අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයට, කිසිදු සම්බන්ධයක් නෑ – ආදි ශිෂ්‍යා සංගමය
Posted on February 23rd, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමයේ කිසිඳු සම්බන්ධයක් නැතැයි එම සංගමයේ සාමාජිකාවන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා.
කෙසේ වෙතත් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ සාමාජිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම පාසල ඉදිරිපිට පැවති විරෝධතාවයේදී දක්නට ලැබුණා.
විගණනකාධිපතිවරයාට හෝ එම දෙපාර්තමේන්තුවට කිසිදු පුද්ගලයෙක් චෝදනා නොකල බව ආදි ශිෂ්‍යා සංගමයේ ලේකම්වරිය පැවසුව ද දින දෙකක් පැවති උද්ඝෝෂණයේදී නම් සදහන් කරමින් උද්ඝෝෂකයන් විගණන නිලධාරීන් හට චෝදනා කල ආකාරයයි මේ.
මෙහි හාස්‍යජනකම කාරණය වන්නේ අදාළ උද්ඝෝෂණයට ආදිශිෂ්‍යා සංගමයේ කිසිඳු සම්බන්ධයක් නැතැයි කියමින් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ එම සංගමයේ ප්‍රධාන කමිටු සාමාජිකා ශෂිකා ගුණතිලක හා ලේකම්වරිය වන වසන්ති ජයරත්න යන මහත්මියන් දෙදෙනාද එදින උද්ඝෝෂණයට සහභාගී වී සිටීමයි.
ආදි ශිෂ්‍යා සංගමයේ ඇතැම් නිලධාරිනියන් උද්ඝෝෂණයේදී විගණන නිලධාරීන් දූෂිත බවට බැන වදින විටත් එම සංගමයේ ලේකම්වරිය ඒ අසළ සිටින ආකාරයයි මේ.