ඒකීය ශ‍්‍රී ලංකාවක අඛණ්ඩව පවත්වාගෙන යාමටය
Posted on July 10th, 2015

 A set of demands to the political parties

පිටරට වල ජිවත් වන ශ‍්‍රී ලාංකික දේශ හිතෛෂි අය ලෙසට අපට විශේෂ කාර්ය භාරයක් ඇත. ඒ නිසා අප විශේෂ කැමැත්තක් දක්වන්නේ ද, කාර්යශු රී ලෙස කටයුතු කරන්නේ ද, ඒකීය ශ‍්‍රී ලංකාවක අඛණ්ඩව පවත්වාගෙන යාමටය. ඒ නිසාම අපි යුද්ධයෙන් බැට කෑ අයට සෑහෙන පරිශ‍්‍රමයක් දරමින් උදව් කිරීමට දායක වී ඇති අතර නැවත පදිංචි කිරීමේ වැඩසටහන් වලට ද අප විසින් සහය දක්වා ඇති නිසා අප ඉදිරිපත් කරන පහත කරුණු වලට ඔබගේ හදිස්සි අවධානය යොමු වේ යැයි බලාපොරොත්තු වන අතර අප ඉදිරිපත් කර ඇති කරුණු ඔබ තදින්ම සලකා බලනු ඇතැයි අපි විශ්වාස කරමු.
1. ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා පරමාධිපත්‍ය සුරැුකීමට සියලූම අවශ්‍ය පියවරවල් ගැනීම හා අප මාතෘ භුමියේ ජාතික සුරක්ෂිතතාවය සීයට සීයක් ආරක්ෂා කිරීම.
2. අධි ආරක්ෂක කලාප කිසිම සෙවිල්ලක් හෝ බැලිල්ලක් නොකර ප‍්‍රමාණයෙන් අඩු කිරීම, ආරක්ෂක මාධ්‍යන්, කඳවරු හා සේනාවාසයන් වසා දැමීම යන කරුණු ගැන යම් වෙනස්කම් හෝ තීරණ ගන්නා අවස්ථා වලදී හමුදා ප‍්‍රධානින් හා සාකච්චා කොට එකගතාවකට පැමිණීම.
3. සියලූම බෙදුම්වාදීන් හා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ගත යුතු සියලූම ආරක්ෂක පියවර ගැනීම, ශ‍්‍රී ලංකාව ගැන වැරදි තොරතුරු සපයන එන් ජී ඕ :භඨධ* වැනි සංවිධාන සහ ලංකාවේ තිබෙන විදේශ සංවිධාන, පුද්ගලයන්ට විරුද්ධව ක‍්‍රියා කිරීම, යුධ ආයුධ එක්රැුස් කිරීම සහ යුධමය අදහස් තවමත් අත්හැර නොහැර සිටින ජාත්‍යන්තර බෙදුම්වාදී සංවිධාන ප‍්‍රතික්ෂේප කිරීම මෙන්ම ඔවුන්ට සුහදශීලී ආරාධනා කිරීමෙන් සම්පුර්ණයෙන් වැලකීම.
4. අපේ ගෞරවනීය මාතෘ භුමිය වන ශ‍්‍රී ලංකාවේ ජාතික ගීයට තිබූ ගාම්භීරත්වය සහ ගෞරවය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවස්ථාවට අනුව වහාම ලබා දීම.
5. ශ‍්‍රී ලංකික ව්‍යවස්ථාව උල්ලංගනය කරන සියලූම දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයින්ට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීම.
6. විල්පත්තු ජාතික වනෝද්‍යානය හා එවැනි තැන් වල කර ඇති විනාශයන් හා බලහත්කාරයෙන් පදිංචි වීම් ගැන වහාම සොයා බැලීම් මෙන්ම අභ්‍යන්තර අවතැන් වූ අය ක‍්‍රමානුකුලව ඔවුන්ගේ ගම බිම් වල නැවත පදිංචි කිරීම සහ ස්වභාවික වන සම්පත් ආරක්ෂා කිරීමට නිවැරදි පියවර ගැනීම.
7. අභ්‍යන්තරයේ අවතැන් වූ සිංහල අය විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර පදිංචිව සිටි අය වෙනුවෙන් වහාම පියවර ගැනීම හා ඔවුන්ව දැනට අවුරුදු ගණනාවක්ම කිසිම හවුහරණයක් නොමැතිව එහාට මෙහාට පාවෙවී සිටීම වහාම නවතා ඔවුන්ට පදිංචි වීමට කැමති පළාත් හා වාසස්ථාන ලබා දීම මෙන්ම ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා ගැන ද සොයා බැලිය යුතුය.
8. හඳුනාගෙන ඇති බෙදුම්වාදීන් හා ජාතිවාදීන්ට ආවඩමින් අප රට තුළ තිබෙනවා යැයි කියන ජාතික අසමගිය විසදා ගැනීමට ප‍්‍රයත්න දරනවා වෙනුවට අප කළ යුත්තේ විවිධ රට තුල සිටින ප‍්‍රජාවන් හා ගෝත‍්‍රිකයින් අතර ධනාත්මක චින්තන තුලින් සුහද සංහිදියාවක් ඇති කිරීමය.
9. මහජන විචාරණයක් තුලින් ජනතාවගේ පූර්ණ කැමැත්ත ඇතිව පළාත් සභා ක‍්‍රමය වහාම අකුලා දැමීම හා ඒ වෙනුවට අපිටම අවේනික වූ පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීම. ප‍්‍රතිපත්තියක් ලෙස දැනට ඇති ක‍්‍රමය දිගටම පැවතෙන්නේ නම් පොලිස් හා ඉඩම් බල තල මෙම ආයතන වලට නොලැබෙන බව පැහැදිලිව ප‍්‍රකශ කිරීම හා පළාත් සභාවට ලැබෙන අරමුදල් අනිසි ලෙස පරිහරණය කිරීම තුලින් එම ආයතනයන් ”සුදු අලින්” ලෙසට පත් වීම වැළැක්වීමෙන් අදාල පළාත් වල සංවර්ධනය හා අනෙකුත් කටයුතු වලට මෙම ආයතන වගකිව යුතු ආකාරයට සැලසුම් සම්පාදනය කළ යුතු වීම.
10. පූර්ණ සහභාගිත්වය හරහා තීරණ ගැනීම තුලින් යහපාලනය, නීතිය සුරැුකීම, ප‍්‍රවර්ධනය කිරීම, හා විනිවිද බාවය මෙන්ම සාධාරණත්වය හා යුක්තිය ඉෂ්ඨ කිරීම.
11. යම් යම් කාරණා වලට චෝදනා ලත් අය සඳහා මැතිවරණ වලට නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් වැලකීම.
12. රජයේ සේවය දේශපාලනීය කරණයෙන් වැලැක්වීම, අපක්ෂපාති වීම හා වගකිව යුතු වෘත්තිමය තත්වයකට පත් කිරීමෙන් ශක්තිමත් කිරීම.
13. දස වසරක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම හා එහි සැලසුම් කර ඇති දෙය අකුරටම ක‍්‍රියාත්මක කර වීම.
14. මන්ත‍්‍රීවරුන්, උප ඇමතිවරුන්, ඇමතිවරුන් හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පත්වීම් ලැබෙන අවස්ථාවේදීම ඔවුන්ගේ වත්කම් ප‍්‍රකාශන ලබා ගැනීම අනිවාර්ය කිරීම හා වරින් වර මේවා ගැන සොයා බැලීම ද, සාක්ෂි ඇති තැන් වලදී අල්ලස් දෙන්නන් හා අල්ලස් භාර ගන්නන් ද, දුෂිත ඇමතිවරුන් ද, අනෙකුත් දේශපාලඥයින් හා මහජන සේවකයින්ට විරුද්ධව වහාම නිත්‍යානුකුල පියවර ගැනීම.
15. මත්ද්‍රව්‍ය ලෙස ප‍්‍රකාශයට ලත් ද්‍රව්‍ය, හෙරොයින්, ගංජා හා බෙහෙත් වට්ටෝරුවකින් නිත්‍යානුකුල නොවූ බෙහෙත් වර්ග වෙළදාම් කිරීම හෝ මෙරටට ගෙන්වීම සිදු කරන අයට මරණීය දණ්ඩනය නියම කිරීම හා එවැනි දේකට වරදකරු වූ කෙනෙකුගේ නිශ්චල හා චංචල දේපල සියල්ල රාජසන්තක කිරීම.
16. 20 වන සංශෝදනය ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමෙන් දේශපාලඥයකුට නිශ්චිත පළාතක් වෙන් කිරීම සඳහා අවශ්‍ය කරන මැතිවරණ ක‍්‍රමය වෙනස් කීරීමට පියවර ගැනීම.
17.බුද්ධශාසනය සම්බන්ධව ඒකාබද්ධ කතිකාවතක් සංවිධානය කර එයින් නිර්දේශිත වන දෑ ක‍්‍රියාත්මක කරවීම.
නියෝජිත
රංජිත් සොයිසා
x වික්ටෝරියාවේ සාමය, ඒකීය භාවය හා ශ‍්‍රී ලංකවේ මිනිස් අයිතිවාසිකම් සඳහා වූ සංගමය.
x නිව් සවුත් වේල්ස්හි සාමය, ඒකීය භාවය හා ශ‍්‍රී ලංකවේ මිනිස් අයිතිවාසිකම් සඳහා වූ සංගමය.
x ක්වීන්ස්ලන්තයේ සාමය, ඒකීය භාවය හා ශ‍්‍රී ලංකවේ මිනිස් අයිතිවාසිකම් සඳහා වූ සංගමය.
x සාමය, ඒකීය භාවය හා පුනුරුත්ථාපනය සඳහා වූ බටහිර ඕස්ටේ‍්‍රලියා නු සංගමය.
x ශ‍්‍රී ලංකා එක්සත් ජනතා සංගමය – කැනඩාව
x සිංහල සංගමය – එක්සත් රාජධානිය
x මැදපෙරදිග ‘හෙළබිම‘
x ඒකීය ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් වූ ජාති හිතෛෂීන් – ඇමරිකා එක්සත් ජනපදය
x නිව් සවුත් වේල්ස්හි වීර පරාක‍්‍රමබාහු පදනම
x නිව් සවුත් වේල්ස්හි ත‍්‍රස්තවාදයට එරෙහි වූ ශ‍්‍රී ලාංකිකයෝ
x වික්ටෝරියාවේ ජාතික එකමුතුව
x ජිනීවා හි ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය
x සිංහල සංස්කෘතික සංගමය – කැන්බරා
x ලන්ඩන් හි එක්සත් ශ‍්‍රී ලාංකිකයෝ
x මැද පෙරදිග ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය
x එක්සත් රාජධානියේ බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලාංකික සංගමය.

3 Responses to “ඒකීය ශ‍්‍රී ලංකාවක අඛණ්ඩව පවත්වාගෙන යාමටය”

  1. Christie Says:

    Unite and stand up to Indian Colonialism and Imperialism.

  2. Christie Says:

    සින්හල බොදු කිතුනු මුස්ලිම් එක්වන්න; ඉන්දියානු අදිරදයට එරෙහිව එක්වන්න.

  3. Independent Says:

    දැන් චන් ද ඉල්ලන මහාත්ම ගති ඇති දෙවියන් බඳු උතුමන් ලාට මේවා කියා දිය යුතු නොවේ. ඒ උතුමන් ලා විස්වාස කොට චන් දය දෙන මහජනයා මේ එකක්වත් ඉල්ලන්නේ නැත​.
    මොකා ආවත් මේවා එකක්වත් ලැබෙන්නේත් නැත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress