කසුරි නම් වූ ඔහු සමුගත් වගයි!
Posted on November 17th, 2014

ආචාර්ය චන්දන ජයලත්

ජන සමාජයක යහ පැවැත්ම උදෙසා හඳුනා ගත් හිඩැසක් පිරවීම වෙනුවෙන් කැපවන්නා යුග පුරුෂයෙක් වන්නේය. එය සමාජ මෙහෙවරක් ලෙස අපි දකිමු. එහෙත් යුග පුරුෂයින් බිහිවන්නේ කලාතූරකිිනි.

නවසිය අසූව වන විට මමත් සාමාන්‍ය පෙළට සූදානම් වන ශිෂ්‍යයෙක් මි. උදෑසන 7.20 ට පමණ මරදාන සිට පොල්ගහවෙල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියෙන් මීරිගමට එන ශිෂ්‍යයින් අතර එක්තරා සුවිශේෂී පුද්ගලයෙකු සිටියේය. අන් අය අතර වඩාත් කැපී පෙනුණ මනා පෞරුෂයක් හෙඹවූ ඔහු නමින් කරුණාදාස විය. එවකට මීරිගම ගුරු විද්‍යාලානුබද්ධ විදුහලේ විද්‍යාව ඉගැන්වූ කරුණාදාස සූරියාරව්චි කුරුල්ලෝ පියාඹති නාට්‍යයේ නිර්මාපකයා වූයේය. ඒ වෙනුවෙන් රාජ්‍ය සම්මානයක් ලබද්දී කාගේත් ඇස් ඔහු දෙසට යොමුවන්නට විය. ඔහු ගැන කතා කරන්නට විය. ඊටත් වසර පහළොවකට පමණ පසු මට මොහු නැවතත් හමුවන්නේ කොළඹ ජෝන් ද සිල්වා රඟහල අසල එවකට තිබූ කොළඹ නගර සභාවට අයත් අවන්හළේදීය. ඒ වන විට කසුරි නමින් ජනතාව අතර ඉමහත් ප‍්‍රසාදයට පත්ව සිටියේ සීයාගේ කෝළම, වට රවුම යනාදිය හරහා නව පුවත්පත් ශෛලියක් හදුන්වා දීමෙන් පුවත්පත් ක්‍ෂේත‍්‍රය අතික‍්‍රමණය කළ දැවැන්ත පුවත්පත් කලාවේදියෙක් හැටියටය. එ්කාධිපති නාට්‍යය දෙවන වරටත් නැරඹීම සඳහා මා ගිය ගමන බලාපොරොත්තූ නොවූ අයුරින් වෙනස් කරන්නට සිදුවූයේ එ්කාධිපති නාට්‍යය සම්බන්ධයෙන් අවන් හලේ සිටිමින්ම කරන්නට යෙදුන විචාරය නිසාවෙන්ය. එතනදී අහඹු ලෙස හමුවූ අනෙක් අමුත්තා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතායි. නාට්‍යය පසෙකින් තබා මම ද ඊට සම්බන්ධ වූයේ එතරම්ම අපූර්ව අත්දැකීමක් යමෙකූට ලබා ගත හැක්කේ කලාතුරකින් බැවිනි. නැවතත් මට හමුවන්නේ තවත් වසර දහ අටකට පමණ පසුවය. ඒ මීට මාස දෙකකට කළින්ය. ඒ මාගේ කුළුදුල් නවකතාව වෙනුවෙන් සංවිධානය කළ දොරට වැඩුමට ආරාධනා කරන්නට ගියවිටය. ‘මෙම නවකතාව කියවද්දී අතිශය දුර්වල නිර්මාණයක් ලෙස ඔබට හිතේවි’ කියමින් මම මගේ පොත ඔහු අතට පත්කළේය. ‘ඒ කතාව වැරදියි. ඕනෑම නිර්මාණයකදී හොඳ නරක දෙකම තියෙනවා. එකම කාරණය නිර්මාණකරුවා හැටියට තමා සෑහීමකට පත්වනවාද යන එකයි.’ ඔහු කීවේය.

කරුණාදාස ගුරුතුමා මා සමග පැය දෙකක් පමණ ඉතා සැහැල්ලුවෙන් කතා කළේය. නාට්‍යකරණය, පුවත්පත් කලාව, නවකතාව වශයෙන් බොහෝ දේවල් ගැන කතා කළේය. පුවත්පතක කතෘධූරය දැරීමට තරම් ලොකු මානසික ආතතියක් ගැනීම මගේ කාලය නොවන නිසා මම ඉන් ඉවත් වී උපදෙස් පමණක් දීමට තීරණය කළ වග ඔහු මට කියා සිටියේය. බොහෝ දේ හිතට එකඟව සිදුනොවන බව මට නොකියා කීවේ එසේය. ඔහු විසින් මෑතකදී රචිත උන් ගියාදෙන් නමැති නවකතාවට වස්තු බීජ වූ කාන්තා විමුක්තිය පිළිබඳව ද කතා කළේය. මිනිස් අමිනිස් දෙකොට්ඨාශයටම ආවේණික පොදු ගතියක් වුන බලයෙහි රුදු බව මිනිස් ශිෂ්ඨාචාරය පුරාවට පැහැදිලි බවත් දුර්වලයා යටපත් කරමින් බලය හබා යෑමේ කාරණය තුළ මිනිස් මනසේ සංකීර්ණ කි‍්‍රයාවලිය පිළිබඳ විද්‍යාත්මක විග‍්‍රහයන් දිනෙන් දින අලූත්වනවා මෙන්ම ලාංකීය දේශපාලනය තුළ නවමු චර්යාවන් හා අනුභූතීන් අප වටා සක‍්‍රීය වන චුම්භක ෙක්‍ෂ්ත‍්‍රයක් වැනි දෙයකැයි ඔහු පැහැදිලි කළේය. මම කසුරිගේ නිර්මාණකරණය පිළිබඳව කතා නොකිරීමට වග බලා ගනිමි. එක අතකින් මා දන්නා ඉටිගෙඩියක් නැත. එහෙත් එක දෙයක් කිව යුූතූය. කලාව තූල තිබිය යුතූ පිළිගත් සම්මුතීන් කෙරෙහි ලොකූ විශ්වාසයක් තැබීමට ඔහු වග බලා ගත්තේය. බොහෝ පිටපත් ඔහු අතින් ප‍්‍රතිෙක්‍ෂ්ප වූයේ එබැවිනි.
තවද, දිවයින නම් වූ පෙරළිකාර පුවත්පත අසූව වකවානුවේ තිබූ දේශපාලන හිතුවත්කාරකම් හමුවේ නොසැලෙන ඉන්ද්‍රඛීලයක් මෙන් සිටුවා තැබූ පහන් ටැඹ කසුරි යැයි කීවොත් මා සමග කිසිවෙකු උරන නොවනු ඇත. ඔහුගේ පරිකල්පන ශක්තියට සම කළ හැක්කෙක් සිටී නම් ඒ මහගම සේකරයන් විය හැක. කේ. ජයතිලකයන් විය හැක. මේ හැමෝම ගම්පහෙන් මතූවූ සියනෑ පුත‍්‍රයින්ය.

මේ සියල්ල පසෙක තබා මා ඔහු කෙරෙන් දකින සුවිශේෂී චරිත ගුණාංගය නම් අල්පේච්ඡුබවයි. සරල ජීවන රටාවයි. ඔහුට එතරම් ලොකු බලාපොරොත්තු නොතිබුණේය. ඔහු රැුල්ලට හසු නොවීය. ඔහුට තරගයක් නොතිබුනේය. මා දන්නා හැටියට ඇතැම් කලාකරුවන් මෙන් දේශපාලණය හඹා ගියේ නැත. ඔහු ඉතිරිකර යන්නේ ද එම පූර්වාදර්ශයයිි. එහෙත් ඔහු රටට දැයට ලේඛණය හරහා කළ සේවය අභිමානනීයයි. ඔහුගේ සියලූ නිර්මාණ සංරක්‍ෂණය කරමින් අනාගත පරම්පරාවට දායාද කරදීම අප කාගෙත් යුතුකමක් වනු නොඅනුමානය. අපි ඔහුට නිවන් සුව පතමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress