නලින් ද සිල්වා මහතාගේ මුසා බුද්ධිය, වීලර් සිද්ධිය සහ නාථ දෘශ්‍ය ට අවස්ථාව.
Posted on June 25th, 2015

බෝධි ධනපාල, කිබෙක්, කැනඩාව

ආචාර්ය සිල්වා මහතා අප සමඟ වාදයකට පැමිණීමට එතරම් ආසා වී අපට ගුවන් ටිකට් එවීමට ඩොලර් 1500ක් වියදම් කෙරීමට ඉදිරිපත් වූ විට අපි ඔහුට වඩා උචිත යෝජනාවක් ඉදිරි පත් කලෙමු. එනම්, ධර්ම විජය පදනමට $1500 දානය කිරීමටත්, නාථ දෙවියන් දෘශ්‍යමාන කරවීමටත් පොරොන්දු විය යුතු  බවය. නාථ දෙවියන් වුවද, හස්තියෙක් වුවද, චුල්ල-හත්ති-පදෝපම සූත්‍රයෙහි දක්වා ඇති අන්දමට අලියා ගේ බෙටි දැක් පලියට හෝ වියරු වැටුනු ගැහැනියෙක ගේ වචනය මත හෝ ඇතෙක් සිටීයයි හෝ නාථ දෙවියෙක් සිටී යයි බෞද්ධයෝ පිලිගන්නේ නැත.

 චුල්ල-හත්ති-පදෝපම සූත්‍රය අනුව නාථ දෙවියා ඉන්නා බව ඕනෑම කෙනෙකුට දැක ගැනීමට සහ පුද්ගලිකව ප්‍රත්‍යක්ෂ කරගනීමට  හැකිවිය යුතුය. විද්‍යාවේ පර්යේෂණ ක්‍රමයද එසේම කාටත් පොදු ප්‍රත්‍යක්ෂ කාරක ක්‍රමයකි.

එලෙසින් නාථ දෙවියන් සිල්වා මහතා අපට දෘශ්‍යමාන කරන්නේ නම්, අපි පමනක් නොව, පරලෝ සැපැත් ද බ්‍රොයි (de Broglie), වීලර් පමනක් නොව අයින්ස්ටේන් පවා ඔවුන්ගේ භූත ආකාරයෙන් හෝ පමිණෙනු ඇතැයි අපට සිතිය හැක. එවිට ද බ්‍රොය් ගෙන් ඔහුගේ නම ද බ්‍රූලි (de broolie) නොවන බවද, ඔහුගේ තරංග-අංශු සම්බන්දතාව 1927 තේ  සොල්වේ සම්මන්ත්‍රනයට අවුරුදු තුනකට පෙර විද්‍යා සමාජය දැන හිටි බව ද ආචාර්ය සිවලාට ද දැනගත හැකිය.  තවද, අයින්ස්ටයින් එම අව්ස්ථාවේදී සිල්වා මහතා විසින් E=mc2 යන සුප්‍රසිද්ධ නියාම්ය වරදවා පාවිච්චි කොට ෆෝටෝනයට ස්කන්ධයක් පැණවීම ගැන හොඳ  පැණවීමක් ද කරනු ඇතැයි සිතමු.

ආචාර්ය වීලර් ගේ “ප්‍රමාද තීරන” මතය අනුව වර්තමානයේ ක්‍රියා මගීන් අතීතය වෙනස් කල හැකි බව දක්වයි. 1978 දී මෙම මතය ඉදිරි පත් කල වීලර් ඔහුගේ මරණය තෙක් මෙම කරුන ගැන ලිපි ලිව්වේය. ඔහුගේ සිසුවන් එයට කැප කලේය.  වීලර් මතයක් ප්‍රකාශ කලා පමණ් නොව, ඔහු තම මතය ඔප්පු කිරීමට පරීක්ෂණ සහ තර්ක ඉදිරි පත් කලේය. නුමුත් ආචාර්ය සිවලා අනුව වීලර් මහතා තම මතයටම  විර්ද්ධ විය!!! තම මතය තමාම විශ්වාශ නොකලේ නම්, සහ එයට විරුද්ධ වීනම් තම මතයට ප්‍රති-තර්කයක් වීලර් දුන් තැනකින් උදහා  දක්වීම ආචාර්ය සිවලා විසින් කල යුතුය. ඒ වෙනූවට ආචාර්ය සිල්වා විකිපෙඩියා ස්ංග්‍රහයෙන්  උපුටා දිගින් දිගට අනවශ්‍ය කරුනු දකවමින්, පාඨකයන් මුලා කිරීමටත්, තම මුසාව වසා ගැනීමටත් කරුනු කියයි!

වීලර්ගේ තම මතයට විරුද්ධ ව දක්වූ ප්‍රති-ප්‍රකාශය ට මූල ආශ්‍ර දෙන මෙන් අපි ආචාර්ය සිවලාට අභියෝග කරමු. එපමනක් නොව, වීලර් ගේ ප්‍රමාද තීර්නය කරලියට ගෙන ආවේ ආචාර්ය සිල්වා මය. එහෙයින්, ඔහු එයට විරුද්ධ නම්, ඊට ඔහු දෙන ප්‍රති-තර්කය මෙහිදී ඉදිරි පත් කල යුතුය. සිංහල බෞද්ධයන්ට  අලුත් අදහස් ඉදිරි කිරීමට නොහැකි බව කියන සිවලා  මහතා ඉතින් අනිත් අයට වීලර් වාක්‍යය ගන මත ප්‍රකාශ කරන්න යයි ඉල්ලන්නේ ඔහුට මතයක් නැති බව වසා ගැනීමට ද? නාථ දෙවියා ආවේශ වීයයි වියරු වෑටී  සිටි ගැහැනිය  ආසෙනික් ගැන දෙඩවූ  මුත්   ග්ලයිෆොසේට් ගැන සඳහන් නොකලේ ඇයි දැයි ආචාර්ය විජය කුමාර් විමසූ විට සිල්වා මහතා කිව්වේ එය ගැන තවම හෙලි දරව් කරන්න අකමැති බවය!! බොරුවෙන් බොරුව ගෙනයන්නෝ බොරුව ස්ඨාපනය කිරීමට තවත් බොරු කිවයුතුය.

වීලර් වාක්‍යය, ෆෝටෝනයේ ස්කන්ධය, නිශ්කර්මික බලයකට (random force)  යට වූ දෝලනයක වියවුල් යන්ත්‍රනය (chaotic dynamics) , විශ්වය විවුර්ත ද, සංවුර්ත ද, එහි ශක්තිය ස්ංරක්ශණය වේද යනාදී ප්‍රශ්න බක පාණ්ඩිත්වයෙන් දක්වමින් බොරු උත්තර සපයන ආචාර්ය සිලවා වීලර් ගේ මත තේරුම් ගනීමට අපොහොසත් වී සිටී. මම ඔහුට මෙහිදී කියන්නේ නාථ දෙවියාගෙන් උත්තරයක් අසා ගන්නා ලෙසය.

මහාචාර්ය අමරතුංගට පහර ගහන ආචාර්ය සිල්වා සිංහල බෞද්ධයෝ ජීවිතයේ අර්ථය වැනි ප්‍රශ්න විමසන්නේ නැති බව ද, ඔව්හු සසරෙන් ගැලවෙන හැටි ගැන පමනක් උනන්දු වන බව කියයි. එසේ නම් සිංහල බෞද්ධයෙක් යයි කියා ගන්නා ආචාර්ය සිවලා වීලර් ගේ ප්‍රමාද තීරනය එලියට ඇදගෙන එය සමඟ ඔතරම් දඟලන්නේ ඇයි? එයින් සසරෙන් ගැලවෙන්නේ කෙසේද?  එය ට අනෙක් අය ද ඇද ගැනීමට තැත් කරන්නේ තමන් වැටුනු වලෙහි අනුන් ද හෙලා ගැනීමට ද?

තමා සිංහල බෞද්ධයෙක් නම් සසරෙන් ගොඩ වෙන්නට පමනක් අර අදින හෙයින්, සිල්වා මහතා ක්වන්ටුම් භෞතිකය ගැන කතා කරන්නේ ඇයි?
සිල්වා මහතා මෙසේ ලියයි.
 මා මේ සම්බන්ධයෙන් යවන විද්‍යුත් ලිපි සියල්ල ම අමරතුංග මහතාට ද යවමි. .  මම නැවතත් ඔහුට මේ තීරුවෙන් ම අභියෝග කරමි. ඔහු මා සමග ප්‍රසිද්ධ වාචික විවාදයකට එළඹෙන්නේ නම් ඔහුගේ නොදැනුම විනාඩි දහයකින් ප්‍රදර්ශනය කරන්නට සලස්වමි.  ඒ කෙසේ වෙතත් ක්වොන්ටම් භෞතිකය පිළිබඳ මෙතරම් දැන උගත් මහතකු කොලොඹ (පේරාදෙණිය) අසල ජීවත්වද්දී  කොලොඹ (පේරාදෙණිය)  විශ්වවිද්‍යාල  ඒ මහතාගේ සේවය ලබා නොගැනීම ශිෂ්‍යයන්ට කරන අසාධාරණයකි. 

තමාගේ දක්ෂතාව ගැන කථාව එසේ උවද, සිල්වා මහතා කවන්ටම් භෞතිකය තබා චිරාගත භෞතිකයේ සරල දොලකයක් වියවුල් යන්ත්‍රනයට (chaotic dynamics) හැරෙන ආකාරය,  හෝ E=mc2 සූත්‍රය නිවැරදිව පාවිච්චි කරන ආකාරය, හෝ ආලෝක කදමබ දෙකක් හැපී විසිරී යන්නේ නති බව,  පවා නොදන්නා බක පණ්ඩිතයෙක් ලෙස අපි කවුරුත් දනිමු. බක බ්‍රාහ්මන සූත්‍රයෙහි නොදන්නා දේ දන්නා ලෙස පෙන්නගෙන සිටියේ බ්‍රහ්මලෝකයේ උපන් උසස් තැනත්තෙකි. එම බ්‍රහ්මයා පවා වැරදි අදහස් දරන්නෙකු නම් නාථ දෙයියෝ ගැන කුමක් කිව හැකිද? නාථ දෙයියෝ ද පෘතග්ජන හෙයින්, සිවලා මහතා කී අන්දමට ඔහු කියන සැම දෙයක්ම මුසා නොවේද?

අපි විද්‍යාවත්, බුදු දහමත් එකම පිලිවෙතක් පාවිච්චි කරන බව පැවසූ විට  ආචාර්ය සිවලා එය තේරුම් ගන්නේ නැත.   ලෝකය ගැන විද්‍යාව කියන දෙය බුදු දහමේ නැත්තාක් ලෙසම, ජීවිතය ගෙන යායුතු ආකාරය ගැන විද්‍යාවෙහි කිසිවක් නැත. විද්‍යාව සහ දහම අනුපූරක දේවල් බව ආචාර්ය සිල්වාට වැටහෙන්නේ නැත්නම් කිබෙක් රටෙහි ඉන්න ගුරුවරයෙක් සමඟ වාද කිරීමට අඩුම වශයෙන් ඩොලර් 1500 ක් වියදම් කිරීමට සිලවා මහතා ඉදිරි පත් වන්නේ සසරෙන් ගොඩ යන්නට ද? ඔහුට එය තේරුම් ගන්නට ඕනෑ නැත්තේ  බොරු වාද කිරීම ඔහුගේ ජීවිතයේ අරුත හෙයින්ය.

අපට මෙයින් ලබෙන්නේ නාථ දෙවියන් දෘශ්‍ය කිරීමේ භාග්‍යය පමනක් නොව ක්වනටම් භෞතිකය ගැන හසල දැනීමක් ඇතැයි තමාටම සහතික දුන් සිලවා මහතා දෙවියා දක්වන ආකාරය ඉගෙන ගනීමය.  නැත්නම් අපට මෙයින් තුට්ටුවක වටිනාකමක් නැත.

One Response to “නලින් ද සිල්වා මහතාගේ මුසා බුද්ධිය, වීලර් සිද්ධිය සහ නාථ දෘශ්‍ය ට අවස්ථාව.”

  1. callistus Says:

    ආචාර්ය තුමාගේ නම ලිපිය පුරාම සිවලා යැයි ඇමතීම නුසුදුසු ක්‍රියාවකි. නොදන්නා දේ ගැන තර්ක නොකලා නම් මීට වඩා මැනවි යයි මගේ අදහසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress