රට කෙලෙසූ කල්ලියට ප්‍රශංසා; විරුවන් වෙනුවෙන් පෙනී සිටි අපට නින්දා ජිනීවා මෙහෙයුම ගැන සරත් වීරසේකර ”දිවයිනට” කියයි
Posted on April 8th, 2017

ලංකාවේ වෙනදේ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ආගමනය පසුගිය සතියේ දේශපාලන පිටියේ මහත් ආන්දොaලනයකට ලක්‌ව තිබුණි. ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් එල්ල කරන ලද චෝදනා පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සරත් වීරසේකර මහතා සමග කළ සාකච්ඡාවක්‌ මතුදැක්‌වෙයි.

* ඔබ ජිනීවා මානව හිමිකම් කවුන්සලේට ගොස්‌ නැවත පැමිණියා. බොහෝ අය ඔබ කළ කාර්යයට ප්‍රශංසා කළා. නමුත් සමහරෙක්‌ ඔබ විවේචනය කරනවා. පළමුවෙන් කියන්න ඇයි ඔබ ජිනීවා ගියේ?

මම ජිනීවා ගිය හේතුව මීට පෙර මාධ්‍ය සාකච්ඡාවලදී කියා තිබෙනවා. ඔබ දන්නවා මෙවර මානව හිමිකම් සැසිවාරයේදී අපට විරුද්ධව තිබෙන 30/1 යෝජනාව සහ එහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බව. එම යෝජනාව ගෙන ඒමට පාදක වූයේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව. එම වාර්තාවේ තිබෙන්නේ අපේ හමුදාවන් භයානක යුද අපරාධ කළ බවට සාක්‌ෂි තිබෙන බව. ඒ වාර්තාව කිසිම සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නැතිව අපේ රටේ විදේශ ඇමැති මංගල සමරවීර අගය කරමින් පිළිගෙන අපට විරුද්ධව ඇමරිකාව විසින් ගෙන ආ මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූවා. මොන රටේ විදේශ ඇමැතිවරයෙක්‌ද තමන්ගේ රටේ හමුදාවන් යුද අපරාධ කළා කියා පිළිගෙන තමන්ගේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාවකට සහයෝගය දෙන්නේ? අපේ විදේශ ඇමැතිවරයා එම දේශෙද්‍රdaහී ක්‍රියාව කළා.

ඉතින් එහෙම නම් මෙවර මානව හිමිකම් සැසිවාරයේදී මොන රටද මොන සංවිධානයද අපේ රටේ රණවිරුවා වෙනුවෙන් පෙනී සිටින්නේ? ඒ නිසා දිවි කැප කරමින් යුද්ධ කොට රටට සාමය ගෙනා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිsටීමට සහ අපේ රට පිළිබඳව ඉදිරිපත් කරන දුර්මත දුරු කිරීමට ප්‍රවිශ්ටයක්‌ ගැනීමටයි මා ජිනීවා ගියේ.

* ඔබට එය සාර්ථකව කර ගැනීමට හැකි වූවාද?

ඇත්තෙන්ම ඔව්. ඔබ පෙර කිව් පරිදි මාව විවේචනය කරන සමහරු කියන දෙයක්‌ තමයි මා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතික්‍ෂේප කරමින් මානව හිමිකම් කවුන්සලයේදී බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක්‌ නියෝජනය කළ බව. ඒ විදියට චෝදනා කරන්නේ කුහකයින්. එක්‌සත් ජාතීන්ගේ සංගමයට ඕනෑම කෙනෙකුට ගිහින් කතා කරන්න බැහැ. එතැන කතා කරන්න පුළුවන් රජයේ නියෝජිතයන්ට සහ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක්‌ නියෝජනය කරන පුද්ගලයන්ට පමණයි. ඒ නිසා මම එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්‌සප හිමිගේ බෞද්ධ පන්සල එ. ජා. සංගමයේ ඉන්ටනැෂනල් බුඩිස්‌ට්‌ රිලීµa ඕගනයිෂේසන් යන රාජ්‍ය නොවන සංවිධානයක්‌ ලෙස ලියාපදිංචි වී ඇති නිසා ඒ හරහා තමයි මානව හිමිකම් කවුන්සලේ කතා කළේ.

කොටි හිතවාදී, බෙදුම්වාදී දෙමළ පුද්ගලයන් විශාල වශයෙන් එසේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇවිත් අපේ රට පිළිබඳව ඉතා වැරදි ප්‍රතිරූප ගොඩනඟනවා. අපේ රටේ පාක්‍යසෝති සරවනමුත්තු, සිවාජිලිංගම්, ආනන්දි සෂිධරන්, නිමල්කා ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය වැනි අයත් ඒ දේශෙද්‍රdaහී ක්‍රියාවට එකතු වෙනවා.

එසේ නම් මම කර ඇත්තේ වරදක්‌ද? අපේ රට වෙනුවෙන් රටේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න මා රාජ්‍ය නොවන සංවිධාන නොවෙයි ඕනෑම කෙනෙක්‌, සංවිධානයක්‌ හරහා යන්න සූදානම්. රාජ්‍ය නොවන සංවිධානයක්‌ නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සලේ අපේ මවුබිමේ ගෞරවය ආරක්‌ෂා කරන්න තැත්කළ බව චෝදනා කරන මේ කුහකයින් රාජ්‍ය නොවන සංවිධාන හරහා ගොස්‌ රටේ ප්‍රතිරූපය කෙළෙසන පාක්‍යසෝති, නිමල්කා, සුනන්ද දේශප්‍රිය යනාදීන්ට විරුද්ධව වචනයක්‌වත් කියන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ජන්මය පිළිබඳ ප්‍රශ්නයක්‌.

මා මාර්තු 20 වැනි දින සහ 23 වැනි දින මානව හිමිකම් කවුන්සලය අමතා විනාඩි 1 1/2 කතා දෙකක්‌ පැවැත්වූවා. මගේ ජිනීවා ගමනේ ප්‍රධාන අරමුණ වූයේ මා ලංකාවෙන් ගෙන ගිය වාර්තාව නිල වශයෙන් මානව හිමිකම් කවුන්සලේට ඉදිරිපත් කිරීම. මගේ කතාවේදී එය මට කිරීමට හැකිවූවා. මා පෙර කීවාක්‌ මෙන් මෙම 30/1 ජිනීවා යෝජනාවට පාදක වූයේ අප යුද අපරාධ කළාය කියන චෝදනා අඩංගු මහ කොමසාරිස්‌වරයාගේ වාර්තාව. එම වාර්තාවේ තිබෙන එම සියලුම චෝදනාවල කිසිම පදනමක්‌ නැති බවත් ඒවා ඉතා සාවද්‍ය කරුණු මත පදනම් වූ බවත් සනාථ කළ වාර්තාවයි මා ගෙන ගියේ. එම වාර්තාව සකස්‌ කළේ රටේ පිළිගත් විද්වතුන් කණ්‌ඩායමක්‌. එය අවසානවරට බලා අනුමත කළේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා. මා නිල වශයෙන් සෙයිද් හුසේන්ගේ ආසියාව පිළිබඳ ලේකම්වරයාගේ අතටම එය භාරදුන් නිසා ඊළඟ සැසිවාරයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටිනවා.

* නමුත් ජිනීවා නුවර පන්සල ප්‍රථමයෙන් ඔබව ප්‍රතික්‌ෂේප කළා?

ඔව්. මා ප්‍රථමයෙන් උත්සාහ කළේ ජිනීවා නුවර තිබෙන එම පන්සල හරහා යන්න. ඒ පන්සල අවසාන මොහොතේදී මට විද්යුත් තැපෑලක්‌ මගින් දැන්වූවා ඔවුනට එයට ඉඩදිය නොහැකි බව. මා පසුව දැනගත්තා එය පන්සලේ දායක සභාවේ යම්කිසි කණ්‌ඩායමක්‌ විරුද්ධ වූ නිසා එසේ සිදුවූ බව. ඒ අය කවුද කියාත් මා දැන් දන්නවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්‌. රට වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමට මට අවස්‌ථාව අහිමි කිරීම. නමුත් ජිනීවා නුවර අනෙක්‌ පන්සලේ ධම්මික ස්‌වාමීන්වහන්සේ ඉදිරිපත්වී බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නුවර කස්‌සප හාමුදුරුවන් සම්බන්ධ කරගෙන මට ඒ දේ කිරීමට හැකි වූවා. මා උන්වහන්සේලාට මගේ ප්‍රණාමය පුද කරනවා.

* එසේම ඔබට නඟන අනෙක්‌ චෝදනාව තමයි, ඔබ සැසිවාරය අමතා කතා කළේ නැත, සමාන්තර රැස්‌වීම්වලටත් සහභාගි වූයේ නැත සහ ඔබ විසින් සංවිධානය කළ සමාන්තර රැස්‌වීමටත් සහභාගි වූයේ නැත කියා. එය සත්‍යයක්‌ද?

මට පුදුමයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාත් එවැනි ප්‍රකාශයක්‌ කිරීම ගැන. එක්‌තරා රූපවාහිනී මාධ්‍යයකදී එතුමා කීවා මා සැසිවාරයේ කතා කළේ නැහැ, කතා කළේ පැති රැස්‌වීමක පමණයි කියා. එය අසත්‍යයි. මා මාර්තු මස 20 වන දින සහ මාර්තු 23 වන දින මානව හිමිකම් සැසිවාරයේ මහ සභාවේ කරන ලද විනාඩි 1 1/2 කතා දෙක ඕනෑම කෙනෙකුට එ.ජා.ස. නිල වෙබ් අඩවියට අවතීර්ණ වී අදටත් බලන්න පුළුවන්. මේ වගේ අසත්‍ය චෝදනා නඟමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?

මා ලංකාවෙන් පිටත්වීමට පෙර ජිනීවා නුවර ධම්මික හිමි මාර්ගයෙන් මානව හිමිකම් කවුන්සලේ ප්‍රතිරැස්‌වීමක්‌ (Sසැ eඩැබඑ) එකක්‌ සූදානම් කළා. එය මා විසින් ඉල්ලාගත් දෙයක්‌. නමුත් එහි දේශන පැවැත්වීමට නියමිතව සිටි නීතිඥ දර්ශන වීරසේකර සහ නීතිඥ රාජා ගුණරත්න යන දෙදෙනාට යම් හේතුවක්‌ නිසා නියමිත දිනට ජිනීවා නුවරට ඒමට ලැබුණේ නැහැ. ප්‍රතිරැස්‌වීමකට අවම වශයෙන් දේශන 3 ක්‌ වත් පැවැත්වීමට අවශ්‍යයි. මා හැර දේශන පැවැත්වීමට කවුරුවත් සිටියේ නැති නිසා මා එය අවලංගු කළා.

මාර්තු 20 වන දින දෙමළ පර්ල් සංවිධානය සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය විසින් සංවිධානය කරන ලද ප්‍රතිරැස්‌වීම තිබ්බේ පෙ.ව. 11.30 සිට ප.ව. 1.00 දක්‌වා. එහි මාතෘකාව වූයේ ශ්‍රී ලංකාවේ මිලිටරිකරණය සහ විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒම සාධාරණීය කිරීම. එයට මා සහභාගි වූවා. ඔවුන්ගේ දේශනවලින් පසුව මා ප්‍රකාශයක්‌ කරමින් පෙන්වා දුන්නා එහි අඩංගු කරුණුවල සාවද්‍යතාවය. ඉන්පසුව තමයි මානිවන්නන් නමැති කොටි ත්‍රස්‌තවාදීන්ට මුදලින් උපකාර කළ පුද්ගලයා මා යුද අපරාධකරුවෙක්‌ය, මාව වහාම අත්අඩංගුවට ගත යුතු යෑයි යනාදී වශයෙන් ප්‍රකාශ කළේ. ඒ ශාලාව පුරා සිටියේ කොටි හිතවාදීන් නිසා ඔවුන් අතර වීරයෙක්‌ වීමට එසේ ප්‍රකාශ කළ ඔහු සිතුවේ මා නිශ්ශබ්දව ශාලාවෙන් පිටවී යයි කියා. මා ඔහුට එහිදී ප්‍රතිචාර දැක්‌වූ ආකාරය ඔබ දැන් දන්නවා. මා ඊට වඩා යමක්‌ ඔහුට නොකීවේ සැසිවාරය අමතා මට කිරීමට තිබූ කතාව සම්බන්ධයෙන් අවදානමක්‌ ගැනීමට මා අකැමැති වූ නිසා. සුනන්ද දේශප්‍රිය කියන පුද්ගලයා එම සිදුවීම පළමුවෙන්ම වාර්තා කොට තිබුණේ මට යුධ අපරාධකාරයා යෑයි චෝදනා කරන විට මා හිමින් එතැනින් ලිස්‌සා ගියාය කියාය. මා ප්‍රතිචාර දක්‌වන වීඩියෝ පටය නිදහස්‌ වුණේ ඊට පසුවයි. එයින් ඔහු කිවූ දේ බොරු බව සනාථ වුණා. සුනන්ද දේශප්‍රිය කියන්නේ කොටි හිතවාදී සිංහල කුහකයෙක්‌ බව එයින්ම පෙනී යනවා.

පාක්‍යසෝති, නිමල්කා, සිවචන්ද්‍රන් සරෝජි, ජෙන්සිලා මජීඩ් යන අය විසින් සංවිධානය කළ ප්‍රති රැස්‌වීම ආරම්භ වුණේ ප.ව. 3.00 ට එයට මා සහභාගි නොවුණේ මහ සැසිවාරයේ අපගේ කතා අඩංගු විෂය ආරම්භ වූයේත් ඒ වෙලාවටම නිසා. ප්‍රමුඛත්වය දිය යුත්තේ සැසිවාරයට මිසක්‌ ප්‍රති රැස්‌වීමට නොවන බව ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්‌.

පාක්‍යසෝති, නිමල්කා එතැනදී කියා ඇත්තේ 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳ උපදේශක මණ්‌ඩලයේ මනෝරි මුත්තෙට්‌ටුවගම විසින් රණවිරුවා පාවාදෙමින් නිකුත් කළ වාර්තාවෙන් අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්ය. විදේශීය මාධ්‍යකරුවනුත් සහභාගි වූ එම දේශෙද්‍රdaහී රැස්‌වීමට මුලසිටම මට සහභාගි වීමට ලැබුණා නම් ඔවුන්වත් නිසිතැන තැබීමට මට තිබුණා.

ෆ ඔබට චෝදනා ගොඩයි. අනෙක්‌ චෝදනාව තමයි ඔබ මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා සත්‍ය දැයි විමර්ශනය කිරීමට එ.ජා. සංගමයේ විශේෂ නියෝජිතයෙක්‌ පත්කරන ලෙස ඉල්ලා ඇති බවයි. එවැන්නෙක්‌ නිකුත්කරන වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නා බවත් එය අභියෝගයට ලක්‌කිරීමට රජයට නොහැකි බවත් ඒ නිසා එම ඉල්ලීම අතිභයානක බවත් චෝදනා කරනවා. ඔබ එහෙම දෙයක්‌ කළාද?

සරත් වීරසේකර ඇතුළු කණ්‌ඩායම රටේ ආත්ම ගෞරවයට හෝ අභිමානයට හානි වන ඕනෑම දෙයකට දැඩිව විරුද්ධ වන පිරිසක්‌. විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒම, විදේශ රටවල් අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩදීම යනාදිය තරයේ හෙළාදකින වීරසේකර ඔය චෝදනා කරන ආකාරයේ නිවට යෝජනාවක්‌ කරයිද? ඉංගී්‍රසි නොතේරීම වරදක්‌ නොවේ. නමුත් ඉංගී්‍රසියෙන් ලියා ඇතිදේ කාගෙන්වත් අසා හෝ වටහා නොගෙන මේ වගේ චෝදනා කිරීම විශාල වරදක්‌ සේම මුග්ධ ක්‍රියාවක්‌.

අප විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයේ අඩංගු වන්නේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ විසින් අපේ රණවිරුවන්ට එරෙහිව කරන ලද යුද අපරාධ සම්බන්ධ චෝදනා සියල්ල පදනම් විරහිත සාවද්‍ය ඒවා බව සනාථ කරන කරුණු. ඒ නිසා අප එ.ජා. මහ ලේකම්වරයාට මානව හිමිකම් කවුන්සලේ ශ්‍රී ලංකාව පිළිබඳව සිදුවන දේ ගැන දැනුවත් කරමින් ඉල්ලා සිටියේ මානව හිමිකම් මහ කොමසාරිස්‌වරයාගේ එම සාවද්‍ය ලේඛනය පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසටත් එතෙක්‌ මෙම ජිනිවා යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසත්ය. ලංකාවේ රජය ලක්‌ ජනතාව වෙනුවෙන් කළයුතු දේ තමයි මා විසින් කළේ. එයට දේශප්‍රෙAමී ජනතාව ගෙන් අපට දැනටමත් ප්‍රශංසාව හිමි වී අවසන්.

මෙම චෝදනාවේ හාස්‍ය ජනක පැත්ත වන්නේ සෙයිද් හුසේගේ කොටි හිතවාදීන්ගේ සාක්‌ෂි පදනම් කරගෙන නිකුත් කරන ලද එම යුද අපරාධ වාර්තාව අගය කරමින් පිළිගත් රජය මා විසින් විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසට කරන ලද යෝජනාවට මහත් සේ බිය වන බව ජනතාවට පෙන්වීමට බාල ප්‍රයත්නයක්‌ දැරීමයි. නීෂා බිස්‌වාල්, සමන්තා පවර්, අතුල් කෙෂාප්, ජෝන්කෙරී, දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාව යනාදීන් කියන කියන පදයට නැටූ මේ රජය එසේ විශේෂ නියෝජිතයෙක්‌ බැරි වෙලාවත් ආවොත් රතු පලස්‌දා පිළිගන්නා බව අප දන්නවා. ඒ නිසා මේ චෝදනාව ජනතාව රැවටීමට දැරූ කුහක වෑයමක්‌.

 සාකච්ඡා කළේ ලසිත දුමින්ද  උපුටා ගැන්ම දිවයින

රියර් අද්මිරාල්වරයා කොටු කිරීමේ ජිනීවා කුමන්ත්‍රණය ව්‍යාර්ථ වෙයි

“තක්‌කඩි දේශපාලනඥයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇත”
– ධවල මන්දිරයේ හිටපු කතා රචක ඩේවිඩ් ප්‍රොම් 

පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවූයේ තක්‌කඩි ක්‍රියාවකි. ඊළාම් ඩයස්‌පෝරාව සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණෙනු ඇතැයි කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. ඔවුන් කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයේ සිටින චර පුරුෂයකුගෙන් විමසූ විට ඔහු එය සනාථ කරමින් රියර් අද්මිරාල්වරයා ස්‌විට්‌සර්ලන්තයට පැමිණීම සඳහා වීසා බලපතක්‌ ලබා ගැනීමට අයෑදුම් කර නැති බව තහවුරු කර ඇත. එහෙත් රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරට පැමිණියේ ප්‍රංශයේ සිටය.

2009 සිට 2016 දක්‌වා මානව හිමිකම් කවුන්සිලයේ සිය ආධිපත්‍ය පතුරුවාගෙන සිටි කොටි ඩයස්‌පෝරාව සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම යාපනයේ සිට ජිනීවා වෙත පැමිණ කොටි හිතවාදී තවලමට අයත් පිරිස රියර් අද්මිරාල්වරයා දැකීමෙන් මවිතයට පත්වුණි. මේ නිසා රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීම වැළැක්‌වීම සඳහා ඔවුහු කුමන්ත්‍රණකාරී මෙහෙයුම් දියත් කරනු ලැබීය.

ඉන් එක්‌ මෙහෙයුමක්‌ වූයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට හිරිහැර සිදුවී ඇති බවට මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කිරීමයි. මේ පැමිණිලි ගැන සොයා බලන ලෙස සෙයිද් රාද් හුසේන් තම නිලධාරියකු වූ ආන්ඩෲ ගිල්මෝ වෙත උපදෙස්‌ දෙනු ලැබීය. ඒ වන විට එම ව්‍යාජ පැමිණිලිකරුවන් ගැන මානව හිමිකම් කවුන්සිලයේ තොරතුරු සපයන්නකුගෙන් අප වෙත ලැබී තිබුණි. මානව හිමිකම් කොමසාරිස්‌ට යොමුවූ එම බොරු පැමිණිල්ල කොළඹ රජයේ ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදිනියකටද ලැබී තිබුණි.

ඇය එම පැමිණිල්ල සත්‍ය දැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර වෙත හදිසි විද්යුත් ලිපියක්‌ එවමින් විමසා සිටියාය. ඊට ප්‍රතිචාරය දක්‌වා ඇති රියර් අද්මිරාල්වරයා හිරිහැර කිරීම් කිසිදෙයක්‌ සිදුවූයේ නැති බව පවසා ඇත. මෙලෙස ජිනීවාහි සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් ලත් තොරතුරු මත රියර් අද්මිරාල් වෙත විද්යුත් පණිවුඩයක්‌ එවූ මාධ්‍යවේදිනිය වසර කීපයකට පෙර සැනොස්‌ නැමැති රාජ්‍ය නොවන සංවිධානයෙන් අරමුදල් ලබාගත් තැනැත්තියක්‌ බව හෙළිවිය. එම සංවිධානයේ දේශීය නියෝජිතයා ලෙස එවකට ක්‍රියාකළේ අද ස්‌විස්‌ රජයෙන් පිංපඩි ලබන 1971 කැරලිකරු සුනන්ද දේශප්‍රිය නමැත්තායි.

මේ පසුබිම මැද කොටි ඩයස්‌පෝරාව තම 2 වැනි මෙහෙයුම දියත් කරනු ලැබීය. එම මෙහෙයුම ක්‍රියාත්මක වීමට පෙර රියර් අද්මිරාල්වරයා මාර්තු 22 සහ 23 යන දිනවල මානව හිමිකම් සමුළුව අමතා කොටි හිතවාදීන්ට දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළේය.


මේ එම කතාවයි.

“තෙරුවන් සරණයි! ශ්‍රී ලංකා හමුදාව ලොව බිහිසුණු ත්‍රස්‌තවාදී සංවිධානය පරාජය කළේය. එහිදී සෙබළුන් 29000 ක්‌ මරුමුවට පත්වූ අතර 14000 ක්‌ තුවාල ලැබුවා. එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලය අපේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරනු ලැබුවා. එය හරියට ඇමරිකානු නාවික සීල් බළකාය ඔසාමා බින් ලාඩන් සහ අල්කයිඩා ත්‍රස්‌තවාදීන් ඝාතනය කිරීම ගැන චෝදනා එල්ල කිරීමට සමානයි.

කොටි හිතවාදී ඩයස්‌පෝරාව මානව හිමිකම් සමුළුව නොමග යවමින් ශ්‍රී ලංකා හමුදාව ලිංගික වහලියන් තබාගෙන ඇති බවත්, ද්‍රවිඩයන්ට හිරිහැර කරන බවටත් පවසනවා. මෙය ඇත්තක්‌දැයි නිරීක්‍ෂණය කිරීමට මගේ මෙම රටට පැමිණ බලන ලෙස මා ඉල්ලීමක්‌ කරනවා.

මානව හිමිකම් කවුන්සිලය දැන්වත් අවබෝධ කරගත යුතු කරුණ වන්නේ කොටි ඩයස්‌පෝරාව තමන්ට බොරු කියමින් මෝඩයන් කළ බවයි. අද සියයට 50 ක්‌ ද්‍රවිඩයන් ජීවත් වන්නේ දකුණේය. කොටි සංවිධානය විසින් වාර්ගික සංහාරය දියත් කළ පසු උතුරේ මුස්‌ලිම් හා සිංහල ජනතාව වාසය කළේ නැත.

ද්‍රවිඩ ඩයස්‌පෝරාව දැන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඊළම ලබාගැනීමට උත්සාහ කරනවා. කොටි සංවිධානයට ත්‍රස්‌තවාදයෙන් ඊළම ලබා ගැනීමට බැරි වුණා.

බ්‍රිතාන්‍ය අගමැතිණිය තම හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් ඔවුන්ව ගලවා ගන්නා බවට ප්‍රතිඥදී තිබෙනවා.

මේ ජිනීවා යෝජනාව අපේ ස්‌වෛරීත්වය අවතක්‌සේරුවට ලක්‌කරනවා. එය දේශපාලන ක්‍රියාදාමයක්‌ මිස මානව හිමිකම් නොවෙයි.”

රියර් අද්මිරාල්වරයා දෙවැනි වරටත් මානව හිමිකම් සමුළුව අමතා කළ දැඩි ප්‍රකාශය කොටි ඩයස්‌පෝරාවට ඔරොත්තු දුන්නේ නැත. ඇතැම් කොටි හිතවාදීන් රියර් අද්මිරාල් කෙරේ කෝපයෙන් බලා සිටිනු දක්‌නට ලැබුණි.

මෙහි සඳහන් වන්නේ එම ප්‍රකාශයයි.

“දශක තුනක්‌ තිස්‌සේ අපි ත්‍රස්‌තවාදයෙන් බැට කෑවෙමු. උතුරේ ද්‍රවිඩ ඊළම ස්‌ථාපිත කිරීමට කොටි සංවිධානය ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය දියත් කළා. බෞද්ධ භික්‍ෂූන් 37 ක්‌, මුස්‌ලිම් බැතිමතුන් 300 ක්‌ සහ අහිංසක බෞද්ධ බැතිමතුන් 250 ක්‌ ඝාතනය කළා. යටත් වූ පොලිස්‌ භටයන් 600 ක්‌ද මරාදැමුවා. එසේම රජිව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රේමදාසවද ඝාතනය කළා. ත්‍රස්‌තවාදීන් යනු මානව හිමිකම් උල්ලංඝණය කරන්නන් බව කිවයුතුයි. ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬ නගන්නන්ද ත්‍රස්‌තවාදීන් බව පැහැදිළියි.”

මුල්වරට ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ කොටි සංවිධානය ත්‍රස්‌තයන් බව රියර් අද්මිරාල්වරයා නිර්භයව පවසන අවස්‌ථාවේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර සංවිධානය සිය කුමන්ත්‍රණය දියත් කරනු ලැබිණි.


ඒ විශ්ව සම්මුතිය යටතේ (universal jurisdiction) රියර් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලීමයි. ඇමරිකාවේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි නීතිවේදී කැරන් පාකර් සහ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානයේ මනිවන්නන් ඊට මුල්විය. මෙම විශ්ව සම්මුතිය මත තමන් වධ හිංසාවලට ලක්‌වූ බවට සාක්‍ෂි සහිතව ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ වෙත පැමිණිලි කර තිබුණොත් ඒ ගැන ක්‍රියාකිරීමට ස්‌විස්‌ රජයට බලය ඇත.

රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරට පැමිණීමට දින කීපයකට පෙර එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට හමුදා ජෙනරාල්වරුන් පස්‌ දෙනකුගේ නම් ඉදිරිපත් කර ඔවුන් වව්නියාවේ ජෝසප් සිරකඳවුරේ වධහිංසා සිදුකිරීම්වලට වගකිවයුතු බව කියා සිටියාය.

මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඇතුළු හමුදා නිලධාරීන් පස්‌ දෙනකුගේ නම් එම වාර්තාවේ සඳහන් විය.

ඊට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවේ වන්නි මෙහෙයුමට සම්බන්ධව හමුදා ප්‍රධානීන් සියලු දෙනාගේ නම් සඳහන් කර තිබුණි.

කොටි ඩයස්‌පෝරාව රියර් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කිරීමට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධ කළවුන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයට අයත් රටවලින් ඉල්ලා තිබුණි. එම ප්‍රකාශය සිය වාසියට ගත් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය රියර් අද්මිරාල්වරයා නාවික හමුදාවේ සේවය කරන සමයේ සිදුවූ ක්‍රියාදාමයන් යුද අපරාධ බව දක්‌වමින් ඔහුට එරෙහිව විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය. මෙලෙස ස්‌විස්‌ රජයේ රියර් අද්මිරාල්වරයාට එරෙහිව විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකා රජය ඔහුට “මුක්‌තිය” ලබා නොදෙනු ඇති බවද කොටි ඩයස්‌පෝරාව විශ්වාස කළේ රියර් අද්මිරාල්වරයා ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ නිසාය.

එසේම රියර් අද්මිරාල්ට එරෙහිව සාක්‍ෂියක්‌ ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවේ සිවිල් ආරක්‍ෂක බළකාය ගැන සඳහන් වන බවත් සිවිල් ආරක්‍ෂකයන් 11 ක්‌ ලිංගික හිංසනයට සම්බන්ධ බවත් දැක්‌වෙන බවද කොටි ඩයස්‌පෝරාව සිය පැමිණිල්ලේ දක්‌වා තිබුණි.

එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඇති ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනයේ රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ නම සඳහන්ව නොතිබීමෙන් කොටි ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණය ව්‍යාර්ථ විය.

කෙසේ වෙතත් මානව හිමිකම් සමුළුව අමතා විනාඩි 3 ක්‌ (දෙවැනි වතාවට) කතා කිරීමේ අවස්‌ථාව රියර් අද්මිරාල් වීරසේකරට හිමිවිය. එහෙත් මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා මෙරටින් ගිය එන්.ජී.ඕ. ෙද්‍රdaහීන්ට සහ කොටි ඩයස්‌පෝරාවට විනාඩි 22 ක්‌ ලැබුණි.

එසේම ගෝතමාලාව සහ ලතින් ඇමරිකාවේ රටවල් ගැන පමණක්‌ කතා කළ යුතු අවස්‌ථාවල කොටි හිතවාදීන් ශ්‍රී ලංකවට එරෙහිව හඬ නැගුවත් මානව හිමිකම් බලධාරීන් එම නීති විරෝධී ක්‍රියාව නතර කළේ නැත.

රියද් අද්මිරාල් සරත් වීරසේකර විශ්ව සම්මුතිය මත අත්අඩංගුවට ගැනීමට දියත් කළ මෙහෙයුමට පෙර 2011 මැයි මස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිව සිටි මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපති සමයේ ජිනීවා ගිය ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දන් විශ්ව සම්මුතිය මත ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ ලවා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක්‌ දියත් වී තිබුණි.

මේ අතර රියර් අද්මිරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ සෙවීමට විශේෂ නියෝජිතයකු එවන ලෙස මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා සිටි බවට සාවද්‍ය පුවතක්‌ ප්‍රචාරය විය.

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ඔහු ඉල්ලා සිටියේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාව කෙටුම්පත් කළ අයුරු විමර්ශනය කිරීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසය.

එහෙත් එම ඉල්ලීම මෙරට අවස්‌ථාවාදීන් ප්‍රචාරය කළේ විකෘති සහගතවය. එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සැඟවෙමින් කටයුතු කළ 1971 කැරැල්ලේ ප්‍රචණ්‌ඩකාරියකු වූ සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත් ද ඊට මුල්විය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති සමයේ ව්‍යාජ මරණ තර්ජන පෙන්වා ස්‌විට්‌සර්ලන්තයට පැනගිය මොහුව එරට කිසිදු ශ්‍රී ලාංකිකයකු තම නිවසට වද්දාගත්තේ නැත. ස්‌විට්‌සර්ලන්ත ශ්‍රී ලාංකික ජනතාව ඔහුව හඳුන්වන්නේ තම මව්බිම විදේශිකයන්ට පාවාදුන් ෙද්‍රdaහියකු ලෙසිනි.

2015 වසරේ මානව හිමිකම් කවුන්සිලය තුළ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පැවැත්වූ සමාන්තර රැස්‌වීමේ පසුබිමේ සිටියේද මොහුය.

මෙවන් පසුබිමක්‌ මැද ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට සහ හිටපු හමුදා නායකයන්ට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පවත්වනු ලැබීය.

මානව හිමිකම් සමුළුව පැවැත්වෙන කාලය මුළුල්ලේම මෙම ප්‍රදර්ශනය පැවැති අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ විශාල ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට කොටි හිතවාදීහු ක්‍රියාකළහ.

එහෙත් ස්‌විට්‌සර්ලන්තයේ ශ්‍රී ලාංකිකයන් “ඇහැළපොළ” යෑයි හඳුන්වන සුනන්ද දේශප්‍රිය නමැත්තා කොටින්ගේ එම ක්‍රියාදාමය වසන් කිරීමට ක්‍රියා කළේය.

ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ගැවසෙන දහස්‌ ගණනක්‌ විදේශ සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ව අවමානයට ලක්‌කිරීමේ අරමුණින් පිළිබිඹු කළ එම ඡායාරූපවලින් සාවද්‍ය චෝදනා එල්ල කර තිබුණි.

කොටි ඩයස්‌පෝරාව එල්ල කර තිබූ එම චෝදනා මෙසේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – 2009 මුල්ලිවයික්‌කාල් සංහාරය සිදුවන අවස්‌ථාවේ වැඩබලන ආරක්‍ෂක ඇමැති විය. ද්‍රවිඩ නිජබිම හමුදාකරණයෙන් ඉවත් කිරීම ප්‍රතික්‌ෂේප කළේය. යුද අපරාධ චෝදනා විභාගයට ජාත්‍යන්තර විනිසුරුවන් මැදිහත් කිරීම ප්‍රතික්‌ෂේප කළේය. 

අගමැති රනිල් වික්‍රමසිංහ – 2009 සිදුවූ ද්‍රවිඩ සංහාරය සඳහා ඔහු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට සහය දැක්‌වීය.

සරත් ෆොන්සේකා – ද්‍රවිඩයන්ට එරෙහිව සංහාරය දියත් කළේය. මොහුයි රෝහල්වල සිටි ද්‍රවිඩ සිවිල් වැසියන්ට බෝම්බ දැමීමට ක්‍රියාකළේ.

සෙන්චෝලේ ළමා කඳවුරට බෝම්බ දැමීම නිසා ළමුන් 53 ක්‌ මරුමුවට පත්විය.

චන්ද්‍රිකා කුමාරතුංග – ද්‍රවිඩයන්ට එරෙහිව යුද වැදුණි., 1995/98 සමයේ ද්‍රවිඩ තරුණයන් 600 ක්‌ අතුරුදන් විය. ස්‌ත්‍රී දූෂණ, වධහිංසා සිදුවිය.

මහින්ද රාජපක්‍ෂ – මුල්ලිවයික්‌කාල් සංහාරයෙන් පසු 150000 ක්‌ අතුරුදන් විය. සිංහල ජාතිය ද්‍රවිඩයන්ට එරෙහිව යුදවැදීම මෙහෙයවීය.

ගෝඨාභය රාජපක්‍ෂ – ද්‍රවිඩයන්ට එරෙහිව යුද්ධය මෙහෙයවනු ලැබීය. ද්‍රවිඩ නිජබිම හමුදාකරණය කිරීම, එසේම අපේ නිජබිම බෞද්ධකරණය කරනු ලැබීය.

මෙලෙස මසකට අධික කාලයක්‌ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට සහ හිටපු රාජ්‍ය නායකයන්ට අවමන් කිරීම සඳහා ස්‌විස්‌ පොලිසිය කොටි ඩයස්‌පෝරාවට අවසර දුන්නේය. එහෙත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඊට විරෝධයක්‌ එල්ල වූයේ නැත.

මෙලෙස මෙරට රාජ්‍ය නායකයන්ට අවමන් කිරීමේ සිද්ධිය ජිනීවාහිදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට එක්‌වූ ද්‍රවිඩ වාර්තාකාරියද වසන් කළාය.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කොටි ඩයස්‌පෝරාවට යටවී ඇති අයුරු සනාථවන තොරතුරු අපට හෙළිවිය.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට අදාළ තම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට පැය 24 කට පෙර කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ සභාපති රා- නවරත්නසිංහම්, ගෝලීය ද්‍රවිඩ සංසදය, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සහ ඇමරිකානු ද්‍රවිඩ සංවිවිධානය සහ ඊළාම් සංවිධාන නියෝජිතයෝ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. 

එම සාකච්ඡාවට ආසියානු කටයුතු භාර නියෝජ්‍ය ප්‍රධානී තෝමස්‌ හුනෙකි, මෝනාරිග්මාවිස්‌ සහ ඇන්ටන් නික්‌පොරොව්ද සහභාගි වී ඇත. එම සාකච්ඡාවේදී මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා වාර්තා 7 ක්‌ ගැන සිය ප්‍රශංසාව පුදකළ කොටි හිතවාදීන් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව පවසා තිබේ.

එසේම මෙම කොටි හිතවාදීන් පිරිස ජිනීවාහිදී ස්‌විස්‌, බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ ජර්මන් තානාපති නිලධාරීන් සමගද සාකච්ඡා පවත්වා ඇත.

මින් තහවුරු වූයේ කොටි ඝාතක සංවිධානයේ ආධාරකරුවන්ට මානව හිමිකම් කොමසාරිස්‌වරයා මානව හිමිකම් කවුන්සිලයේ දොර විවෘත කර ඇති බවයි. මේ අන්දමට ඔහු ඊශ්‍රාලයට එරෙහිව හාමාස්‌ කණ්‌ඩායමක්‌ ගෙන්වා මානව හිමිකම් කවුන්සිලය තුළ සාකච්ඡා කරන්නේ නැත. 

මේ තත්ත්වය මැද එදා ශ්‍රී ලංකාවේ නීතිය පිළි නොගත් කොටි දේශපාලන නායක එලිලන්ගේ බිරිය ආනන්දි ශෂීදරන් මුලතිව් අධිකරණය මගින් 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවීමට ගත් උත්සාහය ව්‍යාර්ථ විය. ඒ වන විට ඔහු යුද හමුදාවේ ඇජුටන්ට්‌ ජෙනරාල් ලෙස පත්වී තිබුණි.

ඉන් වඩාත්ම කෝපයට පත්වූ කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකරන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා සහ මැතිව් රසල්ලී එම පත්වීමට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කර ඇත. මේ අතර ජිනීවා ගුවන්තොටුපළෙහි සිටින අපේ විශ්වාසකටයුතු ආරංචිමාර්ග පැවසුවේ 1971 කැරලිකරු සුනන්ද දේශප්‍රිය නමැත්තා තවත් අයකු සමග ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන්තොටුපළට පැමිණි බවයි. ජිනීවා හි සිදුවීම් නිමාවී නැත. ස්‌විට්‌සර්ලන්තයේ සිටින කොටි විරෝධී ජෙගන් මානව හිමිකම් සමුළුව අමතන අවස්‌ථාවේ ලංකාසිරි කොටි වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියා ඔහුගේ ඡායාරූපයක්‌ ගැනීමේ සිද්ධියත් එන්.ජී.ඕ. ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දුගේ සහයිකා (බඩී) යෑයි කියන කාන්තාවක්‌ රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ බංග්ලාදේශ ජාතික සංජය බරුවාගේ ඡායාරූප ගනිද්දී අසුවිය. එහෙත් එම තොරතුරු වසන් කෙරුණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress