දේශපාලන කුණු කසල වලට යටවන ජනතාව
Posted on April 25th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

මම මගේ කාමරයේ කවුලුවෙන් පිටත බලා හිඳිමි. දෑස මානයේ පෙනෙන්නේ ගෙවල් යායකි. මේ රටේ, අප රටේ මෙන් පර්චස් වලින් ඉඩම් වපසරිය ගැන කතා කිරීමක් නොවන නමුත්, දැනට ගෙවූ ජීවිත කාලයෙන් 6/7 ක් වාගේ ගෙවා ඇත්තේ මා උපන් රටේ බැවින්, මේ ඉඩම් කැබැල්ලක ප්රමාණය පර්චස් 10 ක් හෝ වැඩිම වුනොත් 15 ක් බව නිවැරදිව අනුමාන කල හැකිය. නමුත් මෙහි ගෙයක් සැලසුම් කිරීමේදී තම සිතැඟි පරිදි නොව, පලාතේ පාලන අධිකාරිය විසින් සපයන උපදෙස් අනුව එය සිදුකල යුතු බැවින් කුඩා ඉඩකඩ තුල ඉදිරිපස හා පසුපස ගෙවතුද ඉතිරි කරමින්, පුද්ගලයෙකුට නිස්කලංක ජීවිතයක් ගෙවීම සඳහා අවශ් වන අංගෝපාංග සහිතව නිවෙස් ඉදිවී ඇත. ප්රාදේශීය පාලන අධිකාරිය මගින් විෂය පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිස් යොදාගෙන මනාව සිදු කරන නගර සැළසුම්කරනය හේතුවෙන් මනාව නඩත්තු කෙරෙන මංමාවත්, දෙපස වැවූ ගස් ආදිය සහිතව ප්රදේශයේ පැතිර ඇති පියකරු පෙනුම නිසා, තමන්ගේ ප්ලෑනට ගෙවල් සැළසුම් කරන්නට නොදීම පිලිබඳව කන් කෙඳිරි ගාන කිසිවෙකු මෙහි නැත. තම නිවසේ යම් කිසි වෙනස්කමක් කරන්නට අවශ් නම් පාලන අධිකාරියේ අනුමැතිය වුවමනා වෙයි. නමුත් වැදගත්ම දෙය නම් මේ අනුමැතිය තමන් දැන හඳුනන දේශපාලකයෙකු ලවා දෙන ටෙලිෆෝන් පණිවුඩයකින් හෝ අදාල නිළධාරියාට යමක් අතමිට මෙලවීමෙන් හෝ සිදු කරගත නොහැකි වීමයි. මන්ද නිළධාරීන් හා දේශපාලකයන්ද එම නීතිවලට හිස නමන නිසාය.

 

ප්රධානම දෙය කසල බැහැර කිරීමේ ක්රමවේදයයි. මේ රටවල මිනිසුන්ගේ ජීවන ක්රමයට අනුව ඒක පුද්ගල කසල උත්පාදනය ඉතා ඉහලය. මෑතකදී කල ගණනය කිරීමකට අනුව වැඩි ආදායම් ලබන රටක් ලෙස එක පුද්ගලයකු නිසා උත්පාදනය වන කසල ප්රමානය දිනකට කි. ග්රෑ. 1.29 කි. මේ රට අපේ රට මෙන් සිව් ගුණයක් විශාලය. නමුත් ඊට සමානුපාතිකව ජනගහනයද අප රටේ මෙන් සිව් ගුණයක් වේ. ශ්රී ලංකාව අයත්වන කාණ්ඩයට අනුව එ්ක පුද්ගල කසල ඉපැයුම දිනකට කි. ග්රෑ. 0.41 ක් පමන වේ. මේ රටවල ජනතාවගේ ජීවන රටාවට අනුව මේ කසල, උත්පාදනය වේ. සකස් කර ඇසිරූ නිමි ආහාර, බිත්තර, මස්, මාලු, එලවලු ආදී සෑම සියලු දේ සඳහා ඇති ඇසුරුම්, බහුලව ඇති ටින් ආහාර, ඉවතලිය හැකි පිඟන්, හැඳි, කෝප්ප අධික ලෙස භාවිතය මේ කසල සඳහා හේතු කාරකය. ගම්බද නගරබද කියා වෙනසක් නැතිව වයස 3, 4 පමන වනතුරු දරුවන්ට දින පතා අන්දවන පැම්පර්ස් මෙන්ම මහලු පුද්ගලයන්ට සෞඛ් සේවාවන් ඔස්සේ සපයන අනිවාර්ය දෛනික සනීපාරක්ෂක පැලඳුම්ද මේ කසල ගොඩවල් දිනපතා වර්ධනය කරයි.

 

මේ ප්රදේශයේ සිටින බහුතරයක් ජනයා ඉහත විස්තරකල ආකාරයේ ආහාර හෝ අනිකුත් දේ පරිහරණය කරන අය බව පැහැදිලිය. නමුත් මේ ප්රදේශයේ මාර්ග අයිනේ කසල බෑගයන් තබා එක කුණු කැබැල්ලක් දක්නට නැත. එසේ වී ඇත්තේ වර්ගීකරණය තුලින් කසල බැහැර කරන ක්රමවේදයට ජනතාව හැඩ ගස්වා ඇති නිසාය. මේ කසල වර්ගීකරණය තුල අදාල පරිදි කසල ප්රතිචක්රීකරනය සහ පරිසර හානිය අවම වන පරිදි අනිකුත් කසල විනාශ කිරීම පිලිබඳ මනා සැලසුම් සහගත ක්රමවේදයන් ප්රාදේශීය පාලන අධිකාරීන් හරහා ක්රියාත්මක වන නිසාය. මෙහි ඇරඔුම නම් මනා නගර සැළසුම් ක්රමයක් මගින් ජනාවාසවලින් ඈත්වූ කසල එක්රැස් කරන මධ්යස්ථාන පිහිටුවා අඛණ්ඩව මේ ක්රියාවලිය කරගෙන යාමයි. අද දෙරණ 24/4/2017 ප්රවෘත්ති ප්රකාශය අතරතුර අප දුටු බණ්ඩාරගම නගරය පිලිබඳ තොරතුරු දුටු විට අවශ්යතාවයක් ඇතිනම් නම් අප රටේද මෙය ක්රියාවට නැගිය හැකි බව පැහැදිලිය.

 

මේ නගරවල එක තැනකවත්මෙහි කුණු දැමීම තහනම්යන අර්ථය රැගත් දැන්වීම් පුවරු දක්නට නැත. ඉන් අදහස් වන්නේ ඒවා අමුතුවෙන් කියන්නට දෙයක් නැති තැනට ජනතාවගේ ඇති හැඩගැස්මය. කසල වර්ගීකරනය සඳහා වෙනස් පාටවලින් යුතු කසල බඳුන් බදා දී තිබේ. ප්රතිචක්රීකරනය කල හැකි ද්රව් සඳහා කොළ පැහැ බඳුනක්ද, අනිකුත් අපද්රව් සඳහා අලු පැහැ බඳුනක්ද වේ.  මෙම කසල සතියකට වරක් මාරුවෙන් මාරුවට රැගෙන යන අතර වසරක් අවසානයේදී මීලඟ වසර සඳහා කසල එකතු කරන කාල සටහන වර්ණයෙන් මුද්රිත රූප සටහන්ද සහිතව සෑම ගෘහ ඒකකයකටම ලබාදේ. මෙහිදී ප්රතිචක්රීකරන බඳුනට යා යුතු කසල රූ සටහන් අදාල කසල බඳුනේ උඩ පියනේ නොගැලවෙන පරිදි අලවා ඇති නිසා භාෂාව නොදන්නා අයෙකුට වුවද නිවැරදිව තොරතුරු වටහා ගත හැක. එමෙන්ම ඉවත දැමීමට ඇති ඇසුරුම් ප්රතිචක්රීකරනය කල හැකි නම් සඳහා (නිර්මාණය වූ පොදු) ලාංඡනයක් එහි මුද්රණය කර ඇත. කල යුත්තේ අදාල දින උදෑසන රෝද සවිකර ඇති ආදාල කසල බඳුන නිවස ඉදිරිපිට මාර්ගය අයිනට තල්ලු කර දැමීම පමනි. දහවල් 12 වන විට නවීන අංගෝපාංග සහිත ලොරි කිහිපයක් මගින් කසල රැස් කරගෙන ගොස් අවසන්ය.

 

මේ ක්රමවේදය වඩාත්ම සිත් ගන්නාසුලු එකක් වන්නට බලපානු ඇතැයි මට හැඟෙන කාරණා කිහිපයක් තිබිනි. පලමුව කසල බැහැර කිරීමේ කාර්යභාරය රටේ ඇති මුල්ම ප්රමුඛතාවයක් බවට පත්ව තිබීමය. කසල ගොඩ ගැසීම තුල පරිසරයට වන හානිය සහ එමගින් මිනිස් හා සත්ව ජීවිතවලට, සෞඛ්යයට සිදු කරන හානිය ගැන සිතනවිට මේ ප්රමුඛතාවය ගැන අමුතුවෙන් සිතන්නට දෙයක් නැත. රටක පැවැත්මට එය එතරම්ම වැදගත්ය. ශ්රී ලංකාවේ මේ හානිය ගණන් බැලීමක් කිසිදා සිදුවී ඇතිද? මනා කසල කලමනාකරනයක් මගින් සෞඛ්යමය හා පාරිසරික වශයෙන් සිදුවන ධනාත්මක වෙනස ඔස්සේ ඉතිරි වන මුදල් කන්දරාව, කසල කලමනාකරන වැඩසටහනකට වැයවන මුදලට වඩා අති විශාල වේ. එහිදී පරිසරයේ ඇතිවන පිරිසිදු බව තුල මූල්යමය ලාභය ඉක්මවා ජනතාවගේ සිතට කා වැදෙන ප්රසන්න, සැහැල්ලු මානසිකත්වය මගින් යහපත් සමාජීය වෙනසකට මග පාදනු ඇත.

 

එමෙන්ම මෙහි කසල යනු නිකම්මකුණුනොවේ. සමහර කසල ප්රතිචක්රීකරනය කල හැකිය. අනිත් කසල යනු අපේ පැවැත්ම සඳහා උපකාරී වූ ද්රව්යවලින් ඉතිරි වන කොටස්ය. කසල එකතු කිරීම පහත් රැකියාවක් නොවේ. ඔහුට හෝ ඇයට නිකම්මකුණු ලොරියේ ඩ්රයිවර්හෝකුණු අදින අයකියා තුට්ටු දෙකට දමා සලකන්නේ නැත. කුණු ටික වෙලාවට නොඇද්දොත් සිදුවන අවුල දන්නා නිසාම එම සේවයට නිසි සැලකීමක් හා ගෙවීමක් ලැබේ. විශේෂයෙන් මේ සඳහා යොදා ගන්නා නවීන තාක්ෂණය මගින්, නිළ ඇඳුම් මගින් මේ තත්වය යහපත් කර ඇත. එතැන ආකල්පමය වෙනසකද, භෞතිකමය වෙනසකද සංකලනයක් ඇත. එබැවින් තුල කිසිවෙකුට මදි පුංචිකමක් නොදැනේ. මෙම ක්රමවේදයේ කොටස්කරුවන් සියල්ලෝම නිසි ලෙස ක්රියාත්මක වන යන්ත්රයක, නිවැරදිව පිහිටුවාලූ උපාංග බඳුය.

 

අප රටේ වත්මන් තත්වය සලකා බලයි නම් මෙම වරදේ අඩක් ජනතාව විසින් භාරගත යුතුය. මන්ද තමන්ට වර්ගීකරනය කල හැකි කසල ප්රමානයවත් එසේ කරන්නට වැඩි දෙනෙකු නොපෙලඹේ. සියලුම කසල එක මල්ලක දමා, ගැටගසා රෑ වෙන්නට ඉඩහැර කොතැන හෝ පාරක් අයිනට නැතිනම් අනුන්ගේ හිස් ඉඩමකට විසි නොකරනවායි කට හැර කියන්නට හැකි කීයෙන් කී දෙනාටද? පෙරහරක්, උත්සවයක්, පෙලපාලියක් අවසානයේ යකුන් නැටූ පිටියක් සේ දිස්වන භූමිය පිලිබඳ වගකීම භාරගත යුත්තේ ජනතාවටත් වඩා සංවිධායකයින්ය. දියඇල්ලක් අවට හෝ වැව් පිටියක් කසල වලින් හැඩිකොට යන්නෝ හෙටක් ගැන නොසිතන ඉතාම ආත්මාර්ථකාමී මිනිසුන්ය. වෙනෙකක් තබා ශ්රී පාද වන්දනා සමයේදීවත් පෙනෙන්නට ඇති කසල බඳුන්වලට නිසි පරිදි කසල බැහැර කරන බවක් දකින්නට අමාරුය.

මේ රටේද එසේ කැලි කසල වැපිරූ ප්රදේශ දක්නට නොලැබෙනවා නොවේ. නමුත් අවාසනාවකට එවන් පෙදෙස්හි ජීවත් වන වැඩි දෙනෙක් විජාතිකයෝය. එය කෙතරම් බරපතල තත්වයක්ද කිවහොත් ඔබ වෙම්බ්ලි උමං දුම්රිය ස්ථානය අසල බස් නැවතුමට ගියහොත්, එතැන තාප්පයේ ලියැවුනු පින්තූරයක්ද සහිත දැන්වීමකි. ‘බුලත් කා කෙළ ගසන්න එපායනු එහි අර්ථයයි! සිතන්න. ලන්ඩන් නගරයේ බුලත් කා කෙල ගැසීම? පෙදෙසේ වැඩිපුරම ගැවසෙන්නේ කවුදැයි දන්නෝ දනිති.

මේ පරිසරයේ අපිරිසිදු බව ගණනකට නොගැනීමද, නොසැලකිලිමත් බවද, ආත්මාර්ථකාමී බවද, බුද්ධියේ යම් නොමේරූ බවක්ද? මේ ගැන සිතනවිට කසල බැහැර කිරීම හා සම්බන්ධ ජානමය පෙලඹවීමක් ඇත්දෝ කියාත් සිතේ.

 

කසල කලමනාකරනයේ ලා රජයක් විසින් ගතයුතු වගකීම නොකිවමනාය. නමුත් මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකයේදී අතට මේ අතට චෝදනා කරමින් සිට පලක් වේද?  තමා උපදවන කසල කොතැනකට හෝ තල්ලු කර දමා නිදහස් වන්නට පුරුදු වූ රටවැසියාගේ සිට, ගොඩගැසෙන කසල, අවට සිටිනා ජනතාව හෝ සත්වයින් ගැන තුට්ටුවකට මායිම් නෙකර කොතැනකට හෝ පටවා යවා අතපිසදා ගන්නට පුරුදු වූ දේශපාලකයින්ද මේ පවට අඩු වැඩි ලෙස වගකිව යුත්තෝය. මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා සංවිධානයේ කැඳවුම්කරු වන කීර්තිරත්න පෙරේරා අසූව දශකයේ මුල් භාගයේදී මීතොටමුල්ලට පදිංචියට පැමිනි පසු ප්රදේශය ගැන දැනකියාගත් දේද, අත්දුටු දේද ඇතුලත් ලිපියක් අප්රේල් 23 වන ඉරිදා ලක්බිම පුවත්පතේ පලව තිබිනි. කොහේවත් තිබූ කසල වෙල්යායකට පටවා එය කුණු කන්දක් කල දේශපාලකයෝ මීට මුලින්ම වගකිව යුත්තෝය. 1989 දීය. මේ ක්රියාවේ භයානකකම සහ අදූරදර්ශීබව දුටු ආචාර්ය අජන්තා පෙරේරා ඇතුලු කසල කලමනාකරනය ගැන දැනුමක් තිබූ විද්වතුන් මේ අපද්රව් අපහරණය ගැන රජය මෙන්ම ජනතාවද දැනුවත් කරන්නට තම උපරිම උත්සාහය යොදන්නේ 90 දශකයේ මැද භාගයේ සිටය.

 

අද, එනම් අප්රේල් 24 දා අපූරු ප්රවෘත්තියක් දුටුවෙමු. කසල කන්ද ගැන විමර්ශයක් කිරීමට ජපානයෙන් පිරිසක් ගෙන්වූ පුවතකි. මේ අමනෝඥ දේශපාලකයින් අප රටේ උගතුන් ගැන මොනවා සිතාගෙන සිටිත්ද? කුණු කන්දක ආකාරයට ගොඩ ගැසිය යුතු බවට මේ ජපන් විද්වතුන් නිගමනය කල බව මහ ලොකුවට ප්රවෘත්තිවලටත් කීය. මේවා ගැන කියන්නට දේ ඇතත් කට පියාගෙන සිටින්නේ කට ඇර පලක් නොවන බැවිනි

 

පෙනුන හැටියට එය අපේ සම්පත් අනන්තවත් තිබියදී පිටරටින් ගෙන්වා කරන ලද තවත් නිස්කාරණ වියදමකි. ජපානයට හෝ වෙනත් රටකට ගොස් ඝන අපද්රව් කලමනාකරනය ගැන උගෙන, පුහුණුව ලද උගතුන්ද, නගර සැලසුම්කරනය පිලිබඳ උගතුන්ද, පරිසර ඉංජිනේරු විද්යාව උගත් පිරිස්ද අප රටේ හිඟයක් නැත. එමෙන්ම විවිධ රාජ් නොවන ආයතන සහ ජාත්යන්තර මට්ටමේ ස්වභාව සංරක්ෂණ ආයතන හරහා මේ දැනුම සමාජයට බෙදා දෙන්නට, මේ ගැන රජය හා එක්ව කටයුතු කරන්නට උත්සාහ කල අයුරු ඕනෑ තරම් උදාහරණ ඇත. නමුත් අද කුණු කන්දේ ඛේදවාචකය ගැන හඬා වැලපෙන මාධ්යයන්ට කීර්තිරත්න පෙරේරලා තම ප්රශ්නය ගැන වගකිවයුත්තන්ට දන්වන්නට ගොස් ඔලු පලාගත් කාලයේදීවත් මේ වැනි වැඩසටහන් ගැන වැදගත් බවක් නොතිබිනි. බණ්ඩාරගම, තිස්සමහාරාම වැනි ප්රාදේශීය සභාවල සිදුවූ හොඳ වැඩ, හොඳ වැඩ ලෙස ඔවුන් දකින්නේ දැන්ය. හරි නම් මෙවැනි ප්රාදේශීය සභාවලට හා එවැනි කාර්යභාරයක් ඉටු කිරීමට දායක වන අයට අගය කිරීම සහ දිරි ගැන්වීම සඳහා යම් ප්රදානයක්වත් රජයෙන් ලබා නොදුනි. මේ පුවතේ හොඳම කොටස නම් ගැන කතා කරන්නේ එම ප්රාදේශීය සභාවලහිටපුසභාපතිවරුය. මේ ගැන කුමක් කිවයුුතුද? වසර 2 ක් තිස්සේ පලාත් පාලන ආයතන අක්රීයය.

 

නමුත් අවාසනාවට අපේ දේශපාලකයන්ට ඇත්තේ වෙනත් ප්රමුඛතාවන්ය. තරගයට මෙන් අලුත් අලුත් මාදිලිවල අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම අද පෙනෙන්නට ඇති ප්රධානතම ප්රමුඛතාවයයි. රට සවාරි ගැසීමට අගමැති හා ජනාධිපති ප්රමුඛතාවය දී ඇති බව පෙනේ. තම මිනිපිරියගේ පලමු උපන්දිනයට ලක්ෂ ගණනක් වැයකර සාදයක් පවත්වා දරුවාට රුපියල් කෝටි 4 බෙන්ස් කාර් එකක් තෑගි දුන් හිටපු නියෝජ් ඇමතිකෙනෙක් ගැනද සඳහන් විය. රාජපක්ෂ රජයේ හිටපු ගුවන් සේවා අමාත් ප්රියංකර ජයරත්නය. එයා ලංකා ආයතනය විකුණා දමන්නට සිදු වන්නේ ඇයිද කියා දැන් පැහැදිලිය. හොඳම දේ ඔහුව මේ රජයෙනුත් පිලිගෙන තිබූ අතර ඔහුටම එපාවී යලි අනිත් පිලට පනින විට ආදරෙන් පිලිගන්නට ඔවුනුත් සැදී පැහැදී සිටීමය. අප රටේ දේශපාලනය එයාකාරයපාසලේ වහල දරුවන්ගේ ඉහට කඩා වැටෙද්දී දරුවන්ට අඩුව ඇත්තේ ටැබ් එක පමනක් බව අධ්යාපන ඇමතිවරයා සිතා සිටින අයුරක් පෙනෙන අතර ගුරුවරියන්ගේ සාරිය මෙන්ම පාසල් නිළ ඇඳුමේ පාටද ඔහුගේ සිතට වද දෙන තවත් ප්රමුඛතාවන්ය.

 

පටු පාරකට තාර ඇතිරීම බඳු ඉතාම සුලු කාරණාවලට පවා උත්සව පවත්වන්නට පෙලඹී සිටීම තුල සඳහා වැය වන මුදල් කන්දරාව ගැන කිසිවෙකු කවදා හෝ ගණන් බලා ඇත්ද? මේවා යෙදෙනු ඇත්තේ අමාත්යංශයක හෝ පලාත් සභාවක හෝ පලාත් පාලන අධිකාරියකඅනෙකුත් වියදම්‘ (Miscellaneous expenses) ලෙසය. රුපියල් ලක්ෂය, ලක්ෂ දෙක (ලක්ෂයෙන් දෙකෙන් බේරුනොත් එය ලොකු දෙයකි) ආදී වශයෙන් මුදලින් ගණන් බැලිය හැකිවා මෙන්ම මීට සහභාගී වන ජනතාවගේ වැයවන කාලයද ගත් කල වසරකට කෙතරම් ප්රමානයක් වැයවනු ඇත්ද? ශ්රී ලංකාවේ අති සුඛෝපභෝගී පාර්ලිමේන්තුව නඩත්තු කරන්නට යන වියදම තවත් එකකි. තම කුඹුරේ අලුත් සහල් ජයසිරි මහ බෝධියට පූජා කරන්නට ජනපති කටයුතු කලේ රජයේ මුදලින් රාජ් උත්සවයක් පවත්වමිනි.

 

මෙවන් කොහෙත්ම අත්යවශ් නොවන වියදම් හා මුදල් නාස්ති කිරීම් කෙරෙත්දී යටපත්ව ගියේ දිවයිනේ වඩාත්ම ප්රමුඛතාවය දියයුතු ප්රශ්නයයි. කිසිදු සැළසුමකට නැතිව ඔහේ කසල ගොඩ ගසන්නට ඉඩහැර, එසේ ගොඩ ගැසුන කසල කන්ද, යට ජීවත් වූ අහිංසකයන්ගේ හිස මත කඩා වැටුන පසු හදිසියේ නින්දෙන් අවදි වූවාක් මෙන් කසල දමන අයට දඩ ගැසීම හෝ සිරගත කිරීම තුල මේ ප්රශ්නය විසඳිය හැකිද? තමන් දේශපාලකයෙකු ලෙස විඳින සුඛෝපභෝගීත්වය මඳක් කැප කරයි නම් එම මුදලින් මේ කසල ප්රශ්නය විසඳන්නට හැකි වනු ඇත. එතුලින් ලබන ප්රතිලාභ තුල මෙයට වඩා යමක් ඔවුන්ට මෙන්ම ජනතාවටද ලැබෙනු නියතය. මෙය කිරීමට අපහසු නොවන්නේ රටේ තිබෙන පාලන ව්යූහයන් නිසාය. මේ වගකීම පලාත් මට්ටමේ හා ප්රාදේශීය මට්ටමේ පාලන ආයතනවලට නිවැරදිව භාර දෙනවා නම් කසල ප්රශ්නයට විසඳුම් සෙවීම අපහසු නැත. අවාසනාවකට මේ පාලන ආයතනවල නියෝජිතයන් නිකම්ම මහජන මුදලින් නඩත්තු වන සුදු අලි බවට පත්ව සිටිති. මීට හොඳම උදාහරණය මාස කිහිපයකට පෙර බදුල්ල නගර සීමාවේ වූ කසල කන්ද නිසා ඇතිවී දුමාරයකින් නගරය වසාගත්විට පලාත් මහ ඇමති ඇතුලු දේශපාලක රැල හැසිරුන ආකාරයයි.

 

එදා කසල කන්දට යටව ජනතාව කොටසක් පණ අදිත්දී අපේ මැති ඇමතිලා චාරිත් ප්රකාරව නව වසරේ හිසතෙල් ගා ගත්හ. එය ආගම හා සංස්කෘතිය මත පදනම් වූ උත්සවයකි. පන්සල්වල චාරිකා කරමින්, මහනායකවරු හමුවේ වැඳ වැටෙමින්,  පිරිත් නූල් කැටි අත්වල ගැට ගස්වා ගනිමින්,  බුද්ධාගම දිවි හිමියෙන් රකින බව කියන දේශපාලකයින්ගේ ව්යාජ රඟපෑම කුමක්ද කියා සැවොම දනිතත් ජනතාව සැමදා ඔවුන්ට රැවටෙති.

 

ලඟ ප්රශ්නය? දැන් ඉතින් ප්රශ්නය ඇතිවූ විගසඅපි අරම කරනවා, මෙහෙම කරනවාකියා කෑ ගැසුවත් තව සති දෙක තුනක් යන විට මේ ප්රශ්නය බහුතරයකට අමතක වනු ඇත. මේ ගැන කැට තබා පැවසිය හැකි පිරිසක් සිටිති. මිරියබැද්ද හා අරණායක නාය යාමෙන් මෙන්ම කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීම නිසාද විපතට පත් ජනතාවයි. තව සතියකින් මැයි දිනය එලඹෙනවිට තව උණුසුම් පුවත් මැවෙනු ඇති අතර තුල මේ කසල ප්රශ්නය යට යනු නියතය. මැයි දින සැමරීම අවසානයේ හිස්වන රැස්වීම් භූමි දෙස බැලූ කල්හි මේ කතාවේ සත්යතාවය ඔප්පු වනු ඇති.

 

 

17 Responses to “දේශපාලන කුණු කසල වලට යටවන ජනතාව”

  1. Ananda-USA Says:

    An excellent article recounting the neglect of duty and sheer incompetence of our political leaders who are focused only on accruing wealth to themselves.

    Only Gota took PERSONAL RESPONSIBILITY for CHANGING the manner in which we Sri Lankans conduct even our routine day-to-day affairs.

    First and foremost, Gota brought a military commitment to DUTY and an unwavering focus on EFFICIENTLY COMPLETING everything he touched, be it securing the safety of his Motherland, or beautifying its cities and towns to improve the lives of his fellow citizens, and dragging them kicking and screaming towards a better, more disciplined and sensible lifestyle.

    And how did we, the Sinhala Buddhist MORONS of Sri Lanka DO in retutn? We ALLOWED this ONE GOVERNMENT that accomplished MORE than it PROMISED to be OUSTED by our sworn enemies!

    Will we, the Sinhala Buddhist MAJORITY of Sri Lanka, EVER LEARN as a COMMUNITY on which side our bread is PERMANENTLY BUTTERED?

    Will we EVER?

  2. Lorenzo Says:

    Expecting protests over ETCA, FEDERAL and other HORRORS MARU SIRA has offered Fonseka the ARMY COMMANDER POST again or the CHIEF OF DEFENCE STAFF!! But the real deal is get the FOOL OUT of parliament so that he can be tried for the LASANTHA MURDER!!

  3. Fran Diaz Says:

    We agree with you, Ananda !

  4. Ananda-USA Says:

    Katussa (Lorenzo),

    On the CONTRARY, in Parliament Gonseka is a harmless non-entity, whereas as Defence Chief, he will be in a position to defend Aiyooo Sirisena’s Govt …. whatever that may be in the near future ….. and HIMSELF …. against the Opposition to the Yamapalana KALLIYA!

    I have observed MANY THINGS happening recently in Sri Lanka that may AUGUR a VIOLENT USURPATION of democratic rights of the people in the offing by the Yamapalanaya government itself!

    Aiyooo Sirisena is taking many precautions, including sacking Pro-MR SLFP organizers, inviting Modi to Sri Lanka, getting US and Indian military contingents in place, and bribing Gonseka to become his pet ROTTWEILER watchdog, to further secure himself and his position as President.

    If I am right, this could happen as soon as in the next month, May 2017, or later in 2017!

  5. Lorenzo Says:

    USA,

    NO VIOLENCE! I’m TOTALLY against BASTILLE DAY or other unruly grab of power.

    As DEMO-CRAZY has failed, a DISCIPLINED and SPITIRUAL group must takeover the country. Only the MILITARY-SANGHA members are suitable to do that.

    IF a rowdy bunch of people takes matters into their own hands, we LOSE the country, INFRASTRUCTURE and the army will have to shoot them dead.

    There is NO excuse for UPRISINGS. NO WAY!

    Drop your ego and SUPPORT my plan. A MILITARY-SANGHA takeover will achieve ALL you want WITHOUT death and destruction.

    This is not the time for American style PUSSYFICATION.

    Now even Fran is LESS RESISTING to my peaceful plan. By 2020 even the BOTTOM 10% IQ people will support it. Don’t wait till your time comes! NO ONE knows what will be left of SL by then.

  6. Lorenzo Says:

    Stop making astrological predictions USA.

    They will NOT happen.

    We have to have a peaceful transition of power to the PEOPLE led by the military and the Sangha.

  7. Fran Diaz Says:

    Lorenzo,

    You say : “Now even Fran is LESS RESISTING to my peaceful plan. … ”

    Where on earth have I agreed to a Military/Sanga take over of Lanka ??? !!!
    The Military has its own role to play in peace times.
    The role of the Sanga is clearly written into the Buddhist Vinaya.

    I have agreed with you on two points ONLY :
    They are :
    – the 13A must go.
    – that the Exec Presidency must stay on.

    Besides all that, at present, the Military Advisor from abroad to the Lanka Army is a British Army person.

    Loenzo, It is NOT a trustworthy thing that you do from time to time, roping in my name to your plans for a Military/Sanga take over.

    ———

    Lanka has to have fresh General Elections.

    Trusted leaders from the past will have to lead the country again.
    We suggest a group of trusted people to lead the country, with a trusted President, a person who has already earned the peoples trust.

  8. Christie Says:

    කොලොඹ කුනු එකතු කිරීමත් ඉවත් කිරීමත් කරන්නේ අබාන්ස් නැමති සමූහ වියාපාරිකයන්ය.

    මුන් ඉන්දියානු පරපෝසිතයන්ය. මේගොල්ල වැඩිපුරම ඉන්නෙ ඉන්දියාවෙ උතුරෙ.

    රනිල් උන්ගෙ මගුල් කන්න ගියෙත් මුකවාඩම් දාගෙනද?

    ගොඩකඳ ඔය කියන රට මොකක් උනත් කුනු එකතු කරන්නෙත් බැහැර කරන්නෙත් ඒ රටෙම මිනිස්සු. ඉන්දියානු පරපෝසිතයො නෙමෙයි.

    මගේ හිතට ඉතාම කනගාටුවක් දැනෙන්නේ සින්හලයන්ට මෙම විපතට මුල මුන්බව වටහා ගැනීමට නොහැකිවීමය.

  9. Ananda-USA Says:

    Katussa (Lorenzo),

    My prediction had nothing to do with ASTROLOGY, but with a rational analysis of the confluence of certain steps being taken in Sri Lanka by the Yamapalana government.

    On the other hand, these events may simply be a PURE COINCIDENCE,;I don’t know, but I’m keeping my fingers CROSSED, for a very dangerous period may be in the offing.

    This PREDICTION is about a PRE-EMPTIVE STRIKE by the government, not the BASTILLE DAY that is BREWING among the majority of the people of Sri Lanka DISGUSTED by this BUNGLING PARA-GATHI UNPATRIOTIC government selling out our Motherland to its ENEMIES.

    I AGREE WITH YOU only on ONE THING: VIOLENCE SHOULD BE AVOIDED if at all possible.

    I VEHEMENTLY and TOTALLY DISGREE WITH YOU on your PET proposal to drag the MILITARY into executing a COUP-DE-ETAT with or without the aid of the SANGHA!

    That would PIT the Military AGAINST Sri Lanka’s people in that they would be SEIZING the reins of power AWAY FROM the people they have sworn to serve, instead of PROTECTING the orderly transfer of power ACCORDING to the EXPRESSED WILL of the PEOPLE!

    The Military should STAY OUT OF POLITICS, and PRESERVE the GREAT TRUST that the people have in the Armed Forces.

    You are a VERY DANGEROUS MAN, doing your utmost to DESTROY the TWO MOST PATRIOTIC forces in the country, by inciting them to execute a coup-de-etat.

    That would only SERVE THOSE WHO WOULD PROFIT from the ENSUING CHAOS …. the EELAMIST SEPARATISTS who pay for your SERVICES!

    BUGGER OFF Katussa (Lorenzo), we KNOW who you are and your DEVIOUS STRATEGIES AND OBJECTIVES!

  10. Ananda-USA Says:

    Fran,

    Thank you for DEBUNKING and CATEGORICALLY REJECTING Katussa(Lorenzo)’s desperate efforts to ROPE YOU INTO his Machiavellian Plots by misinterpreting and lying outright about your statements!

  11. Lorenzo Says:

    Fran,

    I didn’t say you SUPPORT my plan. I said you RESIST LESS (compared to other options).

    Compare other options.

    1. BASTILLE DAY – USA

    2. YAMAPALANAYA

    3. NO ELECTIONS! (Yamapalanaya has INDEFINITELY postponed elections. Don’t expect ANY elections. Even if they hold elections, they will be MANIPULATED. Remember August 2015 election? They got MR to contest but after nominations they DEFEATED MR. They gave a list of national list MPs. But AFTER the election they CHANGED it!! So don’t keep hopes on an election.)

    So which option do you pick?

    Look at the other AGREEMENTS you have with me – SCRAPPING 13 amendment and KEEPING presidency. BUT NO politician will EVER SCRAP 13 amendment because they suffer if they do. Govt. is trying to SCRAP presidency instead! So what do you want? IF you really want to SCRAP 13 amendment and KEEP presidency, the ONLY way is a military-Sangha takeover.

    The end justifies the means.

  12. Lorenzo Says:

    KATUSA,

    IF politicians are doing the RIGHT THING the military and Sangha can STAY OUT of politics.

    But what if they MESS UP the whole thing and sell the country, rob the country and NEPOTISM?

    How can ANYONE tolerate this!

  13. Fran Diaz Says:

    Thank you, Ananda. With you in your opinion re Yahap here.
    Also, yes, Loerenzo does try to twist what I say. His methods are most underhand and unfair.

    ———

    Lorenzo,

    I categorically REJECT any Army Coup/Sangha take over.
    WE REJECT ALL VIOLENCE.
    Any violent take over will invite INDIAN & foreign intervention on a permanent basis plus other negative results.

    Change must happen through Democratic means.
    NO OTHER METHOD will work.

    ————-

    Yahap not having Elections ?
    Take the case to international bodies and expose the whole matter INTERNATIONALLY.
    Elections are a vent to mass frustrations and fears.
    If Elections are not held, there may be dire repercussions for Yahap leaders who will be labelled as Fascists by the People of Lanka.

    Another option :
    If Elections are not held, politicos can resign from Yahap.

  14. Lorenzo Says:

    Fran,

    “Take the case to international bodies and expose the whole matter INTERNATIONALLY.”

    NO USE. It was the DEMOCRATIC INTERNATIONAL COMMUNITY that installed and keeps YAHAPS. The entire DEMOCRATIC WORLD supports YAHAPS.

    Others of the international community don’t care about democracy and elections.

    So it is not going to work.

    “If Elections are not held, politicos can resign from Yahap.”

    Why should they? They are in power!! IF they continue they will outlive MR.

  15. Fran Diaz Says:

    Well then, push for PATRIOTISM.

    Non-PATRIOTS who contest elections will not get a single vote from the Sinhala people, and that’s lot of people.

    Also, there are international bodies that will listen and be supportive, at least with moral support.

    “Truth wins” says the motto on the INDIAN flag.

  16. Lorenzo Says:

    Fran,

    Truth wins says the ENDIAN motto. SWORD WINS says the SL flag.

    Fran, this is SL NOT Endia. So the Endian motto does NOT apply.

    Who says SL people don’t vote for anyone other than a patriot? Look at the 2015 election. The patriot got only 47% and LOST. Amyway that can happen in an ELECTION where a PATRIOT is allowed to contest. YAMAPALANAYA will not allow ANY OF THEM.

    NO ONE supports SL without a MILITARY BASE. There is a limit to begging. We have to give up something to get CHINA in SL against Endia. Otherwise Endia will build the MONKEY BRIDGE, RUN ROADS CUTTING SL INTO 2 and KEEP YAMAPALANAYA FOREVER.

  17. Fran Diaz Says:

    Lorenzo,

    No one agrees with your Military Coup/Sangha take over.
    So it’s Fini for that plan.

    Think up alternatives with peaceful resolution to so called problems.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress