ඉදිකිරීම් පනතේ හිතූවක්කාර කූඨප‍්‍රාප්්තිය, විෂම චක‍්‍රය හා නන්නත්තාර නියාමනය
Posted on November 8th, 2014

ආචාර්ය චන්දන ජයලත්

නව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත හරහා ඉදිකිරීම් ෙක්‍ෂ්ත‍්‍රයේ ප‍්‍රවර්ධනය, සුභසිද්ධිය, නියාමනය හා රාජ්‍ය මැදිහත්වීම වෙනුවෙන් නිශ්චිත බලාධිකාරයක් ස්ථාපිත වීමට නියමිතය. එය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ලෙස හඳුන්වයි. ඒ සමගම මේ දක්වා තිබූ ඉදිකිරීම් පුහුණු කිරීමේ හා සංවර්ධන ආයතනය (ඉක්ටාඞ් ආයතනය* අහෝසි වෙයි. ඊට භාර වී තිබූ බොහෝ දෑ කැටි කොට ගත් විට එය ඉදිකිරීම් නියාමනය ලෙස හැදින්වීම සාධාරණය. අනුකමිටු, කමිටු, නියාමන කමිටු, අධ්‍යක්‍ෂ මණ්ඩලය වශයෙන් විශේෂඥතාවය, නියෝජනය, නිර්දේශය, අනුමැතිය ලැබ කෙරෙන ඉදිකිරීම් නියාමනය හරහා ගුණාත්මක බවින් වඩාත් උසස් ඉදිකිරීම් සංස්කෘතියක් බලාපොරොත්තු විය. ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පිරිවිතර හඳුන්වා දීම, දේශන, සම්මන්ත‍්‍රණ හා පුහුණු පාඨමාලා පැවැත්වීම, ඉක්ටාඞ් මිල සූත‍්‍රයට අදාළ වූ උපදෙස් සැපයීම හා අර්ථකථනය, ආරවුල් විසඳීම මෙන්ම ජාතික මට්ටමින් කොන්ත‍්‍රාත්කරුවන් වර්ගීකරණය, ජාතික ප‍්‍රසම්පාදනය පිළිබඳ උපදෙස් සැපයීම, පැමිණිලි විභාග කිරීම, සම්මාන ප‍්‍රදානය යනාදී මේ සියල්ලම දැනටමත් තිබෙන එ්වාය. මේ සඳහා භාවිතා කරන මෙවලම් අතර සම්මත ප‍්‍රමිතීන්, පිරිවිතර, මිනුම්ක‍්‍රම, ගිවිසුම් කොන්දේසි, ප‍්‍රසම්පාදන ක‍්‍රමෝපායන් මෙන්ම පුහුණුව, සමාලෝචනය, තාක්‍ෂණ විගණනය, පසු විපරම්ද ඇතුලත් වෙයි. එය යහපත් වැඩ සංස්කෘතියක අඩිතාලමයි. එතරම් අධිකාරි බලයක් නොතිබුණ ද බොහෝ දෙනා එ් මත යැපෙන්නට වූයේ කාලයක් මුළුල්ලේ සිදුකළ සකී‍්‍රය සේවා වපසරිය තුළ ලැබූ කීර්තිනාමය හේතු කොට ගෙන බව නොරහසකි.

මා රාජ්‍ය අංශයේ වැඩිම වාර ගණනක් ගොඩ වූ ආයතනයක් ඇත්නම් එය ඉක්ටාඞ් ආයතනයයි. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනාගේ අත්දැකීමත් එයමයි. මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ව සිටි අවධියේදී ක්‍ෂේත‍්‍රයට අදාළ තොරතුරු ගවේෂණය පිණිස ඉක්ටාඞ් ආයතනයට එ්ම පුරුද්දක් වී තිබිණි. එහිදී මා දුටු ගාම්භීරබව හා උද්යෝගිමත්බව තාමත් මතකය. ඉංජිනේරු අර්ල් මුණසිංහ යුගය, ආචාර්ය හර්මන් කෝන්රඞ් එච් ද තිසේරා යුගය, මහාචාර්ය ලක්‍ෂමන් ද අල්විස් යුගය, මහාචාර්ය දයන්ත විජේසේකර යුගය ගැන එහි සේවකයින් කතා කරන්නේ මහත් අභිමානයෙන්ය. හුදු පුද්ගල පෞර්ෂය පදනම් කොට ගත් අභිමානනීය නායකත්වයක් හරහා එදා මෙදා තුර එම ආයතනයට බොහොමයක් වෘත්තීයවේදීන් කළ සුවිසල් මෙහෙවර අගය කරමු.

