ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය
March 17th, 2019මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇත. 2015 ඔක්තෝබර් මාසයේ මේ ආකාරයට මුල් වතාවට සම අනුග්‍රාහකත්වය දක්වා සම්මත කර ගනු ලැබූ අංක 30/1 දරණ යෝජනාව තුළින් වත්මන් ආණ්ඩුව භාරගත් එක් කාර්‍යයක් වන්නේ ලංකාවට විරුද්ධව තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශණ නිලධාරීන්ගේ සහභාගීත්වය සහිත ‘දෙමුහුන්’ අධිකරණයක් පිහිටුවීමයි. උසාවියේ නඩුවක් ගොනු කිරීමට තරම් සාක්‍ෂි නැති වුවත් මානව හිමිකම් උල්ලංඝනය කළාය කියා සැකයට භාජනය වී සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයක් තුළින් සේවයෙන් ඉවත් කිරීමටත් ඔවුන් එම යෝජනාව තුළින් එකඟ විය. 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම තුළින් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාව සම්බන්ධයෙන් සම්පාදනය කර තිබූ 2015 සැප්තැම්බර් 28 දින දරණ අංක 30/61 වාර්ථාවද ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිල වශයෙන් පිළිගැනීම සිදු විය. එම වාර්ථාවෙන් සැකකරුවන්ට වද බන්ධන පැමිණවීම, අතුරුදහන් කරවීම, සිවිල් ජනතාව හිතාමතාම ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, යුද කළාපය තුළ සිටි සිවිල් ජනතාවට මානුෂීය ආධාර සැපයීම වැලැක්වීම වැනි චෝදනා විශාල ගණනක් ලංකාවට විරුද්ධව එල්ල කර තිබුණි.
30/1 යෝජනාව තුළින් දෙනු ලැබූ ඇතැම් ප්‍රතිඥා මේ ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කර ඇත. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විනාඩි 40 කටත් වඩා අඩු කාලයක් විවාද කිරීමෙන් පසු ඔවුන් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කර ගත්තේය. මෙය ‘කාර්යාලයක්’ හැටියට හැඳින්වුවද, එය ඇත්ත වශයෙන්ම සිතාසි නිකුත් කිරීමට, සාක්ෂි කරුවන් කැඳවීමට හා විභාග පැවැත්වීමට බලය සහිත විනිශ්චය සභාවකි. එහි නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක් හෝ බන්ධනාගාරයක් ඕනෑම වෙලාවක වරෙන්තු නොමැතිව සෝදිසි කොට ඔවුන්ගේ විමර්ශන වලට අවශ්‍ය ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගැනීමට බලය ඇත. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන වලට පටහැනිව වුවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දැක්වීමට අනිවාර්යෙන්ම බැඳී සිටී.
2018 මාර්තු මාසයේ දී මහා සංඝරත්නයේ විරෝධයත් නොතකා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ විධිවිධාන ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා ආණ්ඩුව 2018 අංක 05 දරණ පනත සම්මත කර ගත්තේය. ලංකාව තුළ සිදු වූවා යැයි කියන අතුරුදහන් වීමක් තමන්ගේ රට තුළ සිදු වූවාක් මෙන් විදෙස් රටකට වුවද විභාග කිරීමට මින් ඉඩ සැලසේ. එවන් චෝදනාවක් මත ශ්‍රී ලාංකිකයෙකු හිර භාරයට ගන්නා රටකට එම පුද්ගලයාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට වුවද බලය ඇත. මේ නව නීතිය යටතේ ලංකාව තුළ අතුරුදහන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයෙකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පැවරීමත් සිදු කළ හැක.
2002 අංක 25 දරණ අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට 2018 අගෝස්තු මාසයේදී ගෙන එනු ලැබූ සංශෝධන තුළින් එම පනතේ විධිවිධාන රටවල් විශාල ගණනකට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ජාත්‍යන්තර සංවිධානවලටත් වලංගු වෙන ආකාරයට පුළුල් කරනු ලැබුවේය. ලංකාව තුළ විදේශීය රටවලට අවශ්‍ය සැකකරුවන් හෝ සාක්‍ෂිකරුවන් සොයා ගැනීම, එවන් පුද්ගයන්ට සිතාසි ඇතුලු වෙනත් ලියවිලි ලැබීමට සැලැස්වීම, සාක්‍ෂි සොයා ගැනීම, වරෙන්තු අනුව සෝදිසි සිදුකිරීම, වැනි කාරණා වලට මෙම නීතිය අදාල වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, මානව හිමිකම් කවුන්සිලයේ වර්ථමාන සැසි වාරයට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන වාර්ථාවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන අයට විරුද්ධව තම තමන්ගේ රටවල යුනිවර්සල් ජූරිස්ඩික්ශන්” සංකල්පය යටතේ නඩු පවරන මෙන් මානව හිමිකම් කවුන්සිලයේ සියලුම සාමාජික රටවලට උපදෙස් දී ඇත. මේ ඉල්ලීම අපේ රටේ මෑතකදී සම්මත කරගත් ඉහත සඳහන් අලුත් පනත් තුනට ඍජුවම සම්බන්ධ වන අකාරය කාටත් පැහැදිලි විය යුතුය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ නවතම වාර්තාවේ අන්තර්ගතය දෙස බලන විට ලංකාව තවදුරටත් සෛවරී රාජ්‍යයක්ද යන ප්‍රශ්නය පැණ නැගේ. එතුමිය ජිනීවා වල සිට ලංකාවේ බලය බෙදීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හැටියට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන ඇය අප්‍රසාදය පල කර ඇත. අගමැතිවරයා මෑතකදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාගත කළ විශේෂඥයන්ගේ වාර්ථාව ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් සඳහා හොද පදනමක් සපයන බව ඇය ප්‍රකාශ කර ඇත. ජිනීවා නුවරින් එවන් අධීක්‍ෂණයක් සිදු වෙන විට ලංකාවට ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවක් කුමටද?
අපේ රණවිරුවන් හා යුද්ධයට නායකත්වය දුන් දේශපාලන බලධාරීන් විදේශ රටවලට පාවා දීම සඳහා 30/1 යෝජනාවට යහපාලන ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වූයේ ඔවුන්ට විදේශ ආධාර විශාල වශයෙන් ලැබේවිය යන බලාපොරොත්තුව තිබුණ කාල වකවානුවකය. විදේශීය මැදිහත්වීම් තුළින් ඇතැම් රටවල අලුත් ආණ්ඩු පිහිටුවීමෙන් පසු අදාල රටවල බලයෙන් පහ කරනු ලැබූ දේශපාලන හා හමුදා නයකයන් විදේශ බලවතුන්ට පාවා දෙනවාට තෑගි වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් එම රටවලට ලැබුණ අවස්ථා මීට පෙර අපි දැක ඇත. විදේශ බලවතුන් එවන් ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, ඒ යටත් කරගත් රටේ ජාතිකවාදී බලවේග නැවත නැගිටින්නේ නැති තැනට වගබලා ගැනීම සඳහාය. වර්ථමාන ආණ්ඩුව කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව 30/1 යෝජනාවේ සියලුම ජාතිද්‍රෝහී විධිවිධාන වලට එකඟ වූයේ එවන් බලාපොරොත්තු නිසා බව මම තදින්ම විශ්වාස කරමි.
මෙවර මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි සටන මෙහෙයවනු ලබන්නේ බ්‍රිතාන්‍යය විසිනි. කළින් මේ සටන මෙහෙය වූ ඇමරිකා එක්සත් ජනපදය, මානව හිමිකම් කවුන්සිලය දේශපාලන පක්‍ෂත්ග්‍රාහීත්වයෙන් පිරුණු අසූචි වලක්” ලෙස හඳුන්වා එයින් ඉවත් වී ඇත. සෑම රටකම ආණ්ඩු වෙනස් වේ. එයත් සමඟම ආකල්ප හා ප්‍රතිපත්තිත් වෙනස් වේ. අද පවතින්නේ 30/1 යෝජනාව සම්මත වූ අවස්ථාවේදී පැවති ජාත්‍යන්තර තත්වය නොවේ. නමුත් අපේ රටේ තවමත් ලෝකය පුරාම අභාවයට යමින් පවතින දේශපාලන ප්‍රවාහය සමඟ ගැට ගැසුණු ආණ්ඩුවක් තිබෙන නිසා 2016 සිට ලෝකය පුරා සිදු වීමට පටන්ගත් පෙරළි වලින් ලංකාවට ලැබිය යුතු වාසි ලබා ගැනීමට නොහැකි වී ඇත.
බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉවත් කරවා ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදි සිටී. 2011 දී එකල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වූ බෑන්කී මූන් මහතා විසින් පත් කරන ලද නිල නොවන කමිටුවක් විසින් සම්පාදනය කල දරුස්මාන් වාර්ථාවේ යුද්ධයේ අවසන් කාලයේදී දෙමළ සිවිල් පුරවැසියන් 40,000 ක් මිය ගිය බවට සම්පූර්ණයෙන්ම මනංකල්පිත ලෙස නිගමනය කර තිබූ අකාරය ඔහු බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයට පැහැදිලි කර ඇත. යුද්ධයේ අවසන් කාලයේ ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂ සම්බන්ධීකරන නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් මහතා, ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ විනය ගැනත්, කොටි බල ප්‍රදේශයෙන් මිදී ආ සිවිල් වැසියන්ව යුද හමුදාව විසින් මනාව රැකබලාගත් ආකාරය ගැනත් 2009 ජනවාරියේ දී තමන් සමඟ ඉතා ප්‍රසංශාත්මකව කතා කල හැටි නෙස්බි සාමිවරයා විස්තර කර ඇත. ඒ කාලයේ ලුතිනන් කර්නල් ගෑෂ් ලංකාවේ සිට බ්‍රිතාන්‍යට යවා තිබුණු වාර්ථාවල පිටපත් ලබාගෙන ඒවායේ සාක්‍ෂි අනුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් නොතිබුණු බවට නෙස්බි සාමිවරයා ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇත.
එමෙන්ම යුද නීතිය පිළිබඳ ප්‍රධානම පෙලේ ජාත්‍යන්තර විශේෂඥයන් පස් දෙනෙකු, එනම්, රැජිනගේ නීතීඥ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, මහාචාර්යය ඩේවිඩ් ක්‍රේන්, රැජිනගේ නීතීඥ ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, රැජිනගේ නීතීඥ රොඩ්නි ඩික්සන් හා මහාචාර්යය මයිකල් නිව්ටන් යන නීති විශාරදයන් පස් දෙනා ලංකාවේ යුද්ධයේ අවසන් මාසවලදී යුද නීතියේ විධිවිධාන කිසිවක් උල්ලංඝනය නොවුණු බවට ලිඛිත වාර්ථා සපයා ඇත. බ්‍රිතාන්‍යයේ විශේෂ හමුදා බලකායේ හිටපු අණ දෙන නිලධාරියෙකු වන මේජර් ජනරාල් ජෝන් හෝම්ස් බර අවි භාවිතය ගැන වෙනම තාක්‍ෂණික විමර්ශණයක් සිදු කර, යුද්ධයේ අවසන් අදියරේදී බර අවි භාවිතය අයුතු ලෙස සිදු නොවුණු බවට වාර්ථාවක් සපයා ඇත. ශ්‍රී ලංකා යුද හමුදාව සිතාමතාම සිවිල් ජනතාව ඉලක්ක කළාය යන අදහසත් ඔහු පැහැදිලිව ප්‍රතික්‍ෂේප කර තිබේ. 2011 දරුස්මාන් වාර්ථාවේ බර අවි භාවිතය සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඔස්සේ ලබාගෙන තිබෙනවා යැයි කිවූ සාක්‍ෂිද ඔහු තදින්ම විවේචනය කර ඇත.
ලංකාවට පක්‍ෂව මේ ආකාරයට අදහස් ප්‍රකාශ කර තිබෙන විශේෂඥයන්ගෙන් බහුතරය බ්‍රිතාන්‍ය ජාතිකයන් වේ. නමුත් මේ යෝජනා සම්මත කිරීම නවත්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සිදු කර නැත. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා සහ යූ.එන්.පී ආණ්ඩුව නියෝජනය කරමින් ජිනීවා නුවරට ආණ්ඩුවේ දූත පිරිසක් ගොස් සිටී. එහිදී සම්මත කිරීමට යන අලුත්ම යෝජනාව ගැන ආණ්ඩුව වෙනුවෙන් කතා කරමින් ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලබා ඇති ප්‍රගතිය ගැන එම යෝජනාවෙන් ලංකාව ප්‍රසංශා කර ඇති බවින්, එයට සම අනුග්‍රාහකත්වය ලබා දීම ප්‍රශ්නයක් නොවන බවයි. ලංකාව ගැන ප්‍රසංශාත්මක වචන කිහිපයක් එම යෝජනාවේ ඇත්ත වශයෙන්ම තිබේ. නමුත් ඒ කියන ප්‍රසංශාව හිමිව ඇත්තේ අප ඉහත සඳහන් කළ රණවිරුවන් පාවාදෙන නව නීති සම්මත කිරීම වැනි ආණ්ඩුව විසින් සිදු කර ඇති මහා ජාතීද්‍රෝහීකම් වලටය. වත්මන් ආණ්ඩුවේ විදෙස් හාම්පුතුන්ගේ ප්‍රසංශාව හිමි වෙන්නේ පාවාදීමකට පමණි.
පාර්ලිමේන්තුවේ මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්, විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයට ඉදිරිපත් කර තිබෙන වාර්ථාවේ සඳහන් සියළුම දේවල් වලට ආණ්ඩුව එකඟ නොවන බවයි. එසේ එකඟ නොවෙන කරුණකට උදාහරණයක් සපයමින් විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියේ උතුරේ ඉඩම් නැවතත් සිවිල් වැසියන්ට මුදා හැරීම සම්බන්ධයෙන් එම වාර්ථාවේ සඳහන් දත්ත වලට ආණ්ඩුව එකඟ නැති බවයි. එවැනි නොවැදගත් කාරණා වලට විරුද්ධ වීමෙන් කිසිදු පලක් නැත. මේ රටේ ජනතාව සැබවින්ම බලාපොරොත්තු වෙන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියටත්, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලටත් නිල වශයෙන් දන්වමින්, පහත සඳහන් ආකාරයේ පැහැදිලි ස්ථාවරයක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු දැකීමටයි.
අ) මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් සම අනුග්‍රාහකත්වය දක්වන්නේ නැත.
ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් 2015 සැප්තැම්බර් 28 වෙනිදා නිකුත් කළ අංක 30/60 දරණ වාර්ථාවේ ඇති චෝදනා කිසිවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිගන්නේ නැත.
ඇ) විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ‘දෙමුහුන්’ යුද අධිකරණයක් කිසිදාක පිහිටුවන්නේ නැත.
ඈ) ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට හා ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතීන්වලට බෙහෙවින්ම හානිකර වන 2016 අංක 14 දරණ පනතත්, 2018 අංක 05 සහ 24 දරණ පනත් දෙකත් අවලංගු කර ඒ වෙනුවට ලංකාවේ අවශ්‍යතා වලට ගැලපෙන ආකාරයේ නව නීති සම්පාදනය කරනු ඇත.
එවන් පැහැදිලි ස්ථාවරයක් නොගෙන වෙන කුමක් කළත්, එය රට ජාතිය පාවාදීමක් මිස අන් කිසිවක් නොවන බව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජිනීවා නුවරට ගොස් සිටින ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් අවබෝධ කරගත යුතුය.
මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක










The fact that the Obama administration managed to get a clear majority in the UNHRC only twice and that too with the narrowest of margins and failed to get even that on the third occasion shows how the power of the USA has waned. This writer was told by a Sri Lankan government delegate who attended the Geneva sessions at that time that the US State Department had deployed dozens of officials to canvass for votes for the resolution against Sri Lanka. Their strategy was to persuade countries to vote against Sri Lanka or at the very least to abstain so that the Americans could win by default. The recordings of the UNHRC sessions in 2012, 2013 and 2014, show that all those who abstained, spoke in favour of Sri Lanka in the Council and then abstained only due to relentless pressure from the USA.










According to new trends within developing societies, each nation has chosen its own language as its official language, especially in multi-cultural societies. The United Nations adopts six languages, English, French, Spanish Russian, Chinese and Arabic as the ‘official languages’ used on official written documentation.