නැගෙනහිර පළාතෙන් පළවා හැරීමේ තර්ජනයට භාජනය වී සිටින සිංහල පදිංචිකරුවන්
Posted on November 21st, 2016

මාධ්‍ය ප්‍රකාශක ස ෝලීය සිංහල සිංසදය

ප‍්‍රභාකරන්ගේ අවුරුදු තිහක වර්ග සංහාරය සමයේ දී උතුරු පළාතේ මෙන්ම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජීවත් වූ සිංහල පදිංචිකරුවන්ට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස තැනින් තැනට මෙන්ම ගමින් ගමට පලා යමින් අති දුෂ්කර මෙන්ම භයානක ජීවිතයකට මුහුණ දීමට සිදු විය. මෙම කුරිරු ත‍්‍රස්තවාදී මෙන්ම ජාතිවාදී යුධ සමයේ දී කුරිරු දෙමළ ඊලාම් සාමාජිකයින් විසින්, කුඩා ළමයින් ද ඇතුළත්ව සිය දහස් ගණනක් වූ අහිංසක සිංහල වැසියන් ඉතාමත්ම අමානුශික ලෙස කපා කොටා මරා දැමූ අතර මෙවැනි දෑ තව දුරටත් දරාගත නොහැකි වූ දස දහස් ගණන් අහිංසක සිංහල ජනතාවට තම ගේ දොර මෙන්ම වගා බිම් ද අතහැර දමා පලා යාමට සිදු විය.
මෙම අමානුශික ඝාතනයන් සිදු වූ අම්පාර සහ මඩකලපුව යන දිස්ත‍්‍රික්ක වල ගම්මනයන්ගේ නම් හා එම ගම්මාන වල මරණ සංඛ්‍යා සහිතව ඉදිරිපත් කරන්නේ නම්,
අරන්තලාව (මරණ සංඛ්‍යාව 34*,
පොතුවිල් (25*,
තිරුක්කෝවිල් (678*,
පෙරවෙල්තලාව (9*,
බෝගමුව (25*,
ලාහුගල (16*,
බොරපොල (9*,
අම්පාර නගරය (25*,
209 සැතපුම් කණුව (14*,
මංගලගම (16*,
පානම (12*,
උහන (5*,
උවරගල්තැන්න (2*,
ඉගිනියාගල (11*,
ගෝනගල (57*,
මඩකලපුව (14*,
එරාවූර් (25*,
මංදෙණිය (3*
වන අතර, වාර්තා ගත නොවී ඝාතනය වී ඇති සංඛ්‍යාවද අති විශාලය. කොටියා බලාපොරොත්තු වූ ආකාරයටම මෙම ඉතා කෲර හා අමානුශික ඝාතන හේතුකොට ගෙන පන බේරා ගත් අහිංසක සිංහල ජනතාවට ඇති වූ මානසික අස්ථාවරයන් හා භීෂණයන් නිසා බොහෝ අය නැගෙනහිර පළාතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී සාමය හා ස්ථාවරත්වය සොයා වෙනත් සාමකාමී පළාත් වලට යාමට තීරණය කළ අතර, තවත් බොහෝ අහිංසක සිංහල ජනයාට හමුදා ආරක්ෂා සහිතව තම ගම් බිම් වලට කිට්ටුව නැගෙනහිර පළාත තුළම අනාථ කදවුරු ආකාරයෙන් සකස් වූ තැන් වල ජීවිත ගැට ගසා ගැනීම හැර වෙන අන් කිසි මඟක් නොවීය.
ඇමරිකාව, එංගලන්තය වැනි බලගතු බටහිර රටවල් විසින් ප‍්‍රකාශ කර තිබූ ආකාරයට යුද්ධයෙන් පරාජයට පත් කළ නොහැකි එල් ටී ටී ඊ නායක ප‍්‍රභාකරන්ව එවක සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපති හා විරෝදාර හමුදාව විසින් ස්ථිර වශයෙන්ම ඉතා ජයග‍්‍රාහී ලෙස පරාජයට පත් කළ පසුව, මෙම නැගෙනහිර පළාත් වල යුද්ධයට පෙර ජීවිකාව කරගෙන ගිය සිංහල ජනතාවගෙන් සමහරක් නැවතත් තම ගම් බිම් වලට පැමිණ තමන්ගේ ශක්තියට අනුව පැල්කොට සාදාගෙන නැවත වරක් සාමකාමී ලෙස තම තමන්ගේ ගොවිතැන් බත් කරගෙන සිතේ භයකින් තොරව සැහැල්ලූවෙන් ජීවත් වීමට පටන් ගත්හ. මෙම අහිංසක සිංහල ජනතාවගේ ඒකායන පරමාර්ථය වූයේ තම තමන්ගේ ගොවිතැන් බත් කරගනිමින් සාමකාමීව ජීවත් වීමට වුවත්, එදා තමන් ඉදිරියේ පෙනෙන්නට තිබූ සියලූ සිංහල ගම්මාන හා වැසියන් විනාශ කරමින් ඉදිරියට ඇදුනු ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් බේරීමට හදිසියේම පලා යාමට සිදු වූ මෙම අහිංසක පිරිස් වලට, ඔවුන්ගේ ගොවිපළවල් ආදියට ඇති අයිතිය ඔප්පු කිරීම පිණිස ඔවුන් අත තිබූ කිසිම නීත්‍යනුකූල ලියවිල්ලක් රැුගෙන යාමට අමතක වීම දැන් දැන් ප‍්‍රශ්නයක් බවට පත් කිරීමට යම් යම් වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලකයන් සහ වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් නිලධාරීන් උත්සාහ දරමින් සිටිති.
දැන් උදාහරණයක් වශයෙන් මංගලගම, කෙවිල්යාමඩුව සහ කොහොඹගස්තලාව ආදී ගම් වල බිහි වී ඇති මෙම නව සිංහල ගම්මාන හා නිවාස වලට තදින්ම විරුද්ධ වන වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලකයන් සහ වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් නිලධාරීන් ව්‍යාජ අප‍්‍රසාදයන් පෙන්නුම් කරමින් මෙම අහිංසක සිංහල ජනතාවගෙන්, ගේ දොර හා ඉඩම් වලට හිමිකම් ඔප්පු වහාම ඉදිරිපත් කළ යුතු බව කියමින් හිරිහැර කිරීම අරඹා ඇත. දැනට උද්ගත වී ඇති තත්වයන්ට අනුව මෙම අහිංසක සිංහල ගොවි ජනතාවට මුහුණ පෑමට ඇති මහා ඛේදවාචකය වනුයේ, තම තමන්ගේ ගොවිපළවල් වලින් පවතින නීතියට අනුව බලහත්කාරයෙන් එළියට ඇඳ දැමීමේ තර්ජනයට කොයි මොහොතේ හෝ මුහුණ දීමට සිදු වීමයි.
සෑම දෙයක්ම විනාශ කරමින් මිනිස් ජීවිත තුට්ටුවකටවත් නොසලකා ඉදිරියට එන කුරිරු කොටියා දැක භීතියට පත්ව මර බියෙන් දිවෙන අහිංසක සිංහලයා තම තමන්ගේ හිමිකම් ඔප්පු ගෙන යා යුතුව තිබුනේ යැයි, යන වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලකයන් සහ වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් නිලධාරීන්ගේ තර්කය හාස්‍යජනකය. එම නිසා අප රටේ නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා මධ්‍යම රජය විසින් වහාම මැදිහත් වී, සෑම පැත්තෙන්ම බැට කා ඇති අපේ මෙම අහිංසක ජනතාවට සාමයෙන් ජීවත් වීම පිණිස යම් කිසි ස්ථිරසාර විසදුමක් වහාම සලස්වා දිය යුතුව ඇත.
රන්ජිත් සසොයිසා
මාධ්‍ය ප්‍රකාශක
ස ෝලීය සිංහල සිංසදය

4 Responses to “නැගෙනහිර පළාතෙන් පළවා හැරීමේ තර්ජනයට භාජනය වී සිටින සිංහල පදිංචිකරුවන්”

  1. S.Gonsal Says:

    Dear Ranjith,

    This is the REAL PROBLEM. We need to push for this NOW.

    Please leave aside මහින්ද රාජපක්ෂ ජනාධිපති becuase this man could have arrnaged to hand over necessary documents ( or award the lands) easilly form 2009-2015. Not only he did not do it , greedy of Msulim votes, he gave fresh , virgin forrest to Jihadist Qatari sponsered Jassim City ( opened just before elections 2104 )

    What we expected of mass settlement of Sinhalese in North and East to solve the problems forever. What he did was encouraging Sinhala people to Nalagama etc . created outside TNA recommended limits. This si the absolute TRUTH. This man did not resettle 1 Sinhla Family spending Rs 200,000 but he himeslf and his Colobian Family ate up billions.
    Without leaving out this man in our struggle, we cannot do this becuse our demads become tainted by horrific politics of SriLanka.

  2. S.Gonsal Says:

    Should read , not Nalgama but “Namalgama”.

  3. Lorenzo Says:

    MR had 6 years to settle Singhalese in the north after the war but he didn’t. ONLY Tamils were resettled in RECORD TIME!

    This is the TRUTH.

    STOP supporting politicians that CANNOT take a stand on this.

    Now the PROF. MAHATHENAMUTTAS will come up with EXCUSES why Singhalese cannot be resettled in the north or why MR failed.

  4. S.Gonsal Says:

    Moving forward, I beleive struggle should start to remove this Balu Palanaya without getting it tainted MR&CO, for it to suceed. This is ALL I have to say.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress