අළු ප‍්‍රතිශතතය 26% පනී.. ගල් අගුරු පරීක්‍ෂණ වාර්තා එලියට.. ප‍්‍රතික්‍ෂෙප මට්ටමේ ඒවා බාර අරන්…
Posted on February 22nd, 2026

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ගෙන්වන ලද මුල් ගල්අඟුරු නැව් හයේම අඩංගු ගල්අඟුරු, අනුමත ටෙන්ඩර් ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් පහත් මට්ටමක පවතින බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇතැයි බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.

අදාළ ටෙන්ඩර් කොන්දේසි අනුව ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ (Reject levels) පවතින ගල්අඟුරු මෙලෙස දිගින් දිගටම බලාගාරය වෙත භාරගෙන ඇති බව හෙළිදරව් වී තිබේ. 

රලපනාව මහතා පෙන්වා දෙන පරිදි, ගල්අඟුරු ප්‍රමිතිය මැන බලන ප්‍රධාන පරාමිතීන් තුනම මෙම නැව් හයේදී අසමත් වී ඇත.  

ටෙන්ඩර් කොන්දේසි අනුව මෙය 5900 kCal/kg ට වඩා වැඩි විය යුතුය. නමුත් වාර්තා වලට අනුව නැව් හයේම වාර්තා වී ඇත්තේ 5078 kCal/kg සිට 5689 kCal/kg දක්වා වූ ඉතා අඩු අගයන්ය. 

අවම වශයෙන් 25% ක මට්ටමක පැවතිය යුතු වුවද, පරීක්ෂාවට ලක් කළ නැව් හයේම එම අගය 22% ත් 25.4% ත් අතර පරාසයක පවතී. 

උපරිම සීමාව 16% ලෙස නියම කර තිබුණද, මෙම ගල්අඟුරු වල අළු ප්‍රමාණය 21% සිට 26.9% දක්වා ඉතා ඉහළ මට්ටමක පවතී.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress