ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය (ECT) විකිණීමට එරෙහිව සේවක විරෝධතා පෙත්සම ඉදිරියටම
Posted on November 11th, 2016

All Ceylon General Ports Employee Union

ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය (ECT) පෞද්ගලික සමාගමක් වෙත විකුණා දැමීමට අදාලව ආණ්ඩුව ගෙන ඇති තීරණය හා ක‍්‍රියාමාර්ග වලට එරෙහිව සේවකයන් පෙළ ගැස්වීමේ ක‍්‍රියාවලිය සාර්ථක ලෙස මේ වන විට ඉදිරියට ඇදෙමින් පවතී.

සාර්ථක උද්ඝෝෂණයකින් පසුව දියත් කරන ලද විරෝධතා පෙත්සම අත්සන් ගැනීම කොළඹ වරාය තුළ මේ වන විට අවසන් කර ඇත.

ගාල්ල, ත‍්‍රිකුණාමලය වරායන් තුළ ඉදිරි දින කිහිපය තුළ සේවක පෙත්සම අත්සන් කිරීමට කටයුතු යොදා ඇත. වරාය විකිණීමට එරෙහිව වරාය සේවකයන්ගේ බලවත් විරෝධතා ගොඩනැගෙමින් වර්ධනය වෙමින් පවතින මොහොතක නැගෙනහිර පර්යන්තය (ECT) මේ වන විටත් ඉන්දියාවට ලබා දී ඇති බවට ආණ්ඩුවේ අනුදැනුම ඇතිව පළකරණ ලද ඇතැම් පුවත්පත් වාර්තා මගින් සේවක සටන මොට කිරීමට උත්සහ කරමින් පවතී.

ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය (ECT) ඉන්දියාවට බිලිදීමට සැලසුම්කර ඇතත් අප ඊට කිසිසේත් අවකාශ ලබා නොදෙන බව අවධාරණය කර සිටිමු. වරාය රැක ගැනීම සඳහා දැවැන්ත පෙරමුණක් ගොඩනැගීමේ කටයුත්තට අප මේ වන විටත් පියවර ගෙන ඇති අතර ආණ්ඩුවේ බොරු ප‍්‍රචාර වලට නොරැවටෙන ලෙස සමස්ථ වරාය සේවකයන්ගෙන් අප ඉල්ලා සිටිමු. මහජන සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ රනිල් – මෛත‍්‍රී හවුල් ආණ්ඩුව ප‍්‍රතිපත්තිය පරාජය කිරීමට පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මෙයට,

 

 

ප්‍රධාන ලේකම්,

චන්ද්‍රසිරි මහගමගේ

 

සම්බන්ධීකරණය – 071-2051388

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress