ආපදා සහ චෝදනා
Posted on May 29th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

 රටට බලපෑ ආපදාමය තත්වය ක්රමයෙන් පහව ගියේය. නමුත් ඊට ගොදුරු වූ ජනතාවට එහි බලපෑම්වලින් මිදී යලි පරණ පුරුදු ජීවිතයට එළඹෙන්නට තව කොපමන කල් ගතවේදැයි කිව නොහැකිය. ආපදාව සිදුවූ සැනින් රටේ බොහෝ ප්රදේශවල ජනතාව, භේද බින්නකම් අතැර දමා විපතට පත් වූවන්ගේ පිහිටට පැමිනියහ. මෙතැනදී යම් යම් මතවාද ගැටුනු අයුරු දක්නට නොතිබුනා නොවේ. නමුත් ආහාර පාන, බඩු මුට්ටු පරිත්යාග කල සාමාන් ශ්රී ලාංකික ජනතාවට තමන් දුන් දේ ගියේ තම මතයට ගැලපෙන අයෙකුගේ අතටද නැත්ද යන්න සිතෙන්නටවත් නැති බව නම් සහතිකය.

 

නමුත් පසුගිය සතියේ එසේ ආධාර වශයෙන් ලැබුනු සහල් තොගයක් ගං වතුරෙන් විපතට පත් ජනතාවට බෙදා දෙන්නට අගමැති රනිල් වික්රමසිංහ සහ නිවාස ඇමති සජිත් ප්රේමදාස ඇතුලු පිරිසක් සහභාගි වූ පුවතක් අසන්නට, දකින්නට ලැබුනි. මෙතැනදී අගමැතිවරයා විධිමත් ආපදා කලමනාකරණ වැඩ පිලිවෙලක අවශ්යතාවය පැහැදිලි කල නමුත් සජිත් ප්රේමදාස සුපුරුදු පරිදි තම අතපසුවීම් වසා ගැන්මට පසුගිය රජයේ වැරදි පෙන්වමින් කතා කරන්නට පටන් ගති.

 

ගං වතුර විපත නිසා තවමත් අන්ද මන්ද වී සිටි ජනතාවට තම සුපුරුදු බරපතල ස්වරයෙන් හා මහප්රාණ වචන මාලාවෙන් ඇමතූ ඔහු කීවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක තුමා, තම රජය සතුව පෙර සූදානම් වීමක් නොතිබිනැයි චෝදනා කල බවයි. 2011 දී පෙර පැවති රජය කෝටි ගණනාවක් වැයකොටඩොප්ලර් රේඩාර්පද්ධතියක් ආනයනය කල බවත්, නමුත් එය ස්ථාපනය නොකල බවත් පවසමින් සුපුරුදු පරිදි රාජපක්ෂ රජය පතුරු ගසන්නට වීය. එතැනට රොක්ව සිටි ජනතාව දන්නා ඇති ඩොප්ලර් රේඩාර් එකක් නැති බව පෙනුනි. මෙතැනදීත් ඔහුගේ අරමුණ වූයේ මේ ජනතාවගේ ආවේගයන් රාජපක්ෂ රජය වෙත හරවන්නට බව පැහැදිලිය.

 

මේ අසීරු අවස්ථාවේ වුවද මැති ඇමතිවරුන්ට ලැබෙන වරප්රසාද නතර වූයේ නැත. අගමැතිවරයාගේ පාවිච්චියට සුපිරි රථ දෙකක් මිලට ගන්නට රු. මිලියන 600 ක් වෙන්කල බව රජයද පිලිගෙන තිබේ. තම වාහන $ 62 500 බලපත්රයට හිමි වාහනය රේගුවෙන් මුදා ගැනීමට මැති ඇමතිවරුන් එක් අයෙකුට වැය වුනේ රු. 1050/- ක් පමනි. පසුගිය රජයේ වංචා, දූෂණ සහ නාස්ති ගැන චෝදනා කරන ගමන්ම තම අමාත්යංශවලට කාර්යාල පහසුකම් සඳහා කෝටි ගනන් මාසික කුලී ගෙවා ගොඩනැගිලි ලබා ගැනීම, තම නිල නිවාස අලුත්වැඩියාවට වැය කරන මිලියන සංඛ්යාත මුදල් ගැන මහජනයා දැනුවත්ය. ආපදා ආධාර ලෙස යම් මුදලක් ගෙවන බව පැවසුනද, මැයි මස ඉහල ගිය වැට් බදු සමගම අදාල බිල්පත් ගෙවූවිට ජනතාවට ඉතිිරිවන සොච්චමක් නැත. අතරම, ගං වතුරට හසුවූ වාහන වලට වන්දි නොගෙවන බව රක්ෂණ සමාගම් පවසති. අලුතෙන් වාහනයක් හෝ අමතර කොටස් මිලදී ගැනීම සිහිනයක් වන පරිදි හිටි හැටියේ හඳුන්වා දුන් නව බදු ක්රමයක් නිසා වාහන මිල ඉහල ගියේය. ජලය බැස යත්ම ගොඩ ගැසෙන ප්රශ්ණ විසඳා ගැන්මට කල යුතු වැඩ කෝටියක් තිබේ.

 

සියල්ල තිබියදී තමා ලද සුලු අවස්ථාවෙන් ප්රයෝජන ගෙන, ඩොප්ලර් රේඩාර් එකක් ගැන කතා කරමින් එතැනදීත් මේ ආපදාවේ වරදත් පසුගිය රජයටම පටවන්නට සජිත් ප්රේමදාස තැත් කරන්නේය.

 

2011 දී ආපදා කලමනාකරණ ඇමතිවරයාව සිටියේ මහින්ද අමරවීරය. ඔහු අද තම රජයේ වගකිව යුතු අමාත්යවරයෙකු බව සජිත්ට අමතක වීද? අසනවා නම් ඔය ඩොප්ලර් රේඩාර් පද්ධතිය ගැන ඇසිය යුත්තේ ඔහුගෙනි. එදා තම ඇමතිකමේ වගකීම් හරියට ඉටු කලා නම්, ඔහුට උපකරණ පද්ධතිය සවි කරන්නට මහින්ද රාජපක්ෂ එපා යැයි කියාවිද? ආපදා කලමනාකරණ මධ්යස්ථානයේ හෝ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ එදා සිටියේත් අද සිටින පිරිසමය. ඔවුන් මේ චෝදනාවෙන් නිදහස් වන්නේ කෙසේද?

 

2004 සුනාමි ව්යසනයෙන් පසු පිහිටුවන ලද ආපදා කලමනාකරණය පිළිබඳ ජාතික ප්රතිපත්තිය ක්රියාත්මක කරනට පත්කල කමිටුවේ, විපක්ෂ නායකයා සාමාජිකයෙකු වෙයි. ඔහු මෙහි ක්රියාකාරීව කටයුතු කලා නම් රු. කෝටි 2000 ක් වැයකර මෙවන් පූර්ව අනතුරු ඇඟවීම් රටට ගෙනා බව දැන සිටින්නට ඇත. පවතින රජය පෙරලා තමන්ට රජකම ගන්නට කල් යල් බලනට ඇති උනන්දුව මෙන්ම රටට සහ ජනතාවට ඇල්මක්, අනුකම්පාවක් තිබිනි නම් ඔහුටද මෙම පද්ධතිය ස්ථාපිත කිරීමට යම් තල්ලුවක්, ක්රියා මාර්ගයක් ගන්නට හැකියාව තිබිනි. මන්ද ඔහු විපක්ෂනායක වනුයේ රටේ සැලකිය යුතු පිරිසකගේ ඡන්ද හිමි වූ නිසාය. ආපදාවක පහර වදින්නේ පක්ෂ, පාට බලා නොවන බැවින් රජය නිසි මගක නොයන්නේ නම් බොරු දේශපාලන සංදර්ශන පාන්නේ නැතිව, බොර දියේ මාලු බාන්නේ නැතිව වෙනුවෙන් යමක් කිරීමට විපක්ෂයටද වගකීමක් ඇත. එය අදටත් වලංගුය. මෙම කාරණයෙහි තාර්කික භාවය වත්මන් විපක්ෂය හා එහි ක්රියාකලාපය දෙස බලන විට පැහැදිලිය. මන්ද දකුණේ මේ සා විපතක් වීත් උතුරේ කිසිවකු තම ශෝකය පලකරන්නවත් උනන්දු වීද? පසුගිය සතියේ නමිලනාඩු මහඇමතිිය ලෙස පත් වූ ජයලලිතාට සුභපතන්නට යෝජනාවක් ගෙනා උතුරු පලාත් මහ ඇමතිවරයාට විරෝධය පලකරමින් උතුරු පලාත් සභාවේ සන්ධාන මන්ත්රීවරු කිහිප දෙනෙකු පැවසුවේ මේ සත්යයයි.

 

නමුත් එදා සිටි ආපදා කලමනාකරණ ඇමති කවුද, දැන් ඔහු සිටින්නේ කාගේ ඔඩොක්කුවේද යන කරුණු මේ උදවියගේ මතකයේවත් ඇත්ද යන්න සැක සහිතය. රටේ අහසට උඩින් කණකොකෙකු හඬාගෙන ගියත් ඔවුන්ට මතකයට නගාගත හැකි එකම දේ රාජපක්ෂ නම පමනි.

 

ඊලඟ කරුණ වන්නේ මෙවර රටට බලපෑ මෙම ආපදා තත්වය, මේ රජය බලයට පත්වීමෙන් පසු පලමු වරට සිදු වූවක් නොවන බවයි. 2015 ජනවාරියේ සිට ඇද හැලුනු මහ වැසි නිසා බරපතල ජල ගැලීම් තත්ව ගණනාවක් වාර්තා වුනි. එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නාය යාම් අනතුරු ඇඟවීම් වරින් වර කලා අපට මතකය. 2014 අග භාගයේ දී බදුල්ල මීරියබැද්ද නාය යාමේ මහා විපත සිදුවුනේ මේ දේශපාලන පෙරලිය වන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. රජය බලයට ගෙන ඒම සඳහා වත්මන් දේශපාලකයින් මීට ගොදුරු වූ ජනතාව විඳි දුකත් ප්රයෝජනයට ගත්හ. අදටත් වින්දිතයන්ට හිසට සෙවනක් ලබාදීම හරි හැටියට සිදුව නැත. නාය යාම සිදු වුනේ පසුගිය රජය සමයේ වීම අසරණයින්ගේ වරදක් නොව්. ඉතින් එවන් දරුණු ඛේදවාචකයක උණුසුම මැකෙන්නත් කලින් රාජ් බලය ලබාගත් මේ පිරිසට, රු. කෝටි 2000 ක් ගෙවා මිලට ගත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් තිබෙන බව මතක් වුනේ අවුරුද්දකුත් මාස 5 ක් ගතවී තවත් එවන් මහා විපතක් වූ පසුද? දැන් එය ප්රයෝජනයට ගත නොහැකි බව සජිත් පවසයි.

 

කෙසේ වුවද 2015 ජනවාරි 8 දා දේදුනු විප්ලවය සිදු වූ විගස පත්කල ඇමති මණ්ඩලයේද ආපදා කලමනාකරණ විෂය වෙනුවෙන් ඇමතිවරයෙක් සිටියේය. අමාත්යංශ ලබාගත් ඇමතිවරු තම තමන්ගේ විෂය සම්බන්ධව හරි හැටි අධ්යයනයක් කලේ නම් එවන් වටිනා සහ අත්යවශ් උපකරණ පද්ධතියකින් ප්රයෝජනයක් නොගත්තේ ඇයි?

 

විශේෂයෙන්ම මේ රජය බලයට පත්වීමට ප්රධානතම හේතුව වූයේ පසුගිය රජය සමයේදී සිදු වුනා යයි කියන වංචා, දූෂණ සහ නාස්ති පිලිබඳ කාරණාවය. මේ උපකරණ පද්ධතිය එවේලේ ප්රයෝජනයට ගත්තා නම් තම නාස්තියට විරුද්ධ ප්රතිපත්තිය ප්රායෝගිකව ඔප්පු කරමින් ජීවිත රැසක් බේරා ගන්නටද ඉඩ තිබිනි. වෙනුවට මොවුන් අදටත් ගයන්නේ එකම තැටියේ ගීතයයි. තවමත් තමන්ට කරන්නට තිබෙන වැඩ කොටස වෙනුවට මොවුන්ට මතක තිබෙන්නේ පසුගිය රජය නොකල වැඩ කොටසයි.

 

අතර ජී – 7 සමුලුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ජපානයට ගියේය. එහිදී ඇමරිකාව, කැනඩාව, ජර්මනිය ආදී රටවල නායකයන් පැමින අප ජනාධිපතවරයාට කතා කරනු දක්නට ලැබිනි. මේ සම්බන්ධව සමාජ වෙබ් අඩවිවල පලව තිබූ එක පෝස්ටරයකින් කියැවුනේලෝකයෙන් හුදෙකලා වී සිටිය ශ්රී ලංකාවට නැවත පිලි ගැනීමක් ලැබුනබවයි. මේ අය ඇවිත් අත ඇල්ලුවා කියා හුදෙකලාව නැති වී යනවාද? මේ ආපදා විපත සිදු වූ විට ලොව මහ බලවතා වන ඇමරිකාව අපට ලබා දුන්නේ $ 50 000/- ක් පමනි. ආපදා වලින් අවතැන් වූ ජනතාව ගණන් බැලූ විට එක් අයෙකුට රු. 17.50 කි ! අඩු ගණනේ මේ මුදලින් පාන් කාලක් වත් ගත හැකිද? මෙවන් පෝස්ටර පල කරමින් උදම් අනන අය සිතිය යුත්තේ මේ අය මොකක්ද මේ හැටි අපට පානා ලීලය කියාය. ජනාධිපති, අගමැති ඇතුලු රජයේ මැති ඇමතිවරු ආඩම්බරයෙන්  පවසන්නේ රට තුල සිදු වෙමින් යන සුභවාදී වෙනස ජාත්යන්තරය දකින නිසා මේ ලෙස සිදුවන බවයි. රට තුල සිදු වෙමින් යන සුභවාදීයැයි පවසන මේ වෙනස ඇස් කන් ඇරගෙන සිටින අයෙකුට දැකගත හැකිය. ඉස්සර ඔවුන් අපව හුදෙකලා කලේ ඇයි? මහින්දට අකමැති නිසාය. මහින්දට අකමැති ඇයි? ඔහු ත්රස්තවාදය පරාජය කල නිසාය. තුල සිදු වූ මානව හිමිකම් කඩවීම් නිසාය. ජාත්යන්තරය උතුරේ සහ දකුණේ මානව හිමිකම් කඩවීම් දෙස බලන කෝණයන් මුලුමනින්ම වෙනස්ය. මේ තුල ඔවුන්ගේ අරමුණු ඉතා පැහැදිලිය.ආයෝජනය තුලින් මේ රට ඔවුන්ට සිත්සේ ශ්රමය සූරා කෑ හැකි ආකරයකි. බෙදා වෙන්කර ගතහොත් අනිකුත් සම්පත්ද පහසුවෙන් සූරා කෑමට හැකිය. ඉතින් මේ හිතවත්කම් ගැන මීට වඩා තීක්ෂණ ඇසකින් බැලිය යුතුය. නිකම් විරිත්තා අත අල්ලා සෙලෙව්වාට අපේ ප්රශ්ණ  විසඳෙන්නේ නැත. භාණ්ඩ තොගයක් සමග ජපානය දුන්නේත් ණය මුදලකි. මේ අසීරු මොහොතේ අපේ පිහිටට ආවේ අපේම මිනිසුන් හැරුණ විට අපේ දකුණු ආසියානු මිතුරන්ය.

 

 කෙසේ වුවද දැනටත් පවතින ආපදා කලමනාකරණ ප්රතිපත්තිය නිසියාකාරව ක්රියාවේ යෙදවෙන්නේ නැති නිසාවෙන්ම අප රටට මොන තරම් ප්රශ්ණ ඇති වී තිබේද? මෙවන් විපතක් වන සෑම විටෙකම රටේ ආර්ථිකය අඩි ගණකින් පසු පසට ඇදීයයි. 2004 සුනාමි විත සිදුවන විට අවංකව කීවොත්සුනාමියයන වචනය කී දෙනෙක් දැන සිටියාද? රට මැදින් ඇරඹී මුහුදට ගලන ගංගා සහ ජල ප්රවාහයන් කොතෙක් වේද? කුඩා දූපතක් වන ශ්රී ලංකාවට එලැඹිය හැකි ස්වාභාවික ආපදාවන් ගැන ජනතාව තුල, විශේෂයෙන් පාලකයන් තුල අවබෝධයක් තිබිය යුතුය.

 

එබැවින් ආපදා කලමනාකරණ ඇමතිවරයාට භාරදූර වගකීමක් තිබේ. විධිමත් ක්රියා පිලිවෙලක් ඔස්සේ ආපදා අවදානම් අවම කිරීමේ වැඩ සටහනක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමයි. 2004 සුනාමි ව්යසනයෙන් පසුව ආපදා කලමනාකරණ ඇමතිවරු ලෙස කටයුතු කල කිසිවෙකු එම කාර්යභාරය ඉටුකර නැත. අතරින් 2010 අප්රේල් මස දක්වා අදාල තනතුර දැරූ රිෂාඩ් බදුදීන් හා ඉන් පසුව පත් වූ මහින්ද අමරවීර වත්මන් රජයේද ඇමති තනතුරු දරති.

 

මෙවන් වැඩ සටහනකදී ස්වාභාවික විපත්වලට පාර කපන අනවසර ඉදිකිරීම්, අක්රමවත් සංවර්ධන කටයුතු, පරිසර හානි ආදිය වලක්වාලිය යුතුය. එබැවින් මේ ආපදා කලමනාකරණ අමාත්යංශය හුදෙකලාව කල යුතු කාර්යයක් නොවේ. නමුත් අවාසනාවකට මෙම බාහිර සාධක බොහොමයක් අදූරදර්ශී දේශපාලකයන්ගේ අනුදැනුම ඇතිව කෙරෙන කටයුතු බව සිහි තබා ගත යුතුය. අනික මෙම නීති විරෝධී කටයුතු හදිසියේම රාජපක්ෂ රජය සමයේ ඇරඹී 2015 ජනවාරි 8 දිනයෙන් කෙලවර වූ ඒවා නොවේ. මෙවන් දෑ ඇරඹුනේ කවදා කෙසේද යන්න දේශපාලන මහත්වරුන් සැම තම හදවතට තට්ටුකර අසත් නම් මැනවි.

 

මෙම යාන්ත්රණය නිවැරදි කරනවා වෙනුවට තම පටු දේශපාලන අරමුණු ඉටු කරගනුවස් ජනතාවගේ මනසට වෙෙරය වපුරමින් තවත් බර පැටවීම වැරදි බව නැවතත් පවසමි. ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කිරීම බොහෝ දේශපාලකයන්ගේ සිරිතයි. නමුත් ඔබ එක දෙයක් මතක තබාගත යුතුය. ඔබ එක ඇඟිල්ලක් චෝදනාත්මකව අනුන් වෙත දිගු කරද්දී ඇඟිලි හතරක් ඔබ දෙසට හැරී ඇති බවයි.

7 Responses to “ආපදා සහ චෝදනා”

  1. Dham Says:

    ව්‍යසනයේ නොදුටු පැතිකඩ – භාග්‍යා කුමුදුනී

    විපතට පත් ජනතාවට සහන සැලසීමට ආණ්‌ඩුවට වූ ප්‍රධාන අඩුපාඩු ලෙස සැලකිය හැක්‌කේ විසුරුවා හරින ලද ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීන්ගේ සහය නොලැබී යැමය. සහනාධාර බිම් මට්‌ටමින් බෙදා හැරීමේ ආණ්‌ඩුවේ කොඳු නාරටිය ආණ්‌ඩුව බිඳ ගෙන තිබියදී පෙරට ආවේ ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාය. මේ මහා විපත ටීවි සහ රේඩියෝ චැනල්වලට කදිම අලෙවි ප්‍රවර්ධන අවස්‌ථාවක්‌ විය. අනුන්ගෙන් එක්‌කරගත් ආධාර හාමතේ සිටින ජනතාවට දෙමින් “වොයිස්‌කට්‌” ගැනීමට තරම් අපේ ජනසංනිවේදන මාධ්‍ය සාහසික විය.

    සුනාමියෙන් පසු මෙරට විශාලතම විපත්තිය සිදු වී තිබේ. ගංවතුරෙන් සහ නාය යැමෙන් මහජනතාව අසරණව, නන්නත්තාර වෙද්දී අපට ප්‍රශ්නයක්‌ වූයේ මෙරට ” ජාතික වැඩපිළිවෙලක්‌ සහිත ආණ්‌ඩුවක්‌ තිබේද, යන්නයි. එහෙත් පොතේ හැටියට නම් “ආණ්‌ඩුවක්‌” තිබේ. පොත කිව්වේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවයි. නමුත් ප්‍රායෝගිකව අත්දැකිය හැකි කරුණ වන්නේ එය විපතට පත් ජනතාවගේ පිහිටට නොයෙනා මෙන්ම විපතට පත් පිරිස්‌ ගැන නිසි සංඛ්‍යා ලේඛනයක්‌වත් ගිණිය නොහැකි අබ්බගාත ආණ්‌ඩුවක්‌ බවය.

    නාය යැම් සහ ගංවතුරේදී ප්‍රධාන සාධකයක්‌ වූයේ පූර්ව අනතුරු ඇඟවීමය. බොහෝ විට රාජ්‍ය නිලධාරීන් මෙය” පූර්ව අනතුරු ඇඟවීම්” බෝඩ් ලෑල්ලට මුවා වී තම වගකීමෙන් පැන යන්නට විය. මහ මග වාහන ගමනා ගමනයේ යෙදෙන අපට පාර දෙපැත්තේම ඇත්තේ සංඥා බෝඩ් ලෑලිය. අනතුරු වලක්‌වා ගැනීමටය. එහෙත් LTTE යුද්ධයටත් වඩා අදත් මෙරට මියයන්නේ මහ මග අනතුරුවලිනි. 2005 සිට 2014 දක්‌වා ලංකාවේ මහමග මියගිය පුද්ගලයන් ගණන විසිහතරදහස්‌ දෙසිය හැටකි. ආසන්න වශයෙන් වසරකට 2695 කි. 1997 සිට 2007 දක්‌වා දසවසර තුළ රිය අනතුරුවලින් මියගිය ගණන 40,000 කට වැඩිය. 2014 දී පමණක්‌ මියගිය සංඛ්‍යාව 2413 කි. මේ අනුව බලන කල අපට පෙනී යන්නේ නාය යැමෙන් හෝ ගංවතුරෙන් රිය අනතුරුවලින් වන තරම් මරණ සංඛ්‍යාවක්‌ සිදු නොවූ බවය. එහෙත් එය ලඝූකොට සැලකිය නොහැක්‌කේ ලක්‍ෂ ගණනක්‌ අවතැන් වී කෝටි ගණනක නිවාස දේපළ පොදු ජනතාවට අහිමිව යැමයි. මෙහිදී ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ සෑම නිවසකටම “ඔන් ද ස්‌පොට්‌” දස දහසක දීමනාවක්‌ දීමටය. සංඛ්‍යා ලේඛනයක්‌ නොමැතිව දස දහස බැගින් වන්දි දීමට යැම තවත් ජාවාරමකට මුල පිරීමකි. ජනාධිපතිවරයා දස දහසේ වන්දිය ගැන කියද්දී ආපදා කළමනාකරණ අමාත්‍යවරයා කියන්නේ ආපදාවට ලක්‌ වූ නිවෙසකට ලක්‍ෂ විසිපහ දක්‌වා වන්දි ගෙවන බවය. අමාත්‍යවරයා පවසන පරිදි විනාශයට පත් නිවාස සහ ජීවිත ගණනට තවමත් චක්‍ර ලේඛය ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට යොමුකරමින් පවතින අතර එයට ගතවන කාලය සති දෙකකි. සංඛ්‍යා ලේඛනයක්‌ නැතිව ජනාධිපතිවරයා දස දහස බැගින් ක්‍ෂණික ආධාර දීමම හතර බීරි කතාවකි.

    නායයැම් හා ගංවතුරෙන් මරණයට පත් වූවෙකුට ලැබෙන වන්දිය රුපියල් ලක්‍ෂයකි. මියගිය ස්‌වාමියා වෙනුවෙන් කෙහිවලු පටලවා ගන්නා තරමට මේ ලක්‍ෂයේ වන්දිය හේතු වාසනාව වී තිබේ. පසුගිය 22 වැනි ඉරිදා සාමසර කන්දේ හමු වූ මලසිරුරකට කාන්තාවන් දෙදෙනකු අයිතිවාසිකම් කීම මෙවැන්නකි. මියගිය පුද්ගලයා මුලින්ම මහනුවරින් කසාදයක්‌ කරගෙන ඇති අතර එම බිරිඳ විදේශගතව සිටියදී ඔහු එලඟිපිටිය ප්‍රදේශයෙන් විවාහයක්‌ කරගෙන ඇත. අන්තිමට මේ කාන්තාවන් දෙදෙනාටම වඩා අසරණ වූයේ පොලිසියයි. ඒ මේ සිරුර බාර දෙන්නේ කාටදැයි සිතා ගත නොහැකිවය.

    නාය යැම් ඇතිවන්නෙ භූගර්භයේ ඇතිවන ක්‍රියාවලි හේතුවෙනි. මානව වර්ගයා ප්‍රබුද්ධත්වය සහ අත්දැකීම් මෙවැනි ස්‌වභාවික පීඩාවන්ගෙන් මිදීමට හේතු වේ. µ්‍රeන්සිස්‌ බේකන් පවසා ඇත්තේ ස්‌වභාව ධර්මය තමන්ගේ වහලෙකු ලෙස සේවයට යොදා ගත හැකි බවය. එහෙත් අපට අද සිදු වී ඇත්තේ එය සේවයට යොදා ගැනීම නොව ඉන් ආපදාවට ලක්‌වීමය.

    µ්‍රeන්සිස්‌ බේකන්ගේ නිර්වචනයට වඩා ෙµ්‍රඩ්රික්‌ එංගල්ස්‌ගේ නිර්වචනය ඉඳුරා වෙනස්‌ය. එංගල්ස්‌ කියූ පරිදි මානවයා පම්පෝරි ගැසීමෙන් වැලැකිය යුතු ප්‍රධාන දෙයක්‌ නම් ස්‌වභාව ධර්මය ඉක්‌මවා ගිය තම ජයග්‍රහණ ගැනය. එම ජයග්‍රහණ මානවයාට විපත් ගෙන දෙන භූමරංගයක්‌ වනු ඇත. ස්‌වභාව ධර්ම ආක්‍රමණිකයකු ලෙස පාලනය කරන්නට මානවයා ගිය හැම විටකම ඔහු ස්‌වභාව ධර්මයේ පළිගැනීමට ලක්‌විය. මිනිසා සහ සත්වයා වෙන්කොට හඳුනාගත හැකි ලක්‍ෂණයක්‌ වන්නේද ස්‌වභාව ධර්මය තම වාසියට යොදා ගත හැකි වීමයි. එංගල්ස්‌ මේ කියන්නේ ස්‌වභාව ධර්මය වහලෙකු කොට පාලනය කරන අන්දම විය යුතුය. මෙහිදී අපගේ සිහියට නැගෙන නාය යැම් හා ගංවතුර ඇති වීමට හේතු භූත වූයේ, සංවර්ධන නම් වූ මිථ්‍යාවයි. පරිසර විද්‍යාව සහ ස්‌වභාව ධර්මයටත් එරෙහිව ගිය අපේ ජනතාව පොදුවේ මහා විපතකට ගොදුරු වීමට අවසානයේ සිදුවිය. බටහිර මහා දාර්ශනිකයන් පස පසු අප මේ ගැන සොයා යනවාට වඩා අපට මේ ගැන සිංහලයෙන් ලියූ විද්වතකු ඇත. ඔහු දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ මහතාය. මෙරටට ඇතිවිය හැකි මෙවැනි විපත් හා ඒවා ඇතිවන අන්දම ගැන වික්‍රමසිංහයන් තම ග්‍රන්ථයක ව්‍යක්‌ත ලෙස පැහැදිලි කොට ඇත.

    විපතට පත් ජනතාවට සහන සැලසීමට ආණ්‌ඩුවට වූ ප්‍රධාන අඩුපාඩු ලෙස සැලකිය හැක්‌කේ විසුරුවා හරින ලද ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීන්ගේ සහය නොලැබී යැමය. සහනාධාර බිම් මට්‌ටමින් බෙදා හැරීමේ ආණ්‌ඩුවේ කොඳු නාරටිය ආණ්‌ඩුව බිඳ ගෙන තිබියදී පෙරට ආවේ ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාය. මේ මහා විපත ටීවි සහ රේඩියෝ චැනල්වලට කදිම අලෙවි ප්‍රවර්ධන අවස්‌ථාවක්‌ විය. අනුන්ගෙන් එක්‌කරගත් ආධාර හාමතේ සිටින ජනතාවට දෙමින් “වොයිස්‌කට්‌” ගැනීමට තරම් අපේ ජනසංනිවේදන මාධ්‍ය සාහසික විය.

    සහනාධාර දෙන ගමන් විපතට පත් වූවන්ගෙන් තමන් අසන රේඩියෝ හෝ ටීවී චැනලය අහන තරමට විද්යුත් ජනසන්නිවේදන මාධ්‍ය ජනතාවගේ අවධානයට ලක්‌ විය. බොහෝ විට කැලණි පාලම මත සිටි අසරණයන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ එහි සිටින බොහොමයක්‌ ගංවතුරෙන් අනාථ වූවන් නොව වෙනත් ප්‍රදේශවලින් ආ පිරිස්‌ බවය. මේ මංකොල්ලකරුවන් ලැබෙන ආධාර ඩැහැ ගනිත්දී සැබෑ අනාථයින්ට සිදු වූයේ අසරණව බලා සිටීමය. එමෙන්ම ගංවතුරෙන් හා නාය යැමෙන් නිවෙස්‌ හැර ගිය ජනතාවගේ දේපොළ මංකොල්ලකෑමට තරම් අවනීතිය රජවීම කොතරම් කනගාටුවට කරුණක්‌ද?

    අවසානයේ අවතැන් වූවන්ට ලැබෙන ආධාර වැඩිවී, ආධාර එපා යෑයි නිවේදනයක්‌ නිකුත් කරන්නටද රජයට සිදුවිය. අප ගිය බොහෝ අවතැන් වූ කඳවුරුවල එක පුද්ගලයට බත් පැකට්‌ පහ ලැබූණ අවස්‌ථාද විය. සාමසර කන්දේ අවතැන් වූවන් සිටි කඳවුරකදී අපට දැක ගත හැකි වූයේ සියල්ලන්ට අධිමිල සස්‌ටජන් තේ පානයට සාදා තිබූ බවය. එහෙත් බොහෝ දෙනා තමන්ට බීමට කහට ඉල්ලා සිටීම නිසා රු 30,000/- ක පමණ සස්‌ටජන් තොගයක්‌ කුණු කාණුවට හැලීමට අවසානයේ සිදුවිය. අප ගිය එක්‌ පන්සලක වූ කඳවුරේ නායක හිමියන්ගේ ආවාසය ඒ වන විටත් සහල් මුට්‌ටිවලින් පිරි තිබුණි. අවසානයේ ගෙනෙන ආධාර තබන්නට තැන් නැතිව දිය සීරාවට තෙමෙන බුදු මැදුරේ පවා ඒවා අඩුක්‌ කරන්නට සිදුවිය. පසුදින වනවිට ඒවායේ හතරෙන් තුනක්‌ම භාවිතයට ගත නොහැකි ලෙස හානියට පත් වී තිබුණේ ජලරකුසාගෙනි.

    සෙල්පි කාරයෝ පසුගියදා ව්‍යසනයට පත් ජනතාවට වඩාත් හිරිහැරයක්‌ වූ කණ්‌ඩායම ලෙස හැඳින්විය හැකිය. මේ සෙල්පි කාරයන් නාය යැමේ ඇති අනතුර නොතකා අතිභයානක තැන්වල පවා සෙල්පි ගත්තේ තමන් මේ දණහිසක්‌ එරී සිටින්නේ භයානක මී උණ ඇති ගොහොරු වගුරේ බව නොසිතා විය යුතුය. ඇමරිකාවේ සුප්‍රසිද්ධ සමාගමක්‌ කළ සමීක්‍ෂණයකින් සොයා ගෙන ඇත්තේ 2014 සිට මේ දක්‌වා සෙල්පි ගහන්නට ගොස්‌ ලොව පුරා මියගිය ගණන 50 කට වැඩි බවය. මෙයින් 15 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත්තේ ගංවතුරේ ගිලීම නිසාය. මෙය අද මානසික රෝගී තත්ත්වයක්‌ තරමට ඔඩු දුවා ඇත. තමාගේ වීරත්වය පෙන්වන රූප මූණපොතට දාගෙන වැඩි වැඩියෙන් Like ලබා ගැනීමේ මිථ්‍යාව පසුපස දුවන මේ තරුණ පිරිස්‌ මෙරට ෙ€දවාචකයක තවත් පැතිකඩක්‌ නොවන්නේද?

    බොර දියෙහි මාළු බානවා යෑයි කියමන අපට සිහියට ආවේ දුරකථන සමාගම් මෙන්ම මූල්‍ය ආයතනද හැසුරුණු ආකාරයයි. එක්‌ දුරකථන සමාගමක්‌ SMS මගින් දන්වා සිටියේ ගංවතුරෙන් අනාථ වූවන් වෙනුවෙන් රු7500/- ක්‌ තෙක්‌ ඇමතුම් ණයට ලබාදීමට තීරණය කළ බව ” සතුටින්” දැනුම් දෙන බවයි. ගංවතුරෙන් අනාථ වූවන්ට” “ණය” ගැනීම සතුටක්‌ වීම අපට නම් ප්‍රශ්නාර්ථයකි. ගංවතුර හානි ඉලක්‌ක කොට රාජ්‍ය බැංකු මෙන්ම පෞද්ගලික බැංකුද ලහි ලහියේ ණය ගන්නට යෑයි අඳෝනා දෙන්නට විය.

    මෙරට බහුතරය තම බඩවියත සරු කරගන්නේ කෘෂි කර්මාන්තයෙනි. මෙරට ප්‍රධාන බෝග වූ තේ පොල් රබර් නිෂ්පාදනයට මේ ආපදාවෙන් එල්ල වූයේ මරුපහරකි. මුදල් අමාත්‍යවරයාගේ මතය වන්නේ හානියෙන් වූ දේපළ ප්‍රතිසංස්‌කරණයට වැයවන මුදල රුපියල් කෝටි 25,000 කට ආසන්න විය හැකි බවයි. ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මෙවන් අවස්‌ථාවක මෙවැනි අනපේක්‍ෂිත වියදමක්‌ දැරීමට සිදුවීමේ අභියෝගය ගැන කිසිදු දේශපාලනඥයකු බරපතළ ලෙස සිතන බවක්‌ නොපෙනේ. රජයේ බදු ආදායම පහත වැටීමත් ඩොලරය ඉහළ ගොස්‌ ආනයනික වියදම් වැඩි වී මෙරට ආර්ථික වර්ධන වේගය හා රජයේ ආදායම් මට්‌ටම කිසිසේත්ම සතුටුදායක නොවන තත්ත්වය මත මේ තත්ත්වය ආර්ථික ව්‍යසනයක්‌ ලෙස විග්‍රහ කළහොත් වඩාත් නිවැරදිය.

  2. Christie Says:

    මට මතක් වෙන්නේ කුඩකාලයේ ගන්වතුරය.

    කවුරුවත් එය එතරම් ගනන්ගතේ නැත.

    ලමයින්ට විනෝදය ගෙන දුන් අතර ගලායන වතුර පලාතම සුද්දකලේය.

    අද පාලකබට්ටෝ ඔරුවෙ ඉඳන් ජරා වතුරෙ ඉන්න අපිට උන්ගෙ කෙහෙල්ගෙඩිය උරන්න දෙනව.

  3. Kumari Says:

    Theja, How can Yahapalanaya organise to assist citizens in an unexpected natural disaster, when they were not prepared to govern the country after winning the election?

    I feel sorry for the poor citizens. They are still talking about Rajapakse. Ranjan Ramanayake is explaining how the Ruggerite was killed. If he knows so much why not go to courts. I am tired of this Rajapakse talk now. CIA and RAW must give the Yahapalakayas some other topics with a new text to by heart.

  4. Ananda-USA Says:

    Kumari said it beautifully…..

    How can Yamapalanaya organize to assist citizens in an unexpected predicted natural disaster,

    When they were not prepared to govern the country after winning the election?

    The answer of course, is that they were too busy exporting their assets abroad to flee there when the roof caves on their palanaya!

  5. Dham Says:

    Another question is
    “How can we trust a leader who is unable to secure the land politically, after it was secured by the armed forces militarily ? ”

  6. Kumari Says:

    JRJ after governing the country for over a decade , there was a talk in colombo circles that the then chairman of Air Lanka was keeping an aircraft ready to fly out the JRJ’s big wigs to Australia with all their loot. This was during presidential elections where Premadasa won. Never trust the UNP after the Senanayakes.

  7. Dham Says:

    Kumari,
    There was a talk ……. but what happened ? JR had no money to go somewhere to live ? Why did he still live in Sri Lanka letting Premadasa to take the leadership ?
    JRJ openly and honestly said “India trained LTTE to catch the whole of Sri lanka”.
    MR said “India is our friend, brother….”
    Who can you trust ?
    Don’t run away , please answer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress