හත්වලාමේ ඇය් තවමත් මේ තේසවලාමේ 
Posted on April 19th, 2017

 

ධර්මසිරි සෙනෙවිරත්න 

රටේ ප්‍රධාන නීතියක් තිබියදී , බෙදා පාලනය කිරීමේ වාසිය තකා ඉංග්‍රීසින් විසින් යාපනේ දෙමල ජනයාට විශේෂ වරප්‍රසාදයක් වශයෙන්අමතරව ස්ථාපිත කරන ලද ”තෙසවලමෙය් ” නම් වූ මේ ප්‍රාදේශීය නීතියද ඉංග්‍රීසින් විසින් පවත්වාගෙන යන ලදී .’ මෙය දෙමළුන්ට දුන් විශේෂ වරප්‍රසාදයක් නොවන බවත් එසේකලේ යාපනේ දෙමලුන්ගේ පාරම්පරික අයිතීන් රැකීමට බවත් මෙසේම මුස්ලිම් හා උඩරට විවාහ නීති ආදියත් පවත් වාගෙන යාමට ඉංග්‍රීසින් විසින් ඉඩදී ඇති බවත් පවසන සමහරු මෙහි ඇති භයානක කම වසන් කරන්නට තත් කරති .

තෙසවලමෙය් නීතියට අනුව යාපනේ දෙමල මිනිසුන්ගේඉඩමක් වෙනත් ජාතිකයෙකුට විකිණීමට පෙර තම ඥාතීන් වෙතින් විමසිය යුතු බවත් ඔවුන් මිලට නොගන්නේනම් පමණක් වෙනත් ජාතිකයෙකුට විකිණිය හැකි බවත් කියන ඔවුහු පිටස්තරයෙකුට විකිණීම සපුරා තහනම් නැති බවත් අවධාරණය කරමින් මෙය විශේෂ වරප්‍රසාධයක් නොවන බව පෙන්වීමට උත්සාහ දරති 

උඩරට විවාහ නීතිය නිසා රටේ භුමි අයිතිය සීමා වන්නේ නැත ඒවා පෞද්ගලික කාරනාවේ . අදරටට ඇති ලොකුම ප්‍රශ්නය භුමි ප්‍රශ්නයය් . ත්‍රස්තවාදීන්ගේ අරමුණද භුමිය බෙදා ගනීමය් .”’සිංහලේ ”’ නිර්මාණය කර හදාවඩාගත් දැනටත් 75% ක් පමණ වන සිංහලයන්ට නැති භුමි අයිතියක් පසුකාලීන සංක්‍රමණික සුළුජන වර්ගයකට ලබාදෙන ඕනෑම නීතියක් යමෙක් පැනවුයේ නම් එය සිංහල ජාතිය විනාශ කිරීමේ අධම චේතනාවෙන් කල දෙයකිය් නොපැකිලවම කිව හැකිය .

තෙසවලමෙය් නීතියේ වර්තමාන තත් වය අප දන සිටියාටත් වඩා භයානක බව බොහෝ දෙනෙක් දන්නේ නැත .””’සිවඥාන ලිංගම් එදිරිව සුන්දර ලිංගම් ”’නඩුවට අදාලව 1988 දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් දෙනලද තීන්දුවක් අනුව තෙසවලමෙය් යනු පෞද්ගලික නීතියක් බවත් ලංකාවේ ඕනෙම තැනක සිටින යාපනේ දෙමල පුද්ගලයෙකුට මේ නීතිය උපයෝගීවෙන බවට නිර්වචනය වී ඇති බව පැවසේ ..මේ අනුව එවන් පුද්ගලයෙකුට අයිතිව වැල්ලවත්තේ ඇති යම් පාරම්පරික දේපලක් වේනම් මේ නීතියට යටත් වන බවට කර ඇති ප්‍රකාශ පසුගිය කාලයේ පලවිය 

මේ නීතිය ඉවත් කිරීමට පිටකොන්දක් ඇති නායකයෙක් මෙතෙක් ලංකාවේ බිහිවී නැත .එවෙනුවට කර ඇත්තේ තවත් සිංහලයන් පාවාදීමය .75% සිංහලයන්ගේ භාෂාව මෙන්ම 12% පමණවූ දෙමළුන් ගේ භාශාවද රාජ්‍ය භාෂාවක් කර ඇත . .මේ දෙමලු ඉංග්‍රීසින්ගේ කාලයේ ඒ භාෂාවට විරුධ්ධවුයේ නැත විරුධ්ධවන්නේ සිංහලයාගේ නැතිවූ උරුමය යලි ලබාගැනීමට පමණක් ය . .සිංහලට විරුද්ධ වන මොවුන් උන්ගේ අල ලුණු ටික විකුණා ගනීමෙදීනම් කැඩිච්ච සිංහලෙන් හෝ කතාකරමින්යාප්පුවෙන්නට දක්ෂය . .උන්ගේ අල ලුණු කන්නේ සිංහලයන් මිස සුද්දන් නොවේ එහෙත් උන් සිංහලයාට විරුද්ධය .සහජීවනය අවශ්‍ය නම් උන් අනිවාර්යයෙන් උගත යුත්තේ 75% කගේ භාෂාවය .

තෙසවලමෙය් මෆින් විශේෂ ආරක්ෂාවක් දෙමළුන්ට ලැබුනත් අද සිංහලයෙකුගේ නිවසක් කුලියට දීමේදී ”’සිංහලයන්ට පමනය් ” හෝ සිංහලයන්ට විශේෂය ” යනුවෙන් පුවත් පතක දැන්වීමක් හෝ පලකිරීමට ඉඩනත .බෙදුම්වාදී ත්‍රස්තයන්ගෙන් බේරී ඉන්නට සිංහලයනට එවැනි ”වරප්‍රසාදයක් ”’ අවශ්‍ය නැද්ද ‘ .

මේක අම්මගේ නීතියක්නේ බොලවූ මේක කාගේ රටක් ද .

ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක 70 දශකයේදී තෙසවලමෙය් අහෝසි කරන්නට උත්සාහයක් ගත්තත් දීන සිංහල පාලකයන්ගේ බියගුලුබව නිසා එය ව්‍යර්තවිය .එහෙත් ”’වීරකොමිස් ” නමින් සාමාන්‍ය ජනතාව විසින් හැඳින්වූ දබොහෝ සිංහලයන්ට තම පාරම්පරික දේපල පරම්පරාවටම තබාගැනීමට පිහිටවූ නීතිය නම් ෆීලික්ස් විසින් අහෝසි කරන ලදී . එකෙනුත් සිංහලයන්ට තට්ටුවිය 

මේ අවලම් නීතිය මදිවට දැන් ෂරියා නීතියත් .සිංහලයා විනාශකරන්නට එනු පෙනේ .මෝඩ බෙලහීන සිංහලයිනි කොන්ද පන ඇති නායකයෙක් හොයාගනිව් .මොකා හරි එනවා නම් මේවා ගැන කෙලින් ප්‍රශ්න කර පිළිතුරු ඉල්ලාසිටිවූ . නැතිනම් මුදටපනින්නට සුදානම් වෙයවූ .එහෙමත් නැත්නම් ඉන්දියන් කාරයන් වී ජීවත් වෙන්නට සුදානම් වෙයවූ (මේ මැයින් මවිසින් 2009 ජුනි මස 21 දින ඉරිදා දිවයින පුවත් පතටද ලිපියක් ලියා ඇත)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress