බුකියේ තොවිලය
Posted on December 21st, 2014
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ
ලක් දෙරණේ ජනපතිවරනයක් එනෝ
ධවල යකුන් හා මන බැදි සියලු දනෝ
එකට එකතුවී මේ රට කන්න එනෝ
ආවඩ ආයුබෝ වේවා!
මිනිකදු හා ලේ විල් මත රජ කෙරුවෝ
සියලු ධනය පර දන දෙස රැස් කෙරුවෝ
දරුවො සමග එහි ගොස් සුර සැප දැරුවෝ
මෙන්න! ඇවිත් සිටිනව ඒ මිනිමරුවෝ
ආවඩ ආයුබෝ වේවා!
චන්ද්‍ර මඩල සිහි ගන්වන රුදුරු රකුසු රාජිණියෝ
මෙපුර දනට විනකටීන්ට එතෙරක සිට මෙහි වැඩියෝ
නිරිදු සමග ඇසුරු කරපු මෙත් සිරි හා ගොන් තඩියෝ
එකතු කරන් ලාහෙක ලා සළකණවලු ලෙස මැඩියෝ
ආවඩ ආයුබෝ වේවා!
සිරි සෙන් ගත තුලට වැදුන රුදුරු රකුසු රාජිණියේ
මෙගත කුලින් ඉවත යන්න කුමන බිලිද ඕනි වුයේ
ආතුර ගත දැඩිව පෙලන ප්‍රේත රුදුරු යක්ෂණියේ
නොපෙල මෙගත ඉවත යන්න කියමි තොපට ලහි ලහියේ
ආවඩ ආයුබෝ වේවා!
බියගත් සිරිසෙන්ගෙ මුහුණ බලව රුදුරු යක්ෂණියේ
වෙව්ල වේව්ල වපුරන බොරු කොහොමද ඌ පුරුදු වුයේ
තොපට බලය ගන්න මූව ඇමට දමපු රකුසු ලියේ
ධවල රටට යලි පලයන් තොපෙ දරුවන් එතෙර ගියේ
ආවඩ ආයුබෝ වේවා!
දුරුතු මහේ අට වෙනිදට සිරිසෙන් මම දෙනවා
සිරිසෙන් වෙනුවට දියසෙන් අරගෙන මම යනවා
කියව මිනිසුණේ නුඹලට තව ඕනෑ මොනවා
ධවල යකුන් මෙහ් ඇවිදින් ඒ හැම තොට දෙනවා
නුඹට කන්න කිසිදින අප නැත දියසෙන් දෙන්නේ
උඹෙ සිරිසෙන් සමගම යලි වහ වහ පලයන්නේ
මහින්ද ලෙස යලි යලි මෙහි දියසෙන් රජ වෙන්නේ
දියසෙන් ගත මෙ මව්බිම සතුටිනි සිප ගන්නේ
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
December 21st, 2014 at 5:38 pm
Behind the white devils are the Indian gods.