එහෙත්, මීට අවුරුදු හත අටක වේලේ පටන් ඉක්ටාඞ් ආයතනයට සෙනසුරු එ්රාෂ්ඨකයක් පතිත වන්නට විය. පෙත්සම්, කට කතා කරලියට ආයේය. බඳවා ගැනීම් හා උසස්වීම් පිළිබඳ ගැටලූ මතුවන්නට විය. සුදු කොළර වෘත්තීය වාෆියාව හිස ඔසවන්නට විය. දේශපාලන හෙන්චයියන් යලට මහට එන සභාපතිවරු බවට පත්විය. ඡුන්දය ඉල්ලා පැරදුනු අයට කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ තනතුරු පිරිනැමුණේය. නඩු හබ ඇතිවුණ. විගණන ප‍්‍රශ්න මතු වන්නට විය. අක්කර හැට පහකින් යුතු ගල්කුළමේ යන්තෝ‍්‍රපකරණ පුහුණු පාසලේ යන්ත‍්‍ර සූත‍්‍ර දිරාපත් වන්නට විය. අකුරේගොඩ පාරේ සීට‍්‍රැක් ආයතනයටත් හරිහමන් වැඩ පිළිවෙලක් නොතිබුනේය. එහි නේවාසිකාගාරවල ලගින්නට වූවෝ දේශපාලන ගෙවලයෝය. ක‍්‍රම ක‍්‍රමයෙන් අධ්‍යක්‍ෂ පුටු හිස් වන්නට විය. ප‍්‍රධාන ශ‍්‍රවණාගාරය නොමිලේ පවත්වන දේශපාලන රුස්වීම්වල තෝතැන්නක් බවට පත්විය. ඒවාට සහභාගීවීමට සේවකයින්ට අණ ලැබිණ. දෙන දෙයක් කා වෙන අතක් දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් සේවකයින්ට නොවූය. අකාර්යක්‍ෂමතාවයෙන් ඔද්දල් වූ වැඩ සංස්කෘතියක් අවසානයේ ඉතිරි විය. ඒ අනුව ඉක්ටාඞ් ආයතනයට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුනේ හෙමිහිටය. අරපරිස්සෙමින්ය. තමනට ජීවත්වීම පිණිස ස්වාධීනව තමන්ගේම වැඩ පිළිවෙලකට යාමට උපදෙස් දී තිබුණි්. වරෙක භාණ්ඩාගාරය විසින් ඉක්ටාඞ් ආයතනය වසා දමන ලෙස ද නිර්දේශ කර තිබූයේය. මෙකී පසුබිම තූල නව පනතක් කලඑළි බැස්සද එය ප‍්‍රමාණවත් සංවාදයකට බඳුන්වී ඇතැයි මම නොසිතමි.

යෝජිත පනතින් උපදේශන සභාවක්, සංවර්ධන අධිකාරියක් හා සංවර්ධන අරමුදලක් පිහිටුවනු ඇත. ජාතික ඉදිකිරීම් ප‍්‍රථිපත්තියක් සකස් කිරීම එකී උපදේශන සභාවට පැවරී ඇති ප‍්‍රධාන වගකීමයි. ජාතික ප‍්‍රතිපත්තිය සැකසීමේ දී, සම්ප‍්‍රදායානුකූල දැනුම සහිත සම්පත් දායකයින් ඇතුළු ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තිකයන්ගේ සහභාගිත්වය අපේක්‍ෂා කරයි. පනතට අනුව ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ හවුල්කරුවන්්ට අනාගතයට යා දෙන උපක‍්‍රමික දිශාව හදුන්වා දිය යුත්තේ තිහකට අධික වූ එම යෝජිත උපදේශන සභාවටයි. එය ක‍්‍රියාත්මක කිරීමේ යාන්ත‍්‍රනය සකස් කිරීමත් මොවුනට භාරවී ඇත. යෝජිත අධිකාරියේ පරිපාලන බලය විසි දෙනෙකුගෙන් යුත් කළමණාකරණ මණ්ඩලයක් වෙත පවරා ඇත.

මේ වන විට දළ දේශීය නිෂ්පාදිතය තුළ 9% ක අගයක් ගෙන ඇති ඉදිකිරීම් වපසරිය තුළ ඉදිකිරීම් නියාමනය නමැති කාරණය පටන්ගන්නේ කොන්ත‍්‍රාත්කරුවන්ගේ ලියාපදිංචියෙන් වුවද එය ප‍්‍රාරම්භක අවස්ථාවකි. කොන්ත‍්‍රාත්කරුවෙක් ලෙස ඉක්ටාඞ් ආයතනයේ ලියාපදිංචි වී සිටීම රාජ්‍ය ප‍්‍රසම්පාදන රෙගුලාසිවල අනිවාර්යය වුවද එම ගණන සෑම වසරකම දෙදාහ-දෙදහස් දෙසීයක පිරිසක් අතර දෝලනය වීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද? එක්කෝ නවකයින්ට ක්‍ෂේත‍්‍රය තුළ රැුදී සිටිය නොහැක. නැත්නම් රාජ්‍ය ප‍්‍රසම්පාදනය තුළ ව්‍යාපෘති ලබා ගැනීමට අවැසි ලියාපදිංචිය එතරම් වලංගු සාධකයක් නොවීමයි. එසේත් නැතිනම් විවිධ රාජ්‍ය ආයතන තමන්ට රිසි සේ ව්‍යාපෘති නියාමනයක නිරත වී සිටින බවයි.

පනතට අනුව මීට ඉහතදී කොන්ත‍්‍රාත්කරුවන්ට පමණක් සීමා වී තිබූ ලියාපදිංචිය උපදේශකවරුන්ගෙන් පටන් ගෙන නිෂ්පාදකයින් දක්වා වූ සැපයුම් ජාලයේ අන්තිම කොනටම පතුරුවාලීම බලාපොරොත්තූ වෙයි. එහෙත් එනයින් උපයා ගන්නා විශාල මුදල පෙරලා ඉදිකිරීම් උන්නතිය වෙනුවෙන් ආයෝජනය වන ආකාරය ගැන කතා කරන්නේ ප‍්‍රතිශතවලින් පමණි. ඊට හිස් තැනක් යෙදීමෙන් සිදුවන්නේ අධිකාරී බලය අත්තනෝමතික ලෙස යෙදවීමට ඇති අවස්ථාවක් නිර්මාණය කරගැනීමයි. දැනටමත් කොන්ත‍්‍රාත් ලියාපදිංචි මුදලින් එදා වේල සරිකර ගන්නා තත්ත්වය හමුවේත් ඉදිකිරීම් ආරක්‍ෂණ අරමුදලේ එකතු වී ඇති කෝටි ගණනක මුදල යෙදවීම සම්බන්ධයෙන් කොන්ත‍්‍රාත්කරුවන් හමුවේ තිබෙන නොසන්සුන්තාව හමුවේත් යෝජිත අරමුදලේ ප‍්‍රතිලාභ ඉදිකිරීම් පාර්ශවකරුවන් මෙන්ම අවසානයේ මහජනතාවට ලැබෙන විධිමත් හා විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙලක් ඇතිවේ දෝයි යන සැකය සාධාරණ ය. උපදේශන සභාව මේ ගැන සොයා බැලීම වටී.

යෙදවුම් හා නිමවුම් අතර එකතුවන වටිනාකම් සැළකිල්ලට ගෙන ජාතික ආර්ථික ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා ඉදිකිරීම් දත්ත බැංකුවක අවශ්‍යතාවයක් පවතී. අමුද්‍රව්‍ය ශ‍්‍රම බලකාය, යන්ත‍්‍ර උපකරණ හා එ්වායේ මිල උච්ඡුාවචනයන් ව්‍යාප්තිය අතිරික්තයන් සංචිතයන් යනාදිය ඉදිකිරීම් දත්ත ගණයට වැටේ. දත්ත එ්කරාශී කිරීමත් ඉන් අනතුරුව එ්වායේ විශ්ලේෂණය හා අර්ථකතනය සඳහා විශේෂඥතාවය ලබා ඇති සංඛ්‍යාඥයින්ගේ සේවය අත්‍යවශ්‍ය වෙනු ඇත. ඉදිකිරීම් දත්ත බැංකුවක් යෝජනා වී තිබූයේ මීට අවුරුදු දෙකකට කළින් වුවද එය තවමත් ස්ථාපිත කර ගත නොහැකි වී ඇත. එ් සඳහා වන ප‍්‍රවේශය ඉතා ප‍්‍රාථමික මට්ටමක පැවතීම ඊට හේතුවයි.

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වැඩ බිම් මට්ටමේ නියැලෙන ශිල්පීයනට හැදුනුම්පතක් යොමු කර ඔවුන්ව ලියාපදිංචි කර ලීම ඉතාමත්ම විශිෂ්ට පියවරකි. ලෝකයේ බොහොමයක් රටවල මේ සඳහා වෘත්තියාභිමුඛ අධ්‍යාපනයක්, පුහුණුවක් හරහා බලපත‍්‍රයක් නිකුත් කිරීමේ වැඩ පිළිවෙලක් ඇත. වාර්ෂික ලියාපදිංචියට පෙර පුද්ගල වෛද්‍ය යෝග්‍යතාවය කිරා මැන බැලෙයි. ඔවුන්ගේ සේවාවන් විගණනයකට යටත් වෙයි. ඉදිකිරීම් පුහුණුකරුවන්ගේ සංචිතයක් ගොඩනගා ගැනීම වැදගත්ය. දෙවනුව දේශීය මෙන්ම විදේශීය ශ‍්‍රම වෙළඳපල තුළ අවශ්‍යතාවන් සලකා බලා කෙරෙන පුහුණු ශ‍්‍රමික සංචිතයක් සඳහා වන පාඨමාලා දියත් කළ හැකිය. රට පුරා ලක්‍ෂ 6කට ආසන්න පිරිසක් විසිරී සිටිය ද අධිකාරියට සපුරා ගත හැක්කේ දශම එකකටත් අඩු ඉල්ලූමක් නිසා එ් ගැන වෙහෙස මහන්සි වීමෙන් පලක් නැත. වෘත්තීය පුහුණු අධිකාරිය වැනි එ් සඳහා කැපවුනු ආයතනයකට එම වගකීම පැවරීම සුදුසු යැයි මම යෝජනා කරමි. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ සිදුවන ජීවිත හානි වාර්තා වන්නේ හුදකලාවේ වුවද ඊට අගයක් දීමට කිසිවෙකුටත් නුපුළුවන. අධ්‍යාපනය, පුහුණුව, වෛද්‍ය යෝග්‍යතාවය, නීතිය හා වගකීම්, ගොඩනැගිලි ක්‍ෂේත‍්‍රයේ පිළිගත් සම්මුතීන් ද ආවරණය වන පරිදි වෘත්තීය නිපුණතාවයෙන් යුතු යමෙක් නිසි ලෙස වෘත්තීය ගත කරන ජාතික වැඩ පිළිවෙලක අවශ්‍යතාවයක් මේ තුළින් ඉස්මතු වේ. තමා අභිමානවත් ඉදිකිරීම් වැඩකරුවෙක් බව දනවන්නට නම් එ් සඳහා දීප ව්‍යාප්ත ක‍්‍රමවත් යාන්ත‍්‍රනයක් සකස් විය යුතුය. හොඳම වැඩකරු සොයා අභිශේක පැළදිය යුත්තේ ඉන් පසුවයි. මේ වෙනුවෙන් වඩාත් සාකල්‍යමය වූ ප‍්‍රවේශයක් සඳහා අන් ආයතන සමග අත් වැල් බැඳ ගත යුතූ වෙයි.

ඊළග කාරණය නම්, දැනටමත් අදාළ වෘත්තීය සංගම්වල පටිපාටියට අමතරව ‘සුදුසුකම් ලත්’ පුද්ගලයෙකු බවට පත්කිරීමට අධිකාරී බලයක් යෝජනා වී තිබීමයි. ලංකාවේ ප‍්‍රථම වතාවට යමෙකු යම් වෘත්තීයක් තුළ සුදුසුකම් ලැබීම විනිශ්චය කිරීමේ බලයක් මෙම කමිටුවට පැවරීමේ පසුබිම හෝ තර්කනය පැහැදිලි නැත. මෙය තවත් හිල් ඇති කූඩයක් වෙත්ද? පාර්ලිමේන්තු අණ පනත් වලින් බලය ලබා දී ඇති වෘත්තීය සංගම්වල කි‍්‍රයා පටිපාටිය අභිබවා ගොස් ඇති මෙම බලය වනාහි එම වෘත්තීය සංගම්වලට කර ඇති බලවත් අවතක්සේරුවක් බව මගේ හැඟීමයි. ඉදිකිරීම් ක්‍ෂේ්ත‍්‍රය පිළිබද එතරම් සංවේදීතාවයක් නැති බොහොමයක් පරිපාලන නිළධාරින්ගේ අධිකාරී බලයට නතු නොවන තැනට වග බලා ගැනීම ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව මෙහිලා පසක් කරනු කැමැත්තෙමි.

ඉදිකිරීම් ප‍්‍රමිතිකරණයේදී ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය මුළුමනින්ම අමතක කර ඇත. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට අදාළ දැව වර්ග 100කට අධික ප‍්‍රමාණයකට ප‍්‍රමිති සකස්කර ප‍්‍රකාශයට පත් කර ඇති (තව උදාහරණ ඇත* එම කාර්යාංශයේ ශිල්පීය හා තාක්‍ෂණ විශේෂඥතාව උකහා ගැනීමට වුවමනා නොවූයේ මන්දැයි මම නොදනිමි. එ් එ් පළාත් වලට ආවේණික වූ අමුද්‍රව්‍ය ශිල්ප ක‍්‍රම යනාදිය පදනම් කොටගෙන විශේෂ ඉඳිකිරීම් පිරිවිතර පිළියෙළ කළ හැක. එ්වා සරල ලෙස ගමේ සිටින බාස් උන්නැහැලට තේරෙන භාෂාවෙන් රූප සටහන් සහිතව හදුන්වා දිය යුතුය. වැඩ බිමි මට්ටමින් ඉංජිනේරුමය කරුණු කාරණා ප‍්‍රචලිත විය යුතුය.

තවත් නොපෙනුන පැත්තකි. එක ගමක අඩු තරමේ ගෙවල් දෙක තුනක් වත් හැදෙන මේ මොහොතේ ඊට යම් ආර්ථික විද්‍යාත්මක ප‍්‍රවේශයක් ලබා ගත හැකි නම් එය කෙතරම් අගනේද? අලූතින් එකතු කරන, වෙනස් කරන හා අලූත්වැඩියා කෙරෙන නිවාස ගණන ඊටත් වැඩිය. එක්කෝ නිවැරදි තක්සේරුවක් නොමැතිව වැඩ පටන් ගත්තා විය හැකිය. නැතිනම් තමා තමාගේ පොකැට්ටුවට දැරිය නොහැකි වැඩි වැඩ කොටසකට අත ගැසුවා විය හැකිය. නැත්නම් මූලික සැළැස්මම ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවුනා විය හැකිය. තවද, කාලය, මුදල, වැඩ ප‍්‍රමාණය හා අපේක්‍ෂිත ගුණාත්මක බව පිළිබඳ අවබෝධය ඇතුළත් ගිවිසුමකින් තොරව වැඩ පටන් ගැනීම ඉතා ප‍්‍රකට කරුණකි. ගිවිසුම් ගත කොන්ත‍්‍රාත්තු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. බාගෙට වැඩ අතරමග දමා වැඩිපුර මුදලක් ගෙන පැන යන වංචනික කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් බැටකාපු වෛද්‍යවරුද මට හමුවී ඇත. එවන් ප‍්‍රශ්න සඳහා තාක්‍ෂණික හෝ නීතිමය අර්ථකතනයක් ලබා දීම ද බොහෝ විට අසීරු වේ. ජාතික මට්ටමින් ගත් කළ එය මිනිස් පැය මිලියන ගණනක නාස්තියකි. ගිවිසුම් නැති ව්‍යාපෘති වල වටිනාකම් ජාතික ගිණුම් දර්ශකයන් තුළ ද පෙන්නුම් නොකරයි.

ඉඳිකිරීම්වලදී පරිසරයට වැඩි අගයක් තැබීම උතුම් පරාර්ථකාමී හා මානවවාදී ගුණයකි. පරිසර ආර්ථික විද්‍යාවේ එන මූලිකතම තර්කය වන්නේ අද යමෙක් ජීවත්ව සිටියදී විදින පාරිසරික භූක්තිය විසින් අනාගත පරම්පරාවට අහිතක් නොහෙලිය යුතු බවයි. යම් අහිතක් නොවැලැක්විය හැකි නම් එය හැකි තරම් දුරට බදුක‍්‍රම හා වෙනත් ක‍්‍රමවේදයන් ඔස්සේ අන්තරීකරණයට භාජනය කළ යුතු බවයි. ජන උරුමයට අත තැබීම වළක්වාලිය යුතු බවයි. දැනට ඉදිවෙමින් පවතින හා යෝජිත මහාමාර්ග ව්‍යාපෘතීන්ට යට වන ජන උරුමය සැටලයිට් තාක්‍ෂණයට ගෝචර නොවේ. ඉදිකිරීම් නියාමනය තුළ සක්‍යතා අධ්‍යයනයට මුල් තැන ගත්තද ‘කට් ඇන්ඞ් පේස්ට්’ අධ්‍යයන වාර්තා මගින් හෙළි නොවන මේ සුවිසල් මානව කතාන්තරය සුළු පටු නොවේ. සතා සිව්පාවා, ගහ කොළ, පිරිසිදු වාතය, ජලය හා සරු බිම් මෙන්ම කෝට් සංඛ්‍යාත ජනතාවත් හුස්ම ඉහළ පහළ ගත් එම උරුමය පසාරු කරගෙන ඉදිවන මහා මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් අඩු තරමේ පූර්ණ මහජන මත විමසුමකටවත් මග එලි පෙහෙළි නැති ඉදිකිරීම් සංස්කෘතියක් ගැන කවර කතාද? එවන් තත්ත්වයකට අත පෙවීමට යෝජිත පනතට ශක්තියක් නැතිවාය.

ලියාපදිංචියෙන් සියල්ල හමාර නොවේ. ක්‍ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ඔවුන්ව රැුක බලාගැනීමත් අවශ්‍යයි. අද දවස සමස්තයක් ලෙස කොන්ත‍්‍රාත්කරුවන් මුහුණ පාන ප‍්‍රශ්න අතර තමනට ව්‍යාපාරිකයෙක් ලෙස ක්‍ෂේත‍්‍රයේ රැුදියාව අවිනිශ්චිතය. මහා පරිමාණ කොන්ත‍්‍රාත්කරුවන් අතලොස්සකට ජාතික ආර්ථිකය තුළ ජනිත වන වැඩි වැඩ කොටසක් බෙදී යාම, ප‍්‍රමාද වී කෙරෙන ගෙවීම් වගේම ආරක්‍ෂක ඇපකර සම්බන්ධයෙන් ස්වාමිවරු අතර පවතින අවිශ්වසනීයත්වය මේ අතර වේ. විශේෂයෙන්, රජයේම ඇපකර රජයේ ආයතන මගින් භාර නොගෙන යන තත්ත්වයක් මතුවී තිබේ. තවද, සාර්ථක ව්‍යාපෘතියකට මූලිකවම අවශ්‍ය නම්‍යශීලි මුදල් සංසරණයට විලංගු බැද තබන එ්ක පාර්ශවික කොන්ත‍්‍රාත් ගිවිසුම් කොන්දේසි තවමත් විරාජමානව පවතී. තාක්‍ෂණික ක‍්‍රමෝපායන්, ආර්ථික තත්වය, තරඟකාරිත්වයට සමගාමීව ප‍්‍රසම්පාදන ක‍්‍රමෝපායන්ද වෙනස් විය යුතුය. සම්ප‍්‍රදායික ද්වි පාර්ශවික ගණුදෙනුවකට එහා ගිය කාලය, මුදල මෙන්ම ගුණාත්මක බව පේ‍්‍රරණය වන නව ප‍්‍රසම්පාදන ක‍්‍රමවේද හඳුනා ගැනීම කාලෝචිතය.

ප‍්‍රමාණ සමීක්‍ෂණය, තාක්‍ෂණ විගණනය, මැදිහත්කරණය, කොන්ත‍්‍රාත් පරිපාලනය, පශ්චාත් කාල රාමු හා වැය විශ්ලේෂණය, ප‍්‍රසම්පාදන ක‍්‍රමෝපායන්, සංඛ්‍යානය යන විෂයයන් ගණනාවක් තාමත් ඉතා අඩු තක්සේරුවකට ලක්කර ඇත. එ්වායේ විද්‍යාත්මක වපසරිය තේරුම් ගෙන නැත. යොදන මුදලට උපරිම වටිනාකමක් ලබා ගැනීම ඉදිකිරීම් ආර්ථික විද්‍යාවේ අරමුණයි. ප‍්‍රශ්න වලින් තොර ව්‍යාපෘතියක නිමාවක් දැකීම කොන්ත‍්‍රාත් පරිපාලනයේ අරමුණයි. සිදුවූ වැරදි නැවතත් ඇති නොවන තැනට වගබලා ගැනීම පසු විපරමේ අරමුණයි. උදාහරණයකට විගණනය හුදු පශ්චාත් මරණ පරීක්‍ෂණයකට පමණක් සීමා වී ඇත. දකුණු අධිවේගී ව්‍යාපෘතියේ ලත් අත්දැකීම් බොහෝය. බිලියන ගණනින් කොන්ත‍්‍රාත්කරුවන් වැඩිපුර මුදල් ඉල්ලා සිටීම, එය ජාත්‍යන්තර බේරුම්කරනයක් දක්වා යාම මෙන්ම අපේක්‍ෂා කළ කාලය ඉකුත් වීම යනාදිය මේ අතර වේ. වෙනත් ව්‍යාපෘති සම්බන්ධයෙන් ද එම තත්ත්වය වැඩි වෙනසක් නොවේ.

කුමන පරිමාණයක ව්‍යාපෘතියක් වුවද එහි කාලය, වියදම හා ප‍්‍රමිතිය ට අදාලව අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගත නොහැකිවූ කල ප‍්‍රශ්නකාරී තත්ත්වයක් හට ගැනීම නොවැළැක්විය හැකිය. ඒ අනුව, ඉදිකිරීම් කටයුතුවලට අදාළ ආරවුල් නිරවුල් කිරීම සහ ඒ හා සම්බන්ධිත හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළැස්වීමත් පනතේ එක් අරමුණක් වී ඇත. ඒ හරහා ගිවිසුමක ආරවුල් සම්බන්ධයෙන් තීරකවරු ලෙස කටයුතු කිරිමට සුදුසු තැනැත්තන් ලියාපදිංචි කිරීම ඉතා වැදගත්ය. එහෙත් එය කළ හැක්කේ තීරණකරණය රටේ නීති රාමුවට එක්වීීමෙන් පසුවය. ඊට පෙර විද්‍යාත්මක හැදෑරීමක් අවශ්‍යය. තීරණකරණයට අදාළව 27 දෙනෙකු ගෙන් යුතු සංචිතයක් පිහිටවූයේ ද අවුරුදු දෙකකට කළින් ය. එක් නිලධාරිනියකගේ අණසකය තුළ හතර පස් දෙනෙකු අතර පමණක් පවත්වාගෙන ගිය මෙම ”බයින් ඇන්ඞ් සෙලින්” ව්‍යාපාරය ජන සතු කළේ එදායx ඒ ඉක්ටාඞ් ආයතනය කේන්ද්‍ර කොට ගෙනය. තීරණකරණයට ලංකාවේ නීතියක් නැතත් ජාත්‍යන්තරව පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුව අපට ගැළපෙන සම්මුතියක් පෙළ ගස්වා ඇත. තීරණකරන සංචිතය ප‍්‍රමාද වී හෝ කෙරුණු ඡුාතික අවශ්‍යතාවක් බැව් අපි දනිමු.

පනතට අනුව ඉදිකිරීම් වැඩ සඳහා වන ගිවිසුමකට සම්බන්ධ යම් ආරවුලක්, එම ගිවිසුමේ ඒ සම්බන්ධයෙන් විධිවිධාන සලසා නැතිනම්, අධිකාරිය විසින්, එම ආරවුල, සමාදාන කිරීම හෝ සමථ කිරීම මගින් විසඳීම පාර්ශ්වයන්ගේ අභිලාෂය වන්නේ නම්, එසේ කළ හැකි වන්නේ ය. එහෙත් ඊට නෛතික වශයෙන් ප‍්‍රතිශක්තියක් ලබා දී නොමැත. තවද, යම් හඳුනා ගත් ඉදිකිරීම් වැඩකට අදාළ කොන්ත‍්‍රාත්තුවක පාර්ශ්වයක් විසින්, යම් ආරවුලක්, සාමදාන කිරීම හෝ සමථ කිරීම මගින් විසඳීමට අධිකාරියට නොහැකිවන්නේ නම්, එකී ආරවුල විනිශ්චය කිරීමක් සඳහා යොමු කිරීම කළ හැකි වන්නේ ය. ඉදිකිරීම් වැඩ සම්බන්ධයෙන් ගිවිසුමකට අදාළ ආරවුල් විනිශ්චය කිරීම සඳහා යෝග්‍ය තීරකවරුන්ගේ නාම ලේඛනයක් අධිකාරිය විසින් සාදනු ලබන රීති මගින් නිශ්චය කරනු ලබන ආකෘතිය සහ ආකාරය අනුව අධිකාරිය විසින් පවත්වාගෙන යා යුතුය. මා හට පෙනී යන්නේ තීරණකරණ ක‍්‍රියාවලියට අදාල අනුෂාංගික කරුණු නීති ගත කොට නැති බවයි. ඒවා රීතීන් ලෙස පෙළ ගැස්වීම භාර කොට ඇත්තේ යෝජිත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියටය. පනත යටතේ අධිකාරිය විසින් දෙන ලද තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකුට නියම කරනු ලබන ආකාරයට අභියාචනා මණ්ඩලය වෙත අභියාචනය කළ හැක. කෙසේ වෙතත්, කරන ලද අභියාචනයක් සම්බන්ධව අභියාචනා මණ්ඩලයේ තීරණයෙන් අතෘප්තියට පත් යම් තැනැත්තෙකු විසින්, අභියාචක වෙත එම තීරණය සහ ඒ සඳහා හේතු දැනුම් දුන් දින සිට දින තිහක් ඇතුළත දී එම තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා කළ හැකි ය. ඉදිකිරීම් සම්බන්ධයෙන් විශේෂ වූ අධිකරණයක අවශ්‍යතාවක් තව නොබෝ කලකින් පැන නැගූණු ඇත.

මේ දක්වා පැවති බේරුම්කරණයකට යොමුවීමේ ඉඩකඩ අහුරා තිබීම දක්නට හැකිය. 1995 අංක 11 දරණ බේරුම්කරණ පනතත් 1958 නිව්යෝක් සම්මුතියත් ගණන් නොගත්තේ මන්දැයි විමසිය යුතූ කාරණයකි. එ් වෙනුවට ඇත්තේ හත් දෙනෙකුගෙන් යුත් අභ්‍යන්තර අභියාචනා කමිටුවකි. යම් හෙයකින් එකී තීන්දුවට සෑහීමකට පත් නොවූ කළ අභියාචනාකරණයට යොමුවනු ඇත. සාමාන්‍යයෙන් එහිදී සිදුවන්නේ ක්‍ෂේත‍්‍රයේ පරිනත විශේෂඥවරයකුගේ සහාය ලබා ගැනීමයි. නැතහොත් විශේෂඥ සාක්‍ෂි කැදවනු ලැබීමයි. නැවතත් ෙක්‍ෂ්ත‍්‍රයේ පරිනතයින්ගේ සහාය තනි පුද්ගලයෙකූ හැටියට ලබා ගැනීමයි.

උක්ත විෂම චක‍්‍රය වෙනුවට කළ හැකිව තිබූයේ මැදිහත්කරණ හා තීරණකරණ කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීමයි. එ් සඳහා නෛතික පසුබිම සකස්කර දීමයි. ජාතික ඉදිිකිරිම් මැදිහත්කරුවන්ගේ සංචිතයක් පිහිටුවා ලීමයි. මැදිහත්කරණය හුදු පහසුකම් සැපයීමක් පමණක් නොව මානසික ආතතින් අමතන චිකිත්සාවක් බදුය. එය විද්‍යාත්මකව හැදෑරිය යුත්තේ එබැවිනි. ලෝකයේ බොහොමයක් මහා පරිමාන ව්‍යාපෘතිවල අර්බුද මැඩලීම සඳහා උපාය මාර්ගික ක‍්‍රමෙවිදයන් ගණනාවක් හදුන්වා දී ඇත. සියලූ පාර්ශවකරුවන් නියෝජනය වන පරිදි වූ වැඩ බිම් මට්ටමින් කි‍්‍රයාත්මක ආරවුල් විසදීමේ විශේෂඥ මඩුලූ බොහෝ සෙයින් සාර්ථක වී ඇත. ඊ.බී.එස්.ඞී. නම් වු නව ක‍්‍රමෝපායක් කටාර්හි මහජන වැඩ අධිකාරියේ සාර්ථකව දියත් කර ඇත. දකුණු දිග ආසියාවේ මේ වනවිට බහු පාර්ශවීය බේරුම්කරණ කි‍්‍රයාවලිය හදුන්වා දී ඇත. මහා බි‍්‍රතාන්‍යයේ සිදුවන බේරුම්කරණ-මැදිහත්කරණ දෙමුහුන් ප‍්‍රවේශය ඉතාමත් ජනපි‍්‍රයය. ජාත්‍යන්තරය තූල සම්ප‍්‍රදායී උසාවි රාමුවෙන් බැහැරව තෙවන පාර්ශවයක් හරහා ගැටුළු අවම කර ගැනීමේ පූර්ව සූදානමක් කෙරෙහි වැඩි අවධානයක් යොමුු කරද්දි පනත මගින් අභියාචනා කමිටු හරහා උසාවි භූමි තුළට යැවීම මා දකින්නේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ ක‍්‍රියාවලිය ආපස්සට ගැනීමක් හැටියටය. කොටින්ම, තීරණකරණය නම් වූ ක‍්‍රමෝපාය බිහිවූයේ උසාවිවල නඩු ගොඩ ගැසීම නවත්වාලීමටත් සම්ප‍්‍රදායි ඉංජිනේරුවරයාගේ බහුකාර්ය වපසරිය තූල අධිකාරීමය බලය හේතූ කොට ගෙන ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතූවූ අවිනිශ්චිත බවට පිළියමක් වශයෙන්ය. ඒ වසර 1994 දී සර් මයිකල් ලැතම් විසින් එංගලන්ත පාර්ලිමේන්තූවට කරන ලද නිර්දේශයකට අනුවයි.

පනතේ මා දකින මූලිකම ලක්‍ෂණය ලියාපදිංචිය සඳහා ඉදිකිරීම් සැපයුම් ජාලය මුළුමනින්ම ආවරණය කර තිබීමයි. ඉන් ලැබෙන සුවිශාල මුදල් සම්භාරයකින් අරමුදලක් පිහිටුවා ගැනීමයි. ජම්බෝ උපදේශන සභාවක් හා අධිකාරී කළමනාකරන මණ්ඩලයක් ඇති වීමයි. එහෙත් පනත හරහා දේශීය ඉදිකිරීම් ආකෘතිය පිළිබඳව කිසි ඉඟියක් ලබා දී නැත. එහි නිශ්චිත හැඩ තලයක් දැකිමට නොහැකිය. එසේ වූයේ එහි තුළ පුන පුනා කියැවෙන අධිකාරී බලය නිසා විය යුතුය.

දැන් කළයුතුව ඇත්තේ පනතෙන් ලබා දී ඇති පරාමිතීන් තුළ ඉක්ටාඞ් ගිවිසුම් කොන්දේසි පුණරීක්‍ෂණයට ලක් කිරීමයි. ආරවුල් විසදීම හැකි පමණින් අභ්‍යන්තරීකරණයට ලක් කිරීමයි. ඊට මැදිහත් වන්නන්ට නෛතික වශයෙන් ප‍්‍රතිශක්තියක් ලබාදීමයි. නැත්නම් ‘නඬුකාරයා’ ට සිදුවන්නේ එල්ලූම් ගස් යාමට ය. ඉක්ටාඞ් ආයතනය සම්බන්ධයෙන් පුළුල් සදුඅත අධ්‍යයනයක් කිරීමයි. ආයතනයක් හැටියට සතු ශක්තීන්, දුර්වලතාවන්, අවස්ථාවන් මෙන්ම බාධකද කිරා මැන බැලීමයි. සියල්ල කැටි කොට ගෙන සංගායනාවක් පැවැත්වීමයි. අවශ්‍ය මානව සම්පත් එ්ක රාශී කර ගනිමින් එ් එ් විෂයන්හි නිපුණයන් නිසි තැන පිහිටුවාලීමයි. උපක‍්‍රමික වැඩ පිළිවෙලකට යාමයි. එය කුමන හැඩයක් හා දිශාවක් ගත යුතුද යන්න නිර්ණය කළ යුත්තේ දේ්ශපාලනයෙන් තොරවූ අව්‍යාජ පිරිසිදු චේතනාවෙන්්ය.

මා මෙම සටහන් පෙල තැබුයේ යමෙකු අසීරුතාවයට පත්කිිරීමට නොව ඉදිකිරීම් නියාමනය නමැති විෂය මාගේ වෘත්තීය පසුබිමත් සමග වඩාත් ගෝචර හා සංවේදී විෂයයක් වූ බැවිනි. ලිපිය අවසන් කිරීමට ඇල්බට් අයින්ස්ටයින්ගේ වැකියක් අදාල කර ගනිමි. එකම දේ කිහිප වතාවක් කරමින් වෙනස් ප‍්‍රතිපල බලාපොරොත්තු වන්නා මුග්ධ ගති ඇත්තෙකි. ආයතන සම්බන්ධයෙනුත් තත්ත්වය එසේමයි. එබැවින් යමක් කෙරෙන තැනට වැඩ කරවා ගැනීමට නම් කැපවීම් කළ හැකි පිරිසක් ඒක රාශී කර ගත යුතුය. පනතින් අපේක්‍ෂිත අරමුණ ඉටු කරවා ගත හැක්කේ ආකල්පමය වෙනසක් ඇති කර ගත හැකි නම්‍යශීලි බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් පමණි. එ් සඳහා දැනටමත් පවතින නීති රාමුව, බලතල, වරප‍්‍රසාද, පහසුකම් ප‍්‍රමාණවත් බව මගේ හැඟීමයි. අවශ්‍යව ඇත්තේ වැඩ පිළිවෙලක් පමණි.

4 Responses to “ඉදිකිරීම් පනතේ හිතූවක්කාර කූඨප‍්‍රාප්්තිය, විෂම චක‍්‍රය හා නන්නත්තාර නියාමනය”

  1. AnuD Says:

    A few years ago, I listened to One Sangha member talking how buddhism, in one sutta, explain when Rulers are unjust, when rulers appoint unqualified people to the top posts and when those who should not be respected are respected etc., etc that all happens when the king is unjust and when the society is corrupted, polluted and vice versa.

    Anyway, Sri Lankans for some time believe that people who could hardly gain any education or most of the time completed only grade eight or did not complete even the Ordinary Level government examination have the vision to develop Sri lanka and to lead Sri Lankans to greener pastures.

    Those VVIPs appoint more incompetents who can perform in their role only as the boot lickers and people worship them.

    Earlier, they were qualified because their parents served the British governor and they could speak English or they had attended schools in Europe. The present generation is no different except they attended the schools created by the British for their loyal native-servants.

  2. douglas Says:

    Very interesting and an educational article. It is true, we do not require any more “Rules; Regulations and Laws” etc.What is needed is correct approach and leadership in handling matters that come within the statutory bodies. A good example was the “Talahena (Malabe) Church” construction and the ugly incident that followed. If that construction was not appropriately “authorized” why the “responsible authorities” waited until it was coming up and slowly being constructed. If that “unauthorized” construction was stopped at the initial stage, protests and rally would have been well avoided.

    As pointed out, we need a lot of “SKILLS DEVELOPMENT” and appropriately “ACCREDITED AND CERTIFIED” skilled Human Resource to meet the demands. Along side, we also need to INTRODUCE MODERN and INNOVATIVE techniques of building and construction using the cheaper materials giving consideration to the environment and economic background of the people. We must “educate” the people in modern techniques and availability of material at very much cheaper rates than the use of traditional methods. The PRIDE OF SKILL has to be established and that would also avoid this STRUGGLE to enter University at whatever the cost.

  3. Christie Says:

    Talking about construction industry and the workers are ad their skills takes me back to skill development in the days gone by. “Mamage Hithe ma marawa weda ganna, Nandage hithe nandage duwa mata denna….. Ceylon is another country like England where skills were passed down from one generation to generation”. I think in 1973 the then government started Apprenticeship Board and guess who were appointed to look after and train them; University Graduates.
    “එ්වා සරල ලෙස ගමේ සිටින බාස් උන්නැහැලට තේරෙන භාෂාවෙන් රූප සටහන් සහිතව හදුන්වා දිය යුතුය. වැඩ බිමි මට්ටමින් ඉංජිනේරුමය කරුණු කාරණා ප‍්‍රචලිත විය යුතුය” Let us train them in English, something I was trying to do a long time ago. Ceylon Technical College had courses in English medium if I remember correct. We need to expose our trade persons to the international information and knowledge. English should be the medium skilled development.

  4. Christie Says:

    ඇල්බට් අයින්ස්ටයින්ගේ වැකියක් අදාල කර ගනිමි. එකම දේ කිහිප වතාවක් කරමින් වෙනස් ප‍්‍රතිපල බලාපොරොත්තු වන්නා මුග්ධ ගති ඇත්තෙකි
    Doing the same thing repeatedly will lead to different outcomes in time if the environment and the persons aspirations changes. I am sure this is an Einstein’s contradiction. Unfortunately our skilled development is not in the hands of tradesmen.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress