සන්නස්ගල සින්ඩ්‍රෝමය
Posted on June 28th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචිත අම්මා කෘතිය ස්වයං චරිතාපදානයකි. මෙම කෘතියේ  අන්තර්ගත වන සහ කතුවරයා විසින් වරින් වර තමා පිළිබඳ කරන ප්‍රකාශ එක්තරා ආකාරයක සායනික ලක්‍ෂණ පෙන්වන බව කිව හැක​. 

මනෝ විද්‍යාඥ Saulo Fernández  විසින් ලියන ලද The Paradox of Humiliation: The Acceptance of an Unjust Devaluation of the Self නම් නිබන්ධනයේ Self-Deprecation Syndrome හෙවත්  ස්වයං මානභංග සහලක්ෂණය පිලිබඳව ගැඹුරින් කතා කරයි. මෙම සින්ඩ්‍රෝමය  සන්නස්ගලගේ ප්‍රකාශ තුලින් විද්‍යාමන වනවාද ?   

චානුක වත්තේගම  විසින් ලියන ලද  සන්නස්ගලගේ අම්මා සහ ලංකාවේ දුප්පත්කම යන ලිපියේ  පාත්‍ර වර්ගයාගේ ළමා කාලයේ අත්දැකීම් මෙලෙස සනිටුහන් වේ.

ගම්බද දිළිඳු පවුලක, හතළිස් හැවිරිදි කාන්තාවකට දාව, පවුලේ දසවැන්නා සේ මෙලොව එළිය දකින සන්නස්ගල මන්දපෝෂණයෙන් නොපෙළුණේ නම් එයයි පුදුමය! කුඩා කල ගමේ වැඩිහිටියන් ඔහු අඳුන්වන්නේ ‘ඔළුව ලොකු කොල්ලා‘ හැටියටයි. (‘මුදියන්සෙගෙ ඔළුව ලොකු එකා නෙස්ටමෝල්ට් එක හොරෙන් අරං ගියා)  ඔහුගේ දෙපා කෘශය. ඉණෙන් පහළ පණ නැති නිසා ඇවිදින්නේ දෙපා අද්දවමිනි. 70-77 අහේනි සමයේදී ඔහු සොහොයුරු සොහොයුරියන් සමඟ චව් වැල් ලූණු දා ආහාරයට ගනියි. බුත්සරණ අල කයි. රබර් මයියොක්කා කයි. මයියොක්කා කොළ ලූණු හා පොල් දමා කයි. මේ කිසිවක් කාබොහයිඞ්රේට් බහුල ආහාර නොවේ. ප්‍රෝටීන් ගෑවිලා වත් ඇති ආහාර නොවේ. පාසලට ඇතුළුවූ මුල් දවසේම ඔහු ක්ලාන්ත වෙයි. පාසල් යන්නේ වැඩිපුරම ලැබෙන ඇදිහැස බිස්කට් තුන නිසාය. කුඩා සන්නස්ගල සිය සොහොයුරා හා මිතුරන් කැටුව වරකට සත පනහක වැටුපකට තේ දලූ කූඩ කර ගසා ගෙන යයි. මේ දුබලයකු වූ ඔහුට පමණක් නොව කොලූ නඩයේ කිසිවකුට දරන්ට බැරි බරකි.  ඔහුගේ සොහොයුරෙක් තම එක කුස ඔත් සොහොයුරිය ලිංගික උපයෝජනයට ලක්කරන්ට ගොස් ස්වකීය වැඩිමහලූ සහෝදරයාගෙන් රෝහල් ගතවන තෙක් පහරකයි. පියා ඔහුගේ මව මරා වළදැමීම පිණිස නිවසෙහි වළක් කපයි. මරණයෙන් ගැළවෙනු පිණිස මව දරුවන් සමඟ වෙනත් නිවෙස්හි සැඟවෙන්නීය. (සන්නස්ගලගේ අම්මා සහ ලංකාවේ දුප්පත්කම- චානුක වත්තේගම) 

ළමා කාලයේ අත්දකින මානසික පීඩනයන් නිසා හීනතාමාන සංකීර්ණය  තමා සහ අවට සමාජය පිළිබඳ අවසංකල්පනය , පුළුල් ලෙස පැතිරී ගිය අනාරක්‍ෂීභාවය , ක්‍රම විරෝධී බව , සෑම ප්‍රපංචයක්ම වටිනාකමකින් තොර බව සිතීම​, ආත්ම සංරක්‍ෂණය සඳහා දුරනුවර්තන ක්‍රම යොදා ගැනීම වැඩිහිටි කාලයේ දැකිය හැකි බව ළමා මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති.  සන්නස්ගලගේ ආත්ම කථනයන් බොහෝ දුරට මෙම සහලක්‍ෂණය තහවුරු කරයි. 

 ළමා කාලයේ අත් විඳි දුක දිනා ජයගත් චරිත එම පීඩනයන් ධනාත්මක ලෙස යොදාගෙන ආත්ම සාක්‍ෂාත්කරණයේ යෙදුනු ආකාරය පිළිබඳ  ඒබ්‍රහම් ලින්කන් , ස්ටීව් ජොබ්ස් වැනි චරිත කතා වලින් හෙලි වේ. නමුත් සන්නස්ගලගේ ආත්ම කථනයන් අනුව  ළමා කාලයේ අත් විඳි දුක දිනා ලබා ගත් ආත්ම සාක්‍ෂාත්කරණය ලඝු වන්නේ තරු පහේ හෝටල් වලින් ඉස්සෝ කකුළුවෝ  කෑම සහ මිලෙන් අධික බ්ලැක් ලේබල් විස්කි බීම යන කරුණු වලටය​. එය අපරිණත ලක්‍ෂණයකි. එම නිසා පාත්‍ර වර්ගයාට ආත්ම සාක්‍ෂාත්කරණට තව බොහෝ දුර ගමන් කිරීම අවශ්‍ය කෙරේ. 

10 Responses to “සන්නස්ගල සින්ඩ්‍රෝමය”

  1. Independent Says:

    “ඔහුගේ සොහොයුරෙක් තම එක කුස ඔත් සොහොයුරිය ලිංගික උපයෝජනයට ලක්කරන්ට ගොස් ස්වකීය වැඩිමහලූ සහෝදරයාගෙන් රෝහල් ගතවන තෙක් පහරකයි.”
    රුවන් මෙය නොපැහැදිලි ලෙස ලියා ඇත​. අතවර කරන්න ගියේ ඔහුද නැත්නම් සොහොයුරාද යන්න පැහැදිලි නැතත්, ඔහුබව සිතා ගත හැක​.

    “ගම අශිෂ්ටයි, නගරය ශිෂ්ටයි” සන්නස්ගල ගේ මුවින් පිටවුනදා, ඔහුට ලෙඩක් ඇතිබව ,මුලු ජීවිතකාලයම නගරයේ ජීවත්වූවකු ලෙස​ , තේරුම් ගතිමි.
    හැබැයි මීටත් වඩා ලෙඩ්ඩු ඉහලම තැන් වල මහජන මුදලින් වැජඹෙන් බව අපි සියලු දෙනා දනිමු. එහෙත් තම සිත පිනවන කරුණක් නිසා පුහුදුන් මිනිසුන් ඔවුන් වඳනා කිරීම පුදුමයක් නොවේ.

  2. ranjit Says:

    Who is Sannasgala,Don’t waste time writing on these foreign paid agents of this land. He barks while stupids listen. People like them, do not care about the Sinhala nation but give sweet talks to please the white man who give them medals and gifts and a visa to run if there’s danger to their lives. When they talk about white vans,and accusing MR and the previous Govt, who will benefit? White Imperialists like these kind of people very much and they pay and keep them as their tools to carry out their agenda when necessary.

  3. Independent Says:

    4 වන පරිච්චේදය අවමන් මනසකින් කියැවීමට කරුණාව නම් බ්‍රහ්මවිරහාර සිත උපදින අයෙකුට කළ නොහැකි දෙයකි. ඒ සන්නස්ගල වෙත කරුණාව යොමුකිරීමක් නොව තමාගේම මව​, සොයුරු සොයුරන් බඳු ශ්‍රී ලාංකික දිලිඳු පවුල් වෙතට නොආයාසයෙන් ඇතිවන්නකි.
    මෙවැනි තැනකින් ඉදිරියට ආ අයෙකු ලෙස මේ පුද්ගලයා වෙත මුදිතාව හැරෙන්නට වෛරයක් හෝ ක්‍රෝධයක් ඇතිනොවේ. එසේම මොවුන් වැන්නන් ගේ අවිද්‍යාව දැක කරුණාව උපදවා ගන්න​.

  4. Christie Says:

    සන්නස්ගල වැනි දුප්පත්බවේ සින්හලයින් ඇතිවීමට හේතුව කුමක්ද? ඉන්දියානු පරපෝසිතයන් හා ඉන්දියානු අදිරද වාදයයි. ඉන්දියානු අදිරදවාදයෙන් මිදීමට එක්වන්න නැගීසිටීමට කාලය ඇවිත් ඇත.

  5. Jag Says:

    Ranjit…. if you didn’t know who this Sannasgala douchebag (my apologies for using medical terminology) is, you got to watch those TV programs this low life had been presenting, ”Sathyaagaaraya” and even a program called ”Hard Talk” (after copying the BBC flagship program conducted by Sir Michael Parkinson).

    According to public knowledge, he was a tution master and god knows how all of a sudden he was able to land on state TV as a TV presenter/journalist interviewing Siraa and many other prominent Sri Lankans. The hallmark of his so called interviews is, that he never allows the other person to talk. Sannas is the one who does the talking non stop like a chatter box. The idiot even answers for the person he himself is interviewing. Hilarious is the word.!

    Undoubtedly it is commendable for such poor people to climb up to the top, but when they lack the ”quality”, then it becomes an absolute toxic affair. Sannas is a living example of such a scenario.

  6. Independent Says:

    Jag,
    Quality may come from past Kamma , hard work after present birth or with the association of good friends (kalyanamitta).
    This man misunderstood his difficult past ( Dukkha). He is angry with Kamma. The fool became a Ben Silva. But he too has very good qualities too, nevertheless.

  7. Susantha Wijesinghe Says:

    This SANNASGALA is the TV presenter of **VADAKUBAGARAYA**–SATHYAGAARAYA** He gained much fame in his NO-NONSENSE questioning, but he gave his Hypocrisy out when he interviewed Ranil. I watched the whole episode. EVERY QUESTION TO RANIL WAS A LEADING QUESTION. SANNASGALA HIMSELF PROVIDED THE ANSWERS IN A VERY SUBTLE MANNER. Never did he really confront Ranil. Latterly, I saw him seated next to Ranil at some ceremony. That was when I re-assured myself that Sannasgala is on his way to become the dirty POLITICIAN. Yes, he further confirmed my point of view, when he, on some presentation, made a scathing attack on Mahinda Rajapakse. He virtually tore Mahinda to pieces. That was his way of entering Politics. A low down start.

    After his Interview with Ranil, I wrote by Email to the Chairman, about his partisan type of LEADING QUESTIONS. I did not receive any response.

    Independent!! Considering the aforesaid TRUTH, I do not know about his having very good qualities, nevertheless.

    JAG !! You are very true in your assessment of this character, Sannasgala.

    Anyway, good luck to him in all his endeavours, in the manner he thinks, he should proceed, to attain his world of ambition.

  8. Independent Says:

    Susantha,
    If you have seen the first “Vadakagaraya”, I thought he brought this Celinco thief in to bash Rajapaksa. In fact stupid (O/L failed) Kothalavala (do you know him ?) also thought this way.
    But Sannasgala did the right thing – expose this thief fully.
    This thief is the No:1 enemy of the Buddhists.

  9. Independent Says:

    Susantha,
    Ranil and Mahinda are good friends outside parliament. I am sure you know this fact.

  10. Susantha Wijesinghe Says:

    Independent !! Yes Lalith is is a thief, so is his wife, yet hiding in UK. I did say that Sannasgala had a NO-NONSENSE Line of questioning. Yet he showed his failures.

    Ranil and Mahinda are good friends. Absolutely. They are putting up a Political show.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress