චානක බණ්ඩාරගේ
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතිය (The International Covenant on Civil and Political Rights – ICCPR) 1976දී ජාත්‍යාන්තරයේ බිහි විය. එය බහුපාර්ශ්වික ගිවිසුමකි. රාජ්‍යයන් 175කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එයට සම්මුති වී ඇත.
ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වැනි දින මෙම ගිවිසුමට (මෙතැන් සිට, ‘සම්මුතිය’) ඇතුළත් විය.
මෙම සම්මුතිය මගින් වගකීම් පනවන්නේ රාජ්‍යයන් මත පමණි. එනම්, සම්මුතියේ පාර්ශ්වකරුවන්.
මෙම සම්මුතියේ අරමුණ වන්නේ දේශයක පුරවැසියන්ගේ මානව හිමිකම්, අයිතීන් සම්බන්ධයෙන් රජයන් නිරන්තරයෙන් සංවරව, ධනාත්මකව සහ තුලනයෙන් යුක්තව තබා ගැනීමයි.
රටේ පුද්ගලයන්ටද යුතුකම් සහ වගකීම් ඇති බවට සම්මුතියේ පූර්විකාවේ (Preamble) සඳහන් වේ.
නමුත්, රටක රාජ්‍යය මිස එහි ජනතාව මෙම සම්මුතිය මඟින් නීතිමය බඳවා ගැනීමකට හසු නොකරයි.
කොටින්ම, ජාත්‍යන්තර ප්‍රජාව මෙම සම්මුතිය කෙටුම්පත් කලේ රජයන් විසින් එහි වැසියන්ට සිදු කරන තාඩන, පීඩන, මානව හිමිකම් කඩ කිරීම් නතර කිරීමටය.
සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වන රටක්, මානව හිමිකම් කඩකිරීම් කරනු ලැබීයයි කියනු ලබන එම රටේ පුරවැසිකුට එරෙහිව, නිත්‍යානුකූලව දඬුවම් කිරීමක් ගැන මෙම සම්මුතියෙන් අනුමැතිය ලබා දීමක් හෝ ඒ පිළිබඳව සාකච්චාවට බඳුන් වීමක් සිදුවී නොවේ.
නමුත්, ශ්‍රී ලංකාව නම් සම්මුතිය පනතක් ලෙස දේශීයව අනුගත කර ඇත්තේ තම පුරවැසියනට දඬුවම් නියම කිරීමේ නියත චේතනාවෙන් බව ඉතා පැහැදිලිව පෙනේ.
දැන්, නිදහසේ, සාධාරණව අදහස් ප්‍රකාශ කරන එක්තරා විපක්ෂ දේශපාලනඥයෙකුට එරෙහිව වත්මන් රජය ස්වකේය ICPR පනත භාවිතා කිරීමට යනු ලැබේ යයි යන ප්‍රවෘතියක් අසන්නට ලැබේ.
ශ්‍රී ලංකා රාජ්‍යය සිය පුරවැසියන් වෙනුවෙන් සම්මුතියෙන් භාරගත් බොහෝ යුතුකම් සහ වගකීම් දේශීය පනතින් උද්දීපනය කර නොමැත.
ජාත්‍යාන්තර නීතියේ ප්‍රධාන රීතිය නම්, ජාත්‍යාන්තර සම්මුතියක් (ගිවිසුමක්) දේශීය වශයෙන් අනුගත කිරීමේදී රාජ්‍යය විසින් සම්මුතියේ ගිව්සුම් ගතවූ බැඳීම් දේශීය පනතෙන් මනාව පිළිබිඹු විය යුතු වීමයි. සම්මුතිය දේශීය ගත කිරීමේදී එහි දැක්වූ වගකීම් රාජ්‍යය නැවත පනතින් අවධාරණය කළ යුතුවේ.
ශ්‍රී ලංකාව වෙනස් ක්‍රියාමාර්ගයක් අනුගමනය කලත්, සෙසු රටවල් දේශීය වශයෙන් මෙම සම්මුතිය ඔවුනගේ රටවල අනුගත කිරීමේදී අනුගමනය කර ඇත්තේ මේ සිද්ධාන්තයයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ICCPR බැඳීම් ඒ වන විටත් දෙශියව අනුයුක්ත කර තිබුණි. උදා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවේ (මින් ඉදිරියට වගන්තියේ) එන උප වගන්ති (උප ව්‍යවස්ථා) නවය – 14අ – 14එ.
14. (1) සෑම පුරවැසියෙකුටම – ((අ) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස; (ආ) සාමකාමීව රැස්වීමේ නිදහස; (ඇ) සමාගමයේ නිදහස; (ඈ) වෘත්තීය සමිතියක් පිහිටුවීමට සහ සම්බන්ධ වීමට ඇති නිදහස; (ඉ) තමා විසින්ම හෝ අන් අය සමඟ ඇසුරු කරමින් හෝ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමට, \පිළිපැදීම සහ ඉගැන්වීමේ නිදහස; (ඊ) තමාගේම සංස්කෘතිය භුක්ති විඳීමට සහා ප්‍රවර්ධනය කිරීමට සහ තමාගේම භාෂාව භාවිතා කිරීමට තමා විසින්ම හෝ අන් අය සමඟ එක්ව ඇති නිදහස; කතා කිරීමේ, රැස්වීම, ආශ්‍රය, රැකියාව ; ( උ) ඕනෑම නිත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, වෙළදාමක, ව්‍යාපාරයක හෝ ව්‍යවසායක තමා විසින්ම හෝ අන් අය සමඟ ඇසුරු කිරීමට ඇති නිදහස; (ඌ) ශ්‍රී ලංකාව තුළ ගමන් කිරීමේ සහ ඔහුගේ අභිමත ස්ථානයක පදිංචිය තෝරා ගැනීමේ නිදහස; සහ (එ) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ නිදහස.
නැවතත්, ශ්‍රී ලංකාව විසින් 1980 සම්මුතියේ වූ බැඳීම්, සම්මුතියට පෙර, ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උප වගන්තිවලින් 1978 දී ලබා දී තිබේ.
සරළව කිවහොත්, සම්මුතියේ සමහර ප්‍රධාන වගකීම් දේශීයව ගොඩනැගු ICCPR පනතෙහි අතුරුදහන් වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 – 14 සහ 2016 සම්මත වූ 14 A වගන්ති මගින්, සම්මුතියෙන් මතුවෙන, ශ්‍රී ලංකා රජය විසින් ජනතාව වෙත පෑ යුතු මානව හිමිකම් බැඳීම්, පැහැදිලිව ලබා දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 – 14 සහ 14A වගන්ති ඉතා බලවත් විධිවිධාන වේ. ඒවා ක්‍රියාත්මක වන්නේ ජනයාගේ ‘අයිතිවාසිකම් පනත්’ (Bill of Rights) ලෙස බව කෙනෙකුට නිර්භවව පැවසිය හැකිය.
මේ නයින් බලන කල ශ්‍රී ලංකාවට ICCPR සම්මුතිය දේශීයව සම්මත කිරීමේ පනතක් ගෙන ඒමේ තේරුමක් නැතැයි යනුවෙන් කෙනෙකුට සාර්ථකව තර්ක කල හැක.
ශ්‍රී ලංකාවාසින් සම්මුතියේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් බොහොමයක් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා භුක්ති විඳින වාරයේ, මහින්ද රාජපක්ෂ රජය විසින් 2007 දී ICCPR සම්මුති දේශීය පනත – (International Covenant on Civil and Political Rights (ICCPR) Act, No. 56 of 2007; (මින් ඉදිරියට, ICCPR දේශීය පනත) ගෙන ආවේ සිය ආත්මාර්ථකාමී, පළිගැනීමේ අභිප්‍රායන් ඉෂ්ට කර ගැනීමේ කපටි චේතනාවෙණි. ඒ පිළිබඳව පහතින් විග්‍රහ වේ.
සුක්ෂමව බැලු කල, දේශීය ICCPR පනතේ මූලික අභිප්‍රාය බව පෙනෙන්නේ ඉතා දැඩි වාර්ගික/ආගමික අපවාදයෙහි යෙදී සිටින වුවන් පමණක් නොව ආණ්ඩුව අකමැති රටේ පුරවැසියන්ට ඒ හා සමාන (බොරු) චෝදනා එල්ල කර නඩු පවරා දඬුවම් දීමයි. පළවෙනි කාණ්ඩයට එරෙහිව නිතීය තදින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ වගන්තියට යටත්ව ( පුරවැසියාගේ කථා කිරීමේ – භාෂණයේ සහ ප්‍රකාශනයේ, නිදහස).
ගරු ශ්‍රේෂ්ටාධිකරණයේ නිවැරදි නඩු තීන්දු අනුව – ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර සම්මුතිවලට එලම්භියත් ඒවා දේශීයව ක්‍රියාත්මක කිරීමට නම් එම සම්මුති අප රටේ පාර්ලිමේන්තුවේ පනත් ලෙස නිත්‍යානුකූල ලෙස සම්මත විය යුතුයි.
මෙම ICCPR දේශීය පනත රජය විසින් 2007දී ගෙන ආවේ ඒ නිසායි; නැත්නම් ICCPR ජාත්‍යාන්තර සම්මුතිය කෙලින්ම රටේ නිතීය බවට පත් විය හැකිව තිබුණි.
නීති සම්පාදනය කිරීමට රජයට සෑම ඉඩක්ම, හැකියාවක්ම ඇත. නමුත්, නව දේශීය ICCPR පනත, ජාත්‍යාන්තර සම්මුතියේ දේශීය අනුවාදය ලෙස නිරූපණය කර, එමගින් තම සැඟවුණු අභිමතාර්ථයන් ඉෂ්ට කරගැනීමේ තැත වැරදිය.
නව දේශීය ICCPR පනතට සම්මුතියේ නම ලබා දීමෙන් තම සැඟවුණු චේතනාව මැනවින් ඉෂ්ට කර ගත හැකි වේ යයි රජය අපේක්ෂා කල හැඩයි.
තමන් කලේ ජාත්‍යාන්තර සම්මුතිය දේශීයව අනුගත කිරීමය යයි කියා එවකට රජය කර ඇත්තේ බොරුවකි.
2007 රජය ජාත්‍යාන්තරයද නොමඟ හැර ඇත.
ඉන්පසු පැමිණී සෑම රජයක්ම මෙම දේශීය පනත එලෙසින්ම අනුගමනය කළහ.
රජයක් පුද්ගලයෙකුට එරෙහිව දැඩි මානව හිමිකම් කඩකිරීම් සිදු කරන්නේ නම්, ජාත්‍යාන්තර ICCPR සම්මුතියේ වගකීම් කඩ කිරීම සම්බන්ධයෙන් එම රජයට එරෙහිව සිවිල් නීති ක්‍රියාමාර්ග ගෙන ඒමට අගතියට පත් පාර්ශ්වයට හැකි බවයි මෙම ජාත්‍යාන්තර සම්මුතිය පවසන්නේ. නමුත් දේශීය ICCPR පනතින් පුරවැසියන්ට/පුද්ගලයන්ට රජයට එරෙහිව නඩු පැවරීමේ එවැනි සහණ ක්‍රමයක්/යාන්ත්‍රනයක් ගැන නොදක්වයි. කළින් කීවක් මෙන්, එයින් කරන්නේ රජයට පුරවැසියනට විරුද්ධව නඩු දමා දැඩි දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයකි.
නමුත්, රජයේ ක්‍රියාවලීන් වලින් මානව හිමිකම් කඩවුවනට වෙනත් මාර්ග හරහා රජයෙන් වන්දි/සහන ඉල්ලා සිටිය හැක – උදා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය මගින් ලබාදෙන රජයට එරෙහිව මූළීක අයිතිවාසිකම් අයදුම්පතක් ගෙන ඒමට පුරවැසියාට ඇති අයිතිය, අභියාචනාධිකරණයේදී සාධාරණ රිට් ආඥා සඳහා අයදුම් කිරීමට ඇති හැකියාව ආදිය.
මෙම ලේඛකයාගේ නිතීඥත්වයෙන් ICCPR සම්මුතිය භාවිතා කරමින් ඕස්ත්‍රේලියානු රජයට එරෙහිව 1997 දී ඕස්ත්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ පන්ති ක්‍රියා මාර්ග (class action) 2 ක් ඔහු විසින් ආරම්භ කරන ලදී. ඒවා වුයේ:
ෆිලිප් රඩොක් එදිරිව ගාමිණී වසන්ත (Phillip Ruddock v Gamini Wasantha) ෆෙඩරල් උසාවියේ කැන්බරා රෙජිස්ත්‍රියේ) – පැමිණිලිකරුවන් සංඛ්‍යාව ශ්‍රී ලාංකික ජාතිකයන් 50ක් පමණ). මෙම නඩුව පසුව සිඩ්නි රෙජිස්ත්‍රිය වෙත මාරු කරන ලදී.
ෆිලිප් රඩොක් එදිරිව නෙයෝමාල් ප්‍රනාන්දු (Phillip Ruddock v Nyomal Fernando) ෆෙඩරල් උසාවියේ මෙල්බර්න් රෙජිස්ත්‍රියේ) – පැමිණිලිකරුවන් සංඛ්‍යාව, ශ්‍රී ලාංකික පුරවැසියන් 150ක් පමණ.
පසුව, නඩු දෙකම එකක් ලෙසට ඒකාබද්ධ විය.
ඕස්ත්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නිකුත් කර තිබූ මානුෂීය වීසා බලපත්‍රය එවකට ඕස්ත්‍රේලියානු (ලිබරල් ආණ්ඩුවේ) ආගමන අමාත්‍යවරයා වූ ෆිලිප් රඩොක් (Phillip Ruddock) මහතා විසින් අවලංගු කිරීම මත මෙම ක්‍රියාමාර්ගය මතු විය. එය 435 උප පංතියේ වීසා බලපත්‍රය විය.
වසර ගණනක් ඕස්ත්‍රේලියාවේ 435 විසා ඛාණ්ඩය යටතේ සිටී ශ්‍රී ලාංකිකයනට සති කිහිපයක් ඇතුළත ඕස්ත්‍රේලියාවෙන් පිටව යන ලෙසට රඩොක් අමාත්‍යවරයා නියෝගයක් 1997දී නිකුත් කළේය. ඔහුගේ අදහස වුයේ ජවිපෙ ත්‍රස්තවාදී භීෂණය අවසන් නිසා ශ්‍රී ලාංකිකයනට නිරුප්‍රදිතව නැවත ශ්‍රී ලංකාවේ වාසය සඳහා යා හැකි බවයි.
435 subclass visa යනු එවකට ශ්‍රී ලංකාවේ පැවති ප්‍රචණ්ඩ සිවිල් යුද්ධ, විශේෂයෙන්ම JVP කැරැල්ල හේතුවෙන් දින නියමයක් නොමැතිව ඕස්ත්‍රේලියාවේ රැඳී සිටීම සඳහා ඒ රටේ බොබ් හෝව්ක් කම්කරු රජය විසින් ශ්‍රී ලාංකිකයින්ට පමණක් නිකුත් කරන ලද සුවිශේෂ වීසා බලපත්‍රයකි. 1990 දශකයේ මුල් භාගයේ සංචාරකයන්, සිසුන්, දෙමව්පියන් සහ වෙනත් වීසා කිහිපයක් මත ඕස්ත්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නම් 435 උප පංතියේ වීසා බලපත්‍රය සඳහා අයදුම්පත් කිරීමට එම රජය අවසර ලබා දුණි. එය විශේෂිත විසා බලපත්‍රයක් වුයේ ඒ මඟින් අපේ අයට පුර්ණ ලෙස රැකියා කිරීමට ලබා දුන් අවසරය සහ ඕස්ත්‍රේලියානු Medicare සඳහා ලැබුණු වටිනා හිමිකමයි.
රඩොක්ගේ මෙම රෙගුලාසියෙන් අසාධාරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයන් මෙම ලේඛකයා වෙත යොමු විය. 435 උප පංතියේ වීසා බලපත්‍රය එක්වරම අවලංගු කිරීමෙන් ඕස්ත්‍රේලියානු රජය උප පංතියේ 435 වීසා දරන්නන්ට දැක්විය යුතු වගකීම් කඩ කළ බවට චෝදනා කරමින් ඔහු ඕස්ත්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ අයදුම්පත් ගොනු කළේය. මෙය ICCPR සම්මුතිය (ඕස්ත්‍රේලියාවේ වූ අදාළ පනත) උපයෝගී කරගෙන ඕස්ත්‍රේ ලියා රජයට සිවිල් වැසියන් විසින් පනනවන ලද ප්‍රථම නඩුවයි.
ජෝන් හොවාර්ඩ අගමැතිතුමාගේ ලිබරල් රජය ඕස්ත්‍රේලියාව විසින් අත්සන් කර ඇති ICCPR ජාත්‍යාන්තර සම්මුතියට පටහැනිව ක්‍රියා කළේය යන චෝදනාව එම නඩුව මඟින් පෙන්වා දුනිමි. වෙනත් නිතීමය චෝදනාද ගොනු කළෙමි.
ඕස්ත්‍රේලියානු අධිකරණය මෙම ලේඛකයාගේ අයදුම්පත් පිළිගත් අතර ඔහු ඕස්ත්‍රේලියානු අධිකරණය ඉදිරියේ එකී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් සොලිසිටර් සහ බැරිස්ටර්වරයෙක් ලෙස වසර කිහිපයක් ඉතා සාර්ථකව කරුණු දැක්වීය, තර්ක කළේය.
ශ්‍රී ලාංකිකයෝ සතුටු වූහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් ඕස්ත්‍රේලියාවේ පුරවැසියන්ව හොඳින් පදිංචි වී සිටිති.
මෙම නඩුව ඕස්ත්‍රේලියාවේ තවත් වැදගත් වන්නේ ආගමන නිතී පිළිබඳව එම රටේ මුල්ම පන්ති නඩුව (class action) වුයේ එය වීමයි. ‘Chanaka Bandarage -Father of Class Action’ යන සොඳුරු නාමයෙන් සිඩ්නි නුවර නිතීඥයන් අතර මෙම ලියුම්කරු ප්‍රචලිත විය.
ඉන්පසු,. හතු පිපෙන්නාක් මෙන් එවන් නඩු (Class Action) ඕස්ත්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ පැණ නැගුණි.
ICCPR සම්මුතිය රටක ජීවත්වෙන පුද්ගලයන්ගේ ප්‍රයෝජනය සඳහා ක්‍රියාත්මක වන ආකාරය දැක්වීමට මෙම සිද්ධිය කදිම නිදර්ශනයකි.
ICCPR දේශීය පනත මෙම රටේ සම්මත කරගෙන තිබෙන ආකාරයට ශ්‍රී ලංකාව තුල Phillip Ruddock v Gamini Wasantha, Phillip Ruddock v Nyomal Fernando වැනි නඩු ගොනු කර, පවත්වා ගෙන යාමේ ඉඩ ප්‍රස්ථාව ඉතාම අඩුය.
2007 දී ශ්‍රී ලංකාව කළේ පුරවැසියන්ගේ මූළික අයිතීන්/මානව හිමිකම් ආරක්‍ෂා වන පරිඩදී සම්මුති බැඳීම් සියල්ල කෙටුම්පත් කරනවා වෙනුවට වාර්ගික/ආගමික භේධ ඇති කරන්නේ යයි යයි චෝදනා නැඟෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරෙහිව ඉතා තදබල සම්බාධක පැණවීමට කටයුතු කිරීමයි.
මෙම ජාත්‍යාන්තර සම්මුතිය සැලසුම් කර ඇත්තේ රාජ්‍යයන් විසින් ‘ යහපාලනය’ සිදු කරවීමටය; ශ්‍රී ලංකාවේ දේශීය ICCPR පනත මූලික වශයෙන් කපටි ලෙස නිර්මාණය කර ඇත්තේ එය (පනත) කඩ කරන පුරවැසියන්ට දැඩි දඬුවම් නියම කිරීම සඳහාය.
ICCPR පනතේ යෝජකයින් තර්ක කරන්නේ 2007 දී රජය සම්මුතිය නිවැරදිව දේශීයව අනුගත කළ බවයි; දේශීය ICCPR පනතේ ප්‍රධාන විධිවිධානය වන 3 වන වගන්තිය බලාත්මක කිරීමට සම්මුතියේ 19 සහ 20 වගන්ති රජය විසින් නිවැරදිව භාවිතා කරන ලද බවය.
මෙම ලියුම්කරු පවසන්නේ මෙම තර්කය වැරදි බවයි:
පළමුව, සම්මුතියේ 20 වැනි වගන්තිය දේශීය ICCPR පනතේ 3 වන වගන්තිය වේ.
දෙවනුව, සම්මුතියේ 19 වැනි වගන්තිය පනතේ සම්මත කර ගෙන නොමැත.
දේශීය පනතේ 3 වන වගන්තිය පහත සඳහන් පරිදි කියැවේ – කිසිම පුද්ගලයෙක් යුද්ධය ප්‍රචාරය කිරීම හෝ වෙනස් කොට සැලකීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය සඳහා උසිගැන්වීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වෙනුවෙන් පෙනී නොසිටිය යුතුය.
සටහන – සම්මුතියේ 20 වැනි වගන්තිය පුද්ගලයන්/පුරවැසියන් කෙරෙහි විශේෂයෙන් යොමු කර නැත.
මෙම 3 වන වගන්තිය (පනතේ) ඉහළ අපරාධ අංගයක් ගණයට ගැනේ. මෙම වගන්තිය කඩ කරන පුද්ගලයන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකිය. ස්ත්‍රී දුෂණ, වෙනත් ලිංගික අතවරවල යෙදෙන අයෙකුට සිර දඬුවමක් ලෙස ලැබෙන්නේ වසර 7 – 20 දක්වා පමණක් වූ සිර දඬුවමකි. මේ නිසා රජය කෙනෙක් වාර්ගික/ආගමික කරුණක් ගැන බොහෝ විට වාචිකව හෝ ලිඛිතව කරන වරදක් පනත යටතේ ඉතාම දැඩි දඬුවම් ලබන වරදක් ලෙස කෙටුම්පත් කර ඇති බව පැහැදිලිව පෙනෙන සත්‍යයකි. මෙය සාධාරණ නොවේ.
මෙම දේශීය පනතේ චෝදනා ලබන්නෙකුට ඇප ලබා ගැනීම ඉතාම දුෂ්කර කටයුත්තකි. මහේස්ත්‍රාත්තුමෙකුට ඇප ලබා දීමේ බලයක් හෝ අභිමතයක් නොමැත. ඇප නොමැතිව වසරක පමණ කාලයක් රිමාන්ඩ් සිර භාරයේ සිටිය හැක.
මෙකී 3 වන වගන්තියට අනුව, එම පුද්ගලයා වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්අඩංගුවට ගත හැකි අතර ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණි, එයද සුවිශේෂී අවස්ථාවන්හිදී පමණි.
මෙය පැහැදිලිවම සම්මුතියට එරෙහි වූ සම්මත කර ගැනීමකි.
ජනතවට පනවන මෙවන් අපරාධ චෝදනා සම්මුතියෙන් දක්වා නැත.
ගොබෙල්ස් හෝ නාට්සි න්‍යායට අනුව නම් මෙකී දැඩි ‘දඬුවම්’ සාධාරණ විය හැක.
සම්මුතියේ 19 සහ 20 වගන්ති සිවිල් (civil) ක්‍රියා පටිපාටියට සම්බන්ධවේ – සම්මුතිය කිසි විටෙකත් 19 සහ 20 වගන්ති කඩ කරන්නන්ට එරෙහිව (රාජ්‍යයන් – එහි සේවකයන්/ඒජන්තවරුන්) සාපරාධී (criminal) සම්බාධක පැනවීමක් ගැන දක්වා නොමැත.
තම තමන්ගේ යටි අරමුණුවලට සරිලන පරිදි මේ තරම් නාටකාකාර ලෙස සම්මුතිය පාවිච්චි කර ගත් වෙනත් රටක් ගැන මෙම ලේඛකයා නොදනී.
නැවතත්, මෙහිදී, දේශීය පනත යටතේ, සම්මුතිය තමන්ගේම මානව හිමිකම් හැසිරීම් නංවාලීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කරනවාට වඩා, රජය තම පුරවැසියන්ට සාපරාධී දඬුවම් කිරීමට, ඔවුන් දඩමීමා කිරීමට එය භාවිතා කරයි.
ඉතිහාසගතව බැලීමේදී, ශ්‍රී ලංකාව තුළ රජය තම ඉතා නරක, යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා සම්මුතිය භාවිතා කර ඇත – තමන් අකමැති අය දඩයම් කිරීමට.
නැවතත් කරන්න යන්නේ මෙයමද?
ව්‍යවස්ථාදායකය විසින් නිත්‍යානුකූල ලෙස සම්මත කරන ලද පනත්/නිතී අනුගමනය කිරීමට අපගේ අධිකරණ බැඳී සිටී. මේ අනුව, දේශීය ICCPR පනත යටතේ වැරදි සිදු කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, එම පනත අනුව වැරදි කරුවනට දඬුවම් දීම සම්බන්ධයෙන් අප රටේ ගරු අධිකරණයට කිසිකෙනෙකුට විවේචනය කළ නොහැක. මේ අවස්ථාවේ දී ගරු අධිකරණය මුළුමනින්ම නිර්දෝෂී ය.
දේශීය ICCPR පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩු තිබේ, ලේඛකයා ඒවායේ කුසලතා මෙහිදී සාකච්ඡා කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරයි.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) උප ව්‍යවස්ථාවේ පුරවැසියාගේ කතා කිරීමේ නිදහස පිළිබඳ ඉතා පැහැදිලිව දක්වා ඇත. දේශීය ICCPR පනත (3 වන වගන්තිය) මේ වගන්තිය සමඟ ගැටෙන බව පෙනේ. එවැනි තත්වයක් තුළ 14 (අ) වගන්තිය (භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස) දේශීය ICCPR පනතේ විධිවිධානයට වඩා බලවත්ව නැගී සිටීයි. මෙය ICCPR චූදිතයනට මහත් සහණයකි.
ඇත්ත වශයෙන්ම ආගම් සහ මහා ආගමික නායකයින් හෑල්ලු කිරීමට කිසිවෙකුට නිදහසක් ලබා දිය යුතු නැත. රජයේ යුතුකම වන්නේ එවැනි වැරදි කරන අයට නඩු පැවරීමට විශේෂ නීති පැනවීමයි. ඒවා නම් අපහාස නීතී සහ ආගමික අන්තවාදයට එරෙහි නිතී (blasphemy laws). අපට දැනටමත් සමහරක් මෙවැනි නිතී තිබේ. උදා, අපරාධ නීති සංග්‍රහයේ 291A සහ B වගන්ති සඳහන්කල හැකියි.
මර්ධන කාරී මෙමෙ දේශීය පනත අහෝසී කර දැමිය යුතුය. සම්මුතියට අනුකූල වූ නව පනතට්ක් ගෙන ආ යුතුයි. එවිට, පුරවැසියනට රජයට එරෙහිව නඩු පැවරීමට හැකි වේ. දැන් ඒ හැකියාව ලබා දී නොමැත.
යම් පුද්ගලයෙක් සමාජ මාධ්‍ය භාවිතා කරමින් තවත් කෙනෙකුට එරෙහිව නිරන්තරයෙන් අපිරිසිඳු, අසභ්‍ය වචන (කුණුහරුප) ප්‍රකාශ කරන්නේ නම් එය නින්දිත ක්‍රියාවකි. මුළු සමාජයම ඒ පුද්ගලයා හෙළා දැකිය යුතුයි, ඒ පිළිබඳව සමාජය ‘කුලප්පු’ විය යුතුයි.
නමුත්, ඔහු/ඇය වාර්ගික/ආගමික අසමගිය ඇති කිරීමට කිසිවක් කර නොමැති නම්, ICCPR පනතේ 3 වැනි වගන්තිය යටතේ ඔහුට/ඇයට චෝදනා නැඟිය නොහැක.
නමුත් නීතීපති එවන් චෝදනා නඟා තිබේ.
ඒවා කෙනෙක් සිපිරි ගෙයට යැවීමට තරම් බරපතළ වැරදි නොවේ. ඔහුට/ඇයට පොදු නීතියේ මහජන පීඩා උල්ලංඝනය කිරීම (public nuisance) යටතේ චෝදනා එල්ල කළ හැක. අගතියට පත් පුද්ගලයින්ට ඔහුට/ඇයට විරුද්ධව සිවිල් අපහාසයක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය.
දේශීය ICCPR පනතේ 3 වැනි වගන්තිය ශ්‍රී ලංකාව තුළ සාපරාධී අපහාස චෝදනාව (criminal defamation) නැවත (යළි) හඳුන්වා දීමක්ද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විසින් අහෝසි කරන ලද එම නිතීය මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස නැවත ව්‍යංගාර්ථයෙන් හඳුන්වා දීමක් සිදු වීද?
පසුගිය වසර 30 තුළ සිංහල බෞද්ධයෙකුට තමන්ගේ යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට නැගී සිටීම එන්න එන්නම දුෂ්කර වී ඇත. ‘සිංහල බෞද්ධ අයිතීන්’ යන වචන මේ රටේ යම් තරමකට තහනම් වචන බවට පත්වී ඇද්ද?
බෙදුම්වාදී දෙමළ මන්ත්‍රීවරුන්/සමහර දෙමළ දේශපාලනඥයන්/සමහර දෙමළ ඩයස්පෝරාව – බටහිර රටවල සිටින විට පමණක් නොව ශ්‍රී ලංකාව තුළද බොහෝ වාර්ගික/ආගමික වෛරය ප්‍රචාරය කරයි.
මේ අය දිගින් දිගටම අන්ත ජාතිවාදී ප්‍රකාශ කරන අතර බරපතළ ජාතිවාදී ක්‍රියාවල නිරත වෙත්. එවැනි හැසිරීම් පිළිබඳ ලේඛනයක් ලේඛකයා සතුව ඇත.
ඔවුන් ධනාත්මක ජනවාර්ගික සබඳතා පෝෂණය කිරීමට මේ රටේ ඇති ප්‍රධානතම බාධාව වේ. උතුරු නැඟෙනහිර පුරාණ බෞද්ධ විහාරස්ථානවලට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වැඩම කිරීමට එරෙහිව පවා ඔවුන් කටයුතු කරත්. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල බෞද්ධ පුරාවස්තු විනාශ වීම නිරන්තරයෙන්ම සිදුවී ඇත.
මෙම ලේඛකයාගේ දැනුමට අනුව, පසුගිය කාලය තුළ, මෙම ජාතිවාදී වැරදිකරුවන් සැලකිය යුතු කාලයක් දේශීය ICCPR පනත යටතේ හෝ වෙනත් නීතියක් යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර නොමැත.
උතුරේ සහ නැඟෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශවල පදිංචි වීමේ අයිතිය සිංහළයන්ට අහිමි කර ඇත. මූළීක වශයෙන් සිංහළයන් සීමා වී ඇත්තේ මෙම කුඩා දිවයිනේ (භූමි ප්‍රමාණය 2/3ක් පමණ) පළාත් 7කට පමණි. මෙය දෙමළ හා මුස්ලිම් ජාතීන්ට මෙන් සිංහල ජාතියට ව්‍යාප්ති වීමට බාධකයකි.
මේ රටේ සිංහළ ජනගහනය අඩු වෙමින් පැවතෙන බව සියළු දෙනා දන්නා රහසකි.
දෙමළ සහ මුස්ලිම් ජනතාවට තමන් කැමති ඕනෑම තැනක ජීවත් විය හැකියි. මෙය හරිය; මෙම ලේඛකයා එය විවේචනය නොකරයි. .
නමුත්, එම අයිතියම සිංහළයාට ද සතු විය යුතුය.
රටේ සෙසු ජාතීනට කෙසේ වෙතත් මහත් ව්‍යසනයකදී සිංහළයාව භාර ගැනීමට ලොව වෙනත් කිසිම රටක් නැත. ඔවුන් ශ්‍රී ලංකාවෙන්ම පැන නැගුවෝ වෙත් (indigenous people).
උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල ඉඩම් මිලදී ගැනීමෙන් සිංහළයන් සූක්ෂම ලෙස වළක්වනවා පමණක් නොව, බදු පදනම මත ඉඩම් ලබා ගැනීමට පවා ඔවුනට නොහැකි තත්ත්වයක් පවතී. අද ශ්‍රී ලංකාවේ විශාලතම මානව හිමිකම් කඩවීම මෙයයි.
සිංහළයා උතුරේ පදිංචි වීම වැලැක්වීම සඳහා නොකරන දෙයක් නැති උතුරේ රාජ්‍ය නිලධාරීන් වෙත්.
උතුරේ සමහර සිංහළ ගම් වල ද්‍රවිඩ ජනයා ගෙනැවිත් පදිංචි කිරීමට/ සිංහළයන් එම ගම් වලින් ඉවත් කිරීමට ඔවුන් නොකරණ දෙයක් නොමැත.
මෙය අන් ජාතීන් සමඟ සැසඳීමේදී සිංහලයනට වෙනස් කොට සැලකීමකී. දේශීය – ICCPR පනතේ 3 වැනි වගන්තිය තදබල වශයෙන් උල්ලංඝනය කිරීමකි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ඌ වගන්තිය උල්ලංඝනය කිරීමකි (ශ්‍රී ලංකාව තුළ ගමන් කිරීමේ සහ පුද්ගලයාග් අභිමත ස්ථානයක පදිංචිය තෝරා ගැනීමේ නිදහස).
එය සම්ප්‍රදායික ජාත්‍යාන්තර නීතියටද (Customary International Law) පටහැණි වීමකි.
කිසිවෙකු මේ ගැන කතා කිරීමට එඩිතර නොවේ; මහා සංඝරත්නය පවා.
සැම මේ ගැන ප්‍රදර්ශනය කරනුයේ පුදුම නිහැඬියාවැකි. මෙයට එක් හේතුවක් වන්නේ කලින් සඳහන් කළ පරිදි සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සමකාලීන ශ්‍රී ලංකාව තුළ යම් තරමකට තහනම් දෙයක් වීමයි. එවැනි පුද්ගලයන් සමහර විට සිංහලයන් විසින්ම පහත් කොට හෙළා දකී, සුවිශේෂයෙන්ම සමාජ මාධ්‍යයන් මඟින්.
දේශීය ICCPR පනත ක්‍රියාත්මක වී රජය ඔවුන්ව දඩයම් කරනු ඇතැයි ජනතාව නිරන්තර බියෙන් පසුවෙත්. මෙය රටකට හොඳ දෙයක් නොවේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව ආසියාවේ මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූ රටක් බව මුළු ලොවම දන්නා නිසා.
දේශීය ICCPR පනත යටතේ සහ වෙනත් නීති යටතේ සිංහළ ක්‍රියාකාරීන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් උදාහරණ තිබේ.
ICCPR පනත යටතේ මුළින්ම වාගේ රීමන්ඩ් බන්ධනාගාර ගත වූවෙකි අභාවප්‍රාප්ත ඩැන් ප්‍රියසාද් මහතායි. සිංහලයන් වෙනුවෙන් අභීත නාදයක් නැඟූවෙකි එතුමා. එතුමාට නිවන් සැප ලැබේවා!
පසුගිය වසර 30 තුළ සිංහල බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම මර්ධනය විශාල ලෙස වර්ධනය වූයේ රට පාලනය කළ දේශපාලනඥයන්ට සහ දැනට රටේ තිබෙන බොහෝ විද්‍යුත් මාධ්‍යවලට ප්‍රධාන ලෙස පින්සිදු වන්නටය. මේ වන විට සමාජ මාධ්‍යද මේ මැන්ටලය කර තබා ගෙන යයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලාව ඔවුන් නිරන්තරයෙන් අපහාස ස්වරයෙන් හඳුන්වනු ලැබේ.
ඉදිරියට පැමිණ සිංහළ, බෞද්ධ ප්‍රශ්ණ ගැන කථා කල බොහෝ එඩිතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඊනියා සමාජ මාධ්‍ය වේදීන් විසින් විවිධ උපක්‍රම යොදා නිහඬ කර ඇත.
නමුත්, බුද්ධාගම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අප සතුව ඇති බව සාඩම්බරයෙන් සිහිපත් කර ගනිමු.
9 අහෝසී කිරීමට දත කන බොහෝ දෙනෙක් (ඊනියා සිංහල, බෞද්ධයන්) දකුණේ ඇති බවද සිහිපත් කර ගනිමු.
‘සිංහළ’ සහ ‘බුද්ධාගම’ ගැන සිතා මතා ම ගොඩනැගෙමින් පවතින අයහපත් හැඟීම නිසා අපේ ශ්‍රේෂ්ට සිංහළ සංස්කෘතියෙන්, සාරධර්මවලින්, චර්යාවලින් සහ බෞද්ධ ඉගැන්වීම්/අධ්‍යාපනයෙන් ළමයින් හා තරුණ පිරිස් දිගින් දිගටම ඈත් වෙමින් පවතී. බෞද්ධ දහම් පාසැල් විනාශ කිරීමට ටියුෂන් මුදලාලිලා උවමනාවෙන්ම ඉරිදා උදේ ටියුෂන් පංති අටවා ගන සිටිත්. අද ශ්‍රී ලංකාව පුරාම දහම් පාසැල් සීග්‍රයෙන් හිස් වෙමින් යයි.
සිංහලයෝ, බෞද්ධයෝ විශාල වශයෙන් වෙනත් ආගම් සහ සංකර බටහිර සංස්කෘතීන් වෙත වේගයෙන් ආකර්ෂණය වෙමින් සිටිති.
හොඳම උදාහරණයක් නම් මේ රටේ ඉවැන්ජලිකල්/පෙන්ටකෝස්ටල් කණ්ඩායම් වල පුදුමාකාර ලෙස වන නැඟීම්ය.
සිංහල ජාතිය විශේෂයෙන් සිංහළ බෞද්ධයා පල්ළම් බැසීම පුදුමයක් නොවේ. එය මිය යන ජාතියක් නොවේ, නමුත් නිසැකවම මෙම 21 වන සියවස තුළ මෙම භූමියේ සුළුතරයක් බවට ඔවුන් පත්වනු ඇත.