනි අ යගේ   මකොලි  අදහස් ය .නලින්දසිල්වා වකුගඩු රෝගයට හේතුවන වසවිස  ගැන කියන විට පවා මහින්ද  හිතුවේ ඉන් වියහැකි ‘’ආර්ථික පාඩු ‘’ගැන මිස ජනතාවට සිදුවෙන  ‘’සෞඛ්‍ය පාඩු ‘’  ගැන නොවේ ..මහින්ද කොටි සටනට ඉදිරි පත්ව අණ දුන්නේ  ජනතාවගෙන් බේරෙන්නට බැරිම තැනට  පත් වීමෙන් පසුව,  ඒ ජනහදගැස්ම  තේරුම්  ගැනීමෙන් පසුවය .එයත් ලොකු  දෙයකි . සටනට වන් පසු ඔහු බලවතුන්ට හිස නොනැමුවේය .එජාප ‘’ ගොන්නු ‘’ කල කටමැත දෙඩවීම් නින්දා අපහාස හා උපහාස  තුට්ටුවකට මායිම් නොකළේය.  රනිල් රාජිත හා  රවී  වැන්නෝ වාචාලයෝම, ද්‍රෝහියෝම බව ඔහු  දැන සිටියේය.  ඔහු අවසානයේ කොටි පරදා  වසර 35 කට පමන පසුව  රටට  සාමය උදා කළේය .ඒ පිනෙන් තාමත් ඔහු නිරුපද්රිතය . ඊට පසු කලයුතු කටයුතු නොපිරිහෙලා නොකිරීම මෙන්ම   කොටිපැරදවීමට එරෙහිව වයිර  බැඳගෙන සිටි  උන්ගෙ කුමන්ත්‍රණ විසින් මහින්දබලයෙන් පහකරන ලදී .එදා SWRD ට විරුද්ධ වුනෙත් මෙවන් සිංහල විරෝධී බලවේගයන් මය.

ගෝ ටාභය———ගෝටා ගැන මහින්දටත් වඩා ජනතා ව  බලාපොරොත්තු තබාගෙන සිටියහ .අසරණ වූ ‘’සිළිඳු ‘’ ලා  රොත්ත පිටින් ඔහු පසු පස ආහ. ඔහු සමග රුවන්වැලි   සෑ රජුන් වටා  පෙලගැසුනහ. එහෙත් මහින්දට වැරැ ද්දු  උන් ඔහු වටාත් සිටියේය. ගෝටාද  මකොලි උගතුන්  ප්‍රාඥයින්  කියා සිතුවේය   අත්දැකීම් නැති හෙයින්  වියතුන්  යයි සිතු අසුන්දර ජයසුන්දරලා  ගෙ බහට යටවිය..වසවිස නැති ආහාර ප්‍රතිපත්තිය ඔහුගේ ඔලුවට ආවේම ජනතාව කෙරෙහි ඇති  අසීමිත ආදරය නිසාමය  .එහෙත්  එය ක්‍රමානුකුලව පියවරෙන් පියවරට  ඉදිරියට ගෙනයාමට   ඔහුට  උපදෙස් නොදී ‘එක රැ යින් ‘’ කරන්නට සලස්වා  ප්‍රශ්න ඇතිකළේ  වසවිස සමාගම්  වල  මුදලට වහ වැටුන  මකොලි උගතුන් ය .  අත්දැකීම්  හා  නිසි ජාතික චින්තනයක් නැති  කම නිසා  මෙන්ම පවුලත් රටත්  එකවර  රැ ක ගැනීමට ගොස්  ගෝටා ‘’අසාර්ථක  වන බව ‘’  දුටු බොහෝ  හෙළ බොදු විරෝධී  හතුරෝ  කොරෝනා උපද්‍රවයද  අල්ලාගෙන  ගෝටා අසාර්ථක කරවීමේ  මහා මෙහෙයුමක් දියත් කළහ   එය ‘’අරගලය ‘’ නමින් හැඳින් වුවද ඇත්ත වශයෙන්ම   ‘පර ගලයකි ‘. ගෝටා ගියේ නැවතත් රනිල් රජ කර  වීමෙන් පසුවය ..

රනිල්  වික්‍රමසිංහ                                                                                                                     —— චන්ද්රිකා ජනපතිනිය කාලෙත් අගමැතිවී  චන්ද්‍රිකාටත් රටටත්  හොරා කොටි සමග හොර ගිවිසුම් ගසා උන්ට නැවත සවිමත් වීමට ඉඩ සැලසු මේ මිනිසා 2015 දී  මහින්ද පරදවා සිරිසේන ජනපතිකර තමන් අගමැතිවී ජනපති පඹයෙක්  කර    ස්රිලාංකිකයෙක්  නොවන අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කර  මහදවල් සිදුකල ‘’මහබැංකු මංකොල්ලය’’  ට හෝ බටලන්ද  වධකාගාරයේ  චෝදනා වලට හෝ  කිසිදු  දඬුවමක්  නොවිඳ බේරී සිටින්නෙකි . මේ ගැන කල පරීක්ෂණ  හා කමිෂන් වාර්තා  පවා  එළිදැක්වීමට  නොදී  වහන්නට  හැම ආණ්ඩුවක්ම කටයුතු කර ඇත. විශේෂයෙන්   චන්ද්‍රිකා බටලන්ද වාර්තාව  වසර 20 කට සීල්  තබා වැසුවේ ‘පන්ති  යාලුවා’’ බේරාගැනීමටද ?. ඔක්කොම හොරු !   මේ බලවන්ත කම ලැබෙන්නේ කොහෙන්ද ?

 අනුර දිසානායක —                                                                                                                                                  ජවිපෙ නායක  විජේ වීර පැහැදිලි කල ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන පැහැදී සිටි දේශප්‍රේමීන්  ගේ සහය ලැබී  වරෙක ජනප්‍රිය වූ  ජවිපෙ  හොර රහසේම  සමාජවාදයෙන්  ධනවාදය දෙසට  තල්ලු කල ටිල්වින් සිල්වා  ප්‍රමුඛ   කණ්ඩායම  දේශප්‍රේමී  හා ජාතිකවාදී නැඹුරුවක් ඇති සෝමවංශලා හා  වීරවංශ ලා  ට පල නොකියා පලා බෙදන්නට වුහ . ජනතාවටත් නොදැනීම එතැන් සිට  ජවිපෙ  ඇතුල ධනවාදී  විය . පිටට පෙනෙන පොත්ත  මාක්ස්වාදී විය.ලොක්කෝ නොයෙක් බිස්නස් මගින්ද කැට හෙල්ලීමෙන් පාක්ශිකයන්ගෙන්ද ගැරූ මුදලින්  නඩත්තු  වෙමින් හෙමින් හෙමින්  කෝ ටි ගණන් වත්කම් ඇති අ ය වෙමින් සිටින බව අසරණ පාක්ෂිකයෝ  දැනසිටියේ නැත .උන් ඒවා දැනගත්තේ මුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වී පාලන බලයත් ගත්  පසුවය . මහින්ද හොරා කියු  ජවිපෙ  මහින්දගේ එක හොරකමක් හෝ නොඇල්ලුවද නොපෙන්වූව ද   ජවිපෙ ලොක්කන්ගේ කෝ ටි ප්‍රකොටි වත් කම් නම් හෙළිවී ඇත. සියලු කටයුතු විනිවිද   භාවයෙන් කරනබවට ප්‍රතිඥා දුන් මොහු ඉන්දියාව සමග දැනටම හොර ගිවිසුම් 8 ක් අත්සන් කර ඒවා ජනතාවගෙන් වසා ඇත  වසර එකහමාරක් ගතවුවද රටේ කිසිදු දේශීය කර්මාන්තයක්  මේ වනතෙක් අරඹා නැත් තේ  ආනයන මිස අපනයන නැතිවී රට බංකොලොත්  වූ පසුව රට ඉන්දියාවට භාරදීමෙ කොන්දේසිය ඉටු කර  තමන් ඉන්දීය සාමන්තයා වීමේ අරමුණින් බව  බොහෝ අ ය පවසති .

හරිනී  අමරසුරිය –                                                                                                                             ලංකාවේ කිසිදු උසස් අධ්‍යාපනයක්  නොලැබූ මැය සියල්ල උගත්තේ පරයන් ගෙන් පමණි.ලංකා දේශපාලනයට එන තුරුම අ ය වැඩ කලේ NGO වලය . හෙලබෝදු විරෝධීන් හා වැඩකළ ඇය   දේශපාලනයට ඒ මට පෙර සිටම LGBTQ+   ප්‍රවර්ධනය කිරීමේ  උනන්දුවක් දැක්වූ අයෙ කි.  2016 ලාල් විජේනායක ව්‍යවස්ථා කමිටුවේදී පවා  ඇය පවසා සිටියේ රටේ කොඩියෙන් සිංහයා ඉවත් කල යුතු බවත් ව්‍යවස්ථාවෙ බුදුසසුනට විශේෂත්වයක් දෙන  9 වගන්තිය ඉවත් කලයුතු බවත් ය . බටහිර NGO  විසින් ඇය ජවිපෙ සමග සම්බන්ධ කලේ  ජවිපේ  සංවිධාන ශක්තිය උපයෝගී කරගන බලයට පත්වී  සිංහල සංස්කෘතිය විනාශ කිරීම සඳහාය.හරිණි  අමරසුරිය දැන්   රනිල් වික්‍රමසිංහ ගේ මගම යමින්    ඔහුගේම  කොපියක් වී ඇත  .   

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress