බලය වෙනුවෙන් නොකරන දෙයක් නොවු කළ!
Posted on November 8th, 2014

ආචාර්ය චන්දන ජයලත්

මෙම ලිපිය කොහෙන් පටන් ගෙන කොහෙන් හමාර කරන්නට දැයි සිතීමම එතරම් පහසු නොවන වග මම දනිමි. ලෝකයේ මැද කොහේදැයි ඇසුවහොත් එය තමා සිටිනා තැන යැයි දෙනු ලබන පිළිතුර යමෙකුට වැරදි විය හැකිය. එතරමටම දේශපාලනයත් ගෝලාකාරය. දේශපාලනය ගැන කතා කරන්නට යාම බැනුම් අහගන්නට ඇති හොඳම ක‍්‍රමයක් වන්නේ එහිදී විපක්‍ෂයක් ඇතිවීම නොවැළැක්විය හැකි නිසයි. ගලා යන අත්දැකීම්වලින් තෙරපන මාගේ මනසට යම් සංයමයක් ලබා ගැනීමට උත්සාහ කලද මා අතින් ඉතිහාසයේ සිදුවූ වැදගත් දෑ අතපසු වීමට ඉඩ ඇත. කෙසේ හෝ සියල්ල කෙටියෙන් හකුළුවාලීමට අදහස් කළෙමි. හරි වැරැුද්ද තම තමනට ගෝචර වු පරිද්දෙන් උරන නොවී කිරා මැන බලනු ඇතැයි මම සිතමි.
බලය වනාහි මිනිස් අමිනිස් දෙකොට්ඨාශයටම ආවේණික පොදු ගතියකි. එහි රුදු බව මිනිස් ශිෂ්ඨාචාරය පුරාවට මොනවට පැහැදිලි වෙත්ද? දුර්වලයා යටපත් කරමින් බලය හබා යෑමේ කාරණය තුළ මිනිස් මනසේ සංකීර්ණ කි‍්‍රයාවලිය පිළිබඳ විද්‍යාත්මක විග‍්‍රහයන් දිනෙන් දින අලූත්වනවා මෙන්ම ලාංකීය දේශපාලනය තුළ නවමු චර්යාවන් හා අනුභූතීන් අප වටා සක‍්‍රීය වන චුම්භක ෙක්‍ෂ්ත‍්‍රයක් වැන්න. අපි වැඩි ඈතට නොයමු.

නවසිය හැත්ත පහේදී නියමිතවූ ජාතික මැතිවරණයට නොගොස්, එවකට අගමැතිණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් තවත් අවුරුදු දෙකක් බලයේ සිටීමට කළ තීරණය ප‍්‍රකාශයට පත් කළේ හදිසි නීතියද දඩමීමා කර ගනිමින් ය. විපක්‍ෂ නායකව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා එවකට වෙස්මිනිස්ටර් කේවල් ක‍්‍රමය යටතේ තමා හෙඹවූ කැලණිය ආසනයේ මන්තී‍්‍ර ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වූ අතර නැවතත් ජාතික රාජ්‍ය සභාවට එ් මහතා තේරී පත්වූහ.

පේ‍්‍රමවති මනම්පේරි ඝාතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යයාගේ ඝාතනය, හාල් පොල්ල හා මිරිස් පොල්ල හරහා බලයට ආ ජේ.ආර්. ද බලය රැුක ගැනීම සඳහා නොකළ දෙයක් නොවීය. හයෙන් පහක විජයග‍්‍රහණයක් ලබා ගත්තේ ද ජවිපෙ නායකයා ඇතුළු සිය ගණනකගේ සිර ගතවීමත් වාසියකට හරවා ගනිමින්ය. වර්ග අඟල් විසි පහකට වඩා විහිදුවා වූ නළල පුරාවට තිබූ රැුලි අතරින් මතුවූ සටකපටි බව ගැන උදම් ඇනූ පරම්පරාවක් එදා සිටියේය. නවසිය අසූ දෙකේදී ගෙන ආ කුප්පු ලාම්පු විචාරනයෙන් තම ධූර කාලය වසර පහකින් දික් කරගත්තේ ද රාජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදයේ උදව්වෙන්ය. ඒ වනවිටත් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි වී තිබුණි. හිටපු ලාබාලතම මන්ත‍්‍රීතමා වූ අනුර ඩැනියෙල්ගේ රත්තරන් පොලු මගඩිය මෙන්ම වැල්ලවාය මන්ත‍්‍රී ජේ. එම්. කූමාරදාසගේ ගූරුවරියක් සම්බන්ධයෙන් වූ ස්ත‍්‍රී ¥ෂණ සිද්ධියෙන් පටන් ගත් තුප්පහි දේශපාලනය අරාජික දේශපාලනයක් බවට පත්වූයේ නවසිය අසූ තුනේ ජූලි කලබලවලට ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු යැයි හුවා දක්වමින් එම පක්‍ෂය තහනමට ලක්කරමින්ය. නැක්සලයිටි චෝදනාවක් මත විජය කුමාරතුංගයන් වැනි ප‍්‍රගතිශී‍්‍රලි අදහස් දැරූ මතවාදීන් හිරගෙට යවමින්ය.

අනතුරුව බලයට ආ ඩිංගිරි බණ්ඩා විජේතුංග ගතකළේ නොනගත කාල පරිච්ජේදයකිි. රණසිංහ පේ‍්‍රමදාස මහතාට ඉතිරි වී තිබුනේ හපයක් පමණි. හෙතෙම බලය වෙනුවෙන් තම උපරිමය කිරීමට වගබලා ගත්තේ කොටින්ටද ආයුධ සපයමිනි. තරුණයින් පනස් දාහකට වඩා අධික පිරිසක් පණ පිටින් මහමග දර සෑයවල පුළුස්සා දමමින් ය. රටේ දෙවන පෙළ දේශපාලන නායකයින් ගණනාවකගේ මග අහුළුවා ලමින්ය.

අනතුරුව බලයට ආ චන්ද්‍රිකා මැතිණිය මිනී වලවල් හාරා වැඩ පටන් ගත්තද වැඩිකල් යාමට පෙර ඇයටද නීතියෙන් ලබා දුන් කාල පරාසයට වඩා වැඩි කාලයක් බලයේ සිටීමට උවමනා විය. ඒ සඳහා විවිධ උපක‍්‍රම යෙදුවද ජනතා විමුක්ති පෙරමුණ විසින් ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක ප‍්‍රතිපලයක් හැටියට ඇයගේ එම උත්සාහය අසාර්ථක විය.
අද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් එවැනිම ආසාවක් ඇතිවී සැටිය. අන් අය මෙන් තමා ද වැඩියෙන්ම විශ්වාස කරන නැකැත්කරුවන්ගේ පුරෝකතනය ඒ සඳහා බලපාන්නට ඇත. ඒ සඳහා අවශ්‍ය නෛතික හැකියාව පිළිබඳව එතුමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියද එය උපදේශණයක් පමණක් වනු ඇත.

එදා චන්ද්‍රිකා මැතිණිය ප‍්‍රමුඛ පොදු පෙරමුණ ආණ්ඩුුව බලයට පත්කිරීම සඳහා පූජ්‍ය පක්‍ෂය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව කළ මෙහෙවර අති මහත්ය. රාජ්‍ය ත‍්‍රස්තවාදය හමුවේ එය බිහිසුළු එකක් විය. වෙනම රාජ්‍ය සංකල්පය පදනම් කොටගත් ඊළම නමැති විශේෂණ පදය ඉදිරියට දමා ගත් දමිළ දේශපාලන සංවිධාන බිහිවෙද්දී බහුතර සිංහලයාට වන අසාධාරණය වෙනුවෙන් කතා කිරීමට ප‍්‍රධාන පක්‍ෂ දෙකම අසමත් විය. සිහළ උරුමය බිහිවන්නේ එම හිඩැස පිරවීම සඳහායි. අහිං්සක වතු දමිළ ප‍්‍රජා මූලය හරහා සැප විඳින තොණ්ඩමන් පරපුරටද මුස්ලිම් ජාතිකත්වය ගෝත‍්‍රිකවාදයක් කරගත් අස්රෝෆ්ලාටත් තිබූයේ බලයට ඇති කෑදරකම මිස පොදු ජන අභිලාශය නොවන බව ඉතිහාසය ද වර්තමානයද සාක්ෂි දරයි. බොරැුල්ල පොලීසියේ පුටු පොළේ ගැසූ තොණ්ඩමාන් සැබවින්ම තම ප‍්‍රජාවට ආදරය කළා නම් කඳුවලින් ගල් පෙරලෙන කම් උඩ බලාගෙන උන්නේ මන්දැයි මම අසමි. මේ රටේ තම අයිතිවාසිකම් වෙනුවෙන් අඩුවෙන්ම අරඟල කරන අහිංසකම ප‍්‍රජාව හයේ හතර ලයින් කාමරවල රොටියක් පුඵස්සා ගනිමින් ජීවත් වෙද්දී එහි සංඛ්‍යාත්මක බවින් ප‍්‍රයෝජන ගත් ආර් ප්‍රේමදාස මහතා 90,000කට පුරවැසිකම දීමෙන් තම ජන්ද පදනම ශක්තිමත් කර ගත්තද ලයින් කාමර නම් වෙනස් නොවීය.

කවදටත් ජාතික ප‍්‍රශ්න හමුවේ පැහැදිලි ස්ථාවරයක් නොමැති හකීම් ඇතුළු බොහොමයක් සුළු පක්‍ෂ දැන් ‘ආසයි බයයි’ බෝට්ටුවේ යන ගමන්ය. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු බොහොමයක් කෝචිචි අල්ලා ගන්නට තැනූ තී‍්‍රවිල් පක්‍ෂවල කථාන්දරයද එපමණකි. යන එන මං නැති මෙම පක්‍ෂ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තුළ රැුදී සිටීමට හොඳ පාලමක් තැනූවද අන් පක්‍ෂවලින් වෙන්වුණ දේශපාලන මතවාදය කූමක්දැයි අපැහැදිලිය. ඔවුන් විසින් පුරවන ලද දේශපාලන රික්තකය අපැහැදිලිය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට එ්ම පිණිස ජනතා විමුක්ති පෙරමුණ කළ මෙහෙවර එතුමා හොඳින් දන්නෙහිය. යුද්ධය අවසන් කිරීම සඳහා මහා බලසම්පන්න ජවයක් සැපයූ ජනතා විමුක්ති පෙරමුණ යුධ ජයග‍්‍රහණයේ මල් වට්ටියට අත ගැසීමට අවසන් මොහොතේ නොසිටීම සැබවින්ම දෛවෝපගතය. වසර හතලිස් අටක ඉතිහාසය පුරාවටම ගත් ඇතැම් දේශපාලන තීන්දු එසේ නොගත යුතුව තිබුණ ද බුලත් කොටුවට උදේ සිට වතුර දැමූ මැටි කළය හවස් වන විට බිම දමා ඉරිතලා ගත් බව බහුතරයකගේ මතයයි.

ජේතවනාරාමය සම්බන්ධයෙන් මොකද්දෝ ගඩොල් කතාවක් කීමට යාමෙන් ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා දේශපාලනයෙන් සදහටම තුරන් වුණේය. කලවැඳී හා පැඳුරු කතාවක් කියන්නට යාමෙන් ජෙනරාල් සරත් පොන්සේකාගේද ඉරණම වෙනස් විය. සිරිමාවෝ මැතිණිය ඊළඟට හිටපු සුදුස්සා වූ මැදවච්චියේ මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමාට එම යෂ්ටිය භාර නොදුන්නා සේම මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාටද එම ආනිසංසයට මුහුණ දීමට සිදුවෙත්ද යන්න තවත් ගැටඵවකි. මේ හැමෙකක් අතරින් විත් ඉතිරිවන්නා පරිකල්පන ශක්තියෙන් උසස් සටකපටියකි. ඔහු දේශපාලඥයා නම් වූ සේක.

බුද්ධිමත් ඡුන්ද දායකයා නමින් ඇමතීමම එම සටකපටි බවේ ආරම්භයයි. එක අතකට ඡුන්දදායකයා බුද්ධිමත් නම් පාතාල නායකයින්, වෙසගනන් හා කුඩු මුදලාලිලා මැති සභයට පත්කර යවන්නේ මන්දැයි සිතීම උගහටය. පවතින රාමුව තුළ ඡුන්ද දායකයාටද ඉඩක් ඇත්තේ දේශපාලන බල අධිකාරිය විසින් තෝරා දෙනු ලැබූ පිරිසගෙන් කිහිප දෙනෙකු තෝරා ගැනීමට වුවද බහුතර ලාංකීය ඡුන්ද දායකයන්ට ඔය කියන තරම් පුළුල් දේශපාලන විඥානයක් ඇතැයි ද යන්න ප‍්‍රශ්ණයකි. ඡුන්දය දීමේදී හුදු පුද්ගලික කාරණාවක් පදනම් කරගැනීම බොහෝවිට දක්නට ඇත. විදේශ ප‍්‍රතිපත්තිය, මූල්‍ය ප‍්‍රතිපත්තිය හෝ නීතියේ ස්වාධිපත්‍යයට යන කල දසාව ඔවුන්ට කම් නැත. යුක්තිය පසිඳලන ආයතනවල ස්වාධීනත්වයෙනුත් කම් නැත. එ්වා හුදකලා සිදුවීම් හැටියට ලගු කරමින් ජීවත් වන්නන්ගෙන් බලාපොරොත්තු වන තේරීම බුද්ධිමත් විය නොහැක. සම්ප‍්‍රදායි නිල් පාට හෝ කොළ පාට කණ්ණාඩි පැළැදගෙන හරි දේ දකින්නට නොහැකිවන්නා සේම මැතිවරණයක් ආසන්නයේදී මොකක් හෝ බිබික්කමක් දුන් පලියට හෙට දවස අමතක කරන වුන් දෙදෙනෙක් සිටින තැන එසේ නොවන්නෙක් සිටීමෙන් පලක් නොවනු ඇත.
නවසිය හැට පහේදී පාන් ගෙඩියේ මිල ඉහළ යාමේ හේතුවෙන්ම පමණක් ආණ්ඩුවක් පෙරළුනි. නවසිය හැත්ත හතේදී ඇට රාත්තල් අටකට රැුවටුණා පමණක් නොව රුපියල් 500ක් වැනි මුදලකට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවද නැති කර ගත්තේය. ධර්මිෂ්ට සමාජයක් කෙසේ වෙතත් කුඩුවලින් ගහණ ¥ෂණ වංචා වලින් පෝෂිත රටක් ඉතිරි වූයේය. ජේ.ආර්. නතර වූයේ ‘අතිගරු උතුමාණෝ යනුවෙන් අන්තට්ටුවක්ද පැළැද ගනිමින්ය. එදා ඉතිහාසය අද වර්ථමානය වන්නේය.

මේ අතර කොන්ද පන නැති විපක්‍ෂ නායකයෙකු සිටීම ගැනද ලැජ්ජා සහගතය. විපක්‍ෂය යනු විකල්ප ආණ්ඩුව මිස පාණ්ඩුව නොවන වග අපි දනිමු. අවශ්‍ය තැන හරි දේ පැහැදිලි කොට වැරදි දේ පෙන්වා දෙමින් එ්වායේ සාධනීය කරුණු කාරණා ජනතාව හමුවේ තබනවා විනා ඔහු සැබවින්ම කළේ ජනතා මුදලින් වසරකට හත් අට පාරක් විදේශගත වෙමින් රටට එරෙහිව ගතු කීම නොවේද? දැනට කෙරෙමින් පවතින ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන කෝටි ප‍්‍රකෝටි ගණනේ මහා පරිමාන ¥ෂණ සම්බන්ධයෙන් කළ යුතු වන හෙළිදරව්ව ඉතා ප‍්‍රාථමික මට්ටමක පැවතීම ඉතා කණගාටුදායකය.

ලැබූ ජනවරම එපා කියමින් සෝනියා ගාන්ධි මහත්මිය තම අගමැති පුටුව අත්හරිමින් ලෝකයටම දුන් පූර්වාදර්ශය අපටත් වටිනේය. ඉන්දියානු තමිල්නාඩු ප‍්‍රාන්ත ඇමතිනිය වූ ජයලලිතා ට එරෙහිව මෑතකදී දුන් නඩු තීණ්ඩුවෙන්ද පාඩම් ඉගෙන ගත හැකිුය. එහෙත් තම ඡුන්ද පදනම රැුකගැනිම වස් මිනී මරපු මන්තී‍්‍රවරුන් දේශමාන්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලබන මෙහෙව් රටක ජීවත් විය හැක්කේ ඇස් කන් නාස නැති අසංවේදී මනුෂ්‍යයකුට පමණි.

මළු පුරවා ගන්නට තවත් අවුරුදු හත අටක් ගත කරනවාට වඩා ඉන්නවුන් ඔහොම්මම ඉන්න ගමන් අපිටත් පුළු පුළුවන් විදියට ගොඩ එන එක පහසු යැයි මා හට කීවේ මරදානේ සිට නාරාහේන්පිටට තී‍්‍රවීලරයකින් යද්දී එහි රියදුරාය. මිනිසුන් හිතන පතන ආකාරය හරිම අපූරුය. පුදුම සහගතය. ++එක අතකට ඔහු නිවැරදිය. අලූත්ම අයවැය ලේඛනය ඉදිරිපිට එකිනෙකට නොපෑහෙන විග‍්‍රහයන් ඉදිරියේ ජනතාව කූමක් සිතා ගත යුතූද? ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු දෙදෙනෙක් පරස්පර විරෝධී අදහස් ප‍්‍රකාශ කරද්දී සාමාන්‍ය ජනතාවට සිදුව ඇත්තේ එ් දෙකම පසෙකලා තමාගේ පොකැට්ටුවට දැනෙන පරිදි තීන්දු ගැනීමයි. යමෙකූ තම වෘත්තීයට අදාළ පිළිගත් සම්මූතීන් වලට යටත්ව සත්‍යයට මුල් තැන දෙමින් මහජන සුභසිද්ධියට හේතුවිය හැකි දෑ පිළිබඳ සද්භාවයෙන් කි‍්‍රයා නොකරන්නේ නම් ඔහු හෝ ඇය වෘත්තීයවේදීයෙකූ නොවෙනු ඇත. මන්ද, වැරදි දෙයක් වුනත් කාලයක් මුළුල්ලේ පැල පැදියම් වුනොත් ඊට පිළිගැනීමක් හා අවසානයේ සමාජ සම්මුතියක් බවට ද පත්විය හැකි බැවිනි. හරි වැරැුද්ද සොයා ගැනීම අසීරු වන්නේ එවිටය.

රටේ අනාගතය නැකැත්කරුවන්ට භාර දීමෙන් අත්තනෝමතික ලෙස ගන්නා දඩබ්බර තීන්දු තීරණවලින් සිදුවන්නේ ලද ජයග‍්‍රහණ ආපසු හැරවීමයි. බහුතර සිංහල ඡුන්ද පදනම සීසීකඩ විසුරුවාලීමයි. එනයින් රටට එදිරිවාදිකම් කරන පිට එකාලාගේ රූකඩයක් බවට පත්වීමයි. මා නැවතත් කියන්නේ කවුරු මොනවා කිව්වත් මේ බැ?රුම් තත්ත්්වය මගහරවා ගැනීමට නම් රටේ නායකත්වය සිටුවා තැබූ ඊට දර දිය සැපයූු ගරුතර ස්වාමීන් වහන්සේලා, ගොවි කම්කරු බලවේග, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවන්, සාහිත්‍යකරුවන් හා බහු ජන සංවිධාන කියන දේ ඇසිය යුතු බවයි. මහින්දට තුන්වරක් බැරිද පුළුවන්ද හෝ විධායක බලය හොඳද නරකද යන්න අපව ගිල ගෙන ඇති ප‍්‍රශ්ණවලට ඉතා අඩු ලන්සුවක් තබන බොරු වලක් මැය.

ප‍්‍රශ්නයක් ආ කළ ගැසූ ව්‍යවස්ථා ගැට දහ තුන දැන් දහ අටක් බවට පත්වී තිබේ. මේවායින් බොහොමයක් ජනසම්මතවාදයට ඉඳුරාම එරෙහි වන අතර මේ සියලූ ගැට වලින් සමස්ත දේශපාලන තන්ත‍්‍රයම ලෙහා ගත නොහැකි මට්ටමටම වෙලී ඇත. එසේ නම් එ් සඳහා පළමු පියවර සැපයිය තැබිය යුත්්තේ ගරු ජනාධිපතිතුමාමය. එය කෙසේද යත් කිවහොත්, තම විධායක බලය අහෝසි කර ගනිමින් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු පත්කරලීමෙන්ය. එය කළ හැකි නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහින්ද රාජපක්‍ෂ නාමය ඉතිහාස ගත වන්නේ මෙරට බිහි වූ උත්තරීතරම පූර්වාදර්ශී නායකයා හැටියටය.

4 Responses to “බලය වෙනුවෙන් නොකරන දෙයක් නොවු කළ!”

  1. Christie Says:

    President is elected by the popular vote and he or she has to get a majority. So this argument of a prime minister does not stand up as prime minister is elected by the elected. Every one wants power that is the nature of most of the developed living creatures. The problems of the island nation are not different to others faced by the subjects of Indian colonialism and imperialism.

  2. AnuD Says:

    As far as I understand that Jana Sammatha vadaya is the opinion of the most vocal in the society or those who are most politically active. Most of the time what majority want is to live their day to day life. I don’t think they are not concerned about how the society is moving or what is happening to the country. Simply, they don’t have time to think about that or or their priority in life is their day to day life’s struggle.

    I think an executive president is good for the country as long as he does not misuse or abuse the power. Since JRJ, every president misused or abused power or they used it for their advantage. Both JRJ and RP are very famous for gathering wealth while destroying the governing machinery and the country. Except for the war victory at what ever the cost, This president’s time may be the peak of every thing. Simply unprecedented and unsurpassed than any other president. That is how I believe.

    I don’t think, a prime minister without any power, even though selected by the people, would do anything right for the Sinhala – buddhist majority or any thing useful for the country.

    We should have lot of inner courage to accept what General Fonskea told. That is Sinhale is the country of the Sinhala-Buddhist majority. But, we treat ethnic minorities and religious minorities as our brothers and sisters. Like wise, they should accept that this is the only country for us and we should protect what is ours. I think most are scare to talk about that, because of the back lash by other special interest who want sinhala buddhists to be subjugated, and submitted to them, or simply, now they are full of hatred towards SF created by the Rajapakse -camp propaganda.

  3. Ananda-USA Says:

    AnuD,

    I disagree that people “are full of hatred towards SF created by the Rajapakse -camp propaganda”.

    The hatred was not “created” by “Rajapakse camp propaganda”, but brought upon by Sarath Fonseka’s himself.

    The real reason is that he, driven by UNBOUNDED PERSONAL AMBITION, demanded and was refused by the GOSL things that were above and beyond what a serving Army Officer should receive, retaliated against the elected GOSL by accusing it of a war crime that bedevils Sri Lanka to this day, tried to engineer a military coup-de-etat to topple the government, and colluded with Sri Lanka’s Western enemies to drag the Rajapaksa Family to the ICJ.

    That is why Sarath Gonseka FELL PRECIPITOUSLY from adulation by his fellow citizens as a national WAR HERO to the position of DESPISED TRAITOR. He earned both that adulation and the despise through his own actions. There is a HUGE FLAW in his character: that of unlimited greed for fame and fortune that overwhelms his good sense and patritism.

    In world history, there are many such leaders who fell from grace for the same reasons.

    The hugely popular General Douglas MacArthur, who devised the brilliant Inchon Landing that defeated the invading Korean Army in the Korean War, advocated and criticized President Truman for not allowing him to carry the Korean War into China, and was dismissed by Truman. In retaliation, he tried to run for President, but was soon sidelined by the people when his personal ambition and ego, and rank disobedience to the elected President, were recognized by the people of his country. He quickly faded from the public’s eye.

    General Benedict Arnold was a brilliant general of the US Revolutinary War against the British. He was single handedly responsible for the victory of the Continental Army at the two battles for Saratoga in which he compelled the surrender of General Burgoyne’s British Army. He asked for but felt that he did not receive sufficient recognition for his skills and valor from General George Washington, and became increasingly jealous, and disobenient, and finally treacherous. He conspired with the British to kipdnap George Washington, and when was discovered and defeated, he fled and joined the British Army. He did not receive the recognition he craved from the British either, and died an embittered man years later in England. His name has become SYNONYMOUS with TREACHERY in the United States.

    Both of these people, had unbounded ambitions and vast egos that could not accept obedience to another elected leader, and suffered essentially the same fate as Sarath Gonseka.

    In summary, Fonseka was a very stupid man, not in control of his own emotions, who kicked everthing that a patriotic soldier dreams about achieving and should NEVER BE TRUSTED again by his people for a leadership position.
    That is why Gonseka is a far better name for him than Fonseka!

    Immensely SAD for patriots, but undoubtedly TRUE!

  4. Leela Says:

    විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමට ජවිපෙට ලිඛිත පොරොන්දු දුන් චන්ද්‍රිකා වැඩිපුර වසරක් එම තනතුරේ එල්ලී සිටීමට වලි කෑවාය. චන්ද්‍රිකාගේ උත්සාහය අසාර්ථක කිරමට “ජනතා විමුක්ති පෙරමුණ විසින් ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම” ක් නැත. එම නඩුව පැවරූයේ හෙල උරුමය බව අාචාර්ය චන්දනට පෙන්නා දෙන්නට කැමැත්තෙමි. කලක් පොරොන්දු කඩකල සහ බලයට කෑදර චන්ද්‍රිකා ජනාධිපති තනතුර අහෝසි කරන පොදු අපේක්‍ෂයන්ගේ සමිතියේ ප්‍රමූඛයෙකි. ලැජ්ජා නැති කමේ මහත! අද දිවයින වාර්තාවකට අනුව ජවිපෙ සහාය දෙන පොදු අපේක්‍ෂයා වන්නේ තමන්ට පොරොන්දු කඩකල චන්ද්‍රිකා බවයි. මේවා මහජනයා අනුමතකරයිද?

    2005දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති තනතුරට පත්කිරීම සඳහා ජවිපෙ මහා මෙහෙවරක් කල බව අැත්තය. අැයි එසේ කලේ යයි දන්නේ එකල ඡේවීපී කාරයෝමය. නමුත් අාරම්භයේදීම රාජපක්‍ෂ රජයේ කිසිම තනතුරක් බාර නොගන්නා බව ජවිපෙය ප්‍රසිද්ධයේ ප්‍රකාෂ කලේය. ජවිපෙට අවශ්‍ය උනේ බලල්ලුන් ලවා කොස් අැට බෑවීමටය. මහින්ද බලයට අාදා පටන්ම ඔහුව යටපත් කිරීමට එල්ටීටීඊය විසින් ප්‍රකාෂ නොකල යුද්ධයක් දියත් කලේය. නමුත් එල්ටීටීඊය මොන තරම් බෝම්බ තිබ්බත් ඔවුන් එඡාපය ඇතිකරගෙන තිබූ සාම ගිවිසුම දිගින් දිගටම බිඳ දැම්මත් එම ගිවිසුමෙන් මහින්ද ඉවත්වූයේ නැත. යුද්ධය සාමය සඳහා වීම මහින්දට අත්‍යවශ්‍ය කරුණක් විය. එනිසාම මහින්දට එම ගිවිසුම අවලංගු කල නොහැකි බව ජවිපෙ නොදැන සිටියා වන්නට බැරිය. නමුත් ජවිපෙ දිගින් දිගටම කලේ එල්ටීටීඊය සහ එඡාපය ඇතිකරගෙන තිබූ (බොරු) සාම ගිවිසුමෙන් අයින් වෙන ලෙස රාජපක්‍ෂ රජයට බල කිරීමය. ජවිපෙ උවමනාවූයේ ඔවුන්ගේ ජාති අාලය ජනතාවට දිගහැර දක්වා මහින්ද යුද කාමියෙක් බව ජාතියන්තරයට හුවා දක්වා ඔහු අමාරුවේ දැමීමීමටය.

    4වන ඊලාම් යුද්ධය අැරඹුනේ කොටි මාවිල් අාරු සොරාව්ව වසා දැමීමත් හෙල උරුමයේ රතන හාමුදුරුවෝ මහා සෙනගක් සමග සොරොව්ව අැරීමට එතනට යන්නට ගිය නිසාත්ය. ජවිපෙ යුධ ජයග‍්‍රහණයේ මල් වට්ටියටවත් අත ගැසූයේ කුහකකමටය.

    දේශපාලනයේදී මහින්ද රාජපක්‍ෂ සිටින්නේ ජවිපෙට වඩා ගව්වක් ඉදිරියෙන්ය. ජවිපෙ වැඩකිඩ මහින්ද හොඳින් දැනගෙන සිටියේය. එනිසා රජය කරගන යෑමට එජාපයේ කොටසකගේ සහය ප්‍රසිද්ධයේ ලබා ගැනීමට සහ ජවිපෙ කොටසකගේ සහය අප්‍රසිද්ධයේ තබා ගැනීමටත් මහින්ද කටයුතු කලේය. එසේ නොකරන්නට 2007 අයවැයේදී රාජපක්‍ෂ අාණ්ඩුව කඩා වැටෙනවාය. එතැන් සිට රාජපක්‍ෂ අාණ්ඩුව වට්ටන්න ජවිපෙ නොකල දෙයක් නැත. විමල් වීරවංශ නිසා එ්වා අසාර්තක වූ බව ප්‍රකටය. 2008 අපේ‍්‍රල් මාසයේදී විමල් වීරවංශ ඇතුළු පිරිසක් ජවිපෙන් වෙන්වීමෙන් පසු ජවිපෙ ආණ්ඩුවට සහාය දීම “නතර කරන බව” ප‍්‍රකාශ කිරීම එයට හොඳම නිදසුනයි. එ් සමගම කලින් මිතුරන්ව සිටි අය සතුරන් බවටත් සතුරන්ව සිටි අය මිතුරන් බවටත් පත්විය. එදා අාණ්ඩුව කඩා වැටුනා නම් සාමය සඳහා යුද්ධය එතනින් ඉවරය. එදා යුද්ධය නතර උනා නම් අද අපට සාමයක් නැත, සංවර්ධනයකුත් නැතග එහෙනම් අද අපට අැත්තේ පිරාපකරන් සහ කල්ලිය අටවන බෝම්බ පමණි. කොතෙකුත් වැරදි තිබුනත් බහුතර ජනයා මහින්දට චන්දය දෙන්නේත් මොන බන කීවත් ජවිපෙට චන්දය නොදෙන්නේත් එනිසාය. 2005 සිට බහුතර ජනයා මේ වන තෙක් නම් මෝඩ වී නැත.

    ජනාධිපති තනතුර අහොසි කල යුතුයයි උගත්තු යයි කියන කට්ටියකුත්, එන්ජීඔි කාරයෝත්, බටහිර තානාපතියෝත්, රට බෙදන්නට වලිකන පක්‍ෂත්, දෙමළ ඩයස්පෝරාවත්, ත්‍රි විල් පක්‍ෂත් එක හඬින් ප්‍රකාශ කරති. නමුත් ප්‍රධාන පක්‍ෂ දෙකේ බහුතරය නම් එවැනි මතයක සිටින බවට කිසිම සාධකයක් ගමේ ජීවත්වන අපට නොපෙනේ. ගමේ කාටත් පුදුමය නම් ජනාධිපති තනතුර අහෝසි කරනවා යයි ලිඛිතව පොරොන්දු දුන් සහ වසර 11 ක් ජනාධිපති තනතුර හෙබවු චන්ද්‍රිකාත් එම වැඩේ කරන්නට ඉදිරිපත්වන පොදු අපේක්‍ෂකයෙක් වීමය.

    ආචාර්ය චන්දන කියන්නේ මහින්ද රාඡපක්‍ෂ ජනිධිපතිතුමා විසින් ‘තම විධායක බලය අහෝසි කර ගනිමින් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙකු පත්කල යුතු’ බවයි. එම ඉල්ලීම කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී එකක් හෝ සාධාරන එකක් නොවේ. දිනාගත් සාමය අාරක්ෂා කරගෙන ඊලාම් වාදීන්ගෙන් රට බේරාගෙන ඉදිරියට ගෙනයාමට බහුතර ජනයා කෙලින්ම පත්කරන පූර්ණ විධායක බලැති ඡනාධිපතිවරයෙකුට රට බාර දෙනවාද, නැතහොත් මුදලට ගිඡු වංචාවලට බර මංත්‍රිලා රැලක් පත්කරන අගමැති කෙනෙකුට රට බාර දෙනවාද යන්න එන චන්දයේදී මහඡනතාවට තීරනය කල හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress