සාමා එන්න මල් පිපීදැයි බලන්න
Posted on June 2nd, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

යහපාලනයත් සමගම මුඵ ශ්‍රී ලංකාවේම මල් පිපෙන බවත් එවිට මල්වලින් සැරසුන මං පෙත් දිගේ පිය නැගිය හැකි බවත් අනාගතය මල් යහනාවක් වන බවත් ජනතාවට පැවසුයෙන් ඔවුහු පසුගිය ජනවාරි අටවනදා යහපාලනයක්ම ඇතිකරගත්හ. මාස පහක්ම බලා හිටියත් පිපුනු මලක් නම් නැත. සමුර්දියත් මහපොලත් වැඞිකරන බව හිසේ අතතබා දිවුරා කීවත් දැන් මාස හතරක් තිස්සේ ලැබුන වැඞිවීමක් නැත.

මල් පිපීමට ඇති ‍එකම බාදාව එවකට රාජ්‍යකල වුන් ගෙනා ලැම්බෝහිනි, රත්තරන් අස්සයෝ, සාදා ඇති මාලිගා, සුඛෝපභෝගී අහස්යානා බව මොවුන් පවසනු ඇත. සයිබර් අවකාශය හරහා මහින්ද රාජපක්‍ෂයන්ට එ‍ල්ලකල එකම චෝදනාවක්වත් ඔප්පුකර ගැනීමට නොහැකිව යහපාලකයෝ ඉතා ප්‍රකට උපදේශිත බලලෙකුගේ (proverbial cat) තැනට පත්වී ඇත. නමුත් තවමත් එදවස සයිබර් අවකාශයේ මුදාහල බේගල් බටහිරයින්ගේ උපකාර ඇතිව අන්තර්ජලය තුල පවත්වා ගැනීමට මොවුන් සමත්වී ඇත.

සඟවා ඇති ඇමරිකානු ඞොලර් බිලියන් දහඅට සෙවීමට ඇමරිකානු විශේෂඥයින් පිරිසක්ද යහපාලකයින් ලබන මස ලංකාවට ගෙන්වාගැනීමට නියමිතය. මොවුන් විශේෂ විශාලක කාචද (magnifying lens) රැගෙන එන අතර එය සගවා ඇති රාජරත්නම් කොමිස් ඞොලර්ද, ශ්‍රී ලංකා මහ බැංකු වෙන් බැංකු බිල්පත් හරහා වංචාකල බිලියන්ද නොපෙනෙන ලෙස විකරනය (modify) කල යහපාලන කාචයක්ම වනු ඇත.

සුරංගනා කථාවල නිමක් තිබිය යුතුය. යහපාලකයෝ ලබන මැතිවරණය අවසන්වන තෙක්ම මෙම සුරංගනා කථාවල නිමග්න වී සිටිනු ඇත. කෙසේ හෝ කෙක්කෙන් නැතිනම් කොක්කෙන් හෝ ඔවුන් මැතිවරණය ජය ගැනීමට හැකි සෑම දෙයක්ම කරනු ඇත. සාමාන්‍ය ජනතාව සිතිය යුත්තේ පසුගිය මාස පහ තුල මොවුන් රඟදැක්වු ලැජ්ජාශීලි බටහිර දන්ඞ නමස්කාර පාලනය නැවත දැකීමටත් තවත් පස් වසරක් මේ පාපයට සම්මාදම් විමටත් කැමතිද කියාය,

මේ යමපාලකයින් තම නොහැකියාව වසා ගැනීමට අපට හා අප රටට ජීවිතදානය ලබාදුන් රජපක්‍ෂවරැන්  කෙරෙහි උපන් වෛරයෙන්, ක්‍රෝධයෙන් හා ඊර්ශාවෙන් කටයුතු කරයි. මොවුන් වෛරයෙන් ඉපදී, ඊර්ශාවෙන් පෝෂණයවී, ක්‍රෝධය වනපොත්කල පිරිසකි. මොවුනගේ සිත් තුල කැකෑරෙන වෛරය දැන් සමාජයටද බෙදාදී හමාරය. පසුගියදා විද්‍ය නම් අහිංසකාවිය දූෂණයවී ඝාතනය විය. මෙතරම් සංඛ්‍යවක් අතින් මේ ශ්‍රී ලංකාද්වීපයේ දැරියක්  කෙලෙසුන අවස්ථාවක් ඔබ මීට පෙර අසා ඇත්ද? සමාජය පිරිහී ඇති අන්දම සිතාගැනීමට මීටත් වඞා නිදසුන් අවශ්‍යද? වෛරී සමාජයක විය නොහැක්කේ කුමක්ද?

රටේ පලමුවන කාන්තාවවූ ශිරන්ති රාජපක්‍ෂවද අපරාධ විමර්ශණයට ලක්කිරිමට තරම් පහත් තත්වයකට යහපාලකයෝ පත්වීමම ඔවුන්ගේ අවිනීතකම ජනතාවට තවතවත් පසක් කරයි. ඇය කර ඇති වරද අසරණ සරනය සඳහා පුණ්‍ය‍ය ගිනුමක් තවත් වැදගත් කාන්තාවන් දෙදෙනෙකු සමඟ පවත්වාගෙන යාමය. රටේ ප්‍රථම කාන්තාව සමාජ සුභසාදනයට සහභාගිවීමම  අගය කලයුතු ක්‍රියාවකි. එවැනන් සිටිනා රටක ජීවත්වීමද වාසනාවකි. එම පුණ්‍ය‍ය කටයුත්ත මගින් ඇය තම සැමියා මෙන් කීදෙනෙක් ජීවත් කරවන්න ඇතිද? ජනතාවට ආදරය කරන සෑම ජන නායකයෙක්ම මෙවැනි සමාජ සේවාවල යෙදෙනු අරැමයක් වන්නේ මොනම දෙයක්වත් ආරම්භ කිරීමට හේතු වාසනාවක් නැති වත්මන් යහපාලනයට පමනි.

සිංහල ජාතිය තවමත් ලෝකයේ සිටින යහපත්ම වීනීතම ජාතියයි. සැමටම නීතිය  එකසේ අදාල බව සත්‍යයය. එහෙත් කිසිම කමකට නැති, පදනම් විරහිත චෝදනා නගා රටේ ප්‍රථම කාන්තාවවූ අයකුට අපහාස කිරීමට තරම් අපගේ විනීතකම පිරිහුනේ මේ යහපාලනය තුල නොවේද? සෝබිතගේ යහපාලනයට පුන්‍යකටයුතු අනනුසාරි (නොදිරවන) බව දැන් පැහැදිලිය.

රට රැකදී තැන තැන පිපුරැන බෝම්බවලට අප බිලිවීමට නොදී අපට ගලවාගත් ජාතියේ ආරක්‍ෂකයානන්වු රාජපක්‍ෂයන් වෙහෙසට හා අපකීර්තියට පත්කර ජනතාව ඵතුමා කෙරෙහි බිදවීමට හැකි සෑම දෙයක්ම මේ යහපාලකවරැ ලබන මැතිවරණයට පෙර කරනු ඇත. පසුගිය ජනාධිපතිවරයේදි සයිබර් අවකාශය හරහා සිදුවු දෙය මෙවර බොරැ චෝදනා සකසා හිරභාරයට පත්කිරීමෙන් හෝ මාධ්‍ය සංදර්ශණ හරහා අපකීර්තියට පත්කිරීමෙන් මොවුන් සිදුකරනු ඇත.  අරාබි වසන්තය උදාවූ සෑම රටකම සිදුවූයේ මෙයයි. බටහිරට නුරැස්සන පාලකයන් හා එම පාලනය වෙනස්කරන්නේ මේ ආකාරයටය. බුද්ධිමත් ජනතාව මෙය තේරැමේ ගතයුතු කාලය දැන් එලැඹ ඇත.

යහපාලනය තුල කිසිදාක සුන්දර පැහැපත් මල් පිපෙන්නේ නැත. ඉදහිට පිපුනත් ඒ පිපෙන්නේ බාඳුරා හෝ නියගලා වැනි හලාහල විෂ සහිත මලකි. නැවත ලස්සන මල් බලන්න නම් මහින්දගේ දෙවන ආගමනය සිදුවන දින තෙක් සිටීමට සිදුවේවි. එදින මල් පිපි මුඵ ලක් දෙරණම සුවදවත්වනු ඇත. එවිට අපි සියඵ දෙනාම එක්වී සාමාටත් අපේ අනාගත දූ දරැවන්ටත් ආයෙම මල් බලන්න එන්න කියමු.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූනි මස 2 වනදා

2 Responses to “සාමා එන්න මල් පිපීදැයි බලන්න”

  1. Wickrama Says:

    කෙටින්ම කියනවනම් යහපාලනය දැන් “යකාපාලනයක් ” වී ඇත.

  2. Nihal Fernando Says:

    Even little Sama is unable to come out to see the flowers in bloom under this ‘yakapalanaya’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress