චීනය කට අරී.. කොළඹ චීන තානාපති දෙස් විදෙස් මාධ්‍ය කැදවා යහපාලනයේ පතුරු අරී..
Posted on November 2nd, 2016

lanka C news | ලංකා සී නිවුස්

චීනය කට අරී.. කොළඹ චීන තානාපති දෙස් විදෙස් මාධ්‍ය කැදවා යහපාලනයේ පතුරු අරී..

කොළඹ ගාළු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොලඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා සිටියේය.

මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ආපසු ආරම්භ කර තිබුණද නවතා තිබුනු කාලයේදී දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් තම රටට සිදු වූ බවද ඔහු සදහන් කලේය.

තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටියේය.

චීනයේ ණය පොලිය අධික යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් දැඩි ලෙස විවේනය කරමින් තානාපත්වරයා විමසා සිටියේ චීනයේ ණය පිරිවැය ඉයල නම් තම රටෙන් තව දුරටත් ණය ඉල්ලා සිටින්නේ මන්ද කියායි.

4 Responses to “චීනය කට අරී.. කොළඹ චීන තානාපති දෙස් විදෙස් මාධ්‍ය කැදවා යහපාලනයේ පතුරු අරී..”

  1. Christie Says:

    ඉන්දියාව දෙන්නෙ ඉන්දියානු පරපෝසිතයන්ගෙ දියුනුවට විතරයි

  2. Hiranthe Says:

    Sleeping Giant awaken. Well-done!!

  3. Ananda-USA Says:

    Well said, Mr. Ambassador!

    Please remember that the Ministers of the current Sri Lanka Government, who came to power through the backdoor in a regime change operation orhestrated by Sri Lanka’s enemies are NOT REPRESENTATIVE of the Majority Sinhala Buddhist Community of Sri Lanka.

    We Sinhala Buddhists always remember and consider the People’s Republic of China as our GREAT FRIEND, not only in the last seven decades since independence when China helped to defend, protect and grow our country, but also going back thousands of years in Sri Lanka’s history.

    The relationship between our two peoples based on shared values will not be shaken by this temporary setback, it will endure forever!

  4. Lorenzo Says:

    Tamils embracing Endia is understandable because they are ENDIANS.
    Muslims embracing Arabia is understandable because they are ARABS.

    But what I cannot understand is why SOME SINGHALESE DO NOT embrace China which is the ONLY country that stood by us in all events of WAR, UNHRC, UNSC, DONORS, LENDERS, etc. Such UNGRATEFUL modayas.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress