2015.10.29 දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පොලිසිය විසින්, HNDA සිසුන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයට එරෙහිව පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධවයි.
Posted on October 30th, 2015
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ/කර්තෘ
මහත්මයාණෙනි/මහත්මියනි,
2015.10.30
2015.10.29 දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පොලිසිය විසින්, HNDA සිසුන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයට එරෙහිව පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධවයි.
HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව අත්තනෝමතිකව අහෝසි කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන එරෙහිව 2015.10.29 දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතා පාගමනට ,පොලිසිය හා පොලිස් කැරලි මර්දන ඒකකය විසින් HNDA සිසුන්ට එල්ලකල මිලේච්ඡ ප්‍රහාරයට එරෙහිව දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ සියලුම සිසුන්ගේ සහභාගිත්වයෙන් අද දින දහවල් 12.30 ට , දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය සහෘදයකු සහභාගී කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ නගා සිටුවීම, සිසු අයිතීන් සුරැකීම ඇතුඵව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම වැනි පොරොන්දු ගණනාවක් ලබා දෙමින් බලයට පත් වර්තමාන ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේද පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුව ගමන්කළ මාවතේම බව මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරය ජනතාවට තහවුරු කර ඇත. පසුගිය රජයේ වැරදිකරුවන් ආරක්‍ෂා කරන්නාක් සේම එම රජය විසින් සිදු කළ කප්පාදුකිරීම්ද වත්මන් රජය විසින් ආරක්‍ෂා කරමින් සිටින්නේ ලබා දෙනවා කියූ ප‍්‍රජාතන්තව‍්‍රාදය වෙනුවට මර්දනය හරහා ජනතා ඉල්ලීම් යටපත් කිරීමට උත්සාහ කරමිනි.
HNDA සිසුන්ට සාධාරණ විසඳුමක් නොලැබීම හේතුවෙන් 2015.10.29 එනම් ඊයේ දින පැවැත්වූ විරෝධතාවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එල්ල කළ අමානුෂික පොලිස් ප්‍රහාරය තරයේ හෙලා දකින අතරම, ඉදිරියේදී කුමන බාධාවීම් පැමිණියද HNDA පාඨමාලාවට හිමි උපාධි සමානතාවය නැවත බලාත්මක කරන තුරු අඛණ්ඩව මෙම අරගලය දියත් කරන බව ප්‍රකාශ කර සිටිමු.
ස්තුතියි.
මෙයට
විශ්වාසී,
ධම්මික රුවන් කුමාර
(කැඳවුම්කරු)