මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ හදවත කි කතාව..!
Posted on July 13th, 2015

https://www.facebook.com/ukussa?fref=photo

රනිල් චන්ද්‍රිකා සහ බටහිර කුමන්ත්‍රණ කරුවන් ඇට වූ උගුලේ බැරෑරුම් කම සිරිසේන මහතාට වැටහෙන්නට වැඩිකල් ගියේ නැත. මහින්ද කුමන ආකාරයේ මිනිසෙක්ද යන්න හොදින්ම දන්නේ සිරිසේන මහතායි. මන්ද ශ්‍රී. නි. ප. බිදී යන්නට ඉඩ තිබු වාර කිහිපයකදීම උරනුර ගැටී පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කලේ සිරිසේන සහ මහින්ද නිසාවෙනි. පක්ෂයේ මහා ලේකම් වරයා හැටියට මහින්ද ජනාධිපතිවරයා විසින් ගත් තීන්දු තීරණ ගැන මනා අවබෝධයක් සිරිසේන මහතාට තිබුණි. මහින්ද හොරක්ද ..මිනිමරුවෙක්ද … ජතිවදියෙක්ද .. යන්න සිරිසේන මහතා හොදින් දැනසිටියේය. මහින්දට නගන චෝදනා සියල්ල අසත්‍ය බව සිරිසේන මහතා දැන සිටියත් රනිල් චන්ද්‍රිකා සහ යහපාලන නඩයේ බලපෑම මත ගොළුවත රකින්නට සිදුවිය. තමා අතින් සිදු වරද නිවැරදි කරගන්නට සිරිසේන මහතා දින ගනිමින් සිටිය බව නොරහසකි.

ගම්බද බෞද්ධ පරිසරයක හැදී වැඩුණු සිරිසේන මහතාට රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැතිවා නොවේ .. යහපාලනය මගින් පසුගිය හය මසට රටට සිදු වූ හානිය ගැන ඔහු බොහෝ කල කිරීමට පත්ව සිටිහ. සිංහල ජාතියේ උරුමය සහ බෞද්ධ උරුමයන් ගැන වැඩියෙන්ම කතාබහට ලක්වූ පසුගිය වකවානුව තුල සිංහලයන්ගේ අනාගතය පිළිබද ගැටළු රාශියකට මුහුණපාන්නට සිදුවිය.

චන්ද්‍රිකා සහ විජේදාස මේ රට සිංහලයන්ගේ නොවන බව පැවසීමට තරම් ජාති ද්‍රෝහී වීම ගැන සහ නවපරපුර නැමති කලකන්නියන්. ජාතික වීරයන්ගේ චරිත ගාතනය කිරීම සිරිසේන මහතාගේ හදවතේ කණගාටුවට කාරණයක් විය.
ජාතික සංවර්ධනයේ මනා ප්‍රගතියක් අත්කරගත් පසුගිය රජය ගෙනගිය වැඩපිළිවෙල. යහපාලනයත් සමග බිදවැටුණි. ජාතික ආර්ථිකය බින්දුවට වැටුණි. 30 වසරක යුද්ධයෙන් මුදාගත් දේශය යලි බෙදුම්වාදයට තල්ලු විය. යුද විරුවන් පෝරකයට යැවීමට පිබුරුපත් සකස්විය. සම්පුර්ණයෙන්ම රට අරාජික තත්වයකට පත්වී තිබුන මොහොතක තමා අතින් සිදු වූ වරද නිවැරදි කරගන්නට සිරිසේන මහතා සිතුවේය. නැවත මහින්ද මහතාට බලය දීම හැර කරන්නට වෙනත් කිසිවක් නැතිබව ඔහු තේරුම් ගත්තේය. බටහිර කුමන්ත්‍රණ කරුවන් සමග එක් වී ඩොලර් වලට රට ජාතිය පාවාදෙන රනිල් චන්ද්‍රිකා හවුල පාලනය කරන්නටත් රටතුල සිදුවන මහා පරිමාණයේ මුල්‍ය වංචා පාලනය කරන්නටත් සිරිසේන මහතාට ශක්තිය නැතිවිය .. එයට ප්‍රධාන හේතුව යහපාලන කැදහැලියේ යමපාළුවන්ගේ මතයට අවනත වන්නට සිදුවීමයි.

කෙසේ වෙතත් අවසානයේ මහින්ද මහතාට රට බාර දීමට සිරිසේන මහතාගේ හදවත ගත් තීරණය ඉතා වැදගත් බව පැවසිය යුතුය .. එය එසේ නොවන්නට සිරිසේන මහතාට තවත් හදවතින් පසුතැවිලි වීමට සහ රට දෙකට බෙදී අරාජික තත්වයකට පත්වනවා දැකීමට සිදුවෙනවා සේම. බහුතරයක් සිංහල බෞද්ධ ජනතාවගේ අපහාසයටත් සාපයටත් ලක් වී ජිවිත කාලයටම හදවතේ සතුට සාමය අහිමි පුද්ගලයෙකු වීමට සිදුවීමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු වරද ඔහුම නිවැරදි කරගෙන නැවතත් මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇත .. දැන් තිබෙන්නේ අපගේ වරද නිවැරදි කරගැනීමටයි. අපද ජනවාරි 08 සිදු වරද නිවැරදි කරගෙන අගෝස්තු 17 මැතිවරණයෙන්. මහින්ද මහතා අගමැති කරවීමයි. ඔබ…..? එයට සුදානම්ද …?

Ukussa's photo.

4 Responses to “මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ හදවත කි කතාව..!”

  1. Christie Says:

    Indian Empire very well know that the Parliament is just a inkless stamp.

  2. Christie Says:

    Indian Empire very well know that the Parliament is just a inkless stamp.

  3. Christie Says:

    ඇයි දෙයියනේ මහෙන්දරන් මහෙන්දරන් වැඩේ දෙනකොට මෙයත් නාකි හමත් එක්ක බුදියගෙනද හිටියෙ?

  4. NAK Says:

    I’m sure his wife Jayanthi had a strong hand in his change of mind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress