බදුල්ල ප්‍රදේශයේ විදුහල්පතිනියක් දණගස්වා පාසැලට දරුවන් ඇතුළත් කිරීමට බලපෑම් කිරීම සම්බන්ධයෙනි
Posted on January 10th, 2018
මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
2018/ 01/ 10
අධ්‍යාපන ලේකම්තුමා
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය
බත්තරමුල්ල
ලේකම්තුමනි,
බදුල්ල ප්‍රදේශයේ විදුහල්පතිනියක් දණගස්වා පාසැලට දරුවන් ඇතුළත් කිරීමට බලපෑම් කිරීම සම්බන්ධයෙනි
ඌව පළාත් ප්රමුඛ දේශපාලනඥයෙකු විසින් ඌව පලාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවසට කැඳවා දණ ගස්වා සිසුවියක් ඇතුළත් කිරීමට බලැපෑම් කළ බවට අප වෙත තොරතුරු වාර්තා වී ඇත. එම දමිළ බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුලත් කරගැනීම සඳහා අදාල සිසුවියගේ දෙමව්පියන් විසින් අදාළ දේශපාලනඥයාගේ ලිපියක් රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති අතර අදාල විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන් බැඳී සිටින්නේ දේශපාලඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට නොවන බවයි. අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝග වලට අනුව පමණක් තමන් කටයුතු කරන බව මෙම විදුහල් පතිනිය අදාල දෙමව්පියන්ට දන්වා තිබේ.
මේ බව එම දෙමව්පියන් විසින් එම දේශපාලනඥයා වෙත දැන්වීමෙන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිට තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස අදාල විදුහල්පතිනියට දන්වා බලහත්කාරයෙන් වන්දවා ගෙන තිබේ.
මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසන ශිෂ්ඨ සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක් බව අපගේ හැඟීමයි. එබැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.
මීට
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්යක්ෂ
කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය