මාධ්‍ය සාකච්ඡාවක්
Posted on December 27th, 2014

සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ

ප්‍රශ්නය: මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඇත්තේ ඉතාමත් කෙටි කාලයක්, මේ මැතිවරණය හා බැදුන ගැටලු රාශියක් රට පුරා පැන නැගී තියෙනවා, මේ ගැටලු වලට පැහැදිලිව පිලිතුරු දිය හැකි අයෙකු ඔබ විසින් ගොඩනැංවූ දේශපාලන පක්ෂයෙන් සොයා ගැනීම අසීරු කරුණක්, දැන් ඉන්නා නියෝජිතයින් එකම ප්‍රශ්නයට විවිධ පිලිතුරු සපයනවා, මෙය මාධ්‍යවේදීන් වන අපට මහත් අපහසුවක්, ඒ නිසයි අප ඔබ හමුවට පැමිණියේ.
මේ වනවිට ඔබ ආරම්භ කල එම පක්ෂය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරනවා. ඔබ මේ තීරණය සම්බන්ධව දරන ආකල්පය කුමක්ද?

පිලිතුර: පලමුව මම සදහන් කරන්නට කැමතියි එම පක්ෂය මා ආරම්භ කල පක්ෂයක් ලෙස හදුන්වන්න එපා. එය ආරම්භ කලේ එදා පැවති සමාජ අවශ්‍යතාවයයි. එය කිසිවෙකුගේ පෞද්ගලික බූදලයක් නොවේ. මීලගට මට කීමට ඇත්තේ මේ සමාජය සම්බන්ධවයි. මේක මහා සංකීර්ණ සමාජයක්; මේ සමාජය තුල පවතින වැදගත්ම ඒකකය මිනිසායි. අපට පෙනෙන මිනිසා අප කිසිවෙකුත් නොදකින මනස හා බද්ධවයි පවතින්නේ; මනස තුල අප කිසිවෙකුත් නොදකින මිනිසුන් රාශියක් ජීවත් වෙනවා ඔවුන් අතරත් නිරන්තර අරගල සිදුවෙනවා; විටෙක මිනිසා තුල ජීවත්වෙන සත්‍ය ගරුක මිනිහා ජය ගන්න අතර විටෙක ඔහු තුල ජීවත්වන කපටියාට පුලුවන් වෙනවා, ඔහු තුල ජීවත්වෙන යුක්ති ගරුක මිනිසාව විනාශ කරන්න; මේ වනවිට සිදුව ඇත්තේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ මනස් තුල ජීවත්වූ සැබෑ යුක්ති ගරුක මිනිසාව විනාශ කර දමා තිබීමයි. ඒ නිසා එම පක්ෂය සෘජුවම සතුරාට සහය පලකරනවා. මෙය එම පක්ෂයහි උපතට හේතුවූ බීජයට එරෙහිව ගත් තීරණයක්.

ප්‍රශ්නය: එම පක්ෂය කාලාන්තරයක් මුලුල්ලේ මේ රටේ විධායක ජනාධිපති ධූරය ඉවත් කරවා ගැනීමට අඛණ්ඩව අරගලයක් දියත් කල පක්ෂයක්; එය පොදු අපේක්ෂකයාගේ ජයග්රහණය තුලින් ඉටු කරවා ගැනීම ඔවුනගේ අරමුණ විය හැකියයි අප සිතනවා. ඒ සම්බන්ධව ඔබ දරන්නේ කුමන අදහසක්ද?

පිලිතුර: මේ පක්ෂය, මේ රටේ විධායක ජනාධිපති කම ඉවත් කරවා ගැනීම උදෙසා බිහිකල පක්ෂයක් නම් නොවේ. විධායක ජනාධිපති කියන්නේ, සියලූම බලතල හිමි රාජ්‍ය නායක ධූරයක්. ඒ ජනාධිපතිතුමා, හමුදාපති සතු සියලුම බලතල ඔහුට ලබාදුන් නිසා යුද්ධය ජයග්‍රහණය කල බව ඔබ මනාව දන්නවා; කප්පාදු කල පදවියක් ගන්න මේ ලෝකයේ කිසිම පුද්ගලයකු කැමති නැහැ. අපි සැබෑ ලෙසම අපේක්ෂා කරන්නේ තමන් දරන තනතුරට හිමි බලතල අනිවාර්යෙන් හිමිවිය යුතු බවයි.

එහෙම බලතල නැති නපුංසක පදවියක් නිර්මාණය කරලා ඒ පදවියට තරග වැදීමට කැමති පුද්ගලයින් ඉන්නවාද?

ප්‍රශ්නය: ඔබ ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ධූරයට විරුද්ධ නැද්ද?

පිලිතුර: ඔය ප්‍රශ්නයට පිලිතුර, 1982 ජනාධිපතිවරණයේදී පැහැදිලිවම අප ප්‍රකාශ කලා. එදා අප බලය ඉල්ලුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න නම් නොවේ. ඒ ජනාධිපති බලතල උපයෝගී කරගෙන මෙරට තුල නව සමාජ සංස්කෘතියක් ගොඩනංවන්නයි.

ප්‍රශ්නය: ඔබට 1982 ජනාධිපතිවරණයේදී, කිරීමට අවශ්‍ය නොවූ දෙයක්; රටේ අංක එකේ ප්‍රශ්නය ලෙස හුවා දැක්වීමට වර්තමානයේදී එම පක්ෂය උත්සහ කරන්නේ ඇයි?

පිලිතුර: ඔබ ඔවුන්ගෙන් ඇසිය යුතු ප්රශ්නයකුයි මගෙන් අහන්නේ. මේ රටේ මූලික වශයෙන් ජන බල ඇණි නවයක් තියෙනවා. ඒවා පිලිවෙලින්; භික්ෂූන් වහන්සේලා, වෛද්‍ය පරම්පරාව, ගුරු පරපුර, බුද්ධිමතුන්, ආරක්ෂක හමුදාවන්, ගොවියන්, කම්කරුවන්, රැකියා විරහිත තරුණ පරම්පරාව හා ශිෂ්‍යයින් වශයෙන් නම් කරන්න පුලුවන්. මේ කාගේ කුමන ප්‍රශ්නය විසදන්නද විධායක ජනාධිපති ධූරය හරස් වෙලා තියෙන්නේ?
ඇත්ත වශයෙන් එහෙම ගැටලුවක් ඇතිවෙලාම නැහැ. ඔබ තේරුම් ගන්න; කිසිදු ගැටලුවක් නැති දෙයක් මහා හිසරදයක් සේ මවා පෙන්වන්නට පුලුවන් සමාජයක් මේක. සමාජය විනාශ කරන්නේත්; ගොඩනංවන්නේත් මිනිස් සිතුවිලියි. මේ සිතුවිලි දහරාවට ඇති බලය අසීමිතයි. මේ වනවිට විධායක ජනාධිපති කම මහා විනාශයක් සේ ඉස්මතු කර රටපුරා රෝපනය කර හමාරයි. අද ඔබ ලබන්නේ එහි පලයන් නමුත් ඔය විධායක ජනාධිපති කම ඔය කියන තරම් භයානක දෙයක් නොවේ.

ඔබ මදක් කල්පනා කර බලන්න! 1966 ජනවාරි මාසේ 8වෙනිදා කොල්ලුපිටියේ ගාලුපාර මත වාඩිවී සිටි මහා සගරුවන මතින් වාහන පදවාගෙන ගොස් වෙඩිතබා මරා දැමූයේ විධායක ජනාධිපති බලතල ඇති රජයක්ද? ඇත්තටම නැහැ. අපරාධයක් හරි විනාශයක් හරි සිදුකරන්න ඕනි නම් විධායක කමවත් ව්‍යාවස්ථාදායක කමවත් උවමනා නැහැ. අපරාධය නිරීමේ උවමනාව පමණයි ඇවැසි වන්නේ.

ප්‍රශ්නය: අපිට පුදුමයි ඔබ කථා කරන විදිය සම්බන්ධව. මුලු රටම මහා භීතියකින් කථා කරන ඒ විධායක ජනාධිපතිකම සම්බන්ධව ඔබ ඇයි මෙතරම් සැහැල්ලුවෙන් කථා කරන්නේ?

 පීලිතුර : ඔබතුමන්ලා පොඩ්ඩක් කල්පනා කරල බලන්න. එදා ජේ. ආර්. ජයවර්ධන මහත්මයා විධායක ජනාධිපතිකම පිහිට වීමත් සමගම සෑම ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයකුගෙන්ම දිනයක් සදහන් නොකල ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තා. ඒ ඇයි? පෙඩ්ඩක් කල්පනා කරල බලන්න. ඔය කියන තරම් මහා බලයක් තියෙනවා නම් ඔය වගේ කාර්යයක් සිදු කරන්නේ නැහැ.

මේ රටේ ජීවත්වෙන ජනතාවගේ වෘත්තීන්ට සැබෑ ලෙසම බල නොපාන කරුණක් මේක, නමුත් මේ රටේ බොහෝමයක් දෙනා මෙය ත්රස්තවාදයට එහා ගිය ප්රශ්නයක් ලෙස වර්ධනය කර පෙන්වනවා.

ප්‍රශ්නය: සොරකම හා දූෂණය; පවතින රජය තුල අරක්ගෙන ඇති බව ඒ පක්ෂය චෝදනා කරනවා ඒ සම්බන්ධව ඔබ දරන මතය පැහැදිලි කරන්න.

පිලිතුර: මේ පවතින්නේ ධනවාදී සමාජයක්; ධනවාදය යටතේ සොරකම හා වංචාව අනිවාර්ය අංගයක්; ඒ අනුව පවතින සෑම රජයක් තුලම, මෙය අඩු වැඩි වශයෙන් පවතිනවා. මෙය සැබෑ ලෙසම නතර කලයුතු අංගයක් නමුත් අවුරුදු 30ක යුද්ධය අවුරුදු තුනහමාරක් වැනි කෙටි කලෙකින් නිම කිරීම හරහා මෙම රජය සුවිශෙෂී රජයක් බව ජනතාවට ඔප්පු කර තිබෙනවා. ඒ පමණක් නොවෙයි මහින්ද රාජපක්ෂ මහතා මේ ඉටුකර ඇත්තේ සිය ආත්මීය කාර්යය භාරයයි, 1505 දී ඇරඹි බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි වූ සටන පරපුරින් පරපුරට ගලා ගෙනවිත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලදී ජයග්‍රහයී ඉලක්කයක් පසුකරමිනුයි සිටින්නේ; ඒ අනුව අවුරුදු 504 කාල පරාසයක් තුල බිහිවූ විශිෂ්ඨතම නායකයා ඔහු බව සදහන් කල යුතුමයි.

ප්‍රශ්නය: මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල මෙරට අංක එකේ සතුරාය යන අරුතින් දේශපාලන සංවාද හා පුවත් පත් සාකච්ඡා වලදී මත පලකරනවා ඒ සම්බන්ධව ඔබේ මතය කුමක්ද?

පිලිතුර: අපි තනි පුද්ගලයකු හෝ තනි පවුලක් සතුරු බලවේගයක් වශයෙන් සලකන්නේ නැහැ. ඇත්තටම තනි පුද්ගලයකු හෝ පවුලක් සමාජ බලවේගයක් නම්; අපිට කොච්චර පහසුද සමාජ ක්‍රමය වෙනස් කරන්න. විශේෂයෙන් මාක්ස්වාදී දේශපාලන ක්‍රියාකාරිත්වය තුලදී පුද්ගලයකු හෝ පවුලක් බලවේගයක් වශයෙන් සැලකිය නොහැකියි.

ප්‍රශ්නය: වර්තමාන දේශපාලන පිටියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුල, මෙම රට සූරා කණු ලබන පවුල බවට නම් කර හමාරයි. එම පවුල බලයෙන් පහකිරීම හරහා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආ හැකි යයි ප්‍රකාශ කරනවා.

පිලිතුර: හොදයි කවුද මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ආවේ?
ඒ ජනතා විමුක්ති පෙරමුණයි. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන ආකාරයට එතුමා දූෂිතයෙකු නම්, පවුල් වාදියකු නම්, දූෂිත සහෝදර සමාගමක් නඩත්තු කරන්නෙකු නම් ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනි ජනතා විමුක්ති පෙරමුණයි. පලමුව ඒ සම්බන්ධව ජනතාව ඉදිරියට විත් ජනතාවගෙන් සමාව ගන්න ඕනි.
මේ වනතෙක් එවැන්නක් සිදුකොට නැහැ. එසේ ජාතියෙන් සමාව අයදින්නේ නැතිව තවත් අපේක්ෂකයකුට සහය දෙන්නයයි කියන්න එම පෙරමුණට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ.
පවුල්වාදය ගැන කියන කොට අපේ සිහියට නැගෙන රටක් තමයි උතුරු කොරියාව. සීයා විමුක්ති සටන්හි පෙරමුණ ගෙන, ඊට පසු තාත්තා විමුක්ති සටන ජයගෙන, අද පුතාත් අඛණ්ඩවම සිය පාලනය ගෙන යනවා.
සහෝදර සමාගම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ; මහින්ද රාජපක්ෂ සහෝදරයින් හරහා නම්, ඔවුන් විසින් නියත වශයෙන්ම කියුබානු කස්ත්‍රෝ සොහොයුරන්ටත් එම අවලාදයම භාවිත කරන බව වටහා ගන්න. ඇමරිකාව කියුබාව උදෙසා බාවිතා කල පිලිණුවුන අවලාදය ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාවේදී හිමිව තිබෙන බව පමණක් කිව හැකියි.
ශ්‍රී ලංකාවේ සුපිරි සහෝදර සමාගම බිහිකිරීමට වෙර දෑරුවේ අපයි. අපේ පක්ෂයේ සිටි හැම අයෙක්ම සැබෑ සහෝදරයකු සේ සැලකුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස දුටුවේ අපයි. සහෝදරකම උත්තරීතර පදවියක් ලෙස හදුනාගෙන, හැම අයෙක්ම ලේ නෑකම ඇති සහෝදරයින්සේ එකට බද්ධවීමට වෙරදැරූ පක්ෂයක නායකයින් සහෝදරකමට ගරහන ආකාරය අපුරුයි.
ඔබලාට මේ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන මහත්වරු කවුදැයි මනාව වටහා ගන්න, එක කරුණක් පෙන්වා දෙන්නම්. මේ මහත්වරුන්ට අනුව, මේ රටේ විනාශයට ඒකායන හේතුව රාජපක්ෂ සහෝදර සමාගම නම්, එදා පිත්තල හන්දියේ බෝම්බයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත්; බදුල්ලේදී මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අටවා තිබූ බෝම්බයත් නිසි ලෙස ඉලක්ක ගතවූයේ නම් මේ රට ගලවා ගන්න තිබුණා යයි ඔවුන් පැහැදිලිවම කියා සිටිනවා නේද? ඒක සැබෑද ? නැහැ! එදා එහෙම සිදුවුණා නම් ඔය වගේ පච සහ අවලාද ගහන්න ඔය මහත්වරුනුත් සිටින එකක් නැහැ. මතක තියා ගන්න එදා වීර පුරංඅප්පු සිය මරණ මංචකයේදී කල ප්රකාශය. ඒ අපේ අම්මා තව මංවගේ එක පුතෙක් වැදුවා නම් මම මේ පර සුද්දන්ගෙන් මේ මව්බිම නියත වශයෙන්ම මුදවා ගන්නවා යන්නයි. සහෝදර සමාගම දේශපාලනයේදී ඉතා වටිනා අංගයක්.
ප්‍රශ්නය: මෙම ජනාධිපතිවරණයේදී ඔබ අනුග්රහය දක්වන්නේ කාටද?

පිලිතුර: අපේ සතුරාගේ සතුරාට.

ප්‍රශ්නය: ඔබේ පිලිතුර පැහැදිලි මදි. පැහැදිලි කරන්න.

පිලිතුර: අධිරාජ්‍යවාදීන් තමන්ගේ අංක එකේ සතුරා සේ දකින මහින්ද රාජපක්ෂ මහතාට.

ප්‍රශ්නය: ඔබට ඔබේ පක්ෂයට හෝ එහි සාමාජිකයින්ට මේ අවස්ථාවේදී පැවසීමට යමක් තිබේද?

පිලිතුර: ඔබ පවසන කිසිම දෙයක වගකීමක් මට නැහැ.

ප්‍රශ්නය: ඔබට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටීමට යමක් තියෙනවාද?

පිලිතුර: ඔව් සැබෑ ලෙසම මට එතුමාගෙන් ඉල්ලා සිටින්න කරුණු ගනනාවක් තියෙනවා. නමුත් එතුමා මේ සියල්ල සිදු කරමින් ඉන්නේ ධනවාදී සමාජයක් තුලයි. අපිට ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ United Asian Organization නම්වූ සියලූම ආසියාතික රටවල් එකතු කොට ගොඩ බංවන සංවිධානයයි. මෙය ඉතා කඩිනමින් ඉටුකල යුත්තක්. මේ වනවිට ආසියාවේ සියලූම රටවල නායකත්වයන් මනාව සිදුවෙම්න් පවතින අනතුරු දකිමින් තනිව සිටින මොහොතක්. විශේෂ අවධානයක් යොමුකරමින් මේ සංවිධානය බිහිකරන්න. ඒ තුලින් මේ ආසියාවට පමණක් වටකොට පහර දෙන ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සියලු එටවල් බලගන්වන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එන සියලූම පීඩාවන්ට එරෙහිව මේ සංවිධාන ශක්තිය යොදා ගන්න වෙර දරන මෙන් එතුමාට දන්වන්න. තවද උතුරු කොරියාව සමග පූර්ණ තානාපති සබදතා යලි ගොඩනංවා ගන්නා ලෙසත් ඉල්ලා සිටින්න. මට පැවසීමට ඇත්තේ එපමණයි. එතුමාට ජයවේවායි! පතමි. ඔබ හැමට ස්තුථියි.

ඔබටත් ස්තුථියි.

සම්බන්ධීකරණය චන්ද්‍රසේන පණ්ඩිතගේ

2 Responses to “මාධ්‍ය සාකච්ඡාවක්”

  1. Dr.K Says:

    Dear Chandrasena

    I received an email from the party of Common Candidate under the heading of ‘A New Country Within 100 days” and paper cuttings of news Headings of JVP, Champika , Rev Sobitha and UNP.

    My reply to them was as follows:

    A New Country within 100 days? Yes we agree that if the executive Presidency is removed in 100 days no doubt the northern part of the country will be declared autonomy and form EELAM without a drop of bloodshed and rest of the country would remain as new country. The so called your new country.

    I have no objection if you change Mahinda Rajapaksa from the position and appoint new leader with a majority of Sri Lanklans votes but you fools should not cry to betray the country to western nations and LTTE and wish to form a new country.

    I can understand where Ranil, CBK, Mangala and Rajitha are coming from when we analyse their past history but am worrying why Champika and Hela Urumaya party and Rev Sobitha fallen into the same group that crying to betray the Sinhala Budhists ? You two are not too late to give up this nasty thought and save the country for this time.

    The people who would vote to defeat Mahinda Rajapaksa in this time are doing no difference to push the country into the same situation that we experienced in past 3 decades.

    Dr.HM Kodisinghe

  2. Christie Says:

    “United Asian Organization “. What about dismantling the Indian Union and the Empire who is behind the politics in Sri LANKA, Maurtius, Fiji, Malasia rtc.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress