ටැමිල් නෙට්‌ හෙළිකරන චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුම
Posted on December 7th, 2014

කීර්ති වර්ණකුලසූරිය Courtesy Divaina

ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.

මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය

1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)

2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම

3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම


ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.

එහෙත් එවන් ගිවිසුමක්‌ නැතැයි සම්බන්ධන් හෝ කුමාරතුංග පැවසූවේ නැත. මෙම ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් කළ ප්‍රකාශයෙනි.

මනෝ ගනේෂන් මෙලෙස පවසා ඇත.

“පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.

මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.

චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ සංසදයද දනී.

එකී සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් පැවසූවේ ලබන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට පත්වන පාලකයන්ට සිදුවන බවයි.

ගෝලීය ද්‍රවිඩ සංසදය ලබන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිව පරාජය කිරීමට සියලු සහය ද්‍රවිඩ සංධානය වෙත ලබා දෙන බවද සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ.

මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ශීsධරන් කිලිනොච්චියේ අරිවගම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇත. මහින්ද ජනාධිපති පුටුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු බව ද්‍රවිඩ ජනතාවගේ මතයයි. ද්‍රවිඩ සංධානය ඒකාබද්ධ විපක්‍ෂය සමග ඇති කර ගත යුතු ගිවිසුම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සීමා නොවේ. ද්‍රවිඩ සංධානය තීරණ ගන්නේ ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ ස්‌ථාවරය මතයි. ද්‍රවිඩ ජනතාවද එය අනුමත කර ඇත.

මින් ශ්‍රීධරන් පවසන්නේ ගිවිසුමක්‌ ඇති බව නොවේද?

මේ ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත්තේ බටහිර තානාපති කාර්යාල 8 ක නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය සාකච්ඡා කිරීමයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය රහස්‌ සාකච්ඡාවල නිරත වීමයි.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන 10 ක්‌ ද්‍රවිඩ සංධානයට ලබා දී තිබූ බව හෙළි විය.

මේ නිසා මේ චන්ද්‍රිකා – සම්බන්ධන් ගිවිසුමේ සැබෑ යථාර්ථය පොදු විපක්‍ෂය රටට හෙළි කර නැත.

මෙහිදී මතුවන භයානක තත්ත්වය නම් ද්‍රවිඩ සංධානය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයද සිහිපත් කළ යුතුය. මගේ 28 හැවිරිදි පුත්‍රයා දුරකථනයෙන් මාව අමතමින් තමා ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වීම ගැන ලැජ්ජා වන බව පැවසූවා. ඔහු චැනල් 4 කිලිංෆීල්ඩ් චිත්‍රපටය බලා ඒ බව පැවසූවා. මගේ දුවත් ඒ බව කියා සිටියා.

චන්ද්‍රිකා කුමාරතුංග කළ මේ ප්‍රකාශය ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නගන චෝදනාවලට උපකාර වීමකි.

එහෙත් චෙම්මිනි සමූහ මිනීවළේ සිද්ධිය සිදු වූයේ කුමාරතුංග පාලන සමයේදීය. ක්‍රිශාන්ති කුමාරස්‌වාමි සිසුවිය ඝාතනය වීමේ සිද්ධියද ඊට සම්බන්ධය.

මේ දකින සිදුවීම අමතක කළ හැකිද?

එම සටනේ හමුදාපති වූ ශ්‍රීලාල් වීරසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනයේ ලේකම් පිල්ලේ රම්සා හිටපු ජනාධිපතිනියට චෝදනා නගා නැත.

මේ අතර සම්බන්ධන් – චන්ද්‍රිකා ගිවිසුමත් සමගම ද්‍රවිඩ සංධානය සමග කොටි හිතවාදී සංවිධාන අටක්‌ ඒකාබද්ධ වී ඇත.

ඇමරිකාවේ පැවැති මෙම ඒකාබද්ධ රැස්‌වීමට ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහභාගි වී තිබේ. මෙවැනි ඒකාබද්ධවීමක්‌ මින් පෙර සිදු වී නැත. එසේ නම් එය චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුමේ තවත් ක්‍රමවේදයක්‌ද?

මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධානය පොදු විපක්‍ෂයට සහය දෙන්නේ ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලා සිටි ක්‍රියාවට සමාන ලෙස බව පැහැදිලිය.

2002 සටන්විරාම ගිවිසුම පවා ජනතාවට හොරෙන් සකස්‌ කර අත්සන් කිරීමට විපක්‍ෂයේ පිරිස්‌ ක්‍රියා කළා නම් චන්ද්‍රිකා – සම්බන්ධන් රහස්‌ ගිවිසුම ජනතාවට හෙළි කරනු ඇතැයි සිතිය හැකිද?

ශ්‍රී ලංකාවේ උදාවී ඇති පූර්ව මැතිවරණ සමය අරබයා තමිල්නාඩුවේ ඊළම් හිතවාදී කොටස්‌ අතර පවත්නා ප්‍රබෝධය ද සුළුපටු එකක්‌ නොවන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක්‌ බිහිවන සුබ පෙරමඟ ලකුණු මතුවෙමින් පවත්නා බව දැන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ තමිල්නාඩු නාම් නමිලර් පක්‍ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ය.

ඔහු තම හදිසි නිවේදනය තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ එළඹෙන කාලය ඊළාම් ජනතාවගේ වීරත්වය නැවත මතුවන වකවානුව වන අතරම එහි ප්‍රථිපලයක්‌ වශයෙන් ඊළම බිහිවීම අත ළඟටම පැමිණ ඇති බව ද වෙයි.

කීර්ති වර්ණකුලසූරිය

23 Responses to “ටැමිල් නෙට්‌ හෙළිකරන චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුම”

  1. Independent Says:

    Good. We know who trust Tamil Net.

  2. NeelaMahaYoda Says:

    Lorenzo
    This is the secret agreement that Chandrika signed with TNA as disclosed by Tamil Net
    1.Implementation of 13th amendment fully with Police and land power to be vested on provincial council
    2.Power of Provincial council of Eastern province to change
    3.Re-appointment of the Northern and Eastern province governors

    Tamil diaspora thinks that Sirisena will not be able to stop extradition of MR for war crimes in Haag

    Now we know that why are you so interested in supporting Sirisena

  3. Independent Says:

    NMY,
    Lorenzo is not LTTE man.

    By publishing such stories Tamil net and well as Rudrakauaman wants the President to win.
    Please stop eating kewum.

  4. NeelaMahaYoda Says:

    Independent
    This new was published by Sinhala National paper Divaina.
    I hope at least Sinhala speaking people will believe it in Sri Lanka

    As the agreement is leaked by Tamil Net, yes, soon people will start eating Kiribath and Kewum in Sinhala areas.

  5. Independent Says:

    UNP unanimously agree to back common opposition candidate.

    So, what has happened to also those fabricated stories , educate guesses and wishful thinking of Ranil becoming a candidate ?

    So, dear friends, calm down , analyse the news with a straight mind and say something valuable rather than boring repetitions

  6. Independent Says:

    NMY,
    Please stop dividing our country in to Tamil and Sinhala areas unintentionally. That is why I asked you not to eat too much kewum. My wife is making very tasty keum but I don’t eat.

  7. AnuD Says:

    Are all these comments for the love of the country ?

    Politicians are negotiating in bad faith and keep every thing in secret.

    Is that for the love of the country.

    Every one is cheating every one else.

  8. AnuD Says:

    Eventually, we all lose.

    Tamil net pick up stories from here and there and publish their own version.

  9. Independent Says:

    NMY,
    Before trusting “leaks”, you can see from your eyes , listen from you ears to the Aljezeera telecast in which your current countryman Mr. Rudrakumaran says. So just do the opposite to what he says.

    It is like දොම්පෙට යන පාර ඇහුව වගේ.

    Nice talking to you and we should catch up later. Water supply to my house has a “leak” I have to attend to it.

  10. Lorenzo Says:

    NMY,

    This is about the Tamilnet story.

    Stop and think before judging.

    IF there was a pact ACTUALLY, will Tamilnet reveal it before the election?

    This news was created by Tamilnet to defeat My3.

    Have you heard the story of a traveler who comes to a junction and didn’t know which way to go. He knew the two men standing there had one liar and one honest man but didn’t know who. How did he find the right way?

    He asked each man “Machan, if I ask that man over there how to go to such a place, which road he would show me?”

    The honest man answered and said road A (wrong road because he knew the liar would lie).
    The dishonest man answered and said road A (wrong again because he knew the honest man would say the right way and twisted it).

    The traveler took road B and reached his destination!!

    When Tamilnet says something, the OPPOSITTE is true. You don’t believe genocide stories in Tamilnet. So why believe this! Even Tamils have stopped believing Tamilnet punnaaku these days.

    “poda poda punnaakku
    podaada thappu kanakku”

  11. Lorenzo Says:

    Enjoy,

    “https://www.youtube.com/watch?v=vthIjUz6oTs”

    The great Ilayarasa!

  12. Ananda-USA Says:

    Agree with Lorenzo, this is TamilNET trying its devious tricks again.
    NEVER believe TamilNET if they stand to benefit from it.

    BTW, I had heard that story before, in a different setting.. Good one!

  13. Vimutti Says:

    According to Sri Lanka Resettlement Minister Gunaratne Weerakoon, the US Ambassador to Sri Lanka offered him a green card and scholarships in the US to his children if he removed the army camps in the North and East

    Google: “US denies funding opposition to oust Sri Lanka leader”

    It is clear that the US understands that military presence in the North and East and the prospect of settling the area with Buddhists to balance out the Tamil population completely destroys their plan to destabilize the country with more terrorism and divide Sri Lanka into two countries.

  14. Independent Says:

    Gunaratne Weerakoon ? can this man, we never heard of, remove the army camps in the North and East ?
    USA should be really dumb.

    We can silent USA easily with “Yahapalanaya”.

  15. Wickrama Says:

    Lorenzo, Ananda, …..

    This is really intriguing !

    So if people do not believe in stories published in Tamilnet, then by publishing actually the TRUTH, Tamilnet could make people (like you) NOT believe in it !!

    Tamilnet can be that crafty !!

    Just think whether the story could be probable or not !

  16. Ananda-USA Says:

    Wickrama,

    Did you notice that I craftily placed a condition “if they stand to benefit from it” on my statement of disbelief of all things Tamil NET publishes? Ha! Ha! Gotcha!

    I think Lorenzo also implies this caveat in his statement, but he did not make it explicit.

  17. Lorenzo Says:

    Wickrama,

    Tamilnet is all lies. There is NO other evidence to corroborate the news.

    ALL MOUs were signed by My3. Not CBK.

    CBK has NO party!

  18. Wickrama Says:

    Lorenzo, Ananda, …..

    What I meant was that this could be a Double-Bluff by TamilNet !

    From Cambridge Online Dictionary:

    English definition of “double bluff” :a clever attempt to deceive someone, especially by telling that person the truth when they think you are telling lies.

    Do you think CBK is incapable of such a secret agreement with TNA ?

  19. Lorenzo Says:

    “Do you think CBK is incapable of such a secret agreement with TNA ?”

    AND Run-nil!!

    Of course they are.

    But NOT My3. You don’t judge MR by the characters of,
    1. KP
    2. KA
    3. Duminda
    4. Mervin
    5. Punchinilame
    6. DMJ

    So why judget My3 by CBK and Run-nil.

    In the same token some people say MR had a secret pact with the LTTE in 2005 to force Tamils boycot the election.

  20. Wickrama Says:

    Lorenzo,
    No point in judging My3 by anybody’s standard. By his own accord, he will be just a PAMBAYA after 100 days. (IF…. he wins !) After that it will be RW, CBK, JHU, JVP, SF, TNA conglomerate with the power. Imagine what chaos it will be ?

    If MR had a secret pact with LTTE in 2005, that must have been a brilliant strategy !! “oorage maalu oorage pitey ma thiyala kapanawa wagey” or more correctly, “Kotiyage maalu kotiyage ma pitey ma thiyala kapanawa wagey”

  21. Wickrama Says:

    Lorenzo,
    You said, “Of course they are.” Obviously that must have been a typo??
    OR did you actually meant “CBK (and RW) are INCAPABLE of such a secret agreement with TNA” ?

  22. Lorenzo Says:

    Wickrama,

    I meant CBK and RW are CAPABLE of a secret deal with the LTTE. RW had an OPEN deal with the LTTE.

    Even MR is capable of that. MR honored the RW-LTTE deal till 2008.

  23. Lorenzo Says:

    “If MR had a secret pact with LTTE in 2005, that must have been a brilliant strategy !!”

    FULLY AGREE.

    It is like giving a razor blade to a monkey to kill itself.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress