සියලූම ජාති හිතෛෂී ශ‍්‍රී ලාංකිකයන්ට ආරාධනයකි.
Posted on June 21st, 2015

රංජිත් සොයිසා

කොටි හිතවාදී කණ්ඩායම් වලට අවශ්‍ය විදියට සුදු හුණු ගෑමේ ව්‍යාපාරය වහාම නතර විය යුතු අතර ඒකීය ස්වෛරීය ශ‍්‍රී ලංකා කොටස් වලට කඩා දැමීමේ උත්සාහය ද වහාම නතර විය යුතුය.

ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා වූ ලෝක සංෂිතය (WAPS) ඉතා දැඩි අවදානයකින් යුතුව අපේ රටේ දැනට සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට ඡුන්දයෙන් පත් නොවූ අගමැති ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා හා ඔහුගේ විදේශ ඇමති වන දේදුනු විප්ලවයක් ගැන දොඩවන ගරු මංගල සමරවීර මහතා යන දෙපලගේ ක‍්‍රියාකාරිත්වයන්ට අනුව දේශීය ද්‍රවිඩ සංවිධාන හා විදේශ ද්‍රවිඩ බෙදුම්වාදීන් සංසිදුවීමේ ව්‍යාපාරය වහාම අක‍්‍රී‍්‍රිය කළ යුතු වන අතර රජය මෙන්ම සියලූම ශ‍්‍රී ලාංකිකයන් තේරුම් ගත යුතු ප‍්‍රධානම කරුණ වන්නේ දශක තුනක් තිස්සේ පැවතුනු මෙම අති භයානක දෙමළ බෙදුම් වාදී ව්‍යාපාරයට සියලූම මුල්‍යමය ආධාර ලබා දුන්නේ මෙම බෙදුම් වාදී ජාත්‍යන්තර සංවිධාන බවයි.

ශ‍්‍රී ලංකා රජයට අයත් වූ ඉරිදා ‘ඔබ්සර්වර්‘ පුවත් පතට අනුව, සමරවීර මහතා ලන්ඩන් වල ගෝලීය ද්‍රවිඩ සංෂිතයේ :(GTF) නියෝජිතයන් මුණ ගැසී ඇත්තේ ශ‍්‍රී ලංකා රජය හා ද්‍රවිඩ ඩයස්පෝරාවට එකතු වී ද්‍රවිඩ උවමනා එපාකම් තව දුරටත් විසදා ගැනීම මෙන්ම සිංහල දෙමළ සංහිදියාව හා පොදු අන්‍යෝන්‍ය කටයුතු සලකා බැලීමටය. තවද අපේ ආරංචි මාර්ග වලට අනුව සමරවීර මහතා පසුගිය රජයේ බෙදුම්වාදී දෙමළ සංවිධාන වලට පනවා ඇති තහංචි ගැන ද සොයා බැලෙන බව පැවසුන අතර තවත් පුද්ගලයන් සාවද්‍ය ලෙස ප‍්‍රකාශ කර ඇති කරුණු වලින් ද පෙන්නුම් කරන්නේ ඒවා කර ඇත්තේ එල් ටී ටී ඊ සංවිධානය නැවත ප‍්‍රතිසංවිධානය වීමේ අවකාශ මතු කරලීමේ ඕනකම බවයි. තවද මෙම තහංචි වලින් බොහොමයක් පනවා තිබුනේ කිසිම ජනාධිපතිවරණයක් පෙනෙන්නට නොතිබූ කාලයක් ලෙස හැඳින්විය හැකි 2014 අපේ‍්‍රල් මාසය මෙන්ම ඊට අසන්න දින වල බව සැලකිය යුතුය.

ද්‍රවිඩ ජාතික සංෂිතය නොහොත් ඉලංගෙයි තමිල් අරුසකච්චි නියෝජනය කරන සුමන්තිරන් මහතා හා වත්මන් රජයේ ගරු අගමැති වන රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සුහද සම්බන්ධතා පැවැත්වීමට ඉදිරිපත් වී තිබූ අතර 13 වන සංශෝධනය ඔවුන්ට කිසිසේත් ම පිළිගත නොහැකි බව ප‍්‍රකාශ කර සිටින අතර ජාත්‍යන්තර ස්වයං පාලන නීති වලට අනුව ඔවුන්ගේ අපේක්ෂා තාමත් අතහැර නොමැති බව ප‍්‍රකාශ විය. වික‍්‍රමසිංහ මහතා හා කොටි සංවිධානය අතර සටන් විරාමය සැකසීමට පෙරමුණ ගත් නෝර්වීජියානු ජාතික එරික් සොල්හයිම් ද මේ අවස්ථාවේ දී ලන්ඩන් නුවර සිටියහ. මේ අවස්ථාවේ දී සොල්හයිම් කොටි සංවිධානයේ නියෝජිතයන්ගේ නායකයට අති ගෞරවනීය යන වචනය යොදා මෙම ම්ලේච්ඡු සංවිධානයේ නායකයට ඇමතීම ඉතා විහිළු සහගතය. එසේ කිරීමෙන් ඔහු අනවශ්‍ය ගෞරවයක් මේ සුප‍්‍රසිද්ධ කොටි සංවිධානයේ නියෝජිතයෙක්ට ආමන්ත‍්‍රණය කිරීම ම තායිලන්තයේ සැට්ටහිප් නගරයේ (Sattahip in Thailand) පළවෙනි සාම සාකච්චා වටයේදී ම කර ඇත්තේ ඉතාමත්ම පහත් මෙන්ම අනවශ්‍ය ක‍්‍රියාවකි.

පුදුමයට හේතු වූ කරුණ වූයේ දෙමළ ජාතික සංවිධානය හෙවත් ගෝලීය ද්‍රවිඩ සංෂිතයේ(TNA/GTF) පුවත් පත් නිවේදනයට අනුව 2013 මංගල සමරවීර මහතා එම රැුස්වීමේ දී ප‍්‍රකාශ කර ඇති කරුණු, ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයෙකු කරන ලද ඉතාමත් පහත් ක‍්‍රියාවක් සේ හැඳින්විය හැක. මේ අවූරුද්ද මුල දී කොටි සංවිධානයේ සියලූ ප‍්‍රකාශ කෙරෙන සංවිධානය වන ‘ටැමිල් නෙට්‘ විසින් ප‍්‍රකාශ කර තිබුනේ මංගල සමරවීර මහතා ඒම සාකච්චා වලට පැමිණියේ හිගන්නෙකු ලෙසින් බවත් ඔහු බැගෑපත් ලෙස ඉල්ලා සිටියේ රාජතන්ත‍්‍රයේ වෙනසක් ඇතිි කිරීමට බවත් විධායක ජනාධිපති තනතුර නැතිකර දැමීමට ඔවුන්ගේ සහයෝගය පැතීය. ඔහු කලින් එනම් 2013 දී ඔහුට මෙම දෙමළ කොටි සංවිධාන නියෝජිතයන් හමු වූ විට ඔහු මෙම භයානක ප‍්‍රකාශය කර තිබුණි.
ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා වූ ලෝක සංෂිතය (WAPS) ඉතා තදබල ලෙස කියා සිටින්නේ මෙම සිද්ධීන් අනිවාර්යෙන්ම ගොඩනැගී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මතයන්ට එරෙහිව ඇති සම්ප‍්‍රදායික කරුණු නිසා ශ‍්‍රී ලංකාවේ මතයන්ට කෙසේ හෝ අදහස් ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය විය යුතු බවයි.

ශ‍්‍රී ලංකා විරෝධී පළමු වෙඩි මුරය වුයේ තොරතුරු තාක්ෂණය සම්පුර්ණයෙන්ම වෙනතකට හැර වීම ද දෙමළ සාමාජිකයින් සිය දහස් ගණනක් මරා දැමූ බවට චෝදනා ඉදිරිපත් කිරීම හා මෙම යුද්ධයේ අවසාන අදියර ගැන සැලකිලිමත් වීම ද යන කරුණුයි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ උපදේශක කමිටුවේ සිටි ගෝර්ඩන් වෙයිස් (Gordon Weiss)  7721 සිට 40 000 දක්වා කිසිම පදනමකින් තොරව මරණ සංඛ්‍යාව වෙනස් කිරීම විස්මය ජනක සිදුවීමක් විය. මේ යුද්ධයේ අන්තිම අදියර වල දී විශාල ද්‍රවිඩ ජනකායක් විනාශ කර දැමූ බවට ගෙන එන චෝදනා සම්පුර්ණ අසත්‍ය කරුණු මත පදනම් වූ කිසි විටක පිළිගත නොහැකි වන අතර, ඒවා පදනම් වී තිබුනේ ඔප්පු කළ නොහැකි කරුණු මතයි. දෙමළ ජාතිවාදීන් පවසන්නේ ශ‍්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් බලහත්කාරයෙන් ඔවුන්ගේ ඉඩම් වල පදිංචි වී සිටින බවය. දෙමළ ජාතික සංවිධානය (TNA) විසින් පාලනය කරන උතුරු පළාත් සභාව ඉදිරිපත් කර තවත් වැදගත් කරුණක් වන්නේ ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ වෙසෙන බොහෝ ජනතාව නිදහස ලැබූ දා සිට සමුල ඝාතනය කරමින් සිටින බවත්ය. මේ සමඟම ඉදිරිපත් වූ කරුණ වුයේ උතුරු පළාත් සභාවේ (NPC) උවමනා එපාකම් වලට අනුව පොලිස් හා ගොඩබිම් අයිතිය ඔවුන්ට ලබා දිය යුතුය යන ඉල්ලීම ඉදිරිපත් වන අතර දෙමළ දේශපාලන සිර කරුවන් මුදා හැරිම, එමෙන්ම නව ෆෙඩරල් රජයක් ගොඩ නැඟීමේ අවශ්‍යතාවය ඔවුන් ඉදිරිපත් කළෝය.

ශ‍්‍රී ලංකාවේ වර්ගවාදීන් සමඟ එකතු වී කිසිම ඡුන්දයකින් තොරව එකසත් ජාතික පක්ෂ රජය දැන් ලහි ලහියේ වර්ගවාදීන් සමඟ කටයුතු කිරීම ඛේදජනක වී ඇත්තේ ඔවුන් එක්රැුස් කර ගැනීමට උත්සහ දරන්නා වූ කොටි සංවිධාන සාමාජිකයින්ට කිසිම ජනපදනමක් නොමැති බැවිනි.

සමරවීර මහතා ගෙන යන මෙම ඉතා ඛේදජනක කටයුතු වලට අනුව අපේ හමුදා වල සාමාජිකයින්ට ඉතා පහත් ලෙස සැලකීමට උත්සහ කරන අතර ඉතා දරුණු කොටි සාමාජිකයින් නිදහස් කිරීම මෙන්ම ශ‍්‍රී ලංකා හමුදාවේ විරෝදාර හමුදා සාමාජිකයින්ට වෙනත් අතවරයන්ට ද මුහුණ පෑමට සිදු වන ආකාරයේ කටයුතු ද මෙම අනවශ්‍ය අතවරයන්ට ඇතුලත්ය. එල් ටී ටී ඊ සංවිධානයේ තොරතුරු විශ්ලේෂණය කිරීමේ යෙදී සිටි බොහෝ රාජ තාන්ත‍්‍රික පිරිස් පේනවා දී ඇත්තේ කොටි සංවිධානයේ වැරදි තොරතුරු ප‍්‍රචාරය කිරීම සම්පුර්ණයෙන්ම නැති කර දැමීමට ඔවුන්ට හැකි වී තිබෙන බවයි. අපිට සිටි දක්ෂ විශේෂ නිලධාරීන් රැුසක් ඉවත් කර අද තානාපති සේවය අඩපණ කර ඇත.

දෙමළ ත‍්‍රස්තවාදීන් විසින් ශ‍්‍රී ලංකාව වෙත පටවන ලද ත‍්‍රස්තවාදයට යුද්ධයකින්ම පිළිතුරු දැක්වීමට සිදු විය. සමහරවිට මෙම කුරිරු ත‍්‍රස්තවාදීන්ගේ අදහස වන්නට ඇත්තේ මුළු ලංකාවම අල්ලා ගැනීමත් ඒ සදහා සාමාන්‍ය දෙමළ ජනතාව මිනිස් පලිහක් ලෙස පාවිච්චි කිරීමත් එකී සිවිල් ජනතාවගේ දරුවන් මේ සඳහා බලහත්කාරයෙන්ම කොටි හමුදාවට බඳවා ගැනීමත්ය. නමුත් ශ‍්‍රී ලංකා ආරක්ෂක බලකාය දිවි නොතකා කටයුතු කිරීම හා හසලක වීරයා වැනි වීර ක‍්‍රියා නිසා ද ශ‍්‍රී ලංකාවට ඉහත කී කොටි ව්‍යසනය සම්පුර්ණයෙන්ම නැති කර දැමීමට හැකි විය. ප‍්‍රභාකරන් හා ඔහුගේ කල්ලිය විනාශ කර දැමීමෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් වල අති විශාල පෙදෙස් වල බිම් බෝම්බ ඉවත් කිරීමට සිදු වූ අතර ඒ සඳහා ඇමරිකන් ඩොලර් බිලියන තුනකටත් වැඩි ප‍්‍රමාණයක් වැය කිරීමට සිදී වී ඇති අතර මෙය අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් දැරිය නොහැකි තරම් ප‍්‍රමාණයක් බව ද වාර්තා වේ.

එම නිසා ශ‍්‍රී ලාංකීය රජය මෙම බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ ආධාර ආදිය භාරගැනීමේ දී අති විය හැකි භයානක තත්වයන් ද මේ අයගේ යටි අරමුණු ගැන ද ඉතා විපරම්කාරී විය යුතුය. මෙයට ප‍්‍රධාන හේතුව වන්නේ මෙම දෙමළ ඩයස්පෝරා සංවිධාන සියල්ලම අඛණ්ඩව ශ‍්‍රී ලංකාව හෙළා දැකීමේ ව්‍යාපාර වල යෙදී සිටින නිසාය. තවදුරටත් ඔවුන් ශ‍්‍රී ලංකාවේ පැවති එල් ටී ටී ඊ සංවිධානය සමඟ ඉතාමත් කුළුපගව කටයුතු කර ඇති අතර අරමුදල් සැපයීම, යුධ ආයුධ සැපයීම හා ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීම පවා මොවුන් කර ඇති බවට සාක්ෂි ඇත. මිට අමතරව මෙම සංවිධාන එල් ටී ටී ඊ සංවිධානයට ලොව පුරා ප‍්‍රචාරක කටයුතු කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය ප‍්‍රසිද්ධිය ද ලබා දෙමින් ඇත. අද වන තුරු ශ‍්‍රී ලංකා රජයටත්, සිංහල ජනතාවටත් එරෙහිව මොවුන් ප‍්‍රචාරක කටයුතු කරන අතර විශේෂයෙන් ම ශ‍්‍රී ලංකා රජයටත්, අපගේ විරෝදාර හමුදාවන්ටත්, ව්‍යාපාරික ප‍්‍රජාවට හා අපගේ ලෝක ප‍්‍රසිද්ධ ක‍්‍රිකට් කණ්ඩායමට පවා මඩ ගැසීම සිදු කර ඇත.
මෙම සංවිධාන සමඟ රහස්‍ය සාකච්චා පැවැත්වීමට යාමෙන් නියපොත්තෙන් කැඩිය හැකි දෙයට පොරවක් පාවිච්චි කිරීමට සිදුවන බව නොඅනුමානය. මින් සිදු විය හැකි භයානක තත්වයක් වනුයේ අලූතින් එදිරිවාදිකම් ඇතිවීමත්, ඒකීය රාජ්‍ය සංකල්පය බිදී යාමත්, ඒ වෙනුවට උතුරු හා නැගෙනහිර පළාත් වල ද්‍රවිඩ ජනවාර්ගික රජයක් බිහි වීමට බොහෝ දුරට ඉඩ ඇති වීමත්ය.
එම නිසා ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති හා ත‍්‍රිවිධ හමුදාවේ නායකයා වන ගරු මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සාමය සඳහා වූ ලෝක සංෂිතය (WAPS) ඉතා කාරුණිකව ආයාචනය කරන්නේ මෙම ද්‍රවිඩ ඩයස්පෝරාවන් වලට සහන සැලසීමේ ප‍්‍රතිපත්තිය ඔහුගේ බලතල පාවිච්චි කොට වහාම නවතා දැමීමට ය.

අපි තව ද විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින සියලූම ජාති හිතෛෂී මන්ත‍්‍රීවරුන්ගෙන් හා පොදුවේ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ආයාචනය කර සිටින්නේ ශ‍්‍රී ලංකාවේ විය හැකි බරපතල බෙදුම්වාදී තර්ජන වලට එරෙහිව දැඩි විරෝධතාවක් දැක්වීමට ඉදිරිපත් වන ලෙසයි.
නියෝජිත
රංජිත් සොයිසා

වෙනුවෙන්,
x වික්ටෝරියාවේ සාමය, ඒකීය භාවය හා ශ‍්‍රී ලංකවේ මිනිස් අයිතිවාසිකම් සඳහා වූ සංගමය.
x බටහිර ඕස්ටේ‍්‍රලියාවේ සාමය, ඒකීය භාවය හා ශ‍්‍රී ලංකවේ පුනුරුත්ථාපන සඳහා වූ සංගමය.
x නිව් සවුත් වේල්ස්හි සාමය, ඒකීය භාවය හා ශ‍්‍රී ලංකවේ මිනිස් අයිතිවාසිකම් සඳහා වූ සංගමය.
x ක්වීන්ස්ලන්තයේ සාමය, ඒකීය භාවය හා ශ‍්‍රී ලංකවේ මිනිස් අයිතිවාසිකම් සඳහා වූ සංගමය.
x එක්සත් රාජධානියේ සිංහල සංගමය – කැනඩාවේ ශ‍්‍රී ලංකා එක්සත් ජාතික සංගමය – මැදපෙරදිග ‘හෙළබිම‘.
x මැද පෙරදිග ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය – ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලාංකීය මහජන කටයුතු කවුන්සිලය.
x ඇමරිකා එක්සත් ජනපදයේ ඒකීය ශ‍්‍රී ලංකාව සඳහා ජාති හිතෛෂීන් – නිව් සවුත් වේල්ස්හි වීර පරාක‍්‍රමබාහු පදනම.
x නිව් සවුත් වේල්ස්හි ත‍්‍රස්තවාදයට එරෙහි වූ ශ‍්‍රී ලාංකිකයෝ – වික්ටෝරියාවේ ජාතික එකමුතුව.
x ජිනීවා හි ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය – කැන්බරාවේ ඕස්ටේ‍්‍රලියානු (නීතිගත* සිංහල සංස්කෘතික සංගමය.
x එක්සත් රාජධානියේ, ලන්ඩන් හි එක්සත් ශ‍්‍රී ලාංකිකයෝ – එක්සත් රාජධානියේ බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලාංකික සංගමය.

2 Responses to “සියලූම ජාති හිතෛෂී ශ‍්‍රී ලාංකිකයන්ට ආරාධනයකි.”

  1. Christie Says:

    Namste: You all are victims of Indian Imperialists and Indian Colonial Parasites. You are like most are most of us talking about the visible “Tamil Diaspora’ but no action by the Sinhala Diaspora. It is Indian Empire and Indian Colonial Parasites who are behind the problems of the Indian Colonies like Ceylon, Mauritius, Fiji, Malaya, Burma, South Africa, Kenya, Uganda, Guyana and now in Australia, USA, Canada, NZ, and UK. Jai Hind.

    Let us all unite and fight the common enemy the Indian Empire.

  2. ranjit Says:

    To all patriotic politicians if have any I say to them just throw or forget 19,20,21 or 22 what ever to the garbage and talk about the danger we will have to face if Awamanagalaya and the clan rule this blessed land for just only another six months. Read these patriotic articles from all over the world.Thanks to Lankaweb for having such great patriots in their web. Time has come again to show your patriotism to your Motherland.

    Awamanagalaya is a vicious snake with hatred all over his body. He should be brought to justice for treason when a new Govt comes to power in the next General election. People like him should get the maximum punishment for collaborating with our enemies openly. He is pain in the ass for this country. Shameless pimp who has no respect for the sovereignty of the nation where he was born. Let’s wipe out this evil lot from political scene for ever.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